කස්ටියම ආසාවෙන් මගේ Going solo කතා පෙළ කියවන බව පේනවා.ඒක නිසා මේක දිගටම ඇදගෙන යන්න ඕන කියලා මට හිතුනා.මෙහෙම රස්සාව කරගෙන ඉන්නකොට අපිට හතුරුකම් කරන්න ආපු කස්ටියක් ගැනයි අද කියන්න යන්නේ.වෙණ කවුරුවත් නෙවි ඔය උඩ තියෙන පින්තුරේ ඉන්න කස්ටිය ගැන.
අපි හිටපු පැත්තේ මෙයාලගෙන්නම් අඩුවක් තිබුනේ නෑ.ඒක ඔයවගේ පැතිවල හිටපු dude,කෙන්ජි එහෙමත් දන්නවා ඇතිනේ.උදේ වැඩට යනකොට පාරපුරාම ස්ටිකර් ගැහුවා වගේ දෙතුන් දෙනෙක් අවසන් ගමන් ගිහින් ඉන්නවමයි.එහෙම වෙන්නේ රෑ කාලෙටත් තාරපාර රස්නේ නිසා පොලොඟු පාරට එනවා.එතකොට ඉතින් ලොකු වාහනේකට අහුවුනොත් ඉතින් සෙත්තපෝච්චි තමා.හැබැයි ඉතින් රබර් කෑලි වගේ නිසා පොඩි ත්‍රී වීල් ,ලෑන් මාස්ටර් වලට අහුවුනාටනම් මැරෙන්නේ නැති වුනුත් ඉන්නවා.කොහොමවුනත් කතාවට එමුකො.
බැංකුවල වැඩකරන අපි කොහොමත් ගෙදර එද්දී රෑ වෙනවා.ඒක ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ.3 ට 4 ට කස්ටමර්ලට දොර වැහුවට ඊට පස්සේ කරන්න දහසක් රාජකාරී තියෙනවා.විශේෂයෙන්ම දැනට වඩා ඒ කාලේ ඔක්කොම කොම්පීටර් කරලා නොතිබුණු නිසා හවසට කාලය යනවා වැඩියි.දවසේ ගනුදෙනු ඔක්කොම බැලන්ස් කරලා තමයි අපි එලියට බහින්නේ.එතකොට ඉතින් රෑ 8 ,9 වෙන වෙලාවලුත් තියෙනවා.ඔන්න ඔහොම දවසක අපි වැඩ ඇරිලා චමරියට යන්න පාරට බැස්සා.අපේ කා.කා.ස වුනු ගුණේත් ගෙදර යන්න අපිට ටිකක් ඉස්සරහින් ගමන්ගත්තා.අපි කොහොමත් ඒ පැතිවල ඉදිද්දී කස්ටමර්ලා ඉන්න වෙලාවට විතරයි සපත්තු එහෙම දාගෙන ඉන්නේ.විශේෂයෙන්ම ඒ කාලේ ඒ .සී කරලා එහෙම නොතිබුණු නිසා හවස් වෙද්දී සපත්තු දෙක ගලෝලා සෙරෙප්පු දෙකක් දාගෙන තමයි වැඩකරන්නේ.ගෙදර/චමරියට යන්නෙත් ඒ සෙරෙප්පු දෙක පිටින්.උදේට එනකොටත් සෙරෙප්පු දෙක දාගෙන ඇවිත් බැංකුවේ තියෙන සපත්තු දෙක දාගෙන වැඩකරනවා.
ඔන්න ඔහොම තමයි ගුණේත් හිටියේ.අපි මෙහෙම පාරේ අයිනේ යනකොට අපේ කනගාවින් වගේ උක්ගස් පටෝගත්තු ලොරියක් ගියා.ඒ වෙනකොට හිඟුරාන එහෙම වහලා නිසා ඒ පැත්තෙනුත් එන උක්ගස් ලොරි එන්නෙත් පැල්වත්තේ පැක්ටේරියට.ලොරිය ගුණේ පහුකරගෙන ගියා විතරයි.ගුණේ මහා හයියෙන් "බුදු අම්මෝ" කියාගෙනම බිම වැටුනා.අපි හිතුවේ ගුණේ ලොරියට හැප්පුනා තමයි කියලා.අපි හයියෙන් ගුණේ ගාවට දුවලා ගියා.මිනිහා කකුල බදාගෙන කෑ ගහනවා.
'මොකක්ද ගුණේ වුනේ? කකුල ලොරියට යටවුනාද ?
ගුණේ - මහත්තයෝ විගහට මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න.
අපිත් ටක්ගාලා පාරේ යන ත්‍රී වීල් එකක් නවත්තගෙන මෑන්ව ඉසිප්රිතාලෙට එක්ක ගියා.යන අතරතුරේ ගුණේම කලිසම ඉරලා රෙදි පටියකින් කකුල දනිස්සට පල්ලෙහින් හයියෙන් ගැටගහ ගත්තා.
ඉස්පිරිතාලෙට ගිහින් ප්‍රතිකාර කරාට පස්සේ තමා ගුණේ හරියටම වෙච්චි දේ අපිට කිව්වේ.උක්ගස් ලොරිය ගුණේ ගාවින් යද්දී ඒකෙ උක්ගස් අතරේ හිටපු තඩි පොලගෙක් ගුණේගේ ඇඟට වැටිලා තියෙනවා.වාසනාවකට වගේ පොළඟා ගුණේගේ ඇගට දශ්ට කරන්න වෙලා නෑ.කකුල මුලට වැටුනම කකුලට තමයි දෂ්ට කරලා තියෙන්නේ.කොහොමවුනත් ගුණේ ඒ පැත්තේම කෙනෙක් නිසා මීට කලින් කීප වතාවක්ම පොලොඟු දෂ්ට කරලා තියෙනවා.ඒක නිසා ඒ වගේ වෙලාවක වැඩ කරන්න ඕන විදිහ ගුණේ දන්නවා.අපිට එහෙම වුනානම් පොළඟා දැකලම පන යනවා.ගුණේ කලබල වුනේ නැහැ.ඒක නිසා ඇඟේ ලේ ගමනය වේගවත්වුනේ නෑ.කොහොමත් ඔය පොළොන් සර්ප විස හදවතට ගියාම ලේ කැටිගැහෙනවලුනේ.දෂ්ට කරපු තැනට උඩින් කකුල හයියෙන් ගැටගැහුවෙත් ලේ ගමනය අඩු කරන්න.කොහොමත් ඒ පැතිවල ඉස්පිරිතාලවලත් ඔය ඕවාට අවශ්‍ය එන්නත් එහෙම ලේස්ති කොරලාම තියෙනවා.කොහොමවුනත් ගුණේට ආපහු වැඩට එන්න පණක් කදක් ලැබුනේ ඊට සති දෙකකට විතර පස්සේ.
උක්ගස් අතරේ ඔය පොලොඟු හරියට ඉන්නවා.උක්ගස් කපන අයනම් දැක්ක තැන කැත්තෙන්ම උක්ගස් කපන්නා වගේ උන් දෙකට කපලා දානවා.උක්ගස් කපලා මිටි බැඳලා බිමදාලා තියෙද්දී ඒවා අස්සටත් මුන් රිංගනවා.අන්න එහෙම හිටපු එකෙක් තමයි ගුණේගේ ඇගට වැටිලා තියෙන්නේ.ගුණේ කියනවා "කොහෙවත් යන කරුමයක් මගේ ඇඟට වැටුනා කියලා".ඒකත් ඇත්ත තමා..
මේ කියන කතාවනම් අපිට වෙච්ච වැඩක් නෙවි.අපේ අසල්වැසි බ්‍රාන්ච් එකක හවස වැඩ ඉවරවෙලා සල්ලි ටික සේප්පුවේ දාන්න සේප්පු කාමරේට ගිහින් තියෙනවා.සල්ලි මිටි සීල් තියන්න අපි පාවිච්චි කරන ලාකඩ අපි උණු කරගන්නේ හොට්ප්ලේට් එකක් උඩ තාච්චියක් තියලා.ඒකට ලාකඩ කෑලි දාලා උනුවුනාම මේස හැන්දකින් ටික ටික අවශ්‍ය තැන් වලට වක්කර වක්කර සීල් තියෙන එකයි කරන්නේ.ඔන්න මෙහෙම සල්ලි සීල් තියෙන කොට එකපාරටම මේසේ යටට පොළගෙක් ඇදෙනවා ඒ බ්‍රාන්ච් එකේ කා.කා.ස. මල්ලි දැකල තියෙනවා.පොලඟට ගහන්න ලඟපාත දේකුත් නැති නිසා මෑන්ස් කරලා තියෙන්නේ එකපාරටම අර ලාකඩ තාච්චිය පොළඟාගේ ඇගට හලලා.ඌ එතනම පරලෝසපත්වෙලා වෙලා තිබුනා.අපායේ ලෝදිය හැලියට දැම්මා වගේ තමයි ඉතින්.සමහර අය කියවනවානේ සර්පයන්ට ටයිල් උඩ ඇදෙන්න බෑ කියලා.අමුලික බොරුවක්.බැංකුවේ පිටිපස්සේ දොර අස්සෙන් තමයි අරූ ඇතුලට ඇදිලා තියෙන්නේ.අපේ චමරියටත් එක දවසක් මාපිලෙක් ආවා.
දැන් ඔන්න පොලොඟු නිසා මට වෙච්චි සිද්දි.ඔය වගේ වැඩ ඇරිලා රෑ වෙලා චමරියට යන දවසක මම තනියම ගියේ.රෑ වෙලා යද්දී පාර කළුවර නිසා මම පොඩි ටෝච් එකක් ගහගෙන යන්නේ.ඒත් කල්පනාවක ගියපු නිසා පාරේ හිටපු පොළඟාගේ ලගටම එනකල් මම දැක්කේ නෑ.මගේ ජීවිතේ දැකපු ලොකුම පොළඟා තමයි ඒ.ඌ දැන් දරණේ ගහගෙන මගේ පැත්තට ස්..ස්...ගාලා මහා හයියෙන් පිඹිනවා.ඌව දැක්ක ගමන් මට එකපාරටම මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව ගියා.ආපහු හැරිලා දුවන්න හිතුනත් කකුල් දෙක ලොක්වෙලා වගේ.මං උගේ දිහා බලාගෙන ඌ මගේ දිහා බලාගෙන.මේ ටික කියන්න මෙච්චර වෙලා ගියත් මේ ඔක්කොම වෙන්න තප්පර දෙක තුනකට වඩා ගියේ නෑ.එකපාරටම තක්බීර්වෙලා වගේ හිටපු මගේ ඇඟේ වැදී නොවැදී ත්‍රී වීල් එකක් ඇවිත් අර පොළඟාව යටකරා.ඒකෙ හිටපු මල්ලි දනිපනිගලා ලී පොල්ලකුත් අරං එලියට බැහැලා පොළඟාව එළොව යැව්වා.එතකොට තමයි මට හරියටම සිහිය කල්පනාව ආවේ.ඒ ත්‍රී වීල් එකේ හිටපු මල්ලි මාව ත්‍රී වීල් එකෙන්ම චමරියට ගෙනත් බැස්සුවා.මං සල්ලි දුන්නත් හයර් එකවත් ගත්තේ නෑ.ඒ පැත්තේ ත්‍රී වීල්වල සමහර අය එහෙම ලී පොල්ලක් අරගෙන යනවා.ඒ ඉතින් පොලොන්ගුන්ට වැඩේ දෙන්නම තමා.ඒ මල්ලි එහෙ ඉන්නකලුත් දැනටත් මගේ හොදම යාළුවෙක්.මිනිහ සම්බන්ද රසකතා ටිකකුත් ඉස්සරහට ලියන්නම්.හැබැයි ඒ මෑන්ස් ගෙන් අහලා තමයි හොඳේ.
පයින් යන එක වෙලාව යන වැඩක් වගේම මේ වගේ අවධානමත් වැඩි නිසා මම ඊට දවස් දෙක තුනකට පස්සේ පුෂ් බයිසිකලයක් ගත්තා.අතේ සල්ලි එච්චර නොතිබුණු නිසා කඩේට සල්ලි දුන්නෙත් දෙපාරකට.මගේ පලවෙනි වාහනේ වුනු බයිසිකලේ ගැන වෙනම දවසක ලියන්නම්.මං එහෙං එනකොට මගේ බඩු බාහිරාදිය ඔක්කොම ගෙනාවත් බයිසිකලේ ගේන්න බැරිවුනා.මට ඒ ගැන තියෙන්නේ අදටත් දුකක්.මං අන්තිමට එහේ ගිය වෙලාවෙත් බයිසිකලේ චමරියේ තිබුනා.දැන්නම් තියෙද දන්නේ නෑ.
මට ඊළඟ සිද්දිය වුනේ බයිසිකලේ යද්දීම තමා.වැඩ ඇරිලා බයිසිකලෙන් චමරියට එද්දී කෝල් එකක් ආවා.බයිසිකලේ ඉදගෙනම කකුලක් බිම තියලා කෝල් එක ආන්සර් කරනකොටම එක පාරටම කකුලට මොකක්ද "ටොක්" ගාලා වැදුනා.බලනකොටම පොළොන් පැටියෙක් කකුල මුල.එදා වෙලාවට සපත්තු දාගෙන හිටපු නිසා ජීවිතේ බේරුනා.ඒත් ඉතින් ලොකු පොළන්ගේක් වුනානම් සෙත්ත පෝච්චි තමා.දෂ්ට කරාට කකුලට වැදිලා තිබුනේ නෑ.සපත්තුවේ යන්තම් හීරිලා වගේ තිබුනා.
මගේ ජීවිතේ වාසනාවන්තම සිද්දියක් ගැන තමයි ඊලගට කියන්නේ.ඇත්තටම එදා මම කොහොම බේරුනාද කියලා අදටත් මට හිතාගන්න බෑ.එදා සිකුරාදා දවසක්.ඒ සතියේ සෙනසුරාදා මට වැඩ වැටිලා තිබ්බ නිසා මම විතරයි චමරියේ හිටියේ.අනිත් අය ගෙදර ගිහිං.අපේ චමරියේ වතුර ටැංකියේ බෝල් වෑල්ව් එකක් නෑ.ඒක නිසා ටැංකිය පිරවුනාට පස්සේ මීටරේ ගාවින් කරාමේ වහන්න ඕන.මං එද්දී මීටරේ ගාවින් කරාමේ ඇරගෙනම ගෙට ආවේ.ඇවිත් ඇගපත හෝදාගෙන ටී වී බලනකොට ටැංකිය පිරිලා වතුට වැටෙන සද්දේ ආවා.මේ වෙනකොට හවස 6.30ට විතර ඇති.යාන්තමට තමයි එලිය තිබ්බේ.වතුර කරාමේ වහන්න මම චමරියේ දොරත් ඇරගෙනම එලියට බැස්සා.මීටරේ තියෙන්නේ ගේට්ටුව ගාව.චමරියේ ඉදන් මීටර් 15 - 20 විතර දුරින්.හුඩ් එක යට තියෙන එළියත් එතෙන්ට වැටෙන්නේ යාන්තමට.මම ඇවිත් පාත්වෙලා කරාමේ වහලා ආපහු යන්න හැරුනා.ස්....ස්...ස්...ගාලා වතුර කරාමේ ගාවින් සද්දයක් ආවා.මං හිතුවා කරාමේ හරියට වැහිලා නැතිව වතුර ලීක් වෙනවා තමයි කියලා.මම ආපහු හැරිලා කරාමේ තියෙන තැනට අත දැම්මා...බුදු අම්මේ...මගේ අතට හීතලට අහුවුනේ පොළඟාගේ ඇඟ.මම ආපහු අත ගසලා දාලා දිව්වේ කොහොමද කියලා මටම මතක නැහැ.මට කොහොම හරි ආපහු හොද කල්පනාව එනකොට මම චමරිය ඇතුලේ සැටිය උඩ.
ඉස්සෙල්ලම බැලුවේ පොළඟා දෂ්ට කරාද කියලා.දෙය්යන්ගේ පිහිටෙන් එහෙම වෙලා නෑ.මට තාමත් හිතාගන්න බෑ එහෙම වුනේ කොහොමද කියලා.මං හිතන්නේ ඌ දෂ්ට කරාට වැදිලා තියෙන්නේ වතුර මීටරේට වෙන්න ඕන.ඒක තමයි මට හිතාගන්න පුළුවන් එකම දේ.මං කලින් වතුර මීටරේ වහද්දි තමයි ඌ එතනට එන්න ඇත්තේ.ස්..ස්..ස්..ගාලා වතුර ලීක්වෙනවා වගේ මට ඇහුනේ ඌ පිම්බපු සද්දේ.මම දොර අරින්නේ නැතිව ජනේලේ ඇරලා ගේට්ටුව දිහාට ටෝච් එක ගහලා බැලුවා.මූ ඉන්නවා තාමත් එතන.සෙරෙප්පු දෙකත් මගේ අතේ තිබුණු ටී වී එකේ රිමෝට් එකත් තාම වතුර මීටරේ ගාව බිම.පහුවෙනිදා උදේ තමයි ඒ දෙක ගන්න ගියේ.මිනිහෙක්ගේ අඩ්රිනලින් හෝමෝනේ වැඩකරන හැටි මං එදා තමයි හොදටම අත්දැක්කේ....හප්පේ මතක වෙද්දීත් මයිල් ස්මයිල් වෙනවා.....
අදට ඇතිනේ...තව කතා ඉස්සරහට...
ටටා...
කොයි අයියත් ඔහොම වෙලාවට ගැස්සෙනවා තමයි
ReplyDeleteඅඩේ මං අද එක වෙලා
Deleteමගේ උණුසුම් සුබ පැතුම්...
Deleteඅපේ මෑන්ගෙ පස්සෙ කොච්චර සර්පයියො ආවත් මේකෙ ඉස්සෙල්ලම අත්දැකීම වින්දෙ මම. මේකෙ පළවෙනි කොටසෙ කියන විදියට මිනිහව බුත්තලට කැන්දාගෙන යාම බාරවුනේ මටනෙ. ඉතින් ඔය කියන දවසෙ චමරියට යනකොටත් සර්පයිස්ල දෙන්නෙක් විතර පාරෙ ස්ටිකර් වෙලා හිටිය.
ReplyDeleteකරුමෙ කියන්නෙ පහුවදා උදේ පාන්දර බස් එකේ මම කොළඹ යන්න හිටියෙ. මාත් මොනරාගල පැත්තෙ එක්ස්පීරියන්ස් තියෙන මිනිහ හින්ද මමත් දන්නව ඕකුන්ගෙ රස හොදට. චමරියෙ ඉදන් බස්ස්ටෑන්ඩ් එකට මම ගිය විදිය දැනගන්න ඕන නම් ස්කූබි ඩූ බලන්න.
ඕවා ඉතින් අපිට හිතාගන්න බෑ.තමන්ගේ බ්ලොග් එකේ ලියන්නයි තියෙන්නේ...
Deleteහිතා ගන්න අපි දන්නේ කොහොමද...ලියමු බලන්න
Deleteමන් දවසක් අපේ ගෙදර මෙසේ වැඩක් කර කර ඉද්දි මට තේරුණා මා දිහා කව්රු හරි බලන් ඉන්නවා බව.( අපි දිහා කෙනෙක් බලන් ඉන්නකොට නිකම්ම තේරෙන්නේ..අන්න ඒ වගේ ) මන් හෙමීට කර කර හිටපු වැඩේ නවත්තලා ඔලුව කෙළින් කරා... බලද්දී දරණ ගහගෙන යෝධ නයෙක්..ටික වෙලාවකින් ඌ ඇදිලා ගියා ජනේලෙන් එළියට...
ReplyDeleteඋගේ ඇස් දෙක තාමත් මතකයි මට...
බුදු අම්මේ.....ඇඟ හිරිවැටෙනවනේ ....
Deleteඔන්න ඇරියා නයෙක්
Delete@බතලි ++++++++++++++
Deleteඔවුවට එන්න එපා ඉදගෙන ඈ තාත්තට කියනවා
Deleteමුන් මේ අස්සේ ලව් කොරන්න තියාගත්තද?ඒවා මගේ ඒරියා එකෙන් පිට හොඳේ.මට ඕවට වගකියන්න බෑ
Deleteඋඹ පොළොං විමානෙකනේ බං හසරැල්ලෝ ඉඳලා තියෙන්නේ. ඇත්තටම එක පුද්ගලයෙකුට ඔයතරම් සර්ප අත්දැකීම තියෙනවා මම ඇහුවමයි. මේ මම කියන්නේ සර්පයින් සම්බන්ධ රාජකාරි කරන උන් අතෑරලා. උඹ එහෙන් ආපු එකමයි හොඳ. මොකද මට පේන්නේ උඹේයි සර්පයින්ගෙයි අතරේ මොකක්දෝ සංසාරගත බැඳීමක් තියෙනවා වගේ. :D
ReplyDeleteමම හිටපු අම්පාරට අයිති දෙහිඅත්තකණ්ඩිය පැත්තේ වැඩිපුරම හිටියේ හබරා කියලා එකෙක්. ඇත්තටම කිව්වොත් බං, මමත් හරිම අකමැති, බය, හිරිකිත ජාතියක් තමයි සර්පයෝ. ඒ හන්දම මම ටෝර්ච් එකක් නැතිව එළියට බහින්නේ නෑ. අනික අපි හිටපු කවාර්ටර්ස් සීලිං ගහලා, සර්පයන්ට එන්න බැරි විදියට තමයි හදලා තිබ්බෙත්. ඔය දොරට යටින් එන්න ඉඩක් තිබ්බෙත් නෑ. ඒ නැතත් අපි දොරේ අඩියට ගානට කපපු රීප්ප පටියක් තියලා සීල් කරනවත් .
සර්ප විමානයක් නේන්නම්.ඒත් ඉතින් තාම මැරුවේ එක මාපිලෙක් විතරයි.ඒ කතාවත් හිතුනොත් පස්සේ වෙලාවක කියන්නම්.
Deleteදෙහිඅත්තකන්ඩියේ මාත් හිටියා කාලයක්, කජුවත්ත ෆාර්ම් එකේ ...සර්පයෝ,ගෝනුස්සෝ එහෙම හුරතලේට ඇතිකළා වගේ, මම ඉස්සෙල්ලම සුදු නයෙක් දැක්කේ දෙහිඅත්තකන්දියේදී ...
Deleteවියලි කලාපයේ සර්ප ගහනය වැඩියිනේ කොහොමත්
Deleteoya mara pin karayekne
ReplyDeleteසමහරවෙලාවට එහෙම හිතෙනවා
Delete/* හවස් වෙද්දී සපත්තු දෙක ගලෝලා සෙරෙප්පු දෙකක් දාගෙන තමයි වැඩකරන්නේ.ගෙදර/චමරියට යන්නෙත් ඒ සෙරෙප්පු දෙක පිටින්.උදේට එනකොටත් සෙරෙප්පු දෙක දාගෙන ඇවිත් බැංකුවේ තියෙන සපත්තු දෙක දාගෙන වැඩකරනවා. */
ReplyDeleteඑතකොට මේස්?
ඒවා හවසට හෝදලා ගබඩා කාමරේ ජනේලේ වනලා යන්නේ.අපි බැංකුවේ ඇතුලෙදි නාපු හැටි ඉස්සරහට කියන්නම්.
Deleteහෝදන්නෙ නැතිව වනලා ගියා නම් සර්පයෝ එකෙක් වත් පැත්ත පලාතක එන්නෙ නැහැ.
Deleteෂික්...ඕක අපිට හිතුන්නැති හැටි
Deleteසර්ප විමානයක්නෙ හසරැල්... මාත් සර්පයන්ට නං මාරම බයක් තියෙන්නෙ... ඒත් මොකද්ද හේතුවකට සර්පයෝ දැක්කම දුවන්න බෑ... කෑ ගහන්නත් බෑ... ගල් ගිල්ල වගේ ඉඳලා එකපාරක් නයෙක්ගෙන් බේරුනා... පස්සෙ දැනගත්තෙ දිව්වොත් තමයි නයාට පේන්නෙ කියල.. උන්ට කන් ඇහෙන්නෙ නෑ ලුනෙ...
ReplyDeleteමටත් ඕකම තමා වෙන්නේ.ඒත් සමහරවෙලාවට මගේ ඇඟ ඇතුලේ ඉන්න වෙනත් කෙනෙක් මාව බේරාගන්නවා.
Deletemඅටත් තියෙනවා පොඩි පොලොන් කතාවක්. ඈ........ බං සිරාවට උඹේ වයස කීයක් විතරද?
ReplyDeleteඈ...බං සර්පයෝ කනකොට වයසත් බලලද කන්නේ ...
Deleteඋඹල බැංකුවෙ ගණුදෙනු කලේ පොළොංගුත් එක්කද?
ReplyDeleteඅපේ ගෙදරටනං එන්නෙ නයි තමයි. හැබැයි බළල් හමුදාවක්ම ඉන්නව උංව ආංබාං කරගන්න.
ඔය උක්ගස් එක්ක ගෙනියන සර්පයො එක්කම උක්ගස් මැෂිමට දාල අඹරනවයි කියල මම අහල තියෙනව.
අපේ ගෙදර ගාවත් ඉස්සර මුගටි ජෝඩුවක් හිටියා.දැන්නම් නැහැ.
Deleteඅපේ උන් සීනි කන එක නතර කරයි කියලා මම ඕක කිව්වේ නැත්තේ.අනේ ඔන්න අපිනම් ඕවට වගකියන්නේ නෑ
අනෙ අම්මෝ සර්පවිමානයක්නෙ. මං නම් සර්පයන්ගෙ නම් කිවුවත් බයයි. පෝස්ට් එක කියෙවුවෙත් කකුල් දෙක උස්සන්. හි..හි...
ReplyDelete;-)
මාත් එහෙම තමයි අනේ.මේක ලිව්වෙත් කකුල් දෙක උඩ තියාගෙන
Deleteඅම්මෝ ,, මන් හරි බයයි ,අප්පිරියයි සර්පයින්ට ,, දවසක් මගේ හෙල්මට් එක ඇතුලේ එකෙක් සැපට නිදාගෙන හිටියා එදයිනං පස්සේ හෙල්මට් එක අල්මාරියේ දැම්මේ බයට
ReplyDeleteඅප්පොස්සියේ....එතකොට බයිසිකලේ අල්මාරියේ දැම්මේ නැතෙයි...
Deleteත්‍රීවිල් මල්ලි නම් නියම කොල්ලෙක් මච්න්.ගොඩක් වාහන යන්තම් ස්ලොව් කරනව විතරයිනෙ..ඇත්තම කතාව ඔය ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් උන්ගෙ ඇතුල හොදයි බොහෝ විට කොලඹින් පිට..හැබැයි මෙයාලගෙ වාහන පැදවිම නම් කතා කරල වැඩක් නෑ.
ReplyDeleteඇත්ත මචං.මාත් උඹ කිව්ව හැමදේටම එකඟයි
Deleteස්තූතියි බන්.
Deleteහසරැල්ලක් දැන් තමයි නැගලම යන්නෙ...උඹේ මේ කථා සෙට් එක මරු...ලියන විදියත් අපූරු නිසා කම්මැලි නැතුව කියවන්න පුලුවන්...
ReplyDeleteමම නම් පුදුම භයයි සර්පයන්ට...ඒ අතරිනුත් පොළගුන්ට.....අපි ඒ දවස් වල උසස් පෙළ පන්ති ගිය ගම්පහ තියෙන විශාලම පන්තිය පිටිපස්සෙ තියෙන්නෙ වෙල් යායක්...මේ පන්ති කාමරේ ඇතුලෙ ඉදලා නිවාඩු දවසක ඉතාමත් විශාල පොළගෙක් මරලා තිබුනා ....මම දැනට දැකලා තියෙන විශාලම පොළගා...ළමයි 3000 විතර ඉගෙනගන්න මේ පන්තියට ළමයි ඉන්න වෙලාවක මේකා රිංගුවා නම් සෑහෙන විනාශයක් වෙනවා...පොළගගෙ දත් තියෙන්නෙ සිහින් වක් හැඩයකින්...ඒවා අපේ සමේ අන්තිම ස්ථරය දක්වාම සිදුරු කරන නිසා විෂ ඉතාමත් ඉක්මනින් ශරීරය පුරා පැතිරෙනවා...නයා දෂ්ඨ කලාට වඩා පොළග දෂ්ඨ කලාට පස්සෙ දෙන ප්‍රතිවිෂ වලින් පස්සෙ ලෙඩා ගොඩ ගියත් අතුරු ආබාධ කීපයක් ඉතුරු වෙනවා කියලයි කියන්නෙ...ඉන් එකක් තමයි හවස 6 වෙද්දි පෙනීම අඩුවීම....ගොඩාක් අය නයා කියන උග්‍ර විෂ සහිත සර්පයා මරන්නෙ නැතුව නිදහස් කරනවා.. එසේ කරන්නෙ නයා හේතුවක් නැතුව...ඒ කියන්නෙ ඌව පෑගුනොත් හෝ ඌට බාධාවක් නොකලොත් දෂ්ඨ කරන්නෙ නැති නිසා...ඒත් කිසිම කෙනෙක් පොළගට සමාව දෙන්නෙ නෑ...මේකා පිස්සු බල්ලා වගේ හැරුනු හැරුනු අතට කනවා කියලයි කියන්නෙ...අපේ පැත්තෙ පොළගා ඉතාම අඩු උනාට නැත්තෙමත් නෑ...වතාවක් ගොයම් කපන වෙලාවක දෑකැත්තට අහුවෙලා දෙකඩ වෙච්ච පොළගගෙ හිස පැත්ත ගොයම් කපපු මිනිහගෙ අතට දෂ්ඨ කලා....
උඹට භය හිතුනෙ නැද්ද බන්....උඹ ඉදලා තියෙන්නෙ පොළොං පුරයකනෙ...
විෂඝෝර සර්පයා අතනාරු මෝඩයා කියන්නේ නිකන්ය.
Deleteමම දැක්ක ලොකුම පොළගට කකුල් දෙකකුත් තිබ්බා බාන්ස්....... ඒ මදිවට ඌ කතාකරෙත් සිංහල
ReplyDeleteමොකක්....අද මුකුත් පානය කලාවත්ද ?
Deleteකියවනකොටත් ඇඟ හිරිවටෙනව බං බොලා ඉඳල තියෙන්නෙ සර්ප පුරයකනේ
ReplyDeleteඑකනේ...හැලපය්යේ.ඔය පැත්තේ හිටපු ඕන කෙනෙක් සාක්කි දෙයි මේවට
Deleteඋබට දශ්ට නොකරන්නෙ උන් මැරෙන්න බයට
ReplyDeleteහෙහ්..හෙහ්..එහෙම කතාවකුත් තියෙනවා.පස්සේ වෙලාවක කියන්නම්
Deleteසර්පයො ගැන විස්තර කරන කදිම වීඩියෝවක් ....
ReplyDeletehttp://www.youtube.com/watch?v=ZL7tIOhkH08#t=272
බලන්න බයයි
Deleteසර්ප ගුහාවක්නේ බං.. මට නම් පෙන්නන්නම බැරි ජාතියක් තමයි..
ReplyDeleteසර්පයෝන්ට ආස වුනුත් ඉන්නවද බං
Deleteසිකේ අර උක් ගස් ලොරියෙන් උක් ගස් ඇද්දේ නැද්ද බන්.... මොනවා උනත් මටනම් සර්පයෝ පෙන්න බෑ හිරිකිතයි හැබැයි කට්ටිය කියනවා උන් ගොඩක් පිරිසිදුයි ලු
ReplyDeleteපොලොඟු අතරේ උක්ගසුත් තිබ්බා මයේ හිතේ
Deleteමන් නම් ඔය සර්පයින්ට ලොවෙත් බය නැතුන්....(කස්ටිය ඉද්දි නම් බය නෑ වගේ පෙන්නනවා,ඇත්තටම මන් බයයි හොදේ)
ReplyDelete....අපේ ගෙවල් පැත්තේ මනුස්සයෙක් ඉන්නවා මිනිහව කාලම තියෙන්නේ පොලොන්ගුලු ඇත්තද බොරුද මන් දන් නෑ හැබැයි මිනිහා තාම ජිවත් වෙන්නේ අපේ ගමේ මිනිහට ගමේ මිනිස්සු පෙට් නේම් එකක් එහෙම දිලා තියෙනවා.....පොලගා කියලා...පවුලේ කට්ටියවත් හදුන්වන්නේ පොලගා කෑල්ල ඉස්සරහට දාලා. එකෙත් හැටි ඕං....
එහෙනම් අපේ ගුණේත් පොලගෙක් තමා ...මිනිහත් පොලොඟු කාලා තියෙනවා පස් වතාවක් විතර
Deleteනයි අරින්නේ නැතුව පොළොංගු ගැන කතා කරමු... :D :D
ReplyDeleteඅපි නයි අරින්නේ නෑනේ මල්ලි......
Deleteඅම්මෝ මේක කියෙව්වේ කකුල් දෙක පුටුව උඩ තියාගෙන...:D
ReplyDeleteමං මේක ලිව්වෙත් කකුල් දෙක කරේ තියාගෙන
Deleteසර්ප වෙද මහත්තයෙක් ළඟට ගිහින් කාට හරි සර්පයෙක් කෑවා කිව්වම පණිවිඩේ අරන් එන එක්කෙනාට ගහනව ලු. ඒ කෙනා දක්වන ප්‍රතිචාරයෙන් ලු ලෙඩාට කාපු සර්පයා අඳුන ගන්නේ. මම මෙහෙම අහල තියනවා. ඇත්ත ද මන්දා.
ReplyDeleteපණිවුඩේ ගෙනියන කෙනා ගුටිකාලා ආපහු හැරිලා වෙද මහත්තයාට ගැහුවොත් අනිවාර්යෙන්ම කාල තියෙන්නේ පොළඟක්ලු
Deleteමේ ගමට බැරි වෙලාවත් යන්න අදහසක් නම් නෑ. ඒක හින්දා ගමේ නම කීවා නම් අගෙයි.
ReplyDeleteමේක කියවපු දවසේ ඉඳන් තවමත් රෑට හීනෙන් මර පොළඟා පේනවා.
මේ කතා සීරිස් එක මුල ඉදලම කියෙව්වනම් ගම හොයාගත්තහැකි...
Deletebudu ammo...ehe nai ehema hitiye nadda?
ReplyDeleteනයයි පොලඟයි වයිරයිළු නේද...ඒක හින්දමද මන්දා එක නයෙක්වත් හිටියේ නෑ.ඒත් දවසක් මාලිගාවිල පත්තෙදිනම් නයෙක් දැක්කා
Deleteමේක පච කෙලින කැත.... ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ලස්සනට පච කෙලින හැටි කියා දියන්කෝ...
Deleteඔය කතා ටික ඉස්සර ඔයා අපිට කියනවා අහල තිබුනත් ආපහු ඒ ටික අලුතෙන් වගේ කියෙව්වේ...මකුළුවෝ ගැන ලියන්නේ නැතුව ඕන සර්පයෙක් ගැන ලියන්න හොඳේ
ReplyDeleteමකුළුවෝ ගැනත් ලිව්වනම් හරි...
Deleteසර්පයෝ කිව්වාම ඇඟ හිරිවැටෙනවා බන්. අරාබියේ පැත්තේ ඉන්නකොට කෑම්පින් ගියාම හෙන බයේ ඉන්නේ. කාන්තාරේ ඉන්නවලු බං හරි විස එවුන්.
ReplyDeleteදවසක් ගමේදී අපි අවුරුදු උත්සව සංවිධානය කරනකොට පාරේ ගිය වෙලාවක අපේ යාලුවෙක් කෑ ගැහුවා උගේ ඇත උඩින් සර්පයෙක් පැන්නා කියලා. අපි හිතුවේ බොරු කියලා. බැලුවම උන්ට බොහෝ දුර පනින්න පුළුවන්. ඩිස්කවරි එකේ පෙන්නුවා මේ විෂඝෝර එවුන් අල්ලන හැටි. පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙනවා.
ReplyDelete