මනුස්සයාගේ ප්‍රධානම අවස්සතා වෙන්නේ කෑම,ඇදුම් සහ වාසස්තානනේ.ඔව්...ඔව්...තවත් එකක් තියෙනවා තමයි....හරි...හරි...ඕන්න අද කියන්න යන්නේ රස්සාවට ගිහින් අපි කාපු බීපු කෑම ගැන තමා.මේ කියන්න යන්නේ අර රයිස් කුකර් කතාවේ කියපු අමුතු කෑම ගැන එහෙමනං නෙවෙයි.කෝමත් ඉතින් ලංකාවේ පැත්තෙන් පැත්තට ඔය කෑම ජාති එහෙමත් වෙනස්වෙනවනේ.ඕන්න ඉතින් ඔය අපි රාජකාරි කොර පැත්ත ගැන කියනකොටම ගොඩක් උන්දලාට මතක්වෙන්නේ ඉතින් දඩමස් නෙව.
ඒකනම් ඇත්ත ආයුබෝවන්ඩ වැඩිපුර මස්මාන්ස එහෙම වළඳන්නේ නැතිව උන්නු මාත් මස්වැද්දෙක් වුනා නෙව.දඩමස් කිව්වම ඉතින් අපිට ඉතින් වැඩිපුරම හම්බුනේ මුවා තමයි.අපි උන්දැලා පොසොන් පෝය දවසේ මුව දඩයමේ ගියහැටි ඉස්සරහට කියන්නම්.මුවමස් ගොඩක් වෙලාවට ලැබුනේ රජමාවතේ පැත්තේ ඉදලා ආපු උන්දැලාගෙනුයි ඔක්කම්පිටිය මාලිගාවිල පැත්තේ ඉදලා ආපු උන්දැලාගෙනුයි තමා,ඊලගට වැඩිපුරම අනුභව කරේ ඉතින් "ටන් ටන්" ගාන්නා නෙව.ඒ කියන්නේ ගෝනා.ඒවානම් ඉතින් බඩල්කුඹුර පැත්තේන් තමා වැඩිපුර ලැබුනේ.බුදු අප්පේ තව චුට්ටෙන් "සෙක්සි පෝර්ක්" අමතක වෙනවා.අපේ වර්ෂාවසාන පාටියේ අනිවාර්ය අංගයක් තමයි ඒ කාලේ "උල් වාරා" ඩෙවල් එක.එකටනං ගහන්න ඉතින් ආයේ කෑමක් නෑ බොලව්.ඔය තුනට අමතරව ඉතින් වළිකුකුලා,ඉබ්බෝ,කොකා වගේ ඒවත් ලැබුනා.හැබැයි ආයුබෝවන්ඩ මන්නං ඒවා කටෙවත් තිව්වේ නැති බව මේ අවස්තාවේදී පරකාස කොරන්ඩ ඕන.
ඔය දඩමස් ගැන කිව්වම ඉතින් හොදම කතාවක් තියෙනවා කියන්න.හැබැයි ඉතින් ඒක කිව්වොත් අපේ උන්දැලා ආසාවටවත් දඩමස් කෑල්ලක් කටේ තියෙන එකක් නැහැ.ඒක නිසා ඒ කතාව නොකියා ඉන්නම්.මෙන්න මෙහෙම විතරක් කියන්නම් "ඔය කතරගම එහෙම ගිහින් හෝටල් වලින් දඩමස් එහෙම තියේද" කියලා අහලා ගෙනල්ල දුන්නොත් ඒවා දඩමස්මද කියලා පොඩ්ඩක් හොයලා බලලා වැළඳුවොත් තමයි යහපත්.ඒක එහෙම කිව්වම ඇති.ඇඹිලිපිටියේ ජනරංජන හෝටලේ කතාව එහෙම දන්නවා ඇතිනේ.එවනං ඇත්තද බොරුද දන්නේ නෑ.සමාරවිට ඒකෙන් කාපු උදවිය මේක කියවනවත් ඇති.දඩමස් කතා ඇති.දඩමසුත් ඉතින් නිකම්ම කන්න බෑනේ.හේනක හිටියනම් දන්නවා ඇති දඩමසට කියාපු කෑම තමයි කුරහන් තලප.දඩමසුත් එක්ක කුරහන් තලප ලොරියක් වුනත් කන්න පුළුවන්.ඔය දෙකත් එක්ක නියමෙටම ගැලපෙනවා "කොල්ලු" ආනමක් හදාගත්තාම."කොල්ලු" කියන්නේ අස්සයන්ගේ කෑමක් වුනාට ඔය හේන් තියෙන පැතිවල නැගලා යන කෑමක් තමා ඔය "කොල්ලු" ආනම.හදන හැටිනම් මං නොදනී.
හේන්වල ඉතින් ඔයිට අමතරව වට්ටක්ක දළු,මයියොක්කා කොළ මැල්ලුම් එහෙමත් හදනවනේ.ඔය හේන් වලට ගොඩක් වෙලාවට කැඩෙන ගෙනියන්නේ කරෝල කෑල්ලක්,ලුණු ඩිංගක්,කොල්ලු ටිකක් වගේ තමා.අනිත් ඔක්කොම ඉතින් හේනෙන්ම සප්ලයි කරගන්නවා නෙව.ඊට අමතරව ඉතින් ඕන්න වැව්මාළු තමයි අපේ ෆෙවරිට්ම බයිට් එකවුනේ.බුත්තල ඉස්පිරිතාලේගාව පාලම අයිනේ හවසට කොරලි වැල් විකුනන්න තියෙනවා.එයින් එකක් දෙකක් අරන් ඇවිත් රජමාවතේ තොරණ ගාව තිබ්බ දුවනගිරියේ නයිට්කඩේ අය්යට දීලා හදාගත්තාම ඒකට ගහන්න ආයේ ලොවෙත් බයිට් එකක් නෑ.
මිනිහා සමාර දාසට අපිට වැව්මාලු කොත්තු එහෙමත් දාලාදෙනවා.මාත් ඔය දවසක් දෙකක් මැණික් ගඟේ එතකොට යුදගනාව වැවේ එහෙම මාළු බාන්නත් ගියා.පව්කාරයෙක් නොවන හින්දද මන්දා එකෙක්වත් අහුවුනේ නං නෑ.
ඔය පැත්තේදී කාපු තවත් අමුතු කෑමක් තමා "මඩු පිට්ටු" කියන්නේ.කාපු උන්දැලා නම් ඇති මයේ හිතේ.ඔය රටඉඳි වගේ ගහක් තමා මඩු කියන්නේ.ගෙඩි සාමන්යෙන් පුවක්ගෙඩි විතර ඇති.ඕවා කඩලා දෙකට පලලා අව්වේ වේලලා කොටලා ගන්න පිටිවලින් තමා මඩු පිට්ටු හදන්නේ.රසයි, ඒත් වැඩිපුර කෑවොත් ටිකක් මත්ගතියකුත් එනවා.මඩු ගස්නං හැදෙන්නේ ඔය බඩල්කුඹුර පැත්තේ විතරයි.ඔය අපි කවුරුත් කන "තුඹ" එහෙම හැදෙන්නෙත් ඔය පැත්තේම තමා.වැඩිපුරම තියෙන්නේ ඔය අලුත් එයාපෝර්ට් එක හදපු මත්තල පැත්තේ නෙව.නිකම්ම නිකම් කැලේට හැදෙන ජාතියක්.හැබැයි හැදෙන කාලෙට කැලේ පිරෙන්න හැදෙනවා.ඒ පැත්තේ මිනිස්සුන්ට නිදානයක් පහලවුනා වගේ තමා ඉතින්.
ඔයිට අමතරව ඉතින් නයිට් කඩවලින් කාපුකෑම තමා ඉතින් අමුතු කෑම විදිහට තිබ්බේ.ඔය ට්‍රේනින්වලට එහෙම කොළඹ යනකොට කෑවෙත් ඒවයින්ම තමා.අපිත් එක්ක වැඩකරපු බණ්ඩාර බිත්තර ආප්ප කාපු හැටි එහෙම කියවන්න ඇතිනේ.අපේ චමරිය තිබ්බේ අඹ වත්තක නෙව ඉතින් අඹවලින්නම් අඩුවක් පාඩුවක් වුනේ නෑ.වෙන්නන් ඉතින් පලතුරකට කියලා කෑවේ ඔය අනිත් පැතිවල තියෙන පලතුරුම තමා.ඒ පැත්තේ උක්ගහකින් බල්ලෙක්ටවත් හැගුවට ගණන් ගන්නේ නෑ.ඒ තරමට උක්ගස්වලට ඩිමාන්ඩ් එක අඩුයි.
අපේ කෑම ඉවිල්ලනං එහෙං එනකම්ම හරිගියේ නැහැ.සමාර දාසට බතුයි කරෝල තෙල්දාලා අල හොදියි හදන්න පටන්ගත්තට අන්තිමේදී හදලා තියෙන්නේ බතුයි කරෝල හොදියි අල තෙල්දාන ඒකයි.ඉතින් කොහොමැයි වළඳන්නේ...ඔය උඩ පින්තුරේ තියෙන ඒවානම් අපි ඒ කාලේ වැළඳුවේම නැහැ.ඒක නිසා ෆිගර් එක ගානට මේන්ටේන් කරගෙන උන්නා.ඒත් ඉතින් ගෙන්දගම් පොළොවට පයගැහුවත් එක්කම කෑම චක්කරෙත් වෙනස් වුනා.එදායින් පස්සේ පොල්ගස් වගේ හිටි අපි කොස්ගස් වගේ වුනා.ඒවා මතක්කොරලා හිත පාරගන්න මක්කටෙයි.ඕන්න පල්ලෙහා තියෙනවා කතාවක් කියෝලා නැත්නම් කියෝන එකයි ඇත්තේ...ගෙහුං එන්නං...
pizza ,අපි සහ බෝඩිමේ uncle [ it's about door step delivery ]
ටටා...
1 da
ReplyDeleteබොට මං 1 ලෙඩේ වැළඳිලා...ඉක්මනට සනීපකරගනින් නැත්නම් සෑහෙන්න අමාරුවෙනවා
Deleteඅපිත් ඉතිං බ්‍රාන්ච් වලට එහෙං මෙහෙන් ගොඩ වුණාම, නානාප්‍රකාර කෑම ජාති කන්න ලැබුණා. ඒවාට වාසනාව තියෙන්න ඕනේ. නැද්ද මලේ ?
ReplyDeleteඅපිත් ඉතින් එහෙම ආපු අයට උපරිමෙන් සලකලා තමයි ආපහු පිටත් කරේ
Deleteහැබැයි ආයුබෝවන්ඩ මන්නං ඒවා කටෙවත් තිව්වේ නැති බව මේ අවස්තාවේදී පරකාස කොරන්ඩ ඕන.
ReplyDeleteපත නයෙක් ඇරලා නෙව.. තුබ නම් පට්ට කෑම තමා හැදෙන්නේ කාලෙකට විතරයි දඩ මස් ගන්නවා නම් ඉතින් ඒ ගැන දන්නා බුවෙක් එක්ක යන්න ඕනේ නැත්නම් ඉතින් බලු මස් තමා දෙන්නේ දඩමස් කියලා
උඹේ කතාවේ අන්තිම හරිය මං නොකිව්ව කතාවට අදාලයි
Deleteකා ඇති එකම මස කුකුල් මස් පමනි.. වෙන ඒවා කෑමට සිත නොදේ..
ReplyDeleteඉබි මස් කෑවම නම් යකඩ වගේ ඇඟ හයි වෙන්වලු.. සදරුගෙ කතා දෙක තුනක්ම තියනවා ඉබි මස් සම්බන්දව
ඉබිමස් කන්නනම් ලැබිලා තියෙනවා.ඒත් කාලනම් නැහැ.ඇඟ හය්ය වෙන කතාවනම් බොරු බං
Deleteශික්.. අපරාදේ ගෙන්දගම් පොළවට පය නොගහ ඉන්න තිබුනේ හි...හි...එහෙම උනා නම් පොල් ගස් කොස් ගස් වෙන්නේ නැනේ නේද?හිතට දුක මටත් ඔය ටිකම වෙව්ච්ච එකයි...
ReplyDeleteබලමු..බලමු..දැන් ඉතින් ආයෙත් ඉන්නේ ගමේ නෙව
Deleteකරල තියන දේවල් වලට අල්ලලා හිලේ දාන්ඩයි තියෙන්නේ
ReplyDeleteමං විතරක් නෙවේ තෝත්
Deleteපිට පලාත්වල සෙවය කලාම තමයි ජිවිත් ඉගෙන ගන්න ලැබෙන්නෙ.විශෙශයෙන් ඔය අර්ධශුශ්ක කලාපෙ කියන පැත්තෙ.
ReplyDeleteඒකනම් ඇත්ත තමා
Deleteඔව්...ඔව්..පොල් ගහ වගේ හිටපු එකා දැන් කොස් නෙවෙයි බුරුත ගහක සයිස්...ඊයේ රෑ අපේ ශානු නංගිත් මගෙන් ඇහුවා...ඔය මම දුවන දිවිල්ල හසරල්ලා ට බැරිද කියලා...ටිකක් ව්‍යායාම කලොත් නම් හොඳා තමයි...
ReplyDeleteවෙලාවක් නැහැනේ ඕවට
Deleteමූ ජරාව කාලා කලු සුදු
Deleteඇත්තෙයි????
Deleteදඩ මස් නෙමෙයි ඕන මසක් ඇදලා අරිනවා.. නැත්තං ඉතින් මිනිසා සර්ව බස්සක මොකාද කියන නමට හරි නෑ නේ බං..
ReplyDeleteසර්ව බස්සකද සර්ව මාංස බස්සකද
Deleteමස් උනත් ඔහොම ඒව කන්න වාසනාව තියෙන්න ඕන. හසරැලුත් කුරක්කං තලප ගිල්ලද?
ReplyDeleteමඩු වල ගෙඩි හැදෙන්නෙ ගෑණු ගස්වල විතරයි මං හිතන්නෙ. හැම ගහකම හැදෙන්නෙ නෑ.
වාසනාව???? ෂුවර්ද
Deleteමට ඒ දවස් වල හාදයෝ සබ්මැරිනයා කියලත් කිව්වා... මම කන්නෙම ඒවා නෙව...
ReplyDeleteමන්නම් ඒවා කෑවේ එකපාරයි ...
Deleteයකෝ බ්ලොග් කියවන එක පොලිෂ් කාරයෙක්වත් නැත්ද? මූව අල්ලලා හිරේ දාන්න.
ReplyDeleteඇයි ඒ අය මෂ් කන්නේ නැත්ද ????
Deleteමම මඩු පිට්ටු කොහෙන් හරි කෑවා. හදන්නේ කොහොමද කියලා නම් දන්නේ නෑ. ඒත් මඩු දළු නම් උයලා කනවා. ඒවා දැන් අපේ ගම් වලත් ලස්සනට වවනවා. ගිය අවුරුද්දේද කොහෙද නත්තලට ගිය පාර මට කවුද හදලා දුන්නා. තුඹ කරවිලත් කාලා තියෙනවා. කොල්ලු නම් නෑ. එහෙම කියන්නේ ඇට ජාතියක්ද? වල් ඌරා නම් කන්නේ නෑ. කොහොමත් කැලේ සත්තු මම කාලම නෑ. ඒත් වැව් මාළු නම් ඉතින් රස...... මම කොහේ ගියත් ඉස්සල්ලෙම අහන්නේ වැව් මාළු ගන්න පුළුවන්ද කියලා ගමක ගියාම. කොරලියෝ බැදලා බියර් එකක් එක්ක හෙම යාළුකමට ඉන්නවා නම් ඉතින් දිව්‍යලෝකේ ජීවිතේ නේ ඉතින්.
ReplyDeleteමඩු දළු කාපු බවක්නම් මතක නැහැ.මඩු ගහනම් ලස්සනයි තමා
Deleteකොල්ලු කියන්නේ කුඩා ඇට වර්ගයක්... තරමක් හයියයි... කබලේ බැදලා වංගෙඩියේ දාලා කොටලා කැබලි උනාම අරගෙන උයන්න ඕන... උයද්දි ඉවරයක් නැතිව හැදි ගාන්න ඕන ජාතියක්... කොල්ලුත් දනී.. හදන හැටිත් දනී.. තාම හදා නැත.. :D
Deleteමඩු දළුත් කනවා... මඩු ගෙඩිනං තාම දැකලා නැහැ...
Deleteපුවක් ගෙඩි වගේ බං.රට ඉඳි වගේ වලු හැදෙන්නේ
Deleteමඩු දළු පට්ට රහයි , ඉස්සර සපරගමුවේ කැරන් කොකු , සහ මඩු දළු දෙකෙන් එකක් අනිවා ගන්නවා හත්මාළුට , තව ඒ වාගේම වරද්දන්නේ නැ අමු කජු සහ කොස් ඇට , අනික තමා වට්ටක්කා දළු
Deleteඅටමෝ....වට්ටක්කා දළු පරිප්පුවලට දාලා හින්දලා උයනවා ....රෝස් පාන් රාත්තලක් කන්න පුළුවන් බං.
Deleteදැන්නම් ඉතින් මඩු දළු ටිකක් හොයාගෙන කන්නම වෙනවා මුන් කියන හැටියට...
Deleteමාරයා කොල්ලු වල පින්තූරයක් හරි ඉංග්‍රීසි නමක් හරි දන්නවා නම් දාන්නකෝ. ගොඩාක් වෙලාවට මම දන්නවා ඇති ඒත් නමෙන් නොදනී. පොඩ්ඩක් බලන්න ඕනේ. මේ දවස් වල අපිට සීත කාලේ හින්දා මම ඔය ඇට වර්ග හිටු කියලා කනවා මේ ටිකේ.
Deleteමඩු ගෙඩි පුවක් වගේ නේද? ඒවා හැදෙන්නේ බදුල්ල පැත්තේ වෙන්න ඕනේ. කෑවේ නම් බදුල්ලෙන් කියලා මතක් වුනා. අර මඩු දළු නම් අපේ මලීලගේ ගෙදරත් තිබුනා. දෙකක් තුනක් උනත් ඇති උයලා කන්න. ඒකයි මියන දළුයි එකම විදිය මම හිතන්නේ. කැරම් කොකු කියන්නේ මොනවද කියලා දන්නේ නෑ. වට්ටක්කා දළු නම් තව මාසයක් දෙකක් යනකොට මෙහේ පොලේ ගන්න පුළුවන්. මම නම් ඒක කන්නේ තෙල් දාලා සුදු ලූණු ගෙඩියක් හෙම දාලා...පොඩි කාලේ කොස් ඇට එක්ක කාලා තියෙනවා ඒත් ඉතින් මට කොස් ඇට නෑ නේ. දැන් ඉතින් කෑම මතක් කරලා මට රෑට නින්ද යන එකකුත් නෑ.
හලේ...අපි කොලපු දෙයක්...
DeleteAtam,
DeleteKohila dalu
අඩ්ඩඩ් ඩා,,,කවුද බොලේ මේ අලුත් ඩයල් එක...
Deleteඔය පරණ පොරක්
Deleteමෙහෙනම් ඉතින් සෙක්සි උරා විතරක් නෙවි නිකන්ම උරත් හොයන්න ටිකක් අමාරුයි.... එත් හොයන්නට සම්බවෙන එකනම් ඒකාන්තයි
ReplyDeleteහප්පෝ හොයාගේනම් කන්න වටිනා කෑම
Deleteහසරැල්........කෑම ලිස්ට් එක නම් ටොප්....මමත් ඔය මස් වර්ගනම් බොහෝමයක් කාලා තියෙනවා. ටං ටං ගාන්නා නම් ලංකාවේදි. ටිං ටිං ගාන්නා මෙහෙදි මට මෙක්සිකන් බුවෙක්ගෙන් කන්න ලැබුනා. මිලදීගන්න පුලුවන්. එළු මස් කියලා බල්ලොත් විකුනලා තිබුනේ ලංකාවේ කාලයක්. නොදැනුවත්ව ඒවාත් කාලා ඇති.
ReplyDeleteමඩු දළු තෙල්දාලා කනවා නේද? ඉඳිආප්පයි, කිරිහොදියි, මඩු දළුයි......
ටින් ටින් ගාන්නාත් කෑවද බං...
Deleteඔව් හසරැල් ෆ්‍රෝසන් ගන්න පුළුවන් ඕන නම්. වැඩිපුර ප්‍රිය රසක් නෙමේ.
Deleteමටනං ඇහුවමත් පුදුමයි...
Deleteඇයි බන් දඬු ලේනාට ගේම දෙන්නේ.. වඳුරත් කනවා.. ඉත්තෑවත් කනවා.. කොක්කුත් කනවා.. අර බ්ලෑක් හෙඩඩ් ඉබීස් එහෙම චිකන් පරාදයි..
Deleteඔව්මයි ඇත්තට...ඇයි කොළ දිවියත් කනවනේ...බලාගෙන ගියාම අපේ උන් බළල් මසුත් කනවනේ..
Deleteතණමල්විල හංදියේ තිබ්බා හෝටලේක ඒ කාලෙ සතාගේ හම කුර එහෙම කුස්සියට එක්ක ගිහිං පෙන්නලා තමා කන්න දෙන්නෙ ඔය බලු කේස් එක අහුවෙච්චි කාලෙ.
ReplyDeleteඔය කියන්නේ...ඔය කියන්නේ...
Deleteදැන් දඩ මස් තියෙන රෙට්ටුරන්ට් අඳුනගන්න පුළුවන් ලේසිම කොරමේ තමයි.. රෙට්ටුරන්ට් එක ඉස්සරහා මහින්ද මහත්තයා ඉන්නවා පොටෝ එකේ කිරි හට්ටිය වගේ හිනා වෙවී..
Deleteඅනේ අපිනම් දන්නෑ ඕවා ඉතින්..හි..හි..
Deleteමඩු ගස් නම් ගම්ප පළාතෙත් තැන් තැන් වල තියෙනවා බන්...නියෝජ්‍ය ඇමති පණ්ඩු ගෙ මහ ගෙදරට ඇතුලු වෙන තැන දෙපැත්තෙම තියෙනවා මඩු ගස් පේළි දෙකක්...මඩුගස් වලව්ව කියලයි නිවස හදුන්වන්නෙ...
ReplyDeleteවැව් මාළු බයිට් එක මම කෑවෙ ගලේවෙලින්...අනේ එහෙම රසයක් ආයෙ වැව් මාළු කෑවට දැනිලම නෑ...
එහෙමද ? මං මඩුගස් දැක්කේ ඒ පළාතේදී විතරක් හින්ද මං හිතං හිටියේ ඒවා හැදෙන්නේ ඒ පැත්තේ විතරයි කියලා
Deleteගම්පහ මඩු ගස් තියෙනවා... මේ පැත්තේ වෙඩිමක් උනාම සැරසිලි වලට මඩු අතු ගොක් අතු ඇන්තූරියම් තොග ගානට හොයං එන්නේ...
Deleteමල්ලි ගම්පහද ???? බේබි නෝනාගේ කඩේ දන්නවද???? හි ...හි...
Deleteදුර පැති වල වැඩට යන්න සෙට් වෙන එකෙත් හොදක් තියෙනවා බලාගෙන යද්දී..
ReplyDeleteහැම දේකම හොඳ නරක දෙකම තියෙනවා
Deleteමාලු අහුවුනේ නැත්තේ උබේ පව්කාරකම නිසා වෙන්න බැරිද බොස්?????????
ReplyDeleteමාළු අහුවෙන්නේ පව්කාරයන්ට..පින්කාරයින්ට මාළු අහුවෙන්නේ නෑ....- නිව්ටන්ගේ 1425 වෙනි නියමය
Deleteමම කාලා තියෙන්නේ හරාක් මස් ,කුකුල් මස් , ඌරු මස් විතරයි..වෙන මුකුත්ම කාලා නෑ..ඉබ්බා මස් කරපු ගමන් පිසුවෙ නැත්තන් පණුවො ගහනවලු නේද?
ReplyDeleteඉබි මස් නෙවෙයි ඕන මසක් එහෙම වෙන්නැති,...කාලා නැතිනිසා නොදනිමි...කාලා තියෙන උන්දැලා උත්තර දීපල්ලා
Deleteමඩු දලු මාලුව මාර රසයි... හැමදාම නෑ හැමතැනම නෑ
ReplyDeleteඑහෙමෙයි...කරුමෙට කන්න බැරිවුනානේ
Deleteපිටපළාත්වලට ගියාම දෙන දෙයක් කන එක තමයි හොදම කෑම. එක එක පළාත්වල විවිධ ආකාරයෙන් හදන කැම ජාති ගැන හොඳ අත්දැකිමක්
ReplyDeleteඒකනම් ඇත්ත අය්යේ..
Deleteගෝන මසුත් එල මුව මස් තාම කාල නැහැ. හැබැයි වල ඌරා කියන්නේ අම්මපා සුපිරි කෑමක් නේ. කිව්වත් වගේ ඒකට ගහන්න කෑමක් මමත් තාම කාල නැහැ
ReplyDeleteමෙතනත් කෑම බීම. මේ කාලේ හුඟාක් කෑම බීම පෝස්ට්....
ReplyDeleteඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
විදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!