Friday, March 15, 2013

මකරා



ඔන්න ඉතින් කියන්න දෙයක් නැහැනේ.කවුරුත් දන්නා කෙනෙක් ගැන තමයි අද ලියන්න යන්නේ.කෙටියෙන්ම කිව්වොත් සුපිරි වැඩ්ඩේක් ගැන තමයි ලියන්න යන්නේ.ඒ තමයි Bruce lee.ඉතින් ගොඩ දෙනෙක් මෙයාව දන්නවා වුනාට වැඩිවිස්තර නම් දන්නේ නැතුව ඇති නේද?ඔන්න එහෙනම් බලන්නකෝ....

1940 නොවැම්බර් 27 වෙනි දින උපත ලබන මෙයාගේ මුල් නම වෙන්නේ Lee Jun-fan කියන නමයි.චීන නක්ෂත්‍රයට අනුව ලී ඉපදිලා තියෙන්නේ මකරාගේ වර්ෂයේ සහ එම දිනයේ මකරාගේ හෝරාවේදී.පසුකාලයේදී මකරා නමින් ලොව පුරා ජනප්‍රියවුනු ඔහුගේ උපතත් සමගත් මකරාගේ බැදී තිබීම අපූරුයි නේද?ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර china town හීදී උපත ලබන ලීට වයස මාස තුනක් වෙද්දී ඔහුගේ දෙමව්පියන් ඔහුත් සමග hong kong නුවරට පැමිණෙනවා.චීන ජාතික පියාටත් අර්ධ චීන ජාතික මවටත් දාව පවුලේ සිව්වැනි දරුවා විදිහට තමයි ලී උපත ලබන්නේ.

ලීගේ චීන නම වන Jun-fan හි තේරුම "ආපසු පැමිණීම" යන්නයි.තම පුතා නැවත ඔහු උපන් ඇමෙරිකාවට පැමිණෙයි යයි සිතු ලීගේ මව විසින් එම නම ඔහුට තබා තිබෙනවා.ඒ වගේම ඔහුගේ Bruce කියන නම තබන්නට ඇත්තේ ඔහු උපන් රෝහලේ දොස්තර විසින් යයි විශ්වාස කෙරෙනවා.තරුණ කලට එළබෙත්ම වීදි සටන් කිහිපයකටම මැදිහත් වූ ලී සටන් කලාවක් ප්‍රගුණ කලයුතුයි කියලා සිතන්නේ ලීගේ පියා විසින්.ඒ වගේම ලීගේ පළමු සටන් කළා ගුරුවරයා වෙන්නෙත් ඔහුගේ පියා.සටන්කලා ගුරුවරු කිහිප දෙනෙක් යටතේම සටන්කලා හදාරන ඔහු සමහර සටන්කළාවන්හි හොදම ශිෂ්‍යයා බවට පත්වුණු පළමු ආසියාතික නොවන පුද්ගලයා බවටද පත්වෙනවා.



කුඩා කල රගපෑ චිත්‍රපටියක් the kid

පාසලේදීත් "නරක ළමයෙකු" වුනු ලී නිරන්තරයෙන්ම වීදි සටන්වලට පෙලබීම නිසා නිරන්තරයෙන්ම පොලිස් අමෙරිකාවේ පවතී සටන් තරගාවලි රැසක් තමන්ගේ අනසකට ගන්නත් ඔහු සමත්වෙනවා.තමා උගත් සටන්කලාවන් එකතුකොට එමගින් Jeet Kune Do නමින් සටන්කලාවක් 1967 දී ඔහු විසින් හදුන්වා දෙනවා.




jeet kun do ලාංචනය 

මේ සියල්ලම කලත් ලෝකයම ඔහුව හදුනාගන්නේ ඔහුගේ සිනමා ආගමනයත් සමගයි.ඇත්ත වශයෙන්ම ඔහු ලමාකාලයේ සිටම තමන්ගේ පියා විසින් නිපයු චිත්‍රපටවල රගපා තිබෙනවා.වයස 18ක් වනවිට චිත්‍රපට විස්සක පමණ රගපා තිබුනත් ලෝකය ඔහුව හදුනාගන්නේ green hornet රූපවාහිනී කතාමාලාවේ රගපෑමෙන් අනතුරුවයි.ඒ වගේම long beach හි පවතී සටන්තරග වලදී ඔහුට ප්‍රසිද්ද අමෙරිකානු කරාටේ ශුරයෙකු වුනු chuk norris හමුවෙනවා.මේ දෙදෙනා අතර ඇතිවූ සටන් අදටත් බොහෝ දෙනාගේ මතකයේ රැදී පවතිනවා.කෙමෙන් කෙමෙන් චිත්‍රපටිවල රගපාමින් තමන්ගේ ජනප්‍රියතාවය ඉහල නංවාගත් ලී 1972 දී enter the dragon චිත්‍රපටියේ රගපෑමත් සමග තමන්ගේ ජනප්‍රියතාවයේ කූටප්‍රාප්තියට පත්වෙනවා.



පුතු බ්‍රෙන්ඩන් සමග 

ලී ගැන සදහන් කරන විට අනිවාර්යෙන්ම සදහන් කලයුත්තක් වන්නේ ඔහුගේ අතිමානුෂීය බලයි.එම කාලයේ සිටි බොහෝ සටන්කරුවන් ශරීරය ශක්තිමත් කිරීම පිළිබද නොසලකා හරියත් ලී තමන්ගේ ශිෂ්‍යයන්ට පවා මස්පිඩු ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය නිරන්තරයෙන්ම පෙන්වා දෙනු ලැබුවා.විශේෂයෙන්ම බඩේ මාන්ශපෙෂින් ශක්තිමත් කිරීම කෙරෙහි ලීගේ අවදානය වැඩිපුර යොමුවුනා.සමහරවිටකදී ඔහු ශරීරයට අධික වේදනා දෙන ව්‍යායාම්වල යෙදීමේදී ඔහුගේ දොස්තරලාගේ අවවාදපවා නොසලකා හැරියා.ඔහුගේ අදහසවුයේ "මිනිස් මොලය" ඕනෑම දෙයක් දරාගැනීමට හුරුවන බවයි.ඒ වගේම තවත් සටහන කලයුතු දෙයක් තිබෙනවා.එනම් ඇමෙරිකාවට සංක්‍රමණය වූ කාලයේ සිටම අධික ප්‍රෝටීන බහුල ආහාර මෙන්ම ශක්තිජනක ආහාරගනීමටද ලී පෙලෙබී තිබුනා.

enter the dragon චිත්‍රපටියේ හඩ කැවීම් අතර තුරදී ලී එක්වරම සිහිසුන්ව ඇදවැටෙනවා.1973 ජුලි 3 වෙනිදා game of death චිත්‍රපටියේ සාකච්චාවක් අතරතුර නැවතත් අසනීපවන ලී නැවතත් රෝහල ගතකිරීමෙන් අනතුරුව තම නිවසේදී 1973 ජුලි 20 වෙනිදා මෙලොවින් සමුගනන්වා.අදටත් විවාද සම්පන්න කාරනාවක් වන ලීගේ මරණය සම්බන්ධයෙන් සිනමා ක්ෂේත්‍රයට මෙන්ම ඔහුගේ සතුරු සටන් කණ්ඩායම් වෙතද ඇගිල්ල එල්ලවුනා.එමෙන්ම වැඩඅවසන් නොකළ game of death චිත්‍රපටිය ඇත්තටම ලීගේ game of death වුනයි කියලා තමා ගොඩදෙනෙක් අදටත් පවසන්නේ.ඔන්‍න‍ පල්ලෙහා තියෙනවා ලීගේ වැඩ ටිකක්.බලමු නේද????

නන්චක්කුවෙන් table tennis ගහන හැටි 



නන්චක්කුවෙන් ගිනිකූරු පත්තුකරන හැටි 



අතිමානුෂීය බලය - අගලේ මුෂ්ටි ප්‍රහාරය 



bruce lee vs chuck norris සටන් ජවනිකාවක් way of dragon චිත්‍රපටියෙන් 

වැඩිදුර විස්තර - http://en.wikipedia.org/wiki/Bruce_Lee

17 comments:

  1. කොහෙද බන් ගිහින් හිටියේ, අපි කවුරුත් ආස, ආදරේකරන පුද්ගලයෙක් ගැන හොද විස්තර ටිකක් දාල තියෙන්නේ, හොද පොස්ට් එකක්

    ReplyDelete
  2. ආ .. අමතක වුනා .. කෝබන් අර වීකෙන්ඩ් ප්‍රොජෙක්ට් එක, අනේ එක ආයි පටන් ගන්නකො

    ReplyDelete
    Replies
    1. මචෝ සම්පත් හිගයි.කොන්කිරිට් වනාන්තරයක ඉන්නේ.ගමට ගියවිගසා නැවත පටන්ගමි

      Delete
  3. ඉස්සර බෲස්ලිගේ සෝ බලලා එලියට එන්නේ කාට හරි ගහන්න බලාගෙන. පුදුම කරාටේ උනක් තිබුනේ ඒ කාළේ. මගේ ළඟ බෲස්ලි දාන ජාතියේ සපත්තු දෙකකුත් තිබුනා. ඒත් එක දවසක් හංදියේ වලියක් වෙලාවේ, කරාටේ මාස්ටර්ටයි අපිටයි ගැහුවා දුවනකන්. අනේ බෲස්ලිවත් හිටියනම්.

    ReplyDelete
    Replies
    1. හපොයි දෙයියනේ...මාතලංට වෙලා තියනදේ..රහසින්... මේ දන්නවද වැඩියම ගුටි කන්නේ මාස්ටර්ල තමා..

      Delete
    2. අපේ ජුං අලයත් ඔහොම සපත්තු දෙකක් දාං ගිහින් තමා අර කබරයා ස්ටයිල් එකෙන් වැඩ පෙන්නුවේ...

      Delete
    3. කස්ටියම වැඩ පෙන්නන්න ගිහින් ...තලාගෙන වගේනේ

      Delete
    4. නලින්, මාතලන්ගේ උඩ අදහස මතක තියා ගන්න. පස්සේ කාලෙක හොද මඩක් ගහන්න පුළුවන්....

      Delete
  4. හසරැල් මලයෝ..මාත් ගැටයා සංදියේ අතනොඇර බලපු චිත්‍රපටි තමා බෘස්ලිගේ ඒවා..ඒ වගේම ඒකාලේ තව ආසයි ජිම් කෙළි ගේ ඒවටත්.. අනගි විස්තර හා රුපරාමු ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඇයි චක් නොරිස්...

      Delete
    2. බුරුස්‌ ලී වගේම චක්‍ නොතාරිසුත් අපේ තාත්තගේ ප්‍රියතම නළුවෝ දෙන්නෙක්.හැබැයි ඔන්න අපේ තාත්තනම් වලිවලට ගිහින් නැහැ හොදේ

      Delete
  5. බෲස්ලීගේ පුතාටත් මේ වගේ ඉරණමක් නේද අත් වෙන්නේ ??

    ReplyDelete
    Replies
    1. පුතා මියයන්නේ චිත්‍රපට රූගත් කිරීමක් අතරතුර සිදුවුණු අත්වැරදීමකින් වෙඩි තැබීමක් නිසා,ඒකත් කුමන්තරනයක්ලු

      Delete
  6. මම ආසම ෆයිටර් කෙනෙක්... එක ෆිල්ම් එකක්වත් මිස් වෙලා නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාගේ ආරක්ෂක ඇමතිකම දෙන්න තිබුනා අදටත් හිටියනම්

      Delete
  7. enter the dragon (එන්ට ද ඩ්‍රැගන්) මම අහලා තියෙනවා “එන්ඩ එපා ඩ්‍රැගන්“ කියලා.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...