ඔන්න අදත් මං කියන්න යන්නේ මගේ රාජකාරි ජීවිතේදී හමුවුණු කෙනෙක් ගැන කතාවක්,මෑන් මගේ බැචෙක්,අපිත් එක්කම පත්වීම් ලැබිලා අපේ ආසන්න ශාඛාවක තමයි මිනිහා ඒ දවස්වල වැඩකලේ ,
අපි බහුතරය උපාධි විරහිත රැකියාදාරීන් උනාට මිනිහා ජොබ් එකට එනකොටත් මිනිහා ඩිග්‍රිය ගහලා හිටියේ ,ඒක නිසා පොර අපිට වඩා පොඩ්ඩක් විතර වැඩිමහල් ,කොහොමුනත් අපිත් එක්ක තමා මිනිහා වැඩිපුර කාලේ ගතකලේ ,
මිනිහා හෙන ටැලේන්ටඩ් බුවා උනාට මිනිහට තිබ්බ අඩුපාඩුව තමයි මිනිහා පොතේ ගුරෙක් වීම ,පොතේ ගුරා කියන්නේ ඌට අපේ රාජකාරියට අදාළ චක්‍රලේකයක් ආවොත් කටපාඩම් ,අපිත් ඉතින් මිනිහාගෙන් තමයි අහන්නේ ,ඒ වගේම තමයි පොතේ ක්‍රමේට වඩා චුට්ටක්වත් වෙනස් විදිහට වැඩකරන්න අකමැති වීම ,ඒ වගේම ප්‍රායෝගික ජීවිතේ ගැන අත්දැකීම් අඩු වීම ,
අපි මොනවාහරි ගානක් හදලා දුන්නත් ඒක නැවත හදලා බලන පුරුද්දක් මිනිහගේ තිබුනා ,ඉතින් අද මං මේ කියන්න යන්නේ මිනිහා අපිත් එක්ක ගමනක් යනකොට වෙච්ච සිද්දියක් .
අපි යාළුවො කීපදෙනෙක්ටම කොලඹ ප්‍රධාන කාර්යාලයේ පුහුණුවීමක් තිබුනා,අපිත් එක්ක මේ ගමනට බණ්ඩාරත් එකතු උනා ,ඔන්න ඉතින් අපි හවස වැඩ ඉවරකරලා රෑ බස් එකේ නැග්ග කොලඹ එන්න ,රෑ බස් කොහොමත් නවත්වනවනේ තේ බොන්න ,ඔන්න ඔහොම අපි ගියපු බස් එකත් තේ කඩයක් ගාව නැවැත්තුවා ,
අපි යාළුවො ටික තේ බොන්න මේසයක් ලගට සෙට් උනා ,එකෙක් ගිහින් ආප්පයි ,බිත්තර ආප්පයි ගෙනාවා ,ගේන ගමන් ඌ කිව්වා " අඩේ අප්පා ආප්පත් ගණන් ගිහින්නේ බන් ,බිත්තර ආප්පයක් රුපියල් පහළොවයි" (මං මේ කියන සිද්දිය උනේ 2007 විතර ) කියලා ,
මේක අහපු බණ්ඩාර නැගිට්ටා ,කෙලින්ම ගියා ආප්ප බාස් ගාවට .
බණ්ඩාර - දැන් ප්ලේන් ආප්පයක් කීයද ?
ආප්ප බාස් - රුපියල් පහයි මහත්තයෝ
බණ්ඩාර - එතකොට දැන් බිත්තරයක් කීයක් වෙනවද ?
ආප්ප බාස් - ඒත් රුපියල් පහයි මහත්තයෝ ,
බණ්ඩාර - තමුසෙලට හරියට ගනන්වත් බෑනේ ඕයි,ප්ලේන් ආප්පයක් පහයි නම් ,බිත්තරෙකුත් පහයිනම් ,බිත්තර ආප්පයක් රුපියල් දහයක් වෙන්න ඕන ,ඒත් තමුසෙලා විකුනන්නේ පහලොවටනේ ,
ආප්ප බාස් - අනේ මේ ,තමුසේ මගෙන් හොදවයින් තාච්චි පාරක් කාගන්නේ නැතුව මෙතනින් යනවද ?
ආප්ප බාස්ට පින්සිද්දවෙන්න එදා ඉදලා බණ්ඩාර අපි හදපු ගානක්නම් ආයෙත් හදලා බලන්න ගියේ නැහැ ,
පින්තුරේ ගත්තේ -http://bleacherreport.com
සමහර පැතිවල බිත්තර ආප්ප ඕනේ නම් කඩෙන් බිත්තර ගෙනත් දෙන්න ඕනේලු. අපේ පැත්තේ කඩේකත් කාලයක් ඕක කලා
ReplyDelete