Tuesday, January 1, 2013

අලුත් අවුරුද්දට පැරණි රසාංග - Old hits for New year


එහෙනම් ඕන් ඉස්ඉස්සෙල්ලාම ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කිව්වා ,වෙහෙසකර මාසෙකින් පස්සේ යාන්තම් ටිකක් හොදින් හුස්ම ගන්න පුළුවන් මාසයක් ආව ,ඉතින් බලමුකෝ මේ අවුරුද්දේ මේ බ්ලොග් කෙරුවාව කොහොම කොහොමහරි කොරගෙන යන්න .

ඕන්න අලුත් අවුරුද්දේ හා හා පුරා කියල මං ලියන්න යන්නේ පැරණි රසාංග ගැන ටිකක් ,පැරණි රසාංග කිව්වට මන්නම් හිතන්නේ මේවා කවදාවත් පැරණි වෙන්නේ නැහැ කියලා ,මට මේ ගැන ටිකක් ලියන්න හිතුනේ ඊයේ 31 රෑ සුවාදීන සූපවාහිනියේ ගියපු "තරු දිලෙන රැයක්" නැරබුවාට පස්සේ ,

මට ඒ වෙලාවේ හිතුනේ දෙය්යනේ මේ සින්දු ටික නොතිබුනානම් මුන් කොහොමද මේ වගේ ෂෝ එකක් කොරන්නේ කියලා ,එච් ආර් ජෝතිපාල ,එම් එස් ප්‍රනාන්දු,සුජාතා අත්තනායක ,විතරක් නෙමෙයි ඇන්ජලින් ,කොරින් අල්මේදාගේ හඩවල් අපි ඒ සොදුරු අතීතෙට ගෙනිච්චා කිව්වොත් වැරදි නැහැ ,

ඒක බලද්දී මටනම් හිතුනේ අපේ සිනමාව දැන් කඩාවැටිලා තියෙන එක පුදුමයක් නෙමෙයි කියලා ,ඇත්තටම මිනිස්සුන්ට ඕන චිත්‍රපටියක් හරි සින්දුවක් හරි අහලා තමන්ගේ සිතේ තියෙන ප්‍රශ්න ,පීඩනය අඩුකරගන්න මිසක් නැති ප්‍රශ්න ඔලුවට දාගන්න එක නෙමෙයිනේ .දැන් ඉතින් චිත්‍රපටි කියලා එන්නේ ඒක හදපු එකාටවත් තේරෙන්නේ නැති රූපරාමු ටිකකින් අටවගත්ත ඒවානේ ,සින්දු අහලා අධි රුධිර පීඩනය ඇතිකරගන්නවාට වඩා හොදයි ඒවා අහන්නේ නැතුව ඉන්න එක.ඕන්න මං පහලින් සින්දුවක් දාන්නම් බලන්නකෝ ඔයාලත් කැමති එකක්ද කියලා ,



ගීතය - මාගේ මතකේ ඔබේ රුව ඇඳේ
චිත්‍රපටය - මිනිසුන් අතර මිනිසෙක්
ගායනය - සුජාතා අත්තනායක සහ එච් ආර් ජෝතිපාල 
රංගනය -ගාමිණි ෆොන්සේකා සහ වීනා ජයකොඩි 

එතකොට මේකත් මං කැමතිම සින්දුවක් 


ගීතය - පාට පොදක් තිලකලා 
චිත්‍රපටය - කස්තුරි සුවඳ
ගායනය - ඇන්ජලින් ගුණතිලක සහ එච් ආර් ජෝතිපාල 
රංගනය -ගාමිණි ෆොන්සේකා සහ මාලිනි ෆොන්සේකා 

ඒ ඉතින් චිත්‍රපටි සින්දුනේ,ඇයි එතකොට බයිලා ,බයිලා චක්‍රවර්ති එම් එස්  ප්‍රනාන්දුගේ මම කැමතිම සින්දුවක් තමයි මේ



සින්දුව - අශෝක මල් මාල නෙළාලා 

70 කණ්ඩායම් සංගීතයත් අපිට අමතක කරන්න බැහැනේ ,නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ los caballeros කණ්ඩායම "දෙලොවක් අතර" චිත්‍ර පටියට ගැයූ "ගයන ගැයුම්" ගීතයත් මේ අතර ඉදිරියෙන්ම සිටිනවා .


මේවයේ ඉතින් අලුත් වර්ෂන් තිබුනට මන් මෙතන පරණ ඒවම දැම්මේ ඒවා ඔරිජිනල්ම නිසා ,ඇත්තටම දැන් තියෙන සිංදුවල තේරුම කියන එකාවත් දන්නේ නැහැනේ,හොදම උදාහරණය තමයි "රම්බරි".කෙනෙක්ට කියන්න පුළුවන් සින්දුවක් රසවිදින්නේ ශබ්ද රසය මගින් පමණක් කියලා ,ඒ නිසානේ අපි සමහර ඉංග්‍රීසි සින්දු රසවිදින්නේ කියලා ,ඒක ඇත්ත කියලා මන් යම්තාක් දුරට පිලිගන්නවා ,ඒත් මන් හිතනවා හරවත් පදමාලාවකින් සින්දුවේ රසය තවදුරටත් වැඩිවෙනවා කියලා .

මේ වගේ පැරණි රසාන්ගවලට උදාහරණ ඕනෑතරම් දෙන්න පුළුවන් ,මේක බලනකොට ඔයාලගේ මතකෙටත් එන්න ඇතිනේ ,කොහොම උනත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සින්දු ටික නොතිබුනානම් සුපර් ස්ටාර් ,ඩ්‍රීම් ස්ටාර්  අර ස්ටාර් මේ ස්ටාර් ඔක්කොලම අනාථයි කියලා තමයි .





10 comments:

  1. නිදුක් නිරෝගි සුභ නව වසරක් වේවා!
    මමත් කැමතිම ගීත ටිකක්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා .ගොඩක් අය කැමති නිසා මේවා කවදාවත් මියැදෙන ගීත නෙමෙයි

      Delete
  2. ජෝතිගේ සින්දු දෙකම අවතාර්ගෙත් ෆේවරිට් දෙකක්

    සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ජෝති නැත්නම් අපේ ස්ටාර්ලා අනාථ නාථයි ,සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  3. තරු දිලෙන රැයක් බැලුවේ නෑ.. චුට්ටක් බැලුනා.... ඒ ටිකට අනේ දෙයියනේ මේ හින්දි සින්දු ටික කියපු, ඒවට සහභාගී වෙච්ච උන් ටික මේවා දැක්කනම් වහකාලා මැරෙනවා කියලා හිතුනා.. ඒ තරම් දුකයි....

    ReplyDelete
    Replies
    1. අපොයි ඩාන්ස් ගැනනම් කවර කතාද ?හින්දු සින්දු ටිකත් කාල තිබුනා ,මාත් ඉතින් සින්දු ටිකට ආසනිසා බැලුව මිසක් නැත්නම් කවදාවත් බලන්නේ නැහැ

      Delete
  4. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශයේ ලොකු අප්පොච්චිගේ ආගමනය මටනම් මහත් ප්‍රීතියකි බොලව් ,ඔබටත් එසේම වේවා

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...