Wednesday, December 5, 2012

අපිට මල් කඩන්න ඉගැන්නුවේ කවුද ?



දැන් ඉතින් බ්ලොග් අවකාශේ අලුත්ම ට්‍රෙන්ඩ් එක ප්‍රශ්නෝත්තර වැඩසටහන්නේ ,කතන්දර කාරයා වගේ ඔස්තාර්ලා වගේම අපේ අලුත් කස්ටියත් පහුගිය දවස්වල දාපු පොස්ට් බැලුවම හිතාගන්න පුළුවන්නේ ඒ ගැන ,මේ දවස්වල අධික විදියට වැඩ ,අවුරුද්දත් ඉවරයිනේ (තව ටික දොහකින් ඔක්කොම ඉවරයිනේ ,හෝව් හෝව් ..මං නෙමෙයි කියන්නේ ,එහෙම කියන්නේ අපේ මාරය්යා හරිය )ගෙදර එනකොට පාන් කියාගන්නත් බැහැ, ඒක නිසා මේ වගේ පොඩි පොස්ට් දන්නේ හොදේ ,

රායිට් .. දැන් පටන් ගමු තරගය ...

මෙන්න ඔබට ලැබෙන පලවෙනි ගැටලුව ...

අපිට මල් කඩන්න ඉගැන්නුවේ කවුද ?



ප .ලි .- පොඩි උදව්වක් මේකට හරි උත්තරේ 90 ට පස්සේ උපන් අය දන්නේ නැතිවෙන්න පුළුවන් 

පින්තුර -http://www.rgbstock.com,http://workinghome2.com/


UPDATED ......

කස්ටිය හරි උත්තරේ දීල තිබුනේ නැතත් ලගින් ගිහින් තිබුනා...මෙන්න හරි උත්තරේ 

නයනා සහ අමර 


13 comments:

  1. සෙල්ටෙල් එකද... ? මම හිතන්නේ ඩයලොග් එක වෙන්න ඕනේ.. හි හි... උන්නේ අඩුවටම දෙන්න ගත්තේ මුලින්ම...

    ReplyDelete
    Replies
    1. වැරදි ,ඔයා පටලවාගෙන

      Delete
    2. ෆොන් එකක් එල්ලුවේ මොකටද එහෙමනං...... හි හි...

      Delete
    3. ඒක මගේ මාධ්‍ය නිදහස හරිය

      Delete
  2. එක වසරෙ සිංහල පොතේ නේද ?

    ReplyDelete
  3. මං ඇහුවේ අපිට මල් කඩන්න ඉගැන්නුවේ කවුද කියලා

    ReplyDelete
  4. මම නම් හිතන්නෙ සාමයි අමරයි..ඒ දෙන්න තමා මුලින්ම මල් කඩන්න අපිට කියලා දුන්නේ...

    ReplyDelete
    Replies
    1. ළිහිණියගේ උත්තරේ තමයි ම‌ෙග් එකත් එහෙනං...

      Delete
  5. මේක තවදුරටත් ඇදන් යන එක තේරුමක් නැහැ ,අපි වගේ දුප්පත් බ්ලොග් කාරයොන්ගේ පොස්ට් බලන්න එකෙක්වත් එන්නේ නැහැ ,කොමෙන්ට් කොරන්නෙත් නැහැ ,ඔන්න මන්ම උත්තරේ ලියනවා හොදේ

    අපිට මල් කඩන්න ඉගැන්නුවේ නයනා ,එයා අමරත් සෙට් කරගෙන අපිට මුලින්ම සල් මල් කඩනහැටි ඉගැන්නුවේ එක වසරේ සිංහල පොතේ පලවෙනි පාඩමේ ,

    ඉතින් එදා ඉදලා අපිව හදන්න බැරිඋනා

    ReplyDelete
  6. සාමලා අමරලා පොත් තුල තව ඇත එන එන අය හා යාලුවෙතේ.

    ReplyDelete
  7. ඉස්සර අපේ හෝඩිපොතේ තිබුණා පළමු පාඩම මේ විදියට " සාමා අමර එන්න යන්න මල් කඩන්න" අපි කඩමු මල් කියලා මම හිතන්නේ මල් කඩන්න හෝඩියේ ඉඳන්ම උගන්වනවා.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...