Saturday, December 22, 2012

ආදීතමයා - we are not alone


මෙම කතාව කොතනින් පටන් ගත යුතුදැයි තවමත් මට සිතාගත නොහැක ,එය ඇත්තටම සිදුවුනක්ද නැතහොත් මාගේ සිතේ ඇතිවූ මායාවක්ද යන්නවත් මේ ලියන මොහොත් වනතුරුත් මට සිතාගත නොහැක ,කෙසේවුවත් එය මෙසේ ගොනු කර තැබීමට මම සිතමි ,අනාගතයේ දිනක හිටිහැටියේම මා සොයාගත් නොහැකි වුවහොත් මා මේ දැන් කියන සිද්දිය එයට කෙලින්ම වගකිවයුතු බවත් සටහන් කරතබමි ,

කුඩා කල පටන්ම වනගත ප්‍රදේශවල සංචාරය කිරීමටත් වනජීවින් නැරබීමටත් ආසාවක් ඇතිවුයේ කෙසේදැයි මට අදටත් සිතාගත නොහැක ,සමහරවිට පෙර ආත්මයේ සිට ගෙන ආ සංසාර පුරුද්දක් යයි මට සිතේ ,වයසින් වැඩෙත්ම මගේ මේ ආශාව වනජීවී චායාරූප කරණයට මා යොමුකරලීය ,

රැකියාවෙන් නිවාඩුවක් ලද විගස ලංකාවේ යාල ,විල්පත්තු වනෝද්‍යාන කරා මා පිටත්ව යන්නේ මිටින් හල කුරුල්ලෙකු විලසිනි ,මෙලෙස සංචාරයකදී මා ලබාගත් චායාරූප කිහිපයක් මාගේ සොහොයුරා මා හටත් නොදන්වා NATIONAL GEOGRAPHIC සගරාව මගින් අන්තර්ජාලය මගින් සංවිදානය කරන ලද චායාරූප තරගයකට යොමු කර තිබුණි ,

යාල වන මැදදී මා චායාරූපයට නැගු තුන්පත් රෑනේ චායාරූපයට එම තරගයෙන් පළමු ස්ථානය ලැබී ඇති බව දන්වා මා හට ඊ මේලයක් ලැබී තිබුනේ පසුගිය මාසයේය ,මුදලින් ඩොලර් 2500 ක් සහ කොන්ගෝ රාජ්‍යයේ වනගත පෙදෙසක සතියක සංචාරයකුත් ඒ සදහා ත්‍යාග වශයෙන් මට පිරිනැමෙන බව එහි වැඩිදුරටත් සටහන්ව තිබුණි .

නෑ සියන්ගෙන් සමුගෙන කටුනායක ගුවන් තොටුපොලෙන් නික්මුණු මම මැදපෙරදිග හරහා දීර්ඝ වෙහෙසකර ගුවන් ගමනකින් අනතුරුව කොන්ගෝ රාජ්‍යයේ කින්ශාෂා අගනුවරට පැමිණුනෙමි.මා පිළිගැනීමට සංචාරක ඒජන්ත" මාලිබු "පැමිණ සිටියේය ,එදින රාත්‍රිය කින්ශාෂා නුවර හෝටලයක ගතකල මා පසුදින කොන්ගෝ වනපෙතේ කුඩා ගම්මානයක් කරා මට සපයාදී තිබූ මෝටර් රථයෙන් පිටත් වුනෙමි .මා සමග මාලිබු සහ අපේ කෝකියා ලෙස උම් -බා -කේද ගමනට එක්වුනි ,

දින 2 ක පමණ දුෂ්කර මං පෙතක් ඔස්සේ ගමන්ගත් මා ඇතුළු පිරිස එම කුඩා ගම්මානයට ලගාවුනි ,ගමේ ප්‍රදානියා විසින් සපයාදුන් නවාතැනේ එදින ගතකල අපි පසුදින අපේ කූඩාරම් සහ ආම්පන්නද රැගෙන වනයට පිවිසීමු ,මගපෙන්නීමටද අපේ භාණ්ඩ රැගෙන යාමටද පෝටර් වරු දෙදෙනෙක් ගම්පතියා විසින් ලබාදුනි .

පැය හයක පමණ වෙහෙසකර පාගමනකින් අනතුරුව තැනිතලා හිස් බිම්කඩක අපි අපේ කූඩාරම් අටවාගත්තෙමු ,එදින රාත්‍රී සහ පසුදින මාගේ සිතුම් පැතුම් මල්පල ගන්වමින් සීබ්‍රා ,සිංහ ,ඇන්ටිලොප් ,ජිරාෆ් සතුන් රැසක් මාගේ කාචයට හසුකර ගැනීමට මම සමත්වුනෙමි ,ඉන් පසු නැවතත් ගමන් ආරම්බ කල අපේ පිරිස වනගහනය ඇති ප්‍රදේශයකට ලගාවූ පසු එහි කදවුරු තැනීමට මම යෝජනා කලෙමි ,

කදවුරු තනන විට ගම්මානයෙන් පැමිණි පෝටර්වරු දෙදෙනා තරමක් නොසන්සුන් ආකාරයෙන් හැසිරෙන බවක් මට පෙනෙන්නට තිබු බැවින් මම මාලිබු මගින් ඔවුන්ගෙන් ඒ ඇයිදැයි විමසුවෙමි ,පිළිතුරු ලෙස වනයට අතදික්කල ඔවුන් ඔවුන්ගේ භාෂාවෙන් මොන මොනවාදෝ කියාගෙන කියාගෙන ගියේය ,මාලිබු විසින් මට පැහැදිලිකරදුන් ආකාරයට මෙම පෙදෙස වාසය කරන දැවැන්ත වානරයන් පිරිසක් නිසා ඔවුන් නොසන්සුන් වී ඇති බව මම දැනගත්තෙමි ,

මාගේ වනජීවී චායාරූපකරන දිවියේ මා කවදත් අනතුරුදායක අවස්ථාවන්ට මුහුණ පා ඇත්තෙමි ,අනතුරුවලට බියක් ඇතිනම් ඔබට කිසිදා මෙවන් කටයුත්තකට එලබිය නොහැක ,අනිත් අය කූඩාරම් සකස්කරන අතරතුර මාගේ කැමරාවත් රැගෙන මා කදවුරු භූමියෙන් බැහැරට ගමන් කලෙමි ,එක් වරම මා දුටුවේ මා සිටි දෙසට වම් දිසාවෙන් ඇවිද යන දැවැන්ත වානරයෙකි ,මාගේ විමතියට හේතු වුයේ මෙය නොවේ ,එම වානරයා නැතහොත් ගොරිල්ලා (ඇත්තටම එම සත්ව විශේෂය කුමක්දැයි මා අදටත් දන්නේ නැත )මිනිසෙකු මෙන් දෙපයින් ඇවිද යාමයි .

මට එක්වරම සිහිවුයේ බිග් ෆුට් නැතිනම් යෙටි වැනි තවත් සත්වයෙකු වියහැකියි යන්නයි ,විද්‍යා ලෝකයට මෙතෙක් අභිරහසක්ව පවතින මෙවන් සතෙකු චායාපරූයට නගාගතහොත් එය මිල කල නොහැකිවනු ඇත යන්න එක්වරම මගේ සිතට නැගුණි ,ඇත්තටම එම සිතිවිල්ල මට ඒ වෙලාවේ අතිනොවුවානම් වඩා හොදයැයි මට දැන් සිතේ.

මා සිටිදෙසින් කෙමෙන් නික්ම යන එම සතා පසුපස ශබ්ද නොනැගෙන සේ මා ලුහුබන්දේ වඩාත් පැහැදිලි චායාරූපයක් ලබාගැනීමේ අරමුණෙනි ,හැම අවස්ථාවකදීම ගහකට හෝ ගසක සෙවනල්ලකට අසුවීම නිසා මිනිත්තු පහක් පමණ ගතවනතුරුත් මට චායාරූපයක් ගැනීමට නොහැකිවිය ,කෙමෙන් කෙමෙන් නොසන්සුන් තාවයට පත්වූ මම දුටුවේ එම වානරයා එක් වරම දැවැන්ත රුකක් අසල නැවතුනු ආකාරයයි ,

ඉතා පරිස්සමින් වෙනත් ගස්වලට මුවාවෙමින් මම එම දෙසට ලන්වුනෙමි ,මා පුදුමයට පත්කරමින් එක්වරම එම වානරයා දක්නට නොසිටියේය ,අවට පරීක්ෂා කර බැලූ නමුදු කිසිවක් සොයාගත නොහැකිවිය ,ඉතා කනස්සල්ලට පත්වූ මා ආපසු යන්නට හැරුණි ,

මාගේ මග අවුරා සිටියේ දැවැන්ත මුගුරක් අතින් ගත් වානරයාය ....

මතු සම්බන්දයි 

මේ සිද්දිය සිහි කරන විට මාගේ මනස දැඩි නොසන්සුන්තාවයට පත්වේ ,මාගේ ස්නායු කම්පනයට පත්වී ඇතිබව මාගේ දොස්තරවරු ප්‍රකාශකර සිටිති ,එබැවින් මින් ඉදිරියේදී වූ සිදුවීම් ඉදිරියේදී ඔබහට ගෙන ඒමට බලාපොරොත්තුවෙමි ,මෙම කතාව පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු කාර්යයකි ,මම මේ දේ පමණක් ඔබගෙන් විමසමි නූතන විද්‍යාවට අසුනොවන සියල්ල බොරුද ?


16 comments:

  1. අහ්හ්.....දෙයියනේ.....
    කෝ ඉතුරු ටික..... දැන් අපිත් නොසන්සුන් වී ඇත....ඉක්මනින්ම ඉතුරු ටිකත් දාමු..... :)

    ReplyDelete
  2. මේක ප්‍රබන්ධයක් ද? නැත්නම් ඇත්තම සිදුවීමක්ද? හොදට (කියවන්න ආස විදියට) ලියල තියෙනවාඉක්මනින් ඉතුරු ටිකත් ලියන්න සාරයක් නැති දේශපලුවගේ රෙදි හොදන්නතිව
    ගාල්ලේ අමිල

    ReplyDelete
    Replies
    1. මේක මං ලියපු විද්‍යා ප්‍රබන්දයක් ,අනිත් කතාවටනම් මට කියන්න තියෙන්නේ
      "මිනිසා යනු සමාජ සත්වයෙකි"කියලා විතරයි

      Delete
  3. මන් බයවුනා මේක ඇත්ත කතාවක් කියල

    ReplyDelete
  4. හසරැල් නියමයි මේ වගේ කතා ටිකක් දිග වුණාට කමක් නෑ ලියන්න ආසාවෙන් කියවනවා.

    ReplyDelete
    Replies
    1. මං මෙහෙම කියන්නම් ඔයාලට හිතාගන්න බැරි අවසානයක් මෙම කතාවට තියෙන්නේ

      Delete
  5. හත් ඉලව්වේ කිව්වලු මගේ මයිල් ඉස්මයිල් උනා හම්මපා....
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. හොද හොද සෙල්ලම් ඉස්සරහට

      Delete
  6. මගේ පොස්ට් එකට දාපු ලින්ක් එක දිගේ ආවේ. ඇත්ත කතාවක් කියලමයි හිතුනේ.

    ReplyDelete
  7. හිකිස්....
    එල ඈ..
    තාම කම්පනේ වෙනවද උබේ????

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...