Friday, August 5, 2011

ශ්‍රේෂ්ටයා (මොහොම්මඩ් අලි )

මොහොමඩ් අලි ගැන මොනවද දන්නේ

ගොඩක් අය දන්නේ ඔහු කට හැකර බොක්සින්ග් කාරයෙක් විදියට විතරයි ,

ඒ වගේම ඔහු ඔහුගේ ඔලිම්පික් පදක්කම ඔහියෝ ගගට විසිකළ කතාව විතරයි

ඒත් මොහොම්මඩ් අලි කියන්නේ කව්ද කියලා ඔයාලට මේ පොස්ට් එක  කියවගෙන යනකොට තේරේවි

උබට බොක්සින්ග් ගහන්න ඕනද  , අම්මා ඇහුවා
ඔව් මට බොක්සින්ග් ගහන්න ඕන ,වෙන කරන්න දේකුත් නැනේ

තාත්තා මා දිහා සැකයෙන් වගේ බැලුවා .එතකොට කව්ද දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා .මාව හම්බුවෙන්න ජොනි විලිස් ඇවිත් ,

අපෝ ඔය යක්කු එක්ක රස්තියාදු ගහනවට වඩා  බොක්සින්ග් ගහන්න යන එක හොදයි  ,තාත්තා කිසිම ගානකට නැතුව කිව්වා

ජෝ මාටින්ගේ ජිම් එකට ගිය දවසෙම මම හොදටම ගුටි කෑවා,ජෝ මාටින් මට උගන්නපු දෙයක් නැහැ ,

ඒත් මම ගුටි කකා පුරුදු උනා




රුසියන් කාරයා මගේ වම් පැත්තෙන් පෝලන්ත ජාතිකයා මගේ දකුණු පැත්තෙන් සිටියදී මගේ ගෙලට මේ ඔලිම්පික් රන් පදක්කම වැටුණු හැටි මට මතක් වෙනවා.රොනී යලිත් එය මගේ කරට දැම්මා.මම පාලම මැදට ගියා.

ඔහියෝ ගගේ ගැබුරුම තැන මෙතන වෙන්න ඕන .රන් පදක්කම අතට ගත මා එය ඔහියෝ ගගේ ගැබුරු දියට අතහැරියා.රොනී දුවගෙන ආවා .

ඔහුගේ ඇස වලින් කදුළු කඩා වැටනවා, මොකද්ද බූරුවෝ ඒ කල වැඩේ

මේ රන් පදක්කම ගන්න අවරුදු 6 ක් තිස්සේ සිහින මැව්වා ,මහන්සි උනා ,ලේ දහදිය හෙලුවා ,ඒත් මට දුක නැහැ .සුද්දගේ ඉත්තෙක්‌ හැටියට ගතකල ඔලිම්පික් මදුසමය මෙතකින් ඉවරයි.

මගේ සිත හරිම නිදහස් ,හරිම සැහැල්ලුයි ,


මම අලුත් මිනිහෙක්



හත්වන රවුමට සීනුව නාද උනත් ලිස්ටන් ඉදිරියට ආවේ නැහැ ,ඔහු ඔහුගේ කෙලවර බංකුවේ ඉදගෙන කෙලින්ම අප දිහා බලාගෙන ඉන්නවා ,ඔහු හෙල්ලුනේ වත් නැහැ,

ඇන්ජෙලෝ ,බුන්දිනි මා දෙසට හැරී මහා හඬින් කෑ ගසන්න ගත්තා

චැම්පියන් උබයි ,උඹ චැම්පියන් 


මා කැමති දෙකකින් එකක් තෝරා ගත හැකි බවත් ,එම දෙක නම හිරගෙදර හෝ හමුදාව බවත් කියමින් ලෝක  ජනතාවට බොරු  ගැසූ පුවත්පත්වලට මම මගේ දැඩි විරෝදය පාමි ,එම දෙකට අමතරව තවත් දෙයක් ඇති බව ඔවුන්ට මතක් කළයුතුව ඇත,

එම දෙයනම් යුක්තියයි 






සමනලයකු සේ පාවී පලයන් 
        මී මැස්සකු සේ රිදෙන්න ඇනපන් 


සමහරවිට මෙය මගේ අන්තිම සටන වෙන්න පුළුවන් මගේ අත මොනතරම් රිදුනත් මම එක ගානකට ගන්නේ නැහැ ,අත කෑලි වලට කැඩේන තුරු මම ෆොර්මන්ට ගහනවා

මිනිසාට එරෙහිව මිනිසා ,හිතට එරෙහිව හිත ,ආත්මයට එරෙහිව ආත්මය ,කල හැම සටනක්ම අමතක කරන්න ,මෙයය් නියම සටන

මෙයය් ශ්‍රේෂ්ටතම සටන........




දැන් තේරෙනවා නේද ,

මොහොම්මඩ් අලි කියන්නේ බොක්සින්ග් සටන් කාරයෙක් විතරක් නෙමෙයි ,සමාජ සාදාරණත්වය
වෙනුවෙන් සටන් කල කෙනෙක් ,

හෙවිවේට් බොක්සින්ග් ශුරයෝ කොච්චර හිටියත් බොක්සින්ග් නොගහා අවරුදු පහක් ඉදලා,නැවත ඇවිත් ශුරයා වෙන්න පුළුවන් උනේ අලිට විතරයි,ඒ ඔහුගේ නොපසුබට උත්සාහය නිසාමයි,ඉතින් ඇත්තටම ඔහු

ශ්‍රේෂ්ටයි 






උපුටා ගැනීම් - ශ්‍රේෂ්ටයා (සුනිල් මාදව ප්‍රේමතිලක )

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...