Thursday, March 21, 2013

යතුරු පැදි දින සටහන්..- Motorcycle Diaries


අර්නස්ටෝ චේ ගුවේරා....අපේ කාලයේ විසු සොදුරුතම විප්ලවවාදියා.කවුරුත් වගේ අහලා ඇති.ඒත් ගොඩ දෙනෙක් ඔහුගේ තරුණ ජීවිත කාලය ගැනනම් අහලා නැතුව ඇති නේද?මං අද කියන්න යන චිත්‍රපටය ගලායන්නේ චේ ගේ තරුනකාලය හරහා.දොස්තර කෙනෙක් වෙන්නට පෙර චේට අවුරුදු 23 පමණ වන කාලයේ සිට ඉදිරියට ගලායන සත්‍ය කතාවක්.

මේ චිත්‍රපටියේ කියවෙන්නේ 1952 දි චේ තමාගේ යහළුවෙකු වන අර්බර්ටෝ ග්රෙනාඩො සමග යතුරු පැදියකින් දකුණු ඇමෙරිකාව හරහා කල සංචාරය ගැන.මෙහිදී චේ තමන්ගේ යහළුවා සමග සංචාරයේදී අත්විදින සිදුවීම් කදිමට පෙලගස්වලා තියෙනවා.රටරටවල විවිද ජනකොටස් හදුනාගන්නත් විවිද සංස්කෘති අත්දකින්නත් චේ ට හැකිවෙනවා.පසු කාලයේදී චේ විසින්ම සදහන් කල ආකාරයට ඔහුගේ ජීවිතයේ පන්නරය ලබන්න මේ චාරිකාව තමයි ඔහුට පසුබිම් වෙන්නේ.




යතුරු පැදියෙන් ගමන්කල ගමන් මාර්ගය 

ඒ වගේම චේ ගේ පෙම්වතියත් ඔහුට මේ ගමනේදී මුණගැහෙනවා.මේ කතාව ලියන්න මුල්වෙලා තියෙන්නේ චේ සහ චේ ගේ ගමන් සගයා වුනු අල්බෙර්ටෝ විසින්.ඔවුන් හරි අපූරුවට තමන් ගමනේදී මුහුණ පෑ සිදුවීම් එකට අලලා තියෙනවා.



ඇල්බර්ටෝ සහ චේ ඇමසන් ගගේ ලී පාරුවකදී - 1952 ජුනි 

ඒ වගේම මේ ගමනේදී ඒ කාලේ දකුණු ඇමෙරිකාවේ වසංගතයක් ලෙස පැතිරුණු ලාදුරු රෝගයෙන් පෙළෙන ජනතාවට බෙහෙත් හේත් කරන්නත් චේ සහ ඇල්බර්ටෝ ක්‍රියා කරනවා.ඒ වගේම තමයි ඔවුන්ගේ ගමන් සගයාවුණු යතුරු පැදිය ගැනත් යමක කියන්න ඕන .ඒක අල්බෙර්ටෝ විසින් la poderosa නමින් නම් කරලා තියෙනවා.එය 1939 දී නිෂ්පාදිත norton 500 වර්ගයේ යතුරු පැදියක්.


තරුණ චේ යතුරු පැදිය පනගන්වන්න්ට උත්සාහ කරමින් 

ඇල්බර්ටෝ විසින් මේ යතුරුපැදිය සංරක්ෂණය කිරීම නිසා අද වෙනතුරුත් ඒක ලෝක වාසී ජනතාවට බලා කියාගන්න පුළුවන්.


සංරක්ෂණය කර ඇති la pedarosa යතුරු පැදිය 

කොහොමවුනත් ගමනේදී දකින අත්විදින සිදුවීම් චේ ගේ මනසේ ලොකු වෙනස් කමක් කරනවා.ඇමෙරිකානු නව යටත්විජිතවාදයට එරෙහිව චේ ගේ මනස ගොඩනැගෙන්නේ මේ ගමනෙන්.කොහොමවුනත් චිත්‍රපටය ගැනවත් පොත ගැනවත් වැඩි දෙයක් කියන්නේ නෑ.පුලුවනංනම් මේ දෙකම හොයාගෙන බලන්න.ඇත්තටම වටිනවා.



අන්තජාලයෙන් පොත මිලදී ගැනීමට පින්තුරය මත click කරන්න 

මෙන්න තියෙනවා චිත්‍රපටියේ trailer එක.බලන්නකෝ.....චිත්‍රපටියේ සමහර දර්ශන වැඩිහිටියන්ට පමණක් සුදුසු ඒවා බවත් කියන්නම ඕන...



මෙතනින් ගිහින් චිත්‍රපටිය බාගන්නත් පුළුවන්... 

කෙටියෙන්ම කියනවනම් මෙන්න මේකයි මේ චිත්‍රපටියෙන් කියන්නේ.


let the world change you , then you can change the world

ලෝකයට ඔබව වෙනස්කරන්න ඉඩ දෙන්න,එවිට ඔබට ලෝකය වෙනස්කලහැකිවනු ඇත.

ප.ලි.-මෙම පොත මාලිනි ගෝවින්නගේ විසින් "මෝටර් සයිකල් දිනපොත" නමින් සිංහලයට පරිවර්තනය කර තිබෙනවා.දර්ශන ප්‍රකාශකයෝ වෙතින්...


වැඩිදුර විස්තර -http://en.wikipedia.org/wiki/The_Motorcycle_Diaries_(film)

17 comments:

  1. නියම විස්තරයක්.

    ඒ බයිසිකලේ සංරක්ෂණය කරල තියෙන එකනං සෑහෙන්න වැදගත්.

    ReplyDelete
  2. අගේ ඇති ලිපියක් මලයා..

    ReplyDelete
  3. ඇත්තටම මේ චිත්රපටිය ඉතාම සුන්දර එකක් බලන්න වටින. පොතත් එහෙම තමයි, සිංහල පරිවර්තනයකුත් තියෙනව.
    'la pedarosa' කියන්නෙ ඇත්තටම මොටර්සයිකලයෙ වර්ගය නෙමෙයි. ඒක ඇල්බර්ටො තියපු නම ඒකෙ තෙරුම ‘The Mighty One’ , ප්රභලයා/ ශක්තිවන්තයා වගේ තේරුමක් තියෙන්නෙ. මැලෙරියා ගැන මතකයක් නැතත් වඩා භයානක ලාදුරු රෝගීන් සුවපත් කිරීම සඳහා ඔවුන් ගන්නා උත්සාහය චිත්රපටියේ වඩාත් කැපී පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. බයිසිකලය ගැන දනුවත්කලාට ස්තුතියි.මං ඇත්තටම දැනගෙන හිටියේ නෑ.ම්ම්ම්...මැලේරියා නෙමෙයිද???මට මතක තිබ්බේ ඒ විදිහට.ආයෙත් බලලා නිවැරදි කරන්නම්.ස්තුතියි

      Delete
  4. අඩේ අරක බලන්න ඕනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මං හිතුව රජා ඕක කියයි කියලා

      Delete
  5. මෝටර් සයිකල් ඩයරි ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කල ඒත් බලන්න ගියම ඉංග්‍රීසි sub නෑ .

    එත් බීට්ල් ට පින් සිද්ද වෙන්න ප්ලේයර් දා ගත්තු නිසා මේඅක් කියෙව්වට පස්සේ හිතුනා ඒ ෆිල්ම් එක බලන්න.

    ස්තූතියි

    let the world change you , then you can change the world
    ලෝකයට ඔබව වෙනස්කරන්න ඉඩ දෙන්න,එවිට ඔබට ලෝකය වෙනස්කලහැකිවනු ඇත.

    අර මොටෝ එක සිරා

    ReplyDelete
  6. ෂාහ්...නියම විස්තරයක් පොතට කලින් මේ වීඩියෝව හොයාගන්න බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පිටකොටුවේ යනවනම් සෝන්ඩර්ස් ප්ලේස් එකේ dvd කඩේකින් රු 50 කට ගන්න පුළුවන්.english subtitles එක්කම

      Delete
  7. බයික් එක දැනටත් දකින්න තියෙන එක නම් වාසනාවක්!

    ReplyDelete
  8. මේ ගැන ලියපු එක වටිනවා මචෝ! කාලෙකට කලින් මම මේක බැළුවා. කතාවෙ මුල් ටිකනං ටිකක් බෝරිං වගේ දැණුනේ මට. ඒ වුණාට ටිකක් යද්දි වැඩේ අල්ලල ගියා :-)

    ReplyDelete
    Replies
    1. මුල් ටිකනම් ටිකක් අවුල් තමා,ඒත් අපිටත් නොදනිම චේ ගේ සෙල්ලක්කාර ජීවිතෙන් පරිණත ජීවිතේට එළබෙන හැටි රූගත්වෙලා තියෙනවා හරි අපූරුවට

      Delete
  9. හසරැල් එක දිගට ගොඩක් වැදගත් පෝස්ට්
    ටිකක් දැම්මේ ..හරිම වැදගත් මචන්...ඒක නෙවේ
    ඊයේ ඔයා කිව්වා නේද සංචාරකයෙක් වෙන්න කැමති
    කියලා ..ඒත් මචන් එහෙම යන්න ගොඩක් සල්ලි ඕනේ
    නේද ? තැන්පත් ධනයක් වගේ ?

    ReplyDelete
    Replies
    1. සල්ලිත් ඕනේ තමා,ඒත් ගොඩක් අය යන්නේ දැන හැදුනුනුම්කම් ඇතිකරගෙන එතකොට වියදම් ටිකක් අඩුවෙනවනේ,ඒ අතරේම පොඩි පොඩි රස්සාවල් කරලා කීයක්‌ හරි හොයා ගන්නත් ඕනේ,මේ චිත්රපටුයේ විදිහට දැන්නම් කරන්න අමාරුයි.දැන් රටවල් අතර ගමනට නීති වැඩියිනේ

      Delete
  10. මේක මම බලල දැන් අවුරුදු 5ක් විතර වෙනවා. ඔයාගේ පොස්ට් එක නිසා මතකය අලුත් වුණා. අර ටෙන්ට් රෙද්ද අහසේ යන තැන තමයි මරු.

    ReplyDelete
  11. අද තමයි මෙහෙට ගොඩවුනේ. නියමයි.දිගටම එන්නම්.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...