Friday, March 8, 2013

උතුරු මිතුරු යුගයේ සංඛේතය යාල් දේවි


බ්ලොග් එක පටන් අරගෙන සෑහෙන කාලයක් ගතවුනත් මගේ ප්‍රියතම දෙයක් ගැන කිසිවක් ලියන්න බැරිවුණා.පින්තුරේ දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන්නේ.ඒ තමයි කෝච්චි.ඉතින් මං මේ ගැන නොලිව්වට අපේ බ්ලොග් අවකාශේ යාළුවෝ කිහිප දෙනෙක්ම මේ ගැනම බ්ලොග් ලියන අය ඉන්නවනේ,කොහොමවුනත් මාත් පුලුපුලුවන් හැටියට දන්නා හොයාගත්තදෙයක් කොටලා දාන්න හිතුවා.අද කියන්න යන්නේ "යාල් දේවිය" ගැන.ඇත්තටම නම ඇහෙනකොට කෝච්චියකට වඩා දෙයක් හිතට එනවා නේද?මං මේ වෙනකොට මගේ කාර් කට්ටෙන් හරි බස් එකේ හරි ලංකාවේ සෑම තැනකම කරක්ගහලා තියෙනවා.ඒත් තාම මන්නාරමටවත් යාපනේටවත් ගිහින් නැහැ.වාසනාවක් තිබුනොත් කෝච්චියෙන්ම ඒ තැන්වලට යන්න තමයි මං හිතාන ඉන්නේ.

කොහොමවුනත් මාතෘකාවට බහිමුකො.ඉතින් පොත් පතේ සදහන් විදිහට යාල් දේවිගේ ආරම්භය වෙලා තියෙන්නේ 1956 අප්‍රේල් 23 වෙනිදා.ඇය තනිවම නෙමෙයි මේ ලෝකෙට බිහිවෙලා තියෙන්නේ.ඇගේ නිවුන් සහෝයුරියන් වන රුහුණු කුමාරි සහ උඩරට මැණිකෙත් එක්කයි.

මේවයේ කාලසටහන් හදලා තියෙන්නෙත් හරිම අපූරු විදිහට,ඒ කියන්නේ උදේ කෑම කාල මාතරින් රුහුණට නගින මගියෙකුට රෑ කෑමට යාපනේ යන්න පුළුවන් විදිහටයි ඒවා පෙළ ගස්වලා තිබුනේ.
කොළඹ සිට කි මී 409 ක දුරක් ගෙවා කන්කසන්තුරේට ලගාවුණු යාල්දේවිය එකල දීර්ගතම දුමරිය ගමනට හිමිකම් කිව්වා.නැවත්තුවෙත් රාගම,පොල්ගහවෙල,කුරුණෑගල,මහව හන්දිය,අනුරාධපුර,මැදවච්චිය,වවුනියා,අලිමංකඩ,යාපනය සහ කන්කසන්තුරයෙයි විතරයි.සුද්දන් උතුරු දුම්රිය මග තනවන්නත් හේතුවුණු කාරණයක් තියෙනවා.ඒ තමයි ලංකාවේ අනිත් පළාත්වලින් වෙන්ව හුදකලාව පිහිටි යාපනය ලංකාවේ අනිත් පෙදෙස් සමග සම්බන්ධ කර එක.ඉතින් ඒ කාරණේ මේ දුම්රිය මගෙන් හොදින්ම ඉටුවුනා.එකල නගරාන්තර දුම්රිය සාමන්යෙන් පැය 6 කින් විතර කොලබ සිට යාපනයට ගිහින් තියෙනවා.ඉතින් අපේ රටේ හිටපු ත්‍රස්තවාදීනුත් දැක්කා මේ දුම්රිය මග තියෙනකම් නම් තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න බැරිබව.ඒක නිසා තැනින් තැන වරින් වර බෝම්බ අටවලා දුම්රිය ගමනාගමයට බාදා ඇතිකළා.මෙතනින් ප්‍රදානම සිදුවීම වුනේ 1985 ජනවාරි 19 වෙනිදා ,එදා අත්වූ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් සියගනනකුත් හමුදා සාමාජිකයින් 28 දෙනෙකුත් මරුමුවට පත්වුනා.ඉතින් කොහොමහරි මේ නිසා යාල් දේවියගේ ගමනත් 1990 ඉදලා වව්නියාවට සීමාවුනා.


උතුරු දුම්රිය මාර්ගය ඇතිවුණු හැටිත් ලංකාවේ අනිත් දුම්රිය මාර්ගවලට වඩා වෙනස්.හැම දුම්රිය මාර්ගයක්ම වගේ පටන් අරගෙන තියෙන්නේ කොලබ සිටයි.වරින් වර දික්කරමින් තමයි ඒ දුම්රිය මාර්ගයන් ගොඩ නැගිලා තියෙන්නේ.හැබැයි උතුරු දුම්රිය මාර්ගය කොලබ පැත්තෙන් මෙන්ම යාපනය පැත්තෙනුත් ඉදිකිරීම් වෙලා තියෙනවා.ඒ මෙහෙමයි බ්‍රිතාන්‍යන් විසින් 1877 දි උතරු දුම්රිය මාර්ගය ගොඩ නැංවීම පිළිබද කොමිසමක් පත් කරලා තියෙනවා.ඒකෙන් යෝජනා කරලා තියෙනවා පොල්ගහවෙල සිට යාපනයට දුම්රිය මගක් තැනිය යුතුයි කියලා.

ඒ අනුව 1891 සිට 1893 දක්වා පොල්ගහවෙල සිට කුරුණෑගලට දුම්රිය මග තනා තියෙනවා.ටික කලක් වැඩ නැවතී තිබී 1903 දී අනුරාධපුරය දක්වා වැඩ අරාබී තිබෙනවා.ඒ අතරම 1902 දී කන්කසන්තුරේ සියට චාවකචේරි දක්වාත් පලෙයි දක්වාත් දුම්රිය මග තනන්නට පටන්ගෙන තිබෙනවා.ඉන් පසු පලෙයි සිට අනුරාධපුරය දක්වා දුම්රියමග තනා තිබෙනවා.1912 දී මන්නාරම් පාලමත් තනා එම දුම්රිය මගෙත් වැඩ නිමකර තිබෙනවා.ඉන්පසු ඉන්දු ශ්‍රී ලාංකික ඒකාබද්ධ දුම්රිය සේවය ආරම්භ වී තිබෙනවා.

ආ....කියන්න අමතක වුනානේ කදුකරයේ වැඩකරන්න එන ඉන්දීය කම්කරුවන්ගෙන් කොලරාව වැනි රෝග උතරු කරයේ ජනතාවට බෝවීම වැලක්වීමටත් සුද්දන් මේ දුම්රිය මග යොදාගත්තා.කෙසේවෙතත් දැන් අමිහිරි යුධ මතකයෙන් පසුව දැන්  නැවතත් උතුරු දුම්රිය මගේ වැඩ ඇරබී තියෙනවා.දැනට ඕමන්ත දක්වා දුම්රිය මග තනා අවසන්.හැබැයි තවත් හදන්න ගොඩක් තියෙනවා.

කොහොමවුනත් අපි ප්‍රාර්ථනා කරමු අපි වාසනාවත්තවෙයි කියලා ඉක්මනටම යාල්දේවියේ නැගලා යාපනේ යන්න.මොකද වෙනත් දුම්රියන් වගේ නෙමෙයි යාල්දේවිය කියන්නේ සංස්කෘතීන් දෙකක් අතර තානාපතිවරයෙක්.දකුණේ කළු දොදොල් උතුරට අරන් ගිය සහ උතුරේ කර්තකොලොම්බන් අඹ දකුණට ගෙනාපු වෙළෙන්දෙක්.ඔක්කොටම වඩා අනවබෝධයෙන් සිටින දෙදෙනෙක් අතර සාම දූතයෙක්.පල්ලෙහායින් තියෙන රූපරචනාව බලන්නකෝ.මං කිව්වා කතාව ඔයාලට තේරේවි....





ඒ වගේම මේ දැන්වීමත් මතක ඇතිනේ.......



උතුරු මිතුරු වැඩසටහන දැනට නැවතී ඇතත් යාල් දේවිය නම් උතුරු මිතුරියගේ ආගමනය අපි සැවොම ආදරයෙන් බලා සිටින බවත් කියන්නම ඕනා....

චායාරුප සහ තොරතුරු
http://www.slrfc.org/2008/12/05/yaal-devi-the-queen-of-express-trains
http://en.wikipedia.org/wiki/Yal_Devi

16 comments:

  1. අම්මො ගොඩාක් විස්තර.කොච්චියේ ගියාට විස්තර දන්නේ අඩුවෙන්.ස්තුතියි දැනුවත් කිරීමට

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  2. ඇත්තෙන්ම හසරැල් මෙම දුම්රිය මග ඉතා විශේෂයි. එය ජාතීන් අතර ඉතා කිට්ටු සබැදියාවක් වර්ධනය කරගැනීමට මනා පිටුවහලක් සපයන බව නොරහසක්. “ඔබට මතකද යාල් දේවී දුම්රිය මැදදී පිපිරී වීසි උනා“ (පද මතකයේ පරිදි) කියා ගීතයක් තිබෙනවා.

    උතුරු දුම්රිය මාර්ගය පමණක් නොව මන්නාරම් දුම්රිය මාර්ගයද දැනට නැවත ඉදිකරනවා. මේ නැවත ඉදිකිරීම කිරීමට සිදුව ඇත්තේ මැදවච්චියෙන් පසුව එක පීල්ලක්වත් දක්නට නැති නිසා. එවා විවිධ පුද්ගලයින් සහ ත්‍රස්තවාදීන් සොරා ගෙන තිබෙනවා. කෙසේ නමුත්, ඉදිකිරීම් සඳහා රජය විදේශීය ගිවිසුම් එළඔ ඇති ආකාරය ගැන සිතපුවාම සත්‍ය වශයෙන් ඔවුන් රටට ආදරේද කියා නැවත සිතිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මා මෙහි සදහන් කර ඇත්තේ යාල් දේවිය දුම්රිය ගැන පමණි.

      Delete
    2. සොරි සොරි මම දෙවන ඡේදය ඉල්ලා අස්කර ගන්නවා. මම හිතුවේ කොච්චිය දුවන්න පීලිත් වැදගත් වෙනවා සේම මෙම ව්‍යපෘති දෙකම සමගාමීව වන නිසා කිසියම් වැදගත්කමක් තිබේය කියා.

      Delete
  3. ඇත්තටම දන්නේ නැති බොහෝ දේ කියෙව්වා...

    ReplyDelete
  4. ඔය උතුරු මිතුරු කේස් එකෙන් ගාල්ලෙන් පාර්ලිමේන්තුවට ආපු එකෙකුයි, තව ඇමතියෙකුයි හොඳට හම්බකරා, අර ගාල්ලෙ එකා සෙට් උනේ ස්වර්ණවාහිනියත් එක්ක... මොකක්ද ප්‍රේමසිරි වගේ මතක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.ස්ටේසම හදන වැඩෙන් නේද ?

      Delete
  5. machan sahenna watinawa me wisthara..
    wikiyata danna hasaral...

    ReplyDelete
  6. යාල් දේවී කිව්ව ගමන් මටත් මතක් උනේ අර සින්දුව " යාල් දේවී දුම් රිය මැදිරී පිපිරී වීසි උනා "

    ඔය තියෙන්නෙ විස්තර ටික. ඔය උතුරු මිතුරු වැඩසටහනට ඉස්සර ලොකු ප්‍රචාරයක් දුන්නා මතකයි. අපිත් ටිකක් පත් පවා ගත්තා

    (මෙන්න මෙහෙමලු ළමායි විභාග වලට පාඩම් කරන්නෙ ) :b

    ReplyDelete
    Replies
    1. ඒ ටිකට් තාම වලංගු ඇතිනේ...

      Delete
  7. නියම විස්තරයක්.

    දේශපාලනය ගාවගන්නෙ නැතුව මේ කෝච්චි පාර ඉක්මනින් ආයෙ හදනවනං ලොකු දෙයක්.

    ReplyDelete
  8. හසරැල් ඉතින් හැමදාම මොනවහරි ඉගෙන ගන්න පුළුවන් දෙයක්නෙ දාන්නේ.. කෝච්චියෙ යාපනේ ගිහින් එන්න ආස හිතුනා...

    ReplyDelete
  9. යාල්දේවී උතුර දකුණ නෑදැකම් තහවුරු කරන පාලමක් වුනා. ඉස්සර . ඒත් යුද්දෙන් පසු ඒ සියල්ල අමිරි අත්දැකිම් බවට පත්වුණා.

    ඒත් තාමත් යාල්දේවී ගැන ගීත සහ සාහිත්‍යය තුළ අපූරු චමත්කාරයක් ගොඩ නගනවා

    ReplyDelete
  10. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...