Saturday, January 12, 2013

කොස්කොල ඔටුන්නක් හදමු - Weekend Project


ඔන්න යාලුවනේ අදත් මං ඔයාලාව හමුවෙන්න ආවේ අපේ weekend project වැඩසටහනේ තවත් කොටසකින්.අද මං ඔයාලට හදන්න කියලා දෙන්නේ "කොස්කොල ඔටුන්නක්" එහෙමත් නැත්නම් "කොස්කොල තොප්පියක්".එහෙනම් කට්ටියම වැඩේට සුදානම් වෙන්නකෝ.

ඔන්න ඉස්සෙල්ලම අපිට මේ වැඩේට අවශ්‍යවෙන දේවල්.

1.කොස්කොල - අපේ වැඩේට හරියන්නේ කහපාට වෙලා ගහෙන් වැටුණු ගමන්ම වගේ කොස්කොල,අමු කොස්කොලවගේම වෙලිච්චත් මේ වැඩේට සුදුසු නැහැ,අමු කොස්කොල ඉක්මනට වේලිලා යනවා ඒ වගේම වෙලිච්චා හය්ය මදි.ඒ වගේම එකප්‍රමානේ කොස්කොල තෝරාගත්තොත් වැඩිය ලස්සනයි.

2.ඉරටු -අමු හරි වේලිච්ච ඉරටුවුනත් කමක් නැහැ



ඉස්සෙල්ලම මේ කොස්කොල දෙකක් අරගෙන ඉරටු කැබැල්ලකින් සම්බන්ද කරගන්න.


මේ විදිහටම කොස් කොළ එකක් පිටුපස එකක් තබමින් කොස්කොල ඉරටු කැබලිවලින් අමුණමින් වැලක් ආකාරයට සකස්කරගන්න.



ඊට පස්සේ  තියෙන්නේ මේකේ කොන් දෙක එක්කහුකරලා රවුමක් ආකාරයට සකස්කරගන්න.මතක ඇතුව ඔයාලගේ ඔලුවේ රදවන්න පුළුවන් තරමට රවුම හදාගන්න.



ඊටත් පස්සේ තවත් කොස්කොලයක් අරගෙන එක් පැත්තකින් මේ වගේ හයි කරගන්න.




දැන් ඉතින් අපි අපේ කොස්කොල ඔටුන්න හදාගෙන ඉවරයි ,දැන්  ඔයාලට ඕනනම් කරන්න තියෙන්නේ මේ කොස්කොලේ අතින් හරි කතුරකින් හරි කපලා ඔටුන්නක් වගේ හැඩකරගන්න එක.ඔන්න බලන්නකෝ මං හදපු ඔටුන්න.



දැක්කනේ,ඔයාලටත් මේක වෙනස් විධි වලට හදලා සෙල්ලම් කරන්න ගන්න පුළුවන්.කොස්කොල ඔටුනු හදලා රජකාලේ විදිහට සෙල්ලම් කරනහැටි ගැන කියවෙන "රජ්ජුරුවෝ උඩයි උඩයි" සින්දුව අහලා නැත්නම් අහලා බලන්නකෝ.

එහෙනම් ලබන සතියේ තවත් weekend project එකකින් හමුවෙමු.

ටටා.

විශේෂ ස්තුතිය - හොඳ කොස්කොල ටිකක් එකතුකර ගෙනවිත් දුන් මාලන් මල්ලීට 

ප .ලි.අපේ ඉස්සෙල්ලා පොස්ට් එක වුනු කුරුම්බැට්ටි මැෂිම kurumbatti machine හදන හැටි  තමයි වෙබ් අවකාශේ ඒ ගැන තිබුණු එකම සවිස්තරාත්මක ලිපිය.(සිංහල විකිපීඩියා වල තිබුනට සවිස්තරව චායාරූප සමග නැහැ )මේ koskola otunna නැත්නම්  koskola thoppiya ත් ඒ වගේ තමයි,ඉතින් මට ගොඩක් සතුටුයි අනාගතේ කෙනෙක් මේ ගැන search එකක් දානකොට මේ ලිපි අහුවුනොත් ,ඔන්න ඒකනිසා මම මෙතන ඒවායේ නම දැම්මේ ඉංග්‍රීසියෙන්.

18 comments:

  1. බෝහෝම වටින කියන වැඩක් ලොක්කා... සිංහල විකියටත් මේ තොරතුරු ටික ඇතුලත් කරන්න. ඒක අපෙන් වෙන්න ඕන පුංචිම හරි යුතුකමක්.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මාරයෝ ,අපේ දේවල් අපි රැකගන්න ඕන,සිංහල විකියටත් දාන්නන්කෝ

      Delete
  2. මං බැලුවා මේ මොකෝ කියලා.... අපි ඕක හැදුවට, කොස් ගහ යට කතුරු කෙහෙන් හොයන්නද..ඒක නිසා අන්තිම පියවර නම් කරන්නේ නෑ... හි හි

    ම්ම්ම්.. කොස් කොළ ඔටුන්න...??

    Making a crown using Jack fruit leaves- weekend project for kids & parents

    ඒකත් නරක නෑ නේද... හි හි

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං කිව්වේ ඔයාලට ඕනනම් හැඩකරගන්න පුළුවන් කියලා.අපිත් ඉස්සර එහෙම කලේ නැහැ.ඒත් මට හිතුනා පොඩි කැටයම් පාරක් දාන්න .
      අප්පෝ හිරුගේ කොමෙන්ට් එකේ අන්තිම හරිය කියවලා මට කලන්තේ වගේ,එතන මට බැනලා නැහැනේද ?හි ..හි ...

      Delete
    2. ඒ ටික දාන්න හෙඩිමට.. ඔය එක වචනෙකට හරි අහුවෙනවා එතකොට...

      Delete
  3. Replies
    1. අප්පට හුඩු මේ අපේ බ්ලොග් රජුනේ,මගේ ගානේ කොස්කොල ඔටුන්නක්වත් හදලා දෙන්නද ?

      Delete
  4. අපිත් පොඩි කාලේ රජ වුණා මේ ඔටුනු දාගන

    ReplyDelete
    Replies
    1. සුන්දර ළමා කාලයක් අපිට තිබ්බා

      Delete
  5. ithama raswath lipyak...
    meka google engine ekata ahu wenna one nisai
    mehema liyanneth.. mathrukawata singlish walin danna hasaral...




    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda
    koskola otunna, koskola thoppiya ,lama kreeda






    ReplyDelete
  6. මම සර්ච් කරලා බැලුවා දැන් මේක ගූගල් වලට අහුවෙනවා

    ReplyDelete
  7. මට මතකයි අපි පුංචි කාලේ කොස්කොල තොප්පිය හදන කොට..ඔය හසරැල් අන්තිමට කතුරෙන් කපල හැඩ කල කෑල්ල කාලේ...මෙහෙමයි..
    කොස් කොලේ අතින් ඉරුවා මැද නාරටිය දිගේ.ඊට පස්සේ ඒකෙ පලු දෙක එකකට එකක් පටලවලා පොඩි ඉරටුවක් ගැහුවා ...ඊට පස්සේ අර තොප්පියට සෙට් කළා....
    දැන්...මේ කොස් කොළ තොප්පි හදන එක...සමහර මොන්ටිසෝරි වල සිලබස් එකෙත් තියාලු නේද...?

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම් මට ඒ විදිය අමතක වුනා

      Delete
  8. ගිය පාර ලන්කාවට එද්දි හිතුවා ආපහු එද්දි මෙහෙට කොස් කොල ටිකක් ගෙනල්ලා පොඩි අයට ඒ දේවල් කියල දෙන්න ඕනි කියල... ඒත් ගේන්න බෑරි උනා... දෑන් හසරෑල්ගේ පෝස්ට් බලල සේරම කියල දෙන්න බඩු ගේනව ඊලග පාර....තෑන්කු තෑන්කු...

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් මට සතුටුවෙන්න පුළුවන් මගේ අරමුණ ඉෂ්ටවෙලා කියලා

      Delete
  9. ඇත්තටම තව කාලයක් ගියාම ඉන්ටර්නෙට් එකෙන් බලලා පොඩි ළමයි පුරුදු වේවි කොස් කොළ ඔටුනු හදන්න. ඇත්තම කිව්වොත් මම මෑත කාලෙදී කොස් කොළ ඔටුන්නක් හදන පොඩි එකෙක්ව දැකලාම නැහැ

    ReplyDelete
    Replies
    1. එහෙමහරි මේවා රැකෙන එක ලොකු දෙයක්

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...