Sunday, March 3, 2013

සත්තු ගැන විත්ති

http://www3.canisius.edu

අපි ජීවත් වෙන මේ ලෝකේ අපිත් එක්ක ජීවත්වෙන අපේ පාළුව කාන්සිය මකාගන්න ඉන්න යාළුවෝ ගැන අපි නොදන්නා තොරතුරු ටිකක් තමයි අද මං ලියන්න හිතුවේ.බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා,


පැස්බරාට අශ්වයාට වඩා වේගයෙන් දුවන්න පුළුවන්.ඒ වගේම තමයි පිරිමි පැස්බරුන්ට සිංහයෙක් වගේ ශබ්ද කරන්නත් පුළුවන්ලු




පියාඹන්න පුළුවන් එකම ක්ෂීරපායී සත්වයා තමයි වවුලා.





අලින්ට වතුරේ ඉව සැතපුම් 3 ක් දුරට පවා දැනෙනවලු.




කිඹුලෙක්ට අහුවුනොත් උගේ කට අරවගන්න තියෙන හොදම විදිහ උගේ ඇහැට ඇගිල්ලෙන් අනින් එකලු




කෝලා වලසුන් කෑමට ගන්නේ යුකැලිප්ටස් ගහේ කොළ විතරලු 





බීවර්ලා හැම තිස්සෙම මොනවහරි ලෑටි ගාන්නේ දත් ගෙවාගන්නලු.නැත්නම් උන්ගේ දත් වැඩිලා මොලය හරහා ගිහින් උන් මරණයට පත්වෙනවලු





කොටින්ගේ ඉරි තියෙන්නේ ලොම්වල විතරක් නෙමෙයිලු.හමේත් තියෙනවලු.ඒ වගේම කිසිම කොටි දෙන්නෙක්ගේ ඉරි ඒක වගේ පිහිටා නැතිලු




  ටික්කෙක්ට සාමන්යෙන් උගේ උස වගේ 200 ගුණයක් උඩ පනින්න පුළුවන්ලු.ඒක හරියට මිනිහෙක් empire state බිල්ඩිම උඩින් පනිනවා වාගේලු.




මේ ලෝකේ ජීවත්වෙන සැම මිනිසකුටම කුඹි මිලියනයක් ඉන්නවලු.ඒ වගේම කුබින්ට පෙනහළු නැහැ වගේම කවදාවත් නිදාගන්නෙත් නැතිලු.



සමනලුන්ගේ ඇස් දෙකේ කාච දහස් ගානක් තියෙනවලු.හැබැයි උන්ට පේන්නේ රතු ,කොළ,සහ කහ පාට විතරලු 





ගොළුබෙල්ලෙක්ට ඇහැක් අහිමි වුනොත් ඒ ඇහැ ආයෙත් වැවෙනවලු.[මේක බලාලා වත්තේ ඉන්න ගොළුබෙල්ලොන්ගේ ඇස් කපන්න යන්නෙපා]





ඉබ්බෙක් නගන ශබ්දය අනුව උගේ ගැහැණු පිරිමි බව කියන්න පුළුවන්ලු 





ජිරාෆ් සත්ව ලෝකේ ගොළුවලු,ඒ වගේම උගේ දිව තද නිල් කළු පාටයිලු.ඒ වගේම උගේ බෙල්ලේ තියෙන ඇට ගණන මිනිසාගේ බෙල්ලේ තියෙන ඇට ගන්නට සමානලු.



ඕනෑම බල්ලෙක් උගේ හොම්බේන් හදුනාගන්න පුළුවන්ලු.ඒක හරියට මිනිසුන්ගේ ඇඟිලි සලකුණ වගේලු.[ඔන්න දැන් ගෙදර ඉන්න බල්ලාගේ හොම්බේ print ගන්න යන්නෙපා]





මේ ලෝකේ තියෙන ගස් ලක්ෂ ගානක් පැලවෙලා තියෙන්නේ ලේනුන් හංගපු බීජ වලින්ලු.පස්සේ උන්ට අමතක වෙනවලු හංගපු තැන



කැන්ගරුවා සිරුරේ සමබරතාවය තියාගන්නේ වලිගේ පිහිටෙන්ලු.





පිටිපස්සට පියාඹන්න පුළුවන් එකම කුරුල්ලා හමින්බර්ඩ්ලු





අඩුම වේගයකින් පීනන මාළුවා මුහුදු අශ්වයාලු 





මේ ලෝකේ ඉන්න සතුන් අතරින් වැඩිම දුරකට ඇහෙන්න ශබ්ද කරන්න පුළුවන් සතා මොල්ලි තල්මහලු.





සාමාන්යෙන් දිවි මකුළුවෙක්ට කිසිම කෑමක් නොගෙන අවුරුදු දෙකක් ජීවත්වෙන්න පුළුවන්ලු 




එහෙනම් අද ඇති නේද? ටටා....

18 comments:

  1. හරි අපුරුයි නේ..බිවර් ගැන නම් පව් කියලා හිතෙනවා..
    අර බල්ලාගේ හොම්බ ගැන නම් ටිකක් හොයල බලන්න ඕන..
    නොදත් කරුණු ගොඩක්...දැනගත්ත...

    ReplyDelete
    Replies
    1. ජෙෆ්ගේ හොම්බෙන් පටන් ගමු

      Delete
    2. ජෙෆ්ෆ් ගේ හොම්බ ගැන ඉතින් හොඳටම දන්නේ හසරැල් නේ...

      Delete
  2. අගනා සටහනක් නොදන්න තොරතුරු බොහොමයක් ස්තුතියි හසරැල්

    ReplyDelete
  3. සුපිරියි.. ගොඩාක් නොදන්න දේ දෑන ගත්තා.. අර කිඹුලගේ කතාව මම අහල තිබුනෙ වෙන විදියකට. උට අහු උනොත් උගෙ යටි බඩද කොහෙද අත ගාන්ට ඕනලු ( කිචි කවන්න ) කිඹුලන්ට මාර කිචිලු .. :ඩී

    ReplyDelete
    Replies
    1. ඇහැට අනින්න හරි බඩට කිචි කවන්න හරි සිහියක් තිබුනොත් මදැයි

      Delete
  4. අපුරු සටහනකි.නොදක්කා කරුණු ගොඩාන් දැන ගත්තා.ස්තුතියි ඔබට.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  5. ෂෙහ්... මරු විස්තරේ :)

    බල්ලගේ හොම්බ??? ඒක ඇත්තමද? :O

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බල්ලාගේ හොම්බේ කතාව ඇත්ත,මං කිහිප තැනකම දැක්කා

      Delete
  6. හප්පේ සෑහෙන්න විස්තර දැනගත්තා. සමහර ඒවා දන්නේ අදමයි.

    ReplyDelete
  7. සයිට් ඵක නම් මාර ගතී වැදගත් තරැණු ගොඩත් තියෙනවා!

    ලංකාවෙ ලොකුම ෆෝරම් ඵකට තාම ගියේ නැද්ද..දැන්ම යන්න ගිහින් රෙඡිස්ටර් වෙන්න http://justcrowd.net/

    ReplyDelete
  8. හිතවත් මිතුර,ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මොහුගේ සින්ඩියෙන් ඉවත්වී
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
  9. පික්සු හැදෙයි කිව්වලු :D

    ReplyDelete
  10. ගොඩක් වෙනස් වෙනස් පෝස්ට් කීපයක් ගැහුවා නේද
    හසරැල් ළඟ ළඟ...? නියමයි මචන් ..දිගටම
    ලියන්න...

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...