ස්ථානය - ධවල මන්දිරය ,වොෂින්ටන් ඩී.සී. , එක්සත් ජනපදය.
වෙලාව - පෙ.ව.5.30 ,2013.10.02
----------------------------------------------------------------------------------------
බබා... බලන්නකෝ මේ ටයි එක හොඳද කියලා...
මොකද වදේ මේ උදේ පාන්දර නැගිටගෙන බෙරිහන් දෙන්නේ,තව චුට්ටක් නිදාගමුකෝ....
අනේ බෑ පැටියෝ.....මෙහෙ බලන්නකෝ....
ම්ම්ම්......උදේ පාන්දර නැගිටගෙන මේ කොහෙද දුවන්න හදන්නේ,අද මුකුත් විශේෂ වැඩක් නැහැනේ.අනිත් එක ඔයා ඊයේ රජයත් වහලා දැම්මානේ.....
මේක විශේෂ වැඩක් බබා....මට ලැබිච්ච ආරාධනාවක්....ප්රධාන ආරාධිත අමුත්තා විදිහට....
ඉතින් කොහෙද ඔය ඔකේෂන් එක තියෙන්නේ...New yorkවලද...
ම්ම්ම්....එහේනම් නෙවි...ආ...ඔයා වැඩ්ඩී නම් කියමු බලන්න......
එහේනම් ඉතින් Denver වල වෙන්නැති....ඔයාගේ හොදම චක්ගෝලයෝ ඉන්නේ එහෙනේ....අනේ මටනම් බෑ ඔන්න ඕවට එන්න....
ඔයා එන්න ඕන නෑ....කොහොමත් මේකේ ආරාධනාව එවල තියෙන්නේ මට විතරයි...
ඔයාට විතරයි ආරාධනාව????.....කව්ද යකෝ රටේ ලොක්කගේ නෝනව අමතක කරපු ඒ අලුගුත්තෙරුවා....
හා..හා.... තරහ ගන්නෙපා....මේක මේ අපේ රටේ වැඩක් නෙවි....
එහෙනම් කොහේද ඕක තියෙන්නේ...
ශ්රී ලංකාවේ ...පැටියෝ....ශ්රී ලංකාවේ.....
ඉතින් මාවත් දාලා ලෝකේවටේ භාගයක් දුර යන්න තරම් මොකක්ද ඔයාට ලැබිලා තියෙන ඔච්චර මහා ලොකු ආරාධනාව....
ඔන්න ඒකනම් කියන්න බෑ....මං ගිහින් ඇවිත් ඔයාට ඔක්කොම විස්තර කියන්නම්කො...ෆොටෝත් අරන් එන්නම්.....මට පරක්කුවෙනවා.....Air Force One එක මං එනකම් Airport එකේ ස්ටාට් කරගෙන ඉන්නේ...අනේ තරහ නැතුව කියන්නකෝ මේ ටයි එක හොදද කියලා....
බැන්දට පස්සේ මෙච්චර කාලෙකට ඔයා මට නොකියා කොහෙවත් ගියේ නෑ...ඉතින් මේ එකපාරටම මොකක්ද ඔයාට වැහිච්ච මලයකා.....මට කියලා ඕන තැනක යන එකයි ඇත්තේ.....
පැටියෝ....මේ අහන්නකො...ඔයා දන්නවනේ...මට ශ්රී ලංකාවේ තියෙන්නේ එච්චර හොඳ ප්රතිරූපයක් නෙවිනේ....මේක තමයි මට ඒක වෙනස්කරගන්න තියෙන හොදම අවස්ථාව...ඉතින් ඒකයි මේකට නොයා බැරි.මං මේක ඔයාට කිව්වම ඔයාට කොච්චර වුනත් කට පරිස්සම්කරගන්න බැරුව ඕක කියවාවි ජෙනීත් එක්ක.ඉතින් ජෙනී ඕක කියාවි එයා බැඳලා ඉන්න රුසියන්කාරයට.ඔන්න එතකොට මිනිහගෙන් ඕක දැනගන්නවා රුසියාවේ පුටින්.මිනිහා මට කලින් ඔතනට ගිහිං ඕකේ ක්රෙඩිට් එක දාගනියි....
එහෙම වෙන්නේ නෑ....මං කොච්චර දේවල් ජෙනීත් එක්ක කියවලා තියෙනවද...කෝ මුකුත් ප්රශ්නයක් වුනේ නෑනේ අද වෙනකම්....
ඒවයි මේකයි වෙනස්...මේක ගොඩා.....ක් වැදගත් අවස්ථාවක්.....
ඉහි......ඉහි......මට දැන් තේරුම් ගන්න පුළුවන්.ඔයා ඔය යන්න හදන්නේ කොහෙහරි ඉන්න සක්කරවට්ටමක් එක්ක රවුමක් ගහන්න තමයි.ඒකනේ මට කියන්න බැරි කාරණාව.....මං ඒත් සැකකළා.....ඒත් දෙය්යනේ මං හිතුවේ නෑ ඔයා මට මෙහෙම කරාවි කියලා.....මම ඇහැරුණ නිසානේ බොරුවට ටයි එක ගැන ඇහුවේ...නැත්නම් හිමින් සැරේ මාරුවෙලා යන්න තමයි මේ උදේ පාන්දර ලකලහස්තිවෙන්න ඇත්තේ...ඇදගෙන ඉන්නෙත් මනමාලයා වගේ......ශ්රී ලංකාවේද හනිමූන් යන්නේ....අනේ මං වගේ කරුමක්කාර ගෑනියෙක්....මං ඒත් හිතුවා....ඊයේ බිල් ක්ලින්ටන් කළා වගේ ආණ්ඩුව වහලා දැම්මා...අද මිනිහව ආදර්සෙට අරන් හොර ගෑනු පස්සේ යනවා...මටයි අර කෙල්ලෝ දෙන්නටයි පාරට බහින්න තමයි වෙන්නේ....ඉහි...ඉහි.....මං අදම යනවා අපේ අම්මලාගේ ගෙදර....තමුසේ ඕන කුදයක් ගහගන්න ඒකයි ඇත්තේ ඕන අම්මණ්ඩියෙක් එක්ක...එතකොට කෙනඩිටයි ක්ලින්ටන්ටයි පස්සේ මහා ඉහළින් නම කියෝගන්න බැරිය...හැබැයි තමුසේ හිතන්නෙපා මං තමුසෙට ලේසියෙන් එහෙම ගැලවිලා යන්න දෙයි කියලා....ඔය හිලරි වගේ නෙවි මම....මොකාවුනත් ඔය අම්මණ්ඩිගේ අඩුවක් දෙකක් කඩලා තමයි මං පස්ස බලන්නේ....
-----------------------------------------------------------------------------------------
නොවැලක්විය පෞද්ගලික හේතුවක් මත මාගේ බ්ලොගයේ 100 වෙනි පෝස්ටුව දියත් කිරීමේ මහා මංගල්යට සහභාගීවීමට සිටි ප්රධාන ආරාධිත අමුත්තාට එයට සහභාගී නොවිය හැකි බැව් මාවෙත දන්වා ඇත.එනිසා මාගේ 100 වෙනි බ්ලොග් පෝස්ටුවේ ප්රීතිය සහෘද ඔබ සැම සමග බෙදාගමි.
ආරාධිත අමුත්තා වෙත වෙන්කොට තිබූ 100 වෙනි Follower ගේ ස්ථානයේ මෙතෙක් අසුන්ගෙන නොසිටින Follower කෙනෙකු අසුන් ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ සමග එක්ව සිටි වසරක කාලයක් තුරාවට ඔබගේ මුවගට හසරැල්ලක් සහ මනසට දැනුමක් ගෙන ඒමේ මාගේ අදිටන යම් තරමකට හෝ සාර්ථක වී යයි මම සිතමි....ඉදිරියටත් එකිනෙකට වෙනස් බ්ලොග් පොස්ටු සමගින් ඔබ හමුවීමට අදහස් කරමි...එතෙක් ඔබට සැප හා ජය....
මම ඔබේ හිතවත්....
හසරැල්....



.jpg)









.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
