පින්තුරය ගත්තේ - http://wallybastiansz.com/
ඔන්න අද ලියන්න යන්නේ රජෙක් ගැන.නිකම්ම නෙමෙයි බයිලා රජෙක් ගැන.ඒ තමයි ලංකාවේ බයිලා රජු ලෙස විරුධාවලි ලත් වොලී බැස්ටියන් ගැන.එහෙනම් වටේ යන්නැතුව කෙලින්ම කතාවට වැටෙමුකෝ නේද...
1914 ජුනි 9 වෙනිදා ගාල්ලේ පියදිගමදී තමයි වොලී බැස්ටියන් උපත ලබා තිබෙන්නේ.වොලී බැස්ටියන් නමින් ප්‍රසිද්දවුනත් ඔගස්ටස් මර්තෙනිස් බැස්ටියන් නමින් තමයි බවුතීස්මය ලබලා තියෙන්නේ.පවුලේ සහ ලග නෑදෑයන් ආදරයට "ඔලී" යනුවෙන් ඇමතීම තමයි පසුකාලේයේදී සංගීත ක්ෂේත්‍රයේදී "වොලී "වෙලා තියෙන්නේ.
වයසින් වැඩෙත්ම රැකියාව ලෙස වොලී තෝරාගෙන තියෙන්නේ පොලිස් නිලධාරියෙක් වෙන එක.පොලිස් නිලධාරියක් ලෙස රථවාහන පොලිසියේ තමයි සේවය කරලා තියෙන්නේ.සංගීත භාණ්ඩ වශයෙන් ගිටාරයට,බන්ජෝ සහ වයලීනය තමයි ඔහුගේ ප්‍රියතම සංගීත භාණ්ඩ වෙලා තියෙන්නේ.
මුල් කාලයේ ඉංග්‍රීසි ගීත ගැයුවත් 1940 දී පමණ බයිලා සංගීත ශිල්පය වර්ධනය කිරීමට වොලී සෑහෙන මහන්සිවෙලා තියෙනවා.ඒකෙ ප්‍රතිපල සාර්ථකවුනා.කොයිතරම්ද කියනවනම් අදටත් සෑහෙන ජනප්‍රිය සින්දු වන "යමන් බන්ඩෝ වෙසක් බලන්න", "හායි හූයි බබී ආච්චිගේ බයිසිකලේ", "නර්ස් නෝනා", "අයිරින් ජොසපින්", "මුහුදේ යමු මසුන් මරන්න", "රටක් වටිනවා මගේ මව්පියෝ දෙන්නා", "වදකහ සුදිය" යනාදී ගීත සියල්ලම ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ.වොලිගේ බයිලා කලාවට මූලික ආභාෂය වෙන්න ඇත්තේ කපිරිඤ්ඤා සංගීතය කියලා තමයි හිතන්නේ.
මුල් කාලයේ ඉංග්‍රීසි ගීත ගැයුවත් 1940 දී පමණ බයිලා සංගීත ශිල්පය වර්ධනය කිරීමට වොලී සෑහෙන මහන්සිවෙලා තියෙනවා.ඒකෙ ප්‍රතිපල සාර්ථකවුනා.කොයිතරම්ද කියනවනම් අදටත් සෑහෙන ජනප්‍රිය සින්දු වන "යමන් බන්ඩෝ වෙසක් බලන්න", "හායි හූයි බබී ආච්චිගේ බයිසිකලේ", "නර්ස් නෝනා", "අයිරින් ජොසපින්", "මුහුදේ යමු මසුන් මරන්න", "රටක් වටිනවා මගේ මව්පියෝ දෙන්නා", "වදකහ සුදිය" යනාදී ගීත සියල්ලම ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ.වොලිගේ බයිලා කලාවට මූලික ආභාෂය වෙන්න ඇත්තේ කපිරිඤ්ඤා සංගීතය කියලා තමයි හිතන්නේ.
ගොඩ දෙනෙක් නොදන්නවා වුනාට "නර්ස් නෝනා" ගීතය ඔහු ගයා ඇත්තේ හෙද වෘත්තියේ යෙදුනු තමන්ගේ සහෝදරියක් වෙනුවෙන්.මෙලෙස ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයට මහගු සේවයක් කල ඔහු 1985 ජනවාරි 16 මෙලොවින් සමුගෙන තිබෙනවා.
අයිරින් ජොසපින් ............
මෙතනින් ගිහින් සින්දු සෙට් එකම අහන්න පුළුවන්.
[වීඩියෝ නෙමෙයි,ඕඩියෝ විතරයි,අඩු බයිට් ගානක් තියෙන අයටත් රසවිදින්න පුළුවන්]
[වීඩියෝ නෙමෙයි,ඕඩියෝ විතරයි,අඩු බයිට් ගානක් තියෙන අයටත් රසවිදින්න පුළුවන්]
ගීතය අහාල තිබුණට මෙච්ර විස්තර ඔහු ගැන දැනගෙන හිටියේ නැ.ස්තුතියි ඔබට.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔබේ දැනුමට දෙයක් ලබාදීම මගේ අරමුණයි..
Deleteමේ ගීත ඔක්කෝටම මම හරිම කැමතියි. වොලී බැස්ටියන්ගෙ බයිලා අහලා තිබුනට මේ තරම් විස්තර නම් දැනගෙන උන්නේ නෑ..
ReplyDeleteමේ අරක " කපිරින්නා " ද නැත්තම් " කපිරිඤ්ඤා " ද ?
හප්පේ ඇති යන්තම් "කපිරිඤ්ඤා" කියලා ටයිප් කරගන්න බැරුව හිටියේ ...හරියට "කොම්පඤ්ඤ" වීදිය වගේ,ඔන්න දැන් හැදුවා.තැන්කු ආ...
Deleteමම හිතන් හිටියේ වොලී බැස්ටියන් කියන්නේ පෘතුග්‍රීසි කාරයෙක් කියලා. මිනිහා සිංහලද ?
ReplyDeleteසිංහල නෙමෙයි ලංසි මං හිතන්නේ ,ඒ වුනාට සිංහල කතාකරලා තියෙන්නේ ,ඒ විතරක් නෙමෙයි දකුණේ පොරක්.
Deleteඔතන බර්ගර් කියල හඳුවන්වන්නෙ ඕලන්ද සහ
Deleteපෘතුග්‍රීසි ජාතීන් අතර විවාහයෙන් පැවතෙන පිරිස..
දැනට ලංකාවේ ලක්ෂයක් විතර හරියටම බර්ගර් පිරිස
ඉන්නවා ..අනික් අය දැන් ගොඩක්ම සිංහල වෙලා ..
40 ගණන් වල ගොඩක් දෙනා රට අත ඇරලා ගියා මව්
රටවල් වලට ..
ආ... මාත් මෙච්චරකල් දැනන් හිටියේ නෑ.ස්තුතියි සහන්
Deleteවොලී බැස්ටියන් ලක්ෂණට ගීත කියන්න ඇති....අපිට අද ඒ ගීත තියෙන නිසා ටිප් වල යනකොට බිව්වම ඒවා කියන්න අවස්ථාව ලැබිලා තියෙනවා..
ReplyDeleteබිව්වම විතරක් නෙමෙයි සෑම වෙලාවටම උචිතයි.දැන් කාලේ තියෙන "රම්බරි" වගේ අරුත්සුන් ගීත එක්ක බැලුවම මේවා කොච්චර වටිනවද ....
Deleteමටනම් වටින ලිපියක්
ReplyDeleteඅපූරු ලිපියක්.. ලංකාවට අලුත් දෙයක් හඳුන්වා දුන්න පුද්ගලයෙක්.. ඔහුට ගරු කළ යුතුයි...
ReplyDeleteඇත්ත වශයෙන්ම
Deleteයකෝ ගාල්ලේ පොරක් කියල ඔය කියනකන් දන්නැනේ, මන් හිතුවේ මොරටු සයිඩ් එකේ කියල
ReplyDeleteඇත්තම කියනවනම් ලිපියට කරුණු හොයද්දි තමයි මාත් දන්නේ ගාල්ලේ පොරක් කියලා
Deleteඅපේ ගමේ එකෙක්...වෑඩත් පුලුවන්..ගමත් ගාල්ල..නෑද්ද ඔලී..:)
ReplyDeleteහා....හා....
Deleteමගේ ප්‍රියතම ගීත වැඩිපුරක් බයිලා ගීත. ඩෙස්මන් ද සිල්වා, ඇම් ඇස්, නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස් මගේ ප්‍රියතම.
ReplyDeleteමගෙත්...
Deleteඅදටත් ලංකාවේ මඩකලපුව ප්‍රදේශයේ පෘතුගීසි ජනතාව ජීවත් වෙනව. එයාලා අදටත් එයාලගේ සංස්කෘතියට අනුව ජීවත් වෙනව. ගොඩාක්ම විනොදකාමී පිරිසක්. මම එයාලගෙ ගීත සජීවීව රසවිදල තියනව. නමුත් එයාල කැමති නෑ එයාලගෙ ගීතනු පිට යනවට. එයාලා කුළය ගැන ගොඩාක් හිතනව. ඔවුන් කියන්නෙ ඔවුන්ගේ ගීතනු සිංහල ගී සමග මිශ්‍ර වුනේ පුත්තලම් ප්‍රදේශයේ සිටි වහල් ජනතාවගෙන් බවය.
ReplyDelete