Sunday, December 2, 2012

pizza ,අපි සහ බෝඩිමේ uncle [ it's about door step delivery ]

ඔන්න අද මාත් අපේ කතන්දර කාරයා වගේ දැම්මා english හෙඩිමක් ,මේ සිද්දිය උනේ මං කොළඹ වැඩ කරන දවස්වල ,ඒ කාලේ මං නැවතිලා හිටියේ බොරලැස්ගමුවේ ගෙදරක අනෙක්සියක් අරගෙන ,මාත් එක්ක ඒ කාමරේ share කරගත්තේ මගේ හොදම යාළුවගේ මල්ලි .මිනිහා ඒ කාලේ ජපුරේ campus එකේ ඉගෙන ගන්නවා ,

එදා මගේ birthday එක ,ඉතින් මං  ඒ හින්දා පොඩි party එකක් දාමු කියලා යෝජනා කළා ,තිබුනේ option දෙකයි ,එක්කෝ restaurant එකකට ගිහිල්ලා කන එක නැත්නම් කාමරේට ගෙනවිත් කන එක .මේකේ දෙවෙනි ඔප්ෂන් එක ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා ,ඒකෙත් පොඩි වෙනසක් කරලා pizza hut එකෙන් pizza ගෙනෙවිත් කමු කියලා තෝරාගත්තා .

ගත්තා කෝල් එකක් ඕඩර් කළා pizza දෙකයි coke දෙකයි තව මොනවා මොනවා හරි [මට හරියටම මතක නැහැ ],කොහොම උනත් ඒ කාලේ හැටියට සෑහෙන්න ගානක් ,ඒ ගානට කොහොම උනත් campus එකේ canting එකෙන්  සතියක් විතර කන්න පුළුවන් .ඉතින් අපි කෑම එනකල් අතීත සිද්දි මතක් කරකර පොඩි ජොලියක් දැම්මා ,

මෙහෙම කොහොමත් පැයක් හමාරක් යන්න ඇති ,කෝ තාමත් මේ pizza කාරයා නෑනේ කියලා අපි කතා උනා ,මං ඇහුවා "මල්ලි උබ හරියට තැන කිව්වනේ "කියලා ,එයත් කිව්වා "හරි හරි මං හරියට කිව්වා ,ගෙදර uncleගේ නමත් කිව්වා හොයාගන්න බැරිඋනොත් කියලා "ඔහොම අපි තව ටික වෙලාවක් බැලුවා ,

ටික වෙලාවකින් කවුද ඇවිත් කාමරේ දොරට තට්ටු කළා ,දොර ඇරලා බලනකොට ඒ ගෙදර uncle දොර ගාව ,

uncle-පුතාලා  pizza ඕඩර් කලාද ,දැන් රෑට කන්නේ පීසද ?

අපි -නෑ ,ආ ... ඔව් uncle,අද මේ නිකම් දන්නැද්ද .....

uncle -අන්න මිනිහා දැන් සෑහෙන වෙලාවක් තිස්සේ අපේ ගෙදර ඉස්සරහ දොර ගාව ,

අපි - ආ ...ඇත්තද uncle ,ඉන්න අපි ගන්නම් .sorryහොදේ ...

ඔහොම කියලා අපි ඉතින් පීසා ටික කාමරේ ඇතුලට අරන් බොහොම සතුටෙන් බුක්ති වින්දා .

පහුවෙනිදා ගෙදර අන්කල් අපිට ආයෙත් හමුඋනා ,

uncle- මං මේ පුතාලව හම්බුවෙන්න කියලමයි උන්නේ ,දැන් ඉතින් හැම දේම ගිනි ගණන්,අද බලන ගාන නෙවෙයි හෙට ,මේ අනෙක්සියත් වෙන කෙනෙක් ඉල්ලුවා මීට වැඩියෙන් ,මට ඉතින් පුතාලව එහෙම යවන්නත් බෑනේ ,කොහොම උනත් පුතාලා මේ මාසේ ඉදලා රුපියල් දාහක් නම් වැඩිකරන්න වෙනවා ,පුතාලට උනත් ඒ ගාන අමාරුවක් නැතිව ඇතිනේ .......




17 comments:

  1. හෆොයි හෆොයි..
    ඔය වැඩේ වෙන්නේ නෑ නේ pizza hut එකටම ගිහින් කාලා ආවනම්. :D
    ඉතින් ඔයාලා වැඩි කරපු ගාන ගෙව්වද..??

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් මේ හදිස්සියට බෝඩිම් හොයන්න කියලයි ,පස්සේ අපි වෙන තැනක් හොයාගත්තා ,එතන උන රස සිද්දි පස්සේ ලියන්නම්

      Delete
  2. මදැයි PIZZA කන්න ගිහින් වුන දෙයක් ....

    ReplyDelete
  3. හපොයි... පීසා එකක් කරපු දෙයක්.. ෂික් අර අන්කල් නම් මහ ජරා පොරක් ඈ....

    ReplyDelete
    Replies
    1. හපොයි මිනිහට රට වටේම ගෙවල් ,නාන්න සල්ලි ,ඒ උනාට අමු කුනා

      Delete
  4. කාල වරෙංකෝ....හි හි හී..පාං කෑවොත් ඔහොම්මයි...

    මාත් ඉඳලා හිටලා උයන්න කම්මැලි උනාම පීසා ඕඩර් කරනවා...අම්මෝ...අපේ ඇනෙක්සියේ ආන්ටිත් ගාණ වැඩි කරයිද දන්නෙ නෑ...හි හි හි

    ReplyDelete
  5. ආයේ පිසා කන්න යන්න එපා

    ReplyDelete
    Replies
    1. පිසා තියා ඔය සිද්දියෙන් ටික දවසක් වෙනකල් බිත්තර රොටිවත් කාවේ නැහැ

      Delete
  6. අපරාදේ බන්. ප්ලේන්ටියක් ගහලා වඩේ එකක් ගෙනත් දුන්නානම් ගොඩ

    ReplyDelete
  7. ඉල්ලන් පීසා කනවා කියන්නේ ඕවාට තමයි.

    ReplyDelete
    Replies
    1. හපොයි වාවන්නේ නෑ ..........

      Delete
  8. ඔය කරගෙන තියෙන්නේ...ඉතින් ඔයාලා හා කිව්වද? අනිත් එක තමයි එක්කෙනා එක පීසා එක ගානේ කෑවද? හපොයි :0

    ReplyDelete
    Replies
    1. පීසා කිව්වට අනේ ඒක අපි ගෙදර හදන රොටියක් විතර ඇති ,ලොකු ඒවා නෙමෙයි ,මීඩියම් සයිස් ,හා කිව්වත් බෑ කිව්වත් මිනිහා ගාන වැඩිකරනවනේ අපි පස්සේ වෙන තැනක් හොයා ගත්ත

      Delete
  9. අංකල් කාරයා බොරදියේ මාළු බෑවා

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...