Wednesday, March 6, 2013

මේ කවුද ? මොනවද කලේ ?

.http://vktraining.wordpress.com ,http://fabpretty.com/......

ඔන්න නෝනාවරුනි මහත්වරුනි මා අද ඔබලාට ඉදිරිපත්කරන්නේ පින්තුර ටිකක් සහ ගැටළු ටිකකි.කොටින්ම කිවහොත් පහල පින්තුරවල සිටින අය නම් කිරීමයි ඔබට කරන්න තියෙන්නේ.ඔබගේ පහන් සංවේගය උදෙසා ඉඟිවැකිද සපයා ඇත.බලමු කවුද හරියට කියන්නේ කියලා....


1 . අප්‍රිකානු ජාතිකයෙකි.කළු මිනිසුන් වෙනුවෙන් සටන් කල කෙනෙකි.පාපන්දු ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ අයෙකි.







   2 .1926 දී උපතලබා ඇත.විප්ලවවාදියෙකි.තවමත් ජීවතුන් අතර සිටී.








3. කුඩාකාලෙයෙදී කථන අපහසුතාවයෙන් පෙලුනෙකි.ජර්මන් ජාතිකයෙකි.නොබෙල් ත්‍යාග ලාභියෙකි.






4. ඇමෙරිකන් ජාතිකයෙකි.ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකි.කළු ජාතීන්ගේ සමානාත්මතාවය වෙනුවෙන් සටන් කල අයෙකි.




5. 1961 දී උපත ලබා ඇත.පසුකාලීනව මැයගේ කොන්ඩ විලාසිතාව ලෝකය පුරා ජනප්‍රිය විය.නිලියක් නොවේ.






6. ආසියාතිකයෙකි.වෙඩි තැබීමකින් මරණයට පත්විය.අල්පේච්චතාවය අගයකල අයෙකි.








7.එක්තරා අන්දමක "රජෙකි",අදටත් ජනප්‍රියය.මොහුගේ ඇදුම් විලාසිතා එකල මහත්ලෙස ජනප්‍රිය විය.දැනට ජීවතුන් අතර නැත.


8.මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වූ අයෙකි.ලතින් ඇමෙරිකානු ජාතිකයෙකි.







 9.ලෝක ප්‍රසිද්ධ නළුවෙකි.මොහුගේ තොප්පි විලාසිතාව දුටු පමණින් ඕනෑම කෙනෙකු මොහු හඳුනයි.







10.ඇල්බේනියන් ජාතිකයෙකි.සමාජ සේවිකාවකි.නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා ඇත.







11. ලෝකයේ දැනට සිටින හොදම ව්‍යවසායකයෙකි.ඇමෙරිකන් ජාතිකයෙකි.





12.ඇමෙරිකාවේ එක් ප්‍රාන්තයක ආන්ඩුකාරවරයෙකි.උපතින් ඔස්ට්‍රියන් ජාතිකයෙකි.







13.දැනට ජීවතුන් අතර නැත.විටෙක ලෝකයේ ජනතාවගේ ආදරයටත් තවත් විටෙක ජනතාවගේ පිළිකුලටත් ලක්වූ අයෙකි.



14.පේටන්ට් බලපත්‍ර 1093 ක හිමිකාරීත්වය දරයි.









15.[දකුණු පස සිටින ළමයා]ලෝක ප්‍රසිද්ධ නළුවෙකි.දැනටත් ජීවතුන් අතර සිටී.මොහුගේ මව[චායාරුපයේ සිටී] කාන්තා මල්ලවපොර ශුරියෙකි.එම ආභාෂය පුතාටත් ලැබී ඇත.


ඇතිනේ.......හරි උත්තර සිකුරාදා හෝ සෙනසුරාදා බලාපොරොත්තුවන්න.....................

හරි උත්තර publish වන්නේ පසුව බව කාරුණිකව සලකන්න...

චායාරුප අන්තර්ජාලයෙනි...


10 comments:

  1. 1.මැන්ඩෙලා
    2.ෆිඩෙල් කස්ත්‍රෝ
    3.ඇල්බට් අයින්ස්ටයින්
    4.මොහොමඩ් අලි
    5.ඩයනා කුමාරි
    6.මහත්මා ගාන්ධි
    7.එල්විස් ප්‍රෙස්ලි
    8.හියුගෝ චාවේස්
    9.චාලි චැප්ලින්
    10.තෙරේසා මව්තුමිය
    11.බිල් ගේට්ස්
    12.අර්නොර්ල්ඩ් ස්වාසනේගර්
    13.තෝමස් අල්වා එඩිසන්
    14.සිල්වෙස්ටර් ස්ටැලෝන්

    ReplyDelete
  2. 13 වෙනියා නම් මයිකල් ජැක්සන්. අනිත් අය නම් ටිකක් විමසිල්ලෙන් බලල තමයි අදුරගන්න වෙන්නේ..

    ReplyDelete
  3. මානවකගේ 5,6,7 නම් හරි වගේ ඒත් පොඩි අංක මාරුවක් වෙලාවගේ...

    ReplyDelete
  4. 1) නෙල්සන් මැන්ඩෙලා
    2) ෆිදෙල් කස්ත්‍රෝ
    3) ඇල්බට් අයින්ස්ටයින්
    4) කැෂියස් ක්ලේ හෙවත් මොහොමඩ් අලි
    5) ඩයනා කුමරිය
    6) මහත්මා ගාන්ධි
    7) එල්විස් ප්‍රෙස්ලි
    8) හියුගෝ චාවේස්
    9)චාලි චැප්ලින්
    10) තෙරේසා මව්තුමිය
    11) බිල් ගේට්ස්
    12) ආනල්ඩ් ස්වාසනේගර්
    13) මයිකල් ජැක්සන්
    14) තෝමස් අල්වා එඩිසන්
    15)සිල්වෙස්ටර් ස්ටෙලෝන්

    ReplyDelete
  5. කට්ටිය උත්තර දීලනේ...

    ReplyDelete
  6. ගූගල් තියන කල් හොඳයි :D

    ReplyDelete
  7. උත්තර බලන්නම එන්නම්කෝ..

    ReplyDelete
  8. මාත් උත්තර බලන්න එන්නම්කෝ

    ReplyDelete
  9. හුටා....නෙද්දකින් ඊයේ රෑ post එක දැම්මාට comment moderation දාන්නට අමතක විය.මානවක සහ තීර්තයාත්රිකයා ගම කාලාය.තීර්ථ යාත්‍රිකයා හරිය.මානවකත් හරිය නමුත් අග හරියේ පොඩි පටලැවිල්ලක් නම් වෙලාය.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...