Sunday, January 6, 2013

ඉතුරුම් ගිණුමක් විවෘත කරමු - බැංකුවයි ඔබයි පාඩම් අංක 1

ඔන්න යාලුවනේ අද මං හිතුවා තවත් අලුත් වැඩකට අතගහන්න ,මගේ රාජකාරි ක්ෂේත්‍රය වන බැංකු ක්ෂේත්‍රයෙන් ඔයගොල්ලන්ගේ එදිනෙදා ජීවිතයට ලබාගන්න පුළුවන් පොඩි පොඩි කරුණු ටිකක් ලිපි මාලාවක් වශයෙන් ගෙන එන්න මං බලාපොරොත්තුවෙනවා .

එහෙනම් අද හා හා පුරා මං කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට ඉතිරිකිරීමේ ගිණුමක් තිබිය යුත්තේ ඇයිදැයි කියලත් ගිණුමක් ආරම්භකිරීම සහ පවත්වාගෙන යන හැටි ගැනත් කියලා දෙන්නයි .

අපේ රටේ මේ වෙනකොට වාණිජ බැංකු 25 ක් විතරත් ඉතිරිකිරීමේ බැංකු සහ සංවර්දන බැංකු කිහිපයකුත් ක්‍රියාත්මක වෙනවා .මේ හැම බැංකුවකම වගේ විවිධාකාර ඉතිරිකිරීමේ ගිණුම් පවතිනවා .ඉස්සර සාමාන්යෙන් කෙනෙක් ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ  කලේ ඉතිරිකිරීමේ අරමුණින් වුවත් මේ වෙනකොට ඒක වඩාත් පුළුල් අවශ්‍යතා කිපියක්‌ සදහා යොදාගන්නවා ,අපි බලමු ඒ මොනවද කියලා 

1.ඉතිරිකිරීමේ අරමුණ 

2.වැටුප බැරකරගැනීමට

3.ණය වාරික ගෙවීමට

4.පිටරටින් හෝ වෙනත් කෙනෙකුගෙන් මුදල් ගෙන්වා ගැනීමට 

5.ජංගම ගිණුමේ වැඩිපුර ඇති මුදල් වලට පොලියක් ලබාගැනීමට

ඉතින් ඔන්න ඔය අවශ්‍යතා එකක් හෝ කිහිපයක් නිසා ඔයාලටත් ඉතිරිකිරීමේ ගිණුමක් අවශ්‍යවෙනවා .දැන් අපි බලමු ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කරන්න මොනවද අවශ්‍යවෙන දේවල් කියලා .අද පවතින නීතිය අනුව ඕනෑම ශ්‍රීලාංකික පුරවැසියකුට ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්බ කරන්න පුළුවන් එයා අධිකරණය මගින් බුන්වත් පුද්ගලයෙකු (bankrupted person) ලෙස නම්කරලා නැත්නම් .ඔයගොල්ලා බැංකුවකට  ගිහින් පහත දේවල් බැංකුව සෑහීමට පත්වෙන ලෙස තහවුරු කලයුතුයි.

1.ඔබේ අනන්‍යතාවය

2.ඔබේ පදිංචිය

3.ආදායම් මාර්ග සහ සාමාන්‍ය වාර්ෂික ආදායම 

4.ගිණුම විවෘත කිරීමේ අවශ්‍යතාවය 

කරදරයක් වගේ දැනුනත් ඔය සදහන් කරලා තියෙන දේවල් ඔබ අනිවාර්යෙන්ම බැංකුවට ලබාදියයුතුයි ,ඇත්තටම ඒක නෛතික අවශ්‍යතාවයක් ,මහ බැංකුව මගින් නියම කරලා තියෙන .පහුගිය කාලේ ත්‍රස්තවාදීන්ට මුදල් ගලා ආවේ ඒ කාලේ බැංකු ඒ තරම් ගනුදෙනුකරු හදුනා ගැනීම (know your customer)ට අවදානයක් යොමු නොකළ නිසා 

හරි දැන් ඉහත අවශ්‍යතාවයන් සම්පූර්ණ කලාම ඔයගොල්ලන්ට පුළුවන් ඉතිරිකිරීමේ ගිණුමක් විවුර්ත කරන්න .දැන් ඔයගොල්ලා තෝරාගන්න ඕන ඔයගොල්ලන්ට ගැලපෙන බැංකු ගිණුම කුමක්ද කියලා .හැම බැංකුවකම වගේ විවිධාකාර බැංකු ගිණුම් තියෙනවා ,විවිධ වයස් වලට ගැලපෙන විවිධ රැකියාවන්ට ගැලපෙන විදිහට .

මුලින්ම ඔයාලා මං ඉහත සදහන් කල අවශ්‍යතාවයන්ගෙන් තමන්ගේ අවශ්‍යතාවය තෝරාගන්න .එහි 1 සහ 5 අවශයතාවයන්නම් ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ල තෝරාගන්න ඉතිරිකිරීමේ ගිණුමට ඉහල පොලියක් ගෙවන ගිණුමක් තෝරාගන්න .ඒ ගිණුමට ATM කාඩ් එකක් නොගත්තොත් මං හිතනවා ඔය ගොල්ලන්ගේ අරමුණ වන ඉතිරිකිරීමේ අවශ්‍යතාවය ඉටුකරගන්න පුළුවන් කියලා .මොකද කොච්චර වුනත් කාඩ් එකක් අතේ තියෙනකොට සල්ලි නොගෙන ඉන්න එක අමාරුයි .

මං මෙතන සදහන් කරලා තියෙන ජංගම ගිණුමේ වැඩිපුර ඇති මුදල් ඉතිරිකිරීමේ ගිණුමට බැරකරගැනීම ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැහැ .මේක කියවන ඔබටත් ජංගම ගිණුමක් ඇත්නම් එහි වැඩිපුර ඇති මුදල් ස්වයන්ක්‍රීයව පරිගණකය මගින් ඉතිරිකිරීමේ ගිණුමට බැරකරලා යම්කිසි පොලියක් ලබාගන්න පුළුවන් ,හැබැයි ඉතින් එහෙම වැඩකට භාවිතා කරන ඉත්රිකිරීමේ ගිණුම දිනපතා පොලිය ගණනයවන ගිණුමක් වියයුතු බවත් මතක තියාගන්න .

ඔයගොල්ලන්ගේ අවශ්යතාවය මං ඉහත සදහන් කල අවශ්‍යතාවයන්ගෙන් 2 හෝ 4 නම් ඔයගොල්ලා අරඹන ගිණුමේ පොලිය එතරම් වැදගත්වෙන්නේ නැහැ ,යම්කිසි පොලියක් ලබාගනීමට අවශ්‍යනම් දිනපතා පොලිය ගණනයවන ගිණුමක් තෝරාගන්න .මේ ගිණුම විවෘත කරන දිනයේම ATM කාඩ් එකක් ලබාගන්න.ඔයගොල්ල නිතර බැංකුවට යැවෙන්නේ නැත්නම් පාස්පොත වෙනුවට බැංකු ප්‍රකාශන (bank statement) දෙන ගිණුමක් තෝරාගන්න .එතකොට ඔයගොල්ලන්ට ගෙදර ඉදන්ම ගිණුමේ ගනුදෙනු පරීක්ශාකරගන්න පුළුවන්.

ඔයගොල්ල ගිණුමක් ආරම්භ කරන්නේ ණයවාරික ගෙවීමට විතරක්නම් තෝරාගන්න ගිණුමට අවම ශේෂයකින් පවත්වාගෙන යාහැකි ගිණුමක් තෝරාගන්න .

ඊලගට වැදගත් දෙය තමයි බැංකු ගාස්තු .ඔයාලගේ ගිණුමට සලසන යම්යම් සේවාවන් වෙනුවෙන් බැංකුව ගාස්තු අයකරනවා ,ගිණුම් ප්‍රකාශන ගාස්තු ,ATM කාඩ් ගනුදෙනු සදහා ,ස්ථාවර නියෝග (Standing Orders) ගාස්තු ,මොබයිල් බෑන්කින් ගාස්තු ,ඊ බෑන්කින් ගාස්තු ,ආදී වශයෙන්.හොදම දේ තමයි තමන් ගාස්තුවක් අයකරන සේවාවක් ලබාගන්නවනම් ලබාගන්න විටම එහි ගාස්තු ගැන බැංකුවෙන් විමසා දැනුවත්වීම ,ඒක ඔයාලට බැංකුවත් එක්ක හොදහිත පවත්වාගෙන යාමට උදව්වේවි ,සමහර ගිණුම් වල අවම ශේෂයටැ වඩා පහල ගියොත් එකටත් ගාස්තුවක් අයකරනවා ,ඒ ගැනත් සැලකිලිමත්වෙන්න එහෙනම් අදට ඇතිනේද ?මං පොඩි හින්ට් එකකුත් දෙන්නද .

ඔයගොල්ල ඔයාලගේ දරුවන්ට අනාගතය වෙනුවෙන් ඉතිරිකිරීමේ ගිණුමක් විවුර්තකරනවානම් වැඩිපුර මුදලක් එකවර බැර කරන්න පුළුවන් වෙලාවට ඉතිරිකිරීමේ ගිණුමට දාන්නේ නැතුව ඒකෙන් ස්ථාවර ගිණුමක් ආරම්භ කරන්න .මොකද අනාගතය වෙනුවෙන් වැඩිපුර වැදගත්වෙන්නේ පොලිය නිසා ,ලංකාවේ නීතිය අනුව ළමා ගිණුම් වලින් ළමයා වැඩිවියට පත්වෙනතුරු සල්ලි ආපසු ගන්න බැහැ .ඒක නිසා ඉතිරිකිරීමේ ගිණුමේ මුදල් අරගෙන පස්සේ ස්ථාවර ගිණුම් ආරම්බ කරන්න බැහැ .ඒක නිසා තෑගී ගැනම වදනොවී වැඩිපුර මුදලක් තියෙන වෙලාවට ස්ථාවර ගිණුමක් ආරම්බ කරන්න .සාමන්යෙන් රුපියල් 10000 වැඩි ඕනෑම ගණනකින් ස්ථාවර ගිණුමක් ආරම්භකරන්න පුළුවන් .
හැබැයි ඉතින් මතකනේ වැඩි පොලිය පස්සේ දුවලා අමාරුවේ වැටෙන්න එපා .




6 comments:

  1. පොස්ට් එකනම් ගොඩාක් වටිනවා..

    ReplyDelete
  2. වැදගත් පෝස්ට් එකක්...

    ReplyDelete
  3. කවුරුවුනත් වැදගත් දෙයක් දැනගත්තනම් මට සතුටුයි

    ReplyDelete
  4. බොහොම වටිනවා මිත්‍රයා

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...