Saturday, March 2, 2013

මගේ සිත නිවන ගී - My Mind Relaxing Songs


www.enhancedhealing.com


මම ටිකක් කොහොමත් සංගීතෙට ඇල්මක් දක්වන කෙනෙක් බව ඔගේ බ්ලොග් එක කියවන ඔයාලට තේරිලා ඇති.ඉතින් අදත් ඔන්න මං ලියන්න යන්නේ සින්දු ගැනම තමයි.හැබැයි විශේෂ සින්දු ටිකක් ගැන.ඔයාලටත් ජීවිතේ කවදාහරි දවසක ප්‍රශ්න ගොඩක එරිලා ඉන්නකොට අහන්න ලැබෙන සිංදුවකින් මනසට සුවයක් ලැබිලා තියෙනවද?බොහෝ දෙනෙක්නම් ඒ අත්දැකීම විදලා ඇති නේද?

නූතන විද්‍යාවටත් අනුව පිළිගන්න දෙයක් තමයි සංගීතය කියන්නේ මනස සුවපත් කිරීමේ හොදම ඔසුව බව.ඒ නිසාම මනස සුවපත් කිරීමේ [mind relaxing music] සංගීතයන් පවා මේ වෙනකොට බිහිවෙලා තියෙනවා.ඔයාලත් අහලා ඇති.හැබැයි ඒ වගේම තමයි අපි කැමති සින්දුත් තියෙනවා ,ඒවා ඇහුවම හිතේ තියෙන බර ගතිය අඩුවෙලා හිත සැහැල්ලු වෙනවා.හැබැයි ඉතින් ඒ සිංදුවල රිද්මය එක එක්කෙනාට අනුව වෙනස්වෙනවා.

මටත් හිත සැහැල්ලු කරගන්න ඕන වුනාම මම අහන සින්දු ටිකක් මං තෝරාගෙන තියෙනවා.සමහරවිට ඔයාලා හිතයි මේ සින්දු ඇහුවම හිත නිවෙනවද කියලා.සමහරවිට ඔයාලා කැමති සින්දුත් මේ අතර ඇති.ඔන්න ඉස්සෙල්ලාම මං කැමති සින්දුවක් "කටු අකුලේ මල් ඇහැරේ ..."- අඹ යාළුවෝ ටෙලියෙන්..



සඳවට රන්තරු.....- සී.ටී.ප්‍රනාන්දු ......



රඟහල දැන් ඇත අඩ අඳුරේ .....-විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල 



Chahunga Main Tujhe - Sudhir Kumar & sushil kumar


සරා සදේ සිනා සේලේ .....-එච් .ආර්.ජෝතිපාල 


රන් ටිකිරි සිනා ...... - ගඟ අද්දර චිත්‍රපටියෙන් 


ඔන්න ආසම එක
පින්සිදුවෙන්නේ ....අනේ බාල ලමුන්නේ...- සී .ටී.ප්‍රනාන්දු




මම මේ වගේ සින්දු ටිකක් එකතුකරලා තියාගෙන හිත සැහැල්ලුවෙන්න ඕන වෙලාවට headphone එකත් දාගෙන ඇඳට වෙලා ඇස්පියාගෙන ඉන්නවා.එතකොට දැනෙන සැහැල්ලුවනම් කියලා වැඩක් නැහැ.අඩේ වැඩේ කියන්නේ මං කැමති සින්දු ඔක්කොම හෙන පරණ ඒවානේ.අනේ මන්ද...දැන් ඉතින් තියෙන සින්දු ඇහුවම mind relax වෙයිද..........

26 comments:

  1. ඇත්තෙන්ම සිංදු සියල් සියල්ලම හොඳයි. නමුත් විඩියෝවනම් බැලුවේ නෑ. මම පාවිච්චි කරන්නේ ඩොන්ගල් එකක්නේ.

    ReplyDelete
  2. මේ වගේ පරණ සින්දු ගොඩක් තියෙනවා හිතට දැනෙන, ඒකාලේ ගීත ඒ ඒ අවස්ථාවන්ට ගැලපුනා අපුරුවට, නමුත් අවාසනාව කියන්නේ අදකාලේ අහන්න තියෙන අලුත් ගීතවලින් හිත් සුවපත් වෙනවා වෙනුවට රාගය කෝපය තමයි ඇතිවෙන්නේ ..
    මෙවන් ගී මතක් කිරීම ගැන ඔබට ස්තුතියි

    ReplyDelete
  3. ඇත්තටම සංගීතය හොඳ ආහාරයක්. කොහොමත් මනස නිවගන්නවනම් 70/80 ලස්සන ගීත තියනවා මාත් මනස නිවාගන්නෙ ඒවායින්

    ReplyDelete
    Replies
    1. 70 දශකයේ සංගීතය කවදාවත් නොමියෙන සංගීතයක්

      Delete
  4. කමෙන්ට් එකක් දාන්න අදහසක් ඔළුවට එන්නෑ බං...
    නිදාගෙන නැගිටලා දාන්නං හිටිං...

    ReplyDelete
  5. මමත් පොස්ට් එකක් ලෑස්ති කරගෙන හිටිය මං ආස සින්දු ටිකක් දාන්න ඒ ටිකත් හෙමින් සැරේ දාන්න ඕනි..මේ සින්දු අතරින් පින් සිදුවන්නේ සිංදුවටයි, අඹ යාළුවෝ සිංදුවටයි මම ගොඩාක් ආසයි...

    ReplyDelete
  6. මගේ හිත නිවන ගීතය තමයි අමරදේව මහත්මයාගේ "අඩවන් වූ දෙනෙතින් ගලනා" කියන ගීතය.

    ReplyDelete
    Replies
    1. මගේ කොලෙක්ෂන් එකෙත් තියෙන සින්දුවකි

      Delete
  7. මගේ නම් මුලින්ම හිතට එන සින්දු තමයි, ආදරයේ උල්පතවු අම්මා.. , අපි ඈතට ඈතට පා නගනා.. වික්ටර් රත්නායක මහත්තයගේ සින්දු දෙක.

    ReplyDelete
    Replies
    1. මමත් කැමති සින්දු දෙකක්

      Delete
  8. හ්ම්ම් හ්ම්ම්, එක එක්කෙනාගෙ රුචිකත්වයට අනුව සිත නිවන සින්දුත් වෙනස් වෙනවා හස‍රැල්!

    ReplyDelete
    Replies
    1. ඒකනේ රුචිකත්වය වෙනස්

      Delete
  9. මේ වගේ පරණ සිංදු වලින් තමයි රිලැක්ස් එකක් ගන්න පුලුවං. අලුත් සිංදු ඇහුවොත් මඤ්ඤං වෙනව.

    ReplyDelete
    Replies
    1. නයි කයිද රෝස්පාන් කිව්වලු

      Delete
  10. මමත් අහන සින්දු ටිකක් තියනව. ආසම ඒවා තමයි සඳකඩ පහනක.., රන් තාරකාවන්.. සඳේ ඔබ, මා තොටින් එන.. තව බොහොමයි.. වැඩිය අහන්නෙත් රෑට තමයි.

    ReplyDelete
    Replies
    1. නින්දට කලින් සින්දුවක් දෙකක් අහන එක මගෙත් පුරුද්දක්

      Delete
  11. මම නම් අහන්නේ

    "මේ රටේ මිනිස්සු... තනිකර කෙලින්නෙ පිස්සු //"

    පුදුම විදියට හිත නිවෙනවා....

    ReplyDelete
    Replies
    1. http://www.ridmaya.com/download/6277/me-rate-minissu-deepal-silva

      Delete
    2. අද කාලේ වෙන ඒවායේ හැටියට මේවා අහලා තමයි සිත සනස ගන්න වෙන්නේ හි...හි...

      Delete
  12. මමත් හෙට ලියන්න හිතන් ඉන්නේ මමත් නිස්කලන්ක වෙලාවට වගේම සාමාන්‍යයෙනුත් අහන අමුතු සංගීතය ගැන

    ReplyDelete
  13. ඒ වගේම තමයි..මියුසික් තෙරපි කියන එක..විශේෂයෙන්ම දැන් හර්ද රෝගීන් සම්බන්දව මේ ප්‍රතිකාරය කරගෙන යනවනේ...
    අපි හැමෝමත් ඉතින් හර්ද රෝගීන් නේන්නම්..වෙලාවකට බැලුවම..

    ලස්සන සින්දු ටික

    ReplyDelete
  14. අඹයාළුවෝ සින්දුව ඇහුවේ හුග කාලෙකින් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...