Saturday, March 23, 2013

බලල ඉවරවෙලා මටත් දෙනවද.....


ඉතින් යාළුවනේ අද ටිකක් වෙනස් දෙයක් ගැන ලියන්න හිතුනා.අපි කාටත් දායකවෙන්න පුළුවන් දෙයක් ගැන.ඒ නිසා මේක කියවලා අමතක කරලා දාන්නේ නැතුව පොඩ්ඩක් ඒ ගැන ක්‍රියාත්මකත් වෙන්න.ඉතින් ඔයාලට අද උනත් දායකවෙලා සතුටුවෙලා පුළුවන් දෙයක් ගැන තමා මේ කියන්නේ.ඒ ඇස් දන්දීම ගැන.

තමන්ගේ මරණින් පස්සේ තමන්ගේ දෙනෙතින් මේ ලෝකේ දකින්න තවත් කෙනෙකුට අවස්ථාව ලබලා දෙන්න පුලුවන්නම් කොච්චර දෙයක් නේද?ඉතින් ලංකාවේ වාසය කරන අපි හැමෝටම ඒ අවස්ථාව ලැබිලා තියෙනවා "ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය"මගින්.ඔයාලට තියෙන්නේ ඒ අයගෙන් පෝරමයක් අරගෙන පුරවලා තමන්ගේ මරණින් පස්සේ ඇස් දන්දෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා ඒ බව තමන්ගේ ලඟම නෑදෑයෙකුට [සැමියා,බිරිඳ,මව,පියා......] ඒ බව දන්වලා තියන්න විතරයි.

මරණින් පස්සේ නිකම්ම පොලවට පස්වෙලා යනවට වඩා හරි නැත්නම් සෑයක දැවිලා යනවට වඩා හරි මෙහෙම දෙයකට දායකත්වයක් දක්වන්න පුළුවන් එක කොච්චර ලොකු දෙයක්ද.ඇස් ලබාගැනීම ගැන මගේ දැනුම ප්‍රමාණවත් නොවන නිසා ඒ ගැන මං කරුණු දක්වන්නේ නෑ.දැනටත් ලංකාවේ ගොඩ දෙනෙක් මේ කටයුත්තට දායකවෙලා තියෙනවා.විශේෂයෙන්ම අපේ බෞද්ධ යහළුවන්ට කියන්නේ තියෙන්නේ බෞද්ධයන්ගේ අවසාන අරමුණ වන නිවනට යන මගේ එක් පියවරක් වන දාන පාරමිතාව සම්පූරණ කරගන්නත් ඔයාලට ලැබෙන අවස්ථාවක්.ඒ වගේම මේ රටේ විතරක් නොවෙයි සමහරවිට පිටරට කෙනෙකුට පවා පෙනීම ලබාදෙන්න ඔයාලගේ ඇස් දෙකට පුළුවන් වේවි.ඉතින් ඔන්න මං පල්ලෙහායින් දානවා එයාලගේ විස්තර ලබාගන්න පුළුවන් තැන්.

ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ මේ පොස්ටුව බලලා ඉවරවෙලා අමතක කරලා දාන්නේ නැතුව ඔයාලටත් පුලුවන්නම් මේ කටයුත්තට දායක වෙන්න කියලයි.

ඔවුන්ගේ ලිපිනය 

Sri Lanka Eye Donation Society
Dr. Hudson Silva Eye Donation Head Quarters
120/12, Vidya Mawatha, Colombo 07, Sri Lanka 

දුරකථන අංක  0094 11 2698040, 2698041, 2698043 
ෆැක්ස් : 0094 11 2698042 

විද්‍යුත් තැපෑල : sleds@dialogsl.net
ඔවුන්ගේ වෙබ් අඩවිය   http://www.eyedonation.slt.lk

ඔවුන්ගේ මූණුපොතේ පිටුව http://www.facebook.com/sleyedonation

විකිපීඩියා විස්තරය http://en.wikipedia.org/wiki/Sri_Lanka_Eye_Donation_Society

මෙන්න මේ වීඩියෝවත් බලලා යන්න අමතක කරන්න එපා...... 





Friday, March 22, 2013

ගණන්කාරයෙක් වෙන්නේ කොහොමද ? how to become genius


ඔන්න ඉතින් අද ඔයාලට කියලා දෙන්නේ ගණන්කාරයෝ ගැන.සිංහලෙන්ම කිව්වොත් Maths ගැන.ඔන්න මට පේනවා සමහර අයගේ මුහුණු මැලවෙනවා.පොඩි කාලේ ඉස්කෝලේ යනකොට ගොඩක් අයගේ (අ)ප්‍රියතම විෂය වෙන්නේ ගණන් නේ.හැබැයි ඉතින් ඔය අස්සේ ගණන් පිස්සොත් ඉන්නවා.ඔන්න ඔය දෙකොට්ටාෂෙන් මං අයත්වෙන්නේ දෙවැනි ගොඩට.අදටත් මගේ ප්‍රියතම විෂයක් තමා ගණිතය.

ගොඩ දෙනෙක් නොදන්නවා වුනාට මේ ගණිතය කියන්නෙත් එක්තරා කලාවක්.හැබැයි ගානට කරන්න ඕන.නැත්නම් ඉතින් පිස්සු තමා.ඉතින් ඔය කාට කාටත් කියවලා තේරුම් ගන්න පුළුවන් ගණිතයේ තියෙන පුදුම හිතෙන කාරනා ටිකක් තමයි මං අද ලියන්නේ.නැත්නම් කට්ටියක් ආසාවෙන් කියවද්දී,කට්ටියකට එපා වෙන්න පුළුවන්නේ.


ඔන්න කවුරුත් දැකලා ඇතිනේ මේ සංකේතය.මේක ග්‍රීක හෝඩියේ අක්ෂරයක්.සිංහලෙන් ශබ්ද වෙන්නේ "පයි"
කියලා.(අනේ මගේ දුප්පත් බ්ලොගේත් මින්පස්සේ sex සර්ච් වලට අහුවෙනවා).යම් වෘත්තයක විෂ්කබ්බයට එහි පරිධිය දක්වන අනුපාතය තමයි මේකෙන් හැදින්වෙන්නේ.මේක නියතයක්.හැබැයි ලස්සන වැඩේ කියන්නේ.මේක කොච්චර දෂ්මස්ථාන ගණනකින්වත් ලියලා ඉවරකරන්න නම් බෑ .ඒ වගේම තමයි ඒ දශමස්තානත් එකම පිළිවෙලකට නෙමෙයි පිහිටන්නේ.ඒක නිසා මතක තියාගන්න විදිහකුත් නෑ.සරලව 3.14 ක් කියලා කියනවා.ඒ වගේම තමයි මේ දෂ්මස්ඨාන මතකෙන් ලියන ඒවාට තරගත් පැවැත්වෙනවා.දැනට දශමස්ථාන 67,890 ක් ලියපු චීන ජාතිකයෙක් තමා මේ ගීනස්‌ වාර්තාවට හිමිකම් කියන්නේ.මෙතනින් ගිහින් වැඩි විස්තර දැනගන්න පුළුවන්.



0 ඉදලා 999 වෙනකල් ඕනෑම ඉලක්කමක් ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් A අකුර භාවිතා නොකර.one thousAnd ලියද්දී තමයි ඉස්සෙල්ලම A අකුර ඕනා වෙන්නේ.





එකම පරිධියක් ඇති හැඩතල ඇන්දොත් ඒවායින් වැඩිම වර්ගඵලයක් අයිති කරගන්නේ වෘත්තය එහෙමත් නැත්නම් රවුම.







 googol කියන වචනෙන් තමා මේක හැදිලා තියෙන්නේ.එහෙම කියන්නේ 1 යි බින්දු 100 කින් හැදෙන ඉලක්කමට කියන නමයි.



 4 තමයි ඉංග්‍රීසියෙන් ලිවීමේදී ඉල්ලක්කමේ ගන්නට අකුරු භාවිතාවෙන එකම ඉලක්කම.අනිත් කිසිවක එසේ නෑ.






ගණන් ගැන කියලා ගැටළුවක් දෙකක් නොදී යන එක ටිකක් අවුල් වගේ නේ.ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන ගැටලුවලට උතර දෙන්නලා.හොදේ.

ඔන්න පලවෙනි ගැටලුව ටිකක් ලේසි එකක් 

a = b සමාන යයි සිතන්න.

දැන් දෙපසම a ගෙන වැඩි කරන්න.


a2 = ab

දැන් දෙපසටම 
a2 – 2ab එකතුකරන්න 

a2 + a2 – 2ab = ab + a2 – 2ab


දැන් ඒක අපිට මෙහෙමත් ලියන්න පුළුවන්නේ.

2a2 – 2ab = a2 – ab

තවත් සරල කලොත් මෙහෙමත් ලියන්න පුළුවන් 

2(a2 – ab) = (a2 – ab)

දැන් දෙපසම 
(a2 – ab). ගෙන් බෙදමු.

2 = 1 

හෑ.....මෙහෙම වෙන්න බෑනේ.මට කොහෙද වැරදුනේ කියලා පෙන්නලා දෙනවද ?

ඔන්න ඊලග ගැටලුව ටිකක් සංකීර්ණයි.
හොදට අහගන්න.ඔන්න ඔයාලට දීලා තියෙනවා 40 kg යකඩ පඩියකුයි.තැටි තරාදියකුයි.සීනි ගෝනියකුයි.
     


හරි ඔන්න ඔය ටික දීලා ඔයාලව කඩේකට දානවා සීනි කිරන්න.දැන් ඔයාලා ඔය යකඩ පඩිය කෑලි 4 කට කඩාගන්න ඕන.එතකොට ඔයාලට කඩේට එන ඕනෑම එක්කෙනෙක් ඉල්ලන සීනි ප්‍රමාණයක් කිරලා දෙන්න පුළුවන් වෙන්න ඕන අර පඩි 4 හෝ ඉන් කිහිපයක් සහ තරාදිය පමණක් භාවිතා කරලා.හැබැයි මතක තියාගන්න කිරන්න පුළුවන් සම්පූර්ණ කිලෝ ගණන් විතරයි.500 g,250 g කිරන්න බෑ මේ විදිහෙන්.ඒ වගේම එකපාරක් විතරක් තරාදිය පාවිච්චි කිරීමෙන් ඕනෑම කිලෝ ගානක්(1 - 40 දක්වා) කිරන්න පුළුවන් වෙන්නත් ඕන.ඒ කියන්නේ කිලෝ 2 ක් ඉල්ලුවොත් කිලෝ 1 ගානේ දෙපාරක් කිරලා දෙන්න බෑ.පොඩි උදව්වක් කරනවනම් පඩි 4 බරේ එකතුව 40kg ක් වෙනවා.ඒ වගේම 1 kg ඉදලා 40kg වෙනකල් ඕනෑම සම්පූරණ කිලෝ ගානක බරක් කිරන්නත් පුළුවන් වෙන්න ඕන.පැහැදිලි ඇති නේද?මං දැන් අහන්නේ ඒ පඩි 4 බරවල් මොනවද කියලා....




ඔන්න තියෙනවා පඩි 4 .දැන් මේවයේ බර මොනවද කියලා තමයි මං අහන්නේ.

උත්තර දෙමුකෝ එහෙනම්.......... 

update......

ඔන්න තරගේ ඉවරයි ,ජයග්‍රහණය කල silent sahan සහ දූපත් වැසියාට සුබ පැතුම්.උත්තර පල්ලෙහා කොමෙන්ට් වල තියෙනවා බලන්නකෝ ......

Thursday, March 21, 2013

යතුරු පැදි දින සටහන්..- Motorcycle Diaries


අර්නස්ටෝ චේ ගුවේරා....අපේ කාලයේ විසු සොදුරුතම විප්ලවවාදියා.කවුරුත් වගේ අහලා ඇති.ඒත් ගොඩ දෙනෙක් ඔහුගේ තරුණ ජීවිත කාලය ගැනනම් අහලා නැතුව ඇති නේද?මං අද කියන්න යන චිත්‍රපටය ගලායන්නේ චේ ගේ තරුනකාලය හරහා.දොස්තර කෙනෙක් වෙන්නට පෙර චේට අවුරුදු 23 පමණ වන කාලයේ සිට ඉදිරියට ගලායන සත්‍ය කතාවක්.

මේ චිත්‍රපටියේ කියවෙන්නේ 1952 දි චේ තමාගේ යහළුවෙකු වන අර්බර්ටෝ ග්රෙනාඩො සමග යතුරු පැදියකින් දකුණු ඇමෙරිකාව හරහා කල සංචාරය ගැන.මෙහිදී චේ තමන්ගේ යහළුවා සමග සංචාරයේදී අත්විදින සිදුවීම් කදිමට පෙලගස්වලා තියෙනවා.රටරටවල විවිද ජනකොටස් හදුනාගන්නත් විවිද සංස්කෘති අත්දකින්නත් චේ ට හැකිවෙනවා.පසු කාලයේදී චේ විසින්ම සදහන් කල ආකාරයට ඔහුගේ ජීවිතයේ පන්නරය ලබන්න මේ චාරිකාව තමයි ඔහුට පසුබිම් වෙන්නේ.




යතුරු පැදියෙන් ගමන්කල ගමන් මාර්ගය 

ඒ වගේම චේ ගේ පෙම්වතියත් ඔහුට මේ ගමනේදී මුණගැහෙනවා.මේ කතාව ලියන්න මුල්වෙලා තියෙන්නේ චේ සහ චේ ගේ ගමන් සගයා වුනු අල්බෙර්ටෝ විසින්.ඔවුන් හරි අපූරුවට තමන් ගමනේදී මුහුණ පෑ සිදුවීම් එකට අලලා තියෙනවා.



ඇල්බර්ටෝ සහ චේ ඇමසන් ගගේ ලී පාරුවකදී - 1952 ජුනි 

ඒ වගේම මේ ගමනේදී ඒ කාලේ දකුණු ඇමෙරිකාවේ වසංගතයක් ලෙස පැතිරුණු ලාදුරු රෝගයෙන් පෙළෙන ජනතාවට බෙහෙත් හේත් කරන්නත් චේ සහ ඇල්බර්ටෝ ක්‍රියා කරනවා.ඒ වගේම තමයි ඔවුන්ගේ ගමන් සගයාවුණු යතුරු පැදිය ගැනත් යමක කියන්න ඕන .ඒක අල්බෙර්ටෝ විසින් la poderosa නමින් නම් කරලා තියෙනවා.එය 1939 දී නිෂ්පාදිත norton 500 වර්ගයේ යතුරු පැදියක්.


තරුණ චේ යතුරු පැදිය පනගන්වන්න්ට උත්සාහ කරමින් 

ඇල්බර්ටෝ විසින් මේ යතුරුපැදිය සංරක්ෂණය කිරීම නිසා අද වෙනතුරුත් ඒක ලෝක වාසී ජනතාවට බලා කියාගන්න පුළුවන්.


සංරක්ෂණය කර ඇති la pedarosa යතුරු පැදිය 

කොහොමවුනත් ගමනේදී දකින අත්විදින සිදුවීම් චේ ගේ මනසේ ලොකු වෙනස් කමක් කරනවා.ඇමෙරිකානු නව යටත්විජිතවාදයට එරෙහිව චේ ගේ මනස ගොඩනැගෙන්නේ මේ ගමනෙන්.කොහොමවුනත් චිත්‍රපටය ගැනවත් පොත ගැනවත් වැඩි දෙයක් කියන්නේ නෑ.පුලුවනංනම් මේ දෙකම හොයාගෙන බලන්න.ඇත්තටම වටිනවා.



අන්තජාලයෙන් පොත මිලදී ගැනීමට පින්තුරය මත click කරන්න 

මෙන්න තියෙනවා චිත්‍රපටියේ trailer එක.බලන්නකෝ.....චිත්‍රපටියේ සමහර දර්ශන වැඩිහිටියන්ට පමණක් සුදුසු ඒවා බවත් කියන්නම ඕන...



මෙතනින් ගිහින් චිත්‍රපටිය බාගන්නත් පුළුවන්... 

කෙටියෙන්ම කියනවනම් මෙන්න මේකයි මේ චිත්‍රපටියෙන් කියන්නේ.


let the world change you , then you can change the world

ලෝකයට ඔබව වෙනස්කරන්න ඉඩ දෙන්න,එවිට ඔබට ලෝකය වෙනස්කලහැකිවනු ඇත.

ප.ලි.-මෙම පොත මාලිනි ගෝවින්නගේ විසින් "මෝටර් සයිකල් දිනපොත" නමින් සිංහලයට පරිවර්තනය කර තිබෙනවා.දර්ශන ප්‍රකාශකයෝ වෙතින්...


වැඩිදුර විස්තර -http://en.wikipedia.org/wiki/The_Motorcycle_Diaries_(film)

Wednesday, March 20, 2013

ලොකු වුනාම කවුරු වෙන්නද හීන මැව්වේ ....


පුංචි කාලේ අපි කාටත් පොඩි හරි හීනයක්‌ තිබ්බා නේද මං ලොකු වුනාම මෙහෙම කෙනෙක් වෙනවා කියලා.අම්මලාටත් හීන තියෙන්නැති අපි ගැන.ලොකු වුනාම මගේ දරුවා මේ වගේ කෙනෙක් වෙයි කියලා.දැන් කාලේ අම්මලානම් දරුවෝ ලොකුවුනාම දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරන්න තමයි බලාපොරොත්තුවෙන්නේ.ඒකෙ වරද්දකුත් කියන්න බෑ.මොකද දැන් කාලේ තියෙන ආර්ථිකේ හැටියට එහෙම කෙනෙක් නොවී ජීවිතේ ගොඩනගාගන්න සෑහෙන අමාරුයි.ඒ වගේම තමයි අම්මලා තාත්තලා කැමති තමන්ගේ දරුවෝ තමන්ට වඩා පොඩ්ඩක් හරි ඉහල රස්සාවක් කරන එකට.ඒ වගේම දරුවොත් කැමති තමන්ගේ අම්මලා තාත්තලා කරන රැකියාවක යෙදෙන්නත්.

ඉතින් මං අද ලියන්න හිතුවේ ඒ ගැන.මටත් ඒ වගේ හීන කීපයක්ම  තිබුනා පොඩි කාලේදී.ම්ම්ම්....මොනවද ඒ...

1 . කෝච්චි රියදුරෙක් 

ඔන්න දැන් සමහර අය හිනාවෙනවා ඇති නේද.ඒත් සිරාවටම පොඩි කාලේ ඉදලා මට මාර කෝච්චි පිස්සුවක් තිබුනේ.කෝච්චියක ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඇත්නම් කියලා ඒ කාලේ හිතුනා.සමහර විට ඒකට හේතුවෙන්න ඇත්තේ අධික වේගය හා කෝච්චිය කිසිම වාහනයකට දෙවැනි වෙන්නේ නැති නිසා වෙන්න ඇති.කොහොමවුනත් ලොකුවෙනකොට ඒ ආසාව නිකම්ම නැතිවෙලා ගියා..

2 . ගුරුවරයෙක්

මගේ අම්මා ගුරුවරියක් වුනු නිසා වෙන්න ඇති.කොහොම වුනත් අදටත් මං වෙන්න ආසම පුද්ගලයෙක්.උසස්පෙළ ඉවරවෙලා පොඩි කාලයක්නම් ටියුෂන් කළා.හැබැයි මං ආසාකලේ දුෂ්කර පලාතක පොඩි ඉස්කෝලෙක ගුරුවරයෙක් වෙන්න.මං බුත්තල හිටපු කාලේ එවැනි ගුරුවරු විදපු දුක දැක්කා.

3 . පත්තරකාරයෙක්

ඒ කියන්නේ මාධ්‍යවේදියෙක්.ඒ වුනාට මට හිතෙන්නේ ඒකෙ නියම වචනය පත්තරකාරයෙක් කියලා.[අපේ නලින් අය්යලා අමනාප නොවේවා]සමහරවිට ඒකෙන් කරන්නපුලුවන් වැඩේ නිසාත් රැකියාවේ යම් නිදහසක් තියෙන නිසාත් වෙන්න පුළුවන්.ඒ හීනෙත් කාලෙත් එකක්ම නැතිවෙලා ගියා.පොඩි කාලෙනම් පත්තර එකකට දෙකකට ලියලා තියෙනවා.

4 . සිවිල් ඉංජිනේරුවෙක් 

මගේ හීන අතුරින් මං වඩාත්ම ලගාවුණු තැන කියන්න පුළුවන්.ඒත් ඉතින් ලංකාවේ විභාග ක්‍රමයට පින්සිද්දවෙන්න ඒ හීනෙත් බොඳ වුනා.මං ඒ ගැන වැඩිය කතාකරන්න කැමති නෑ....ඒ ගැන දන්නෝ දනිති.[2005 උසස්පෙළ රසායන විද්‍යා  ප්‍රතිපල අවුල

5 . සංචාරකයෙක් 

මගේ හීන අතුරින් ඉටුකරගන්න තවමත් පරක්කු නැති එකම හීනය.හැබැයි මං මේ සංචාරකයෙක් කියන්නේ ඉදලා හිටලා ට්‍රිප් එකක් යන එකට නම් නෙමෙයි.ලෝකේ පුරා ඇවිදලා විවිදාකාර මිනිස්සු හම්බුවෙලා ඒ ඒ සංස්කෘති අත්විදලා සංචාරය කරන එකට.ලෝකේ පුරා ඒ වගේ අය ඉන්නවනේ.දැනට තියෙන බැදීම් අඩු ජීවිතෙත් ඒකට රුකුලක් වේවි.දැන් වුනත් ඉඩක් ලැබුනුවෙලාවට තනියම රටතොට ඇවිදින්නත් මං අමතක කරන්නේ නෑ...

ඉතින් ඔය මොන මොන හීන තිබුනත් අද මං බැංකුවකට වෙලා බැංකු නිලධාරියෙක් විධියට සේවය කරනවා.ඉතින් ඒ වගේ හැබෑ කරගන්න බැරිවුණු හීන ඔයාලටත් ඇති.ඉතින් පුලුවන්නම් ඒ ගැන පොඩි සටහනක් දාලා යන්න.....

Monday, March 18, 2013

කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්....


ආ....කොහොමද සිරා ඩයල් එක නේද?කොහොමවුනත් හෙඩිම වගේ ඉස්සර කිව්වේ ලේසියෙන්ම අන්දන්න පුළුවන් උන්ට තමා.ඒත් ඉතින් චීනු කියන්නේ ලොකුම ජනගහනයට හිමිකම් කියන රටනේ.ඒ වගේම ලෝකේ වැඩියෙන්ම භාවිතා වෙන්නෙත් චීන මැන්ඩරින් භාෂාව තමා.ඉංග්‍රීසිත් ඒකට දෙවනිවෙලා තියෙනවා.තව ටික දොහකින් ලෝකේ ලොකුම ආර්ථිකෙට හිමිකම් කියන්නෙත් චීනා තමයි බොලව්.කොහොමවුනත් චීනේ කියන්නේ ඉස්සර ඉඳලම දඩාර සයිස් නිර්මාණ කරපු පොරවල් තමා.හොදම උදාහරණය චීන මහා ප්‍රාකාරය.අපේ රටෙත් මෑත කාලේ ලොකු ලොකු නිර්මාණ හැම එකටම වගේ චීන්නු අතගහලා තියෙනවා.ඒවා ගැන කතා මොකටද නේද....?කොහොමවුනත් අද කියන්න යන්නේ චීන්නු තමන්ගේ රටේ මෑත කාලීනව කරලා තියෙන කරමින් සිටින මහා පරිමාන නිර්මාණ කිහිපයක් ගැන තොරතුරු...




වැඩනිමකළ පසු ලොව විශාලතම සුළං බලාගාර සංකීර්ණය වෙන්නේ Jiuquan සුළං බලාගාර සංකීර්ණයයි.


Hangzhou බොක්කේ පාලම තමයි ලෝකයේ දිගම පාලම වෙන්නේ.





Su-Tong Yangtze පාලම තමයි කම්බි මත තිබෙන ලෝකයේ දිගම පාලම වෙන්නේ.


දකුණු බීජිං දුම්රියපොළ තමයි ආසියාවේ ලොකුම දුම්රියපොළ 


චීන රූපවාහිනී මූලස්ථානය ව.අඩි 1,551,837 වපසරියකින් යුක්තයි.



birds nest නම් ඔලිම්පික් ක්‍රීඩාංගනය

water cube නම් ජල තටාකය 


ටිබෙට් දුම්රිය මාර්ගය ලෝකයේ අසීරුතම මෙන්ම උසින්ම පිහිටි දුම්රිය මාර්ගය වෙනවා.


Pingtang telescope වැඩ නිමවූ පසු ලොව ඇති ලොකුම telescope එක වෙනවා.


Shanghai Tower වැඩ නිමවූ පසු ලොව දෙවැනි උසම ගොඩනැගිල්ල වේවි.


බීජිං ගුවන් තොටුපලේ තුන්වෙනි පර්යන්තය ලොව විශාලතම ගුවන් පර්යන්තය වුනා.පසුව මෙම වාර්තාව ඩුබායි ගුවන් තොටුපොල සතුවුණා.

ම්ම්...පින්තුර දැම්මොත්නම් ඉවරයක්‌ වෙන එකක් නැහැ වගේනේ.ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන ලැයිස්තුවත් බලන්නකෝ.


NameLength
metres (feet)
Main Span
metres (feet)
CompletedTrafficCountry
Danyang–Kunshan Grand Bridge
Beijing–Shanghai High-Speed Railway
Guinness: Longest bridge (any type), 2011[1]
164,800 m (540,700 ft)(Viaduct)2010High-speed railChina China
Tianjin Grand Bridge[2]
Beijing–Shanghai High-Speed Railway
Guinness: Second longest bridge (any type), 2011[1]
113,700 m (373,000 ft)(Viaduct)2010High-speed railChina China
Weinan Weihe Grand Bridge
Zhengzhou-Xi'an High-Speed Railway
79,732 m (261,588 ft)80 m (260 ft)[3]2008High-speed railChina China
Bang Na Expressway
Guinness: Longest Road Bridge, 2000[1]
54,000 m (177,000 ft)(Viaduct)2000 (open)RoadThailand Thailand
Beijing Grand Bridge
Beijing–Shanghai High-Speed Railway
48,153 m (157,982 ft)108 m (354 ft)2010High-speed railChina China
Lake Pontchartrain Causeway
Guinness: Longest bridge over water (continuous), 1969[4]
38,442 m (126,122 ft)46 m (151 ft)1956 (SB)
1969 (NB)
RoadUnited States United States
Manchac Swamp bridge36,710 m (120,440 ft)?1970RoadUnited States United States
Yangcun Bridge
Beijing-Tianjin Intercity Railway
35,812 m (117,493 ft)[5](Viaduct)2007High-speed railChina China
Hangzhou Bay Bridge35,673 m (117,037 ft)448 m (1,470 ft)2007RoadChina China
Runyang Bridge35,660 m (116,990 ft)[6]1,490 m (4,890 ft)2005RoadChina China
Donghai Bridge32,500 m (106,600 ft)400 m (1,300 ft)2005RoadChina China
Shanghai Maglev line29,908 m (98,123 ft)[7](Viaduct)2003MaglevChina China
StationElevationCountryRailway lineOpenedNotes
1Tanggula5,068 m (16,627 ft)[2][3] ChinaXining-Golmud-LhasaJuly 1, 2006
2
Tanggula North4,950 m (16,240 ft) ChinaXining-Golmud-Lhasa
Tanggula South ChinaXining-Golmud-Lhasa
3Tuoju4,890 m (16,043 ft) ChinaXining-Golmud-Lhasa
4Zhajiazangbu4,886 m (16,030 ft) ChinaXining-Golmud-Lhasa
5Ticlio4,829 m (15,843 ft) PeruLima-Huancayo1893
6Buqiangge4,823 m (15,823 ft)[2] ChinaXining-Golmud-Lhasa
7Cóndor4,786 m (15,702 ft) BoliviaRio Mulatos-Potosí
8Galera4,781 m (15,686 ft)[4][5] PeruLima-Huancayo1893
NoOrigin City
(Country)
Destination City
(Country)
Train Name
No
Operator NameDistanceNo. of StopsFrequencyScheduled running time
1Moscow (Russia)Vladivostok (Russia)Rossiya 002Russian Railways9259 km67Alternate days178 hrs (~7 days)
2Moscow (Russia)Beijing (China) via Harbin (China)Vostok 020Щ / 019ЧRussian Railways/China Railways8984 km44Weekly144 hrs (6 days)[1]
3Moscow (Russia)Beijing (China) via Ulan Bator(Mongolia)43 / 33Russian Railways/Mongolian Railways/China Railways7826 km33Weekly131 hrs (5 days +)[1]
4Guangzhou (China)Lhasa (China)T264China Railways4980 km10Daily54 hrs 30 mins (~2 days)[1]
5Guangzhou (China)Urumqi (China)T38China Railways4684 km31Daily54 hrs 13 mins (~2 days)[1]
6Toronto (Canada)Vancouver (Canada)The Canadian 1 / 2Via Rail4466 km663-Weekly86 h (3.5 days)
7Shanghai (China)Lhasa (China)T164China Railways4373 km12Daily48 hrs 56 mins(2 days)[1]
8Sydney (Australia)Perth (Australia)The Indian PacificGreat Southern Railway4352 km26Bi-Weekly65 hrs(2.5 days+)
9Dibrugarh (India)Kanniyakumari (India)Vivek Express / 15906Indian Railways4273 km55Weekly82 hrs 30 mins(3.5 days)
10Hangzhou (China)Ürümqi (China)K1595China Railways4168 km34Daily55 hrs 50 mins
11Shanghai (China)Urumqi (China)T52China Railways4077 km24Daily45 hrs 16 mins(2 days)[1]
12Emeryville (USA)Chicago (USA)California Zephyr/5Amtrak3924 km32Daily52hrs(2 days+)
13Beijing (China)Lhasa (China)T27China Railways3753 km9Daily43 hrs 51 mins (~2 days)[1]
14Jammu (India)Kanyakumari (India)Himsagar Express/16318Indian Railways3715 km71Weekly70 hrs 15 mins (~3 days)
15Harbin (China)Guangzhou (China)T238China Railways3647 km22Daily37 hrs 33 mins (~1.5 days)[1]
16Lianyungang (China)Urumqi (China)K1354China Railways3638 km36Daily48 hrs 37 mins (~2 days)[1]

බලාගෙන ගියාම චීන්නුත් ලේසි පාසු පොරවල් නෙමෙයි නේ........දැන් බැලුවහම වැඩක් කරගන්නත් කියන්න වෙන්නේ චීන්නුන්ටම තමා ...
පින්තුර හා තොරතුරු ගත්තේ- http://www.businessinsider.com/ සහ http://www.wikipedia.org/ වෙතිනි...

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...