Saturday, March 23, 2013

බලල ඉවරවෙලා මටත් දෙනවද.....


ඉතින් යාළුවනේ අද ටිකක් වෙනස් දෙයක් ගැන ලියන්න හිතුනා.අපි කාටත් දායකවෙන්න පුළුවන් දෙයක් ගැන.ඒ නිසා මේක කියවලා අමතක කරලා දාන්නේ නැතුව පොඩ්ඩක් ඒ ගැන ක්‍රියාත්මකත් වෙන්න.ඉතින් ඔයාලට අද උනත් දායකවෙලා සතුටුවෙලා පුළුවන් දෙයක් ගැන තමා මේ කියන්නේ.ඒ ඇස් දන්දීම ගැන.

තමන්ගේ මරණින් පස්සේ තමන්ගේ දෙනෙතින් මේ ලෝකේ දකින්න තවත් කෙනෙකුට අවස්ථාව ලබලා දෙන්න පුලුවන්නම් කොච්චර දෙයක් නේද?ඉතින් ලංකාවේ වාසය කරන අපි හැමෝටම ඒ අවස්ථාව ලැබිලා තියෙනවා "ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය"මගින්.ඔයාලට තියෙන්නේ ඒ අයගෙන් පෝරමයක් අරගෙන පුරවලා තමන්ගේ මරණින් පස්සේ ඇස් දන්දෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා ඒ බව තමන්ගේ ලඟම නෑදෑයෙකුට [සැමියා,බිරිඳ,මව,පියා......] ඒ බව දන්වලා තියන්න විතරයි.

මරණින් පස්සේ නිකම්ම පොලවට පස්වෙලා යනවට වඩා හරි නැත්නම් සෑයක දැවිලා යනවට වඩා හරි මෙහෙම දෙයකට දායකත්වයක් දක්වන්න පුළුවන් එක කොච්චර ලොකු දෙයක්ද.ඇස් ලබාගැනීම ගැන මගේ දැනුම ප්‍රමාණවත් නොවන නිසා ඒ ගැන මං කරුණු දක්වන්නේ නෑ.දැනටත් ලංකාවේ ගොඩ දෙනෙක් මේ කටයුත්තට දායකවෙලා තියෙනවා.විශේෂයෙන්ම අපේ බෞද්ධ යහළුවන්ට කියන්නේ තියෙන්නේ බෞද්ධයන්ගේ අවසාන අරමුණ වන නිවනට යන මගේ එක් පියවරක් වන දාන පාරමිතාව සම්පූරණ කරගන්නත් ඔයාලට ලැබෙන අවස්ථාවක්.ඒ වගේම මේ රටේ විතරක් නොවෙයි සමහරවිට පිටරට කෙනෙකුට පවා පෙනීම ලබාදෙන්න ඔයාලගේ ඇස් දෙකට පුළුවන් වේවි.ඉතින් ඔන්න මං පල්ලෙහායින් දානවා එයාලගේ විස්තර ලබාගන්න පුළුවන් තැන්.

ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ මේ පොස්ටුව බලලා ඉවරවෙලා අමතක කරලා දාන්නේ නැතුව ඔයාලටත් පුලුවන්නම් මේ කටයුත්තට දායක වෙන්න කියලයි.

ඔවුන්ගේ ලිපිනය 

Sri Lanka Eye Donation Society
Dr. Hudson Silva Eye Donation Head Quarters
120/12, Vidya Mawatha, Colombo 07, Sri Lanka 

දුරකථන අංක  0094 11 2698040, 2698041, 2698043 
ෆැක්ස් : 0094 11 2698042 

විද්‍යුත් තැපෑල : sleds@dialogsl.net
ඔවුන්ගේ වෙබ් අඩවිය   http://www.eyedonation.slt.lk

ඔවුන්ගේ මූණුපොතේ පිටුව http://www.facebook.com/sleyedonation

විකිපීඩියා විස්තරය http://en.wikipedia.org/wiki/Sri_Lanka_Eye_Donation_Society

මෙන්න මේ වීඩියෝවත් බලලා යන්න අමතක කරන්න එපා...... 





17 comments:

  1. හසරැල් ඔතන පුංචි පරහක් එන තැනක් වෙනවා
    අක්ෂි දාන සංගයම වැඩ කරන්නේ තනියම. එයාලට
    අක්ෂි ආරක්‍ෂිතව ලැබෙන්නේ නැහැ පිට පළාත් වලදී.
    පැය 8 වගේ ඇතුළත ගලවන් පරිස්සමට තියාගන්නේ නැහැ
    ගොඩක් රෝහල් වලින්..මාත් මගේ ඇස් දෙක ලිව්වා ..
    ඒත් එක හේතුවක් නිසා මගේ ඇස් දෙක නම් වෙන කෙනෙක්ට
    පාවිච්චි කරන්න බැහැ ..ඉතින් මගේ මළ දේහය මිහින්තලේ
    මිහිඳු අරණ්‍යට ලිව්වා ..එතන ගොඩක් භාවනා යෝගී අය ඉන්නවා..
    මේ වගේ සිරුරු වලින් කමටහන් ගන්නවනේ භාවනා වලදී...


    මොනවා උනත් වැදගත්ම පෝස්ට් එකක් ..තව වෛද්‍ය විද්‍යාලයට
    සිරුරු බාර දීම ගැනත් ලියන්න ..ඒකත් වැදගත් ...

    ReplyDelete
    Replies
    1. ඔව්,සහන් කොහොමවුනත් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්නේ තවත් කෙනෙක් ඒ ඇස් දෙකෙන් පෙනුම ලබාගනීවී කියලා ....

      Delete
    2. නැහැ සහන්, එයාලගේ නියෝජිතයන් ලංකාව පුරා ඉන්නවා, අපි මැරුනම දැනුම් දෙන තැනින් එයාල ප්‍රාදේශීය හෙදිය නැත්නම් හෙද නිලධාරියාට දැනුම් දෙනවා, මට හරියට මතක නැති උනත් පැය 8ක් ඇතුලත වගේ ඇස් දෙක එයාල ලබාගත්තොත් හරි. මම දවසක් පත්තරේ කියෙව්වා එහෙම හෙද නිලධාරිනියක් ගැන බදුල්ල පැත්තේ වගෙයි මතක, ඇය සදහන් කරලා තිබුනා ඇය පුලුවන් තරම් ඉක්මනින් ඒ ස්ථානයට ගිහින් අදාල රාජකාරිය කරනවා කියලා. ඒ ලිපියෙන් ඇති උන විශ්වාසයට තමයි මමත් ඒ කටයුත්තට අත ගැහුවෙ.

      Delete
    3. අන්න රයිට් නදිනි ඒ යන volunteer නිලධාරියා නැති තැනකදී
      ඇස් දෙක ආරක්ෂිතව ගන්න විදිහක් නැහැ.මම මේ දේ
      සඳහන් කරේ මේ සේවය ගැන අවබෝදෙකින් රෝහල් වල
      ඉන්න හැමෝම මේකට සහය දෙන්න පොලොඹවන්න ඕනේ
      නිසා .මම දන්න එක ඉස්පිරිතාලෙක ඔය රාජකාරිය කරපු
      කෙනාගේ මළ ගෙදරට මට යන්න ලැබුණා ..දැන් ඉතින්
      එයාගේ රාජකාරිය කරන්න කෙනෙක් නැහැ .

      ආණ්ඩුවෙන් හරි මේවා දැකල කරනකම් නොයිඳ , රෝහල් වල
      සේවයේ ඉන්න අය හරි මේවා දැකල " අක්ෂිධාන සංගමය " වෙනුවෙන්
      වැඩ කරාවි කියන චේතනාවෙනුයි මම ඒ කමෙන්ට් එක දැම්මේ ..
      මේක නම් සෑහෙන්න වටිනා දෙයක් ..වකුගඩුවක් දෙනවටත් වඩා
      මේ දේ උතුම් ..ඉර එළිය දකින්න මොන තරම් ආසද මිනිස්සු ...

      Delete
    4. මමත් මගේ සම්පූර්ණ ශරීරයම වෛද්‍ය විද්‍යාලයට ලිව්වා..ඒත් මේ ලබාගැනීමත් ෂුවර් නැහැ..සමහර කාලවලට වෛද්‍ය විද්‍යාලයේ ශීතාගාර වල ප්‍රශ්න තියනවා..එතකොට එයාල බාරගන්නේ නැහැ..මමත් ඒක පාරක් අසාමාන්‍ය තත්වයක් නිසා උපන් ගමන් මැරුන බබෙක්ව වෛද්‍ය විද්‍යාලයට දෙන්න( එයාලගේ දෙමවුපියන්ගේ ඉල්ලීම මත )ගියාම එහෙම ප්‍රතික්ෂේප වීමක් වුනා...

      Delete
  2. මමත් ගියපාර ලංකාවෙන් එන්න කලින් මේ දේ කරල ආවා. පුදුම සහනයක් දැනුනා. ඒත් ඉතින් මෙහෙදි මැරුනොත් තමයි වැඩේ. එතනින් දුන්නා කාඩ් එකක් හැම වෙලේම තමන්ලග තියාගන්න කියලා, මම ගෙදර අයටත් කියල දැනුවත් කරා ඒ අයව, මැරෙන මොහොතෙත් ඒ දේ මතක් උනොත් සන්තෝසෙන් මැරෙන්න පුලුවන්.

    ReplyDelete
  3. ඕක ගහලා තියෙන්නේ ගල්කිස්ස ස්ටේෂමේ..
    දැන් හැමදාම ඔතනින් යද්දි ඕක මතක් වෙයි :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා බලල විතරක් අමතක කරන්නෙපා.මේ සත්කාරේට දායක වෙමු අපිත්....

      Delete
  4. ළිහිණි අක්කගේ බ්ලොග් එකෙන් දැකලා මමත් ආවා මේ පැත්තට, මමත් ඔන්න ඕක කරන්න තමයි බලාපොරොත්තුව අප්පා,, තාම අපේ ගෙදරින් අපෘවල් එක දුන්නෙ නෑ,, :/

    ReplyDelete
    Replies
    1. ම්ම්...කොහොමහරි වැඩේට දායකවෙන්න.ගෙදර අය අකමතිවෙන එකක් නෑ .හොද දෙයක්නේ

      Delete
  5. කිසිම ප්‍රයෝජනයක් නැතුව විනාශ වෙලා යන අපේ ඇස් දෙකෙන් තව කෙනෙකුට එළියක් දෙන්න පුළුවන් නම් ඒක මොන තරම් උතුම් දෙයක් ද.. අටම්පහුරත් මේ ගැන කාලෙකට කලින් ලියල තිබුන.. හොඳයි මචං අනෙක් යටත් දැන ගන්න මේ විස්තර දාපු එක.

    ReplyDelete
    Replies
    1. ආ...අටමත් නෝනත් එක්කම වැඩේට දායක වෙලා තිබුනා නේද ?මට දැන් මතක් වුනේ

      Delete
  6. අගේ ඇති පින්කමක් හසරැල්

    ReplyDelete
  7. මගේ අම්මත් මම හිතන්නේ මේකට එකතු වෙලා ඉන්නේ. මමත් එකතු වෙන්නම්.

    ReplyDelete
    Replies
    1. හොද වැඩක් සුදීක අය්යේ

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...