කොහොම කොහොමහරි අලුත් තැන ජීවිතෙත් පටන්ගන්න වුනා.හැබැයි ඉතින් සමහර දේවල් අපහසුවුනා වගේම සමහර දේවල් ඉස්සරට වඩා පහසුවුනා.මං කලින් කිව්වනේ අලුත් තැන තිබ්බේ අපේ සබ්බ්රාන්ච් එකක් කියල.ඉතින් ඒ හින්දම සේවකයින් දෙන්නෙයි ආරක්ෂක මහත්තයයි විතරයි රාජකාරි කෙරුවේ.පහසුකම් එහෙමත් සෑහෙන්න අඩුවෙන් තමයි තිබුනේ.හැබැයි තනියම හිතලා මතලා වැඩකරන්න නිදහසනම් ලැබුනා.
පහසුකම් අතින් කිව්වම ඉස්සෙල්ලම මතක්වුනේ කරන්ට් එක ගැන.ඕයි කාලේ ඒ පැත්තේ නිතරම කරන්ට් එක යනවා.ඉතින් ඒ වෙලාවට කරන්ට් එක ඉක්මනට එනවද නැත්ද කියලා බලං ඉන්න එක තම ගොඩක් වෙලාවට කරන්නේ.ඉක්මනට කරන්ට් එක ආපහු ආවොත් ගොඩ.නැත්නම් ඉතින් සදා සොත්ති තමා.එහෙම කිව්වට අපේ බ්‍රාන්ච් එකේ ජෙනරෙටරෙකුත් තිබ්බා.ඒක හැබැයි සුද්දෝ ලංකාව අතැරලා ගියපු කාලේ එකක්.ඩීසල් ජෙනියක්.හැබැයි ඔටෝ ස්ටාර්ට් වෙන්නේ නම් නෑ.ලෑන් මාස්ටරේ වගේ අතින් කරකෝලා තමයි ඉස්ටාට් කරන්න ඕන.හැබැයි ඉතින් මෙලෝ පුතෙකුටනම් ලේසියෙන් ඕක ඉස්ටාට් කරන්න බෑ.අපිට ඕක හැමදාම ඉස්ටාට් කරලා දුන්නේ බැංකුවට එහා පැත්තේ හෝටලේ මල්ලි.මිනිහා ඇගේ වීරිය ඔක්කොම දාලා හයියෙන් හය්යෙන් පුලිය කරකෝලා එකපාරටම හැන්ඩ්ල් එක අහකට ගන්න දස්සයා.වැඩේ තියෙන්නේ උගේ උජාරු කමට ඌ මට ඕක කියලා දුන්නේ නෑ හරියට.ඒක නිසා පරඩල වගේ හිටපු මට ඕක කවදාවත් ඉස්ටාට් කොරගන්න හම්බුනේ නෑ.
දවසක් උදේම කරන්ට් එක කපලා තිබ්බා.එදා දවසම කරන්ට් එන්නේ නෑ කියලත් කලින් දන්නල තිබ්බේ.අපේ කරුමෙට හෝටලෙත් වහලා ඒකෙ මල්ලිත් කොහෙද ගිහින්.දැන් ඉතින් මොන දෙය්යන්ට කියන්නද?මම කීප වතාවකම උත්සහ කොලත් ජෙනිය නෝ හෙල්ලුම්.ඉස්සරහ ත්‍රීවීල් පාර්ක් එකේ මල්ලිලා කීප දෙනෙකුත් ට්‍රයි කොරාට උන්ටත් බැරිවුනා.කෝම හරි දැන් උදේ 9 විතර වෙන්නත් ඇවිත්.කොමහරි ගනුදෙනු කටයුතුත් කරන්න ඕන නිසා අනිත් අය්යා මට කිව්වා "මල්ලි යකා බාස්වත් ගෙන්නලා මේක ඉස්ටාට් කොරගම්මු" කියලා.
කවුද අය්යේ යකා බාස් කියන්නේ? මම ඇහුවා.
මල්ලි මොනරාගල පැත්තට පයින් ටිකක් දුර යනකොට වමතට තියෙන තුරු පාරේ පොඩි ගැරේජ් එකක් තියෙනවා.ඒකෙ තමයි යකා බාස් ඉන්නේ.මිනිහා තමයි මේ මගුල කැඩුන වෙලාවට හැමදාම ගොඩ දැම්මේ.
මමත් ඉතින් එලියට බැහැලා මොනරාගල පැත්තට පොඩ්ඩක් ඇවිදගෙන යනකොට අර අතුරු පාර තිබ්බා.මං ඒ පාරට හැරුණත් එක්කම ඒ පාරේ ඇවිදගෙන ආපු මනුස්සයෙක් ඉස්සරහට හම්බුනා.මමත් බෝම විනීතව...
මහත්තයා...අර යකා බාස් ගේ ගැරේජ් එක තියෙන්නේ මේ පාරේද?
"මොකක්"
අර යකාබාස් උන්නැහේගේ ගැරේජ් එක තියෙන්නේ මේ පාරේද කියල ඇහැව්වේ
"මේ මාත්තය....මයෙන් මුකුත් අහගන්න එපා.අරිද?ඒ මං තමයි"
හප්පේ...මේ යකාගේ මූණ දැක්කම නමේ වරදක් නෑ නේද කියල මට හිතුනා.නියම "යකා"
අනේ සමාවෙන්න...මං මේ බැංකුවෙන්..අපේ ජෙනිය ඉස්ටාට් වෙන්නේ නෑ,පොඩ්ඩක් බලල දෙන්න පුලුවන්ද?
මාත්තය බැංකුවට අලුතෙන්ද ආවේ?මයේ නම චන්ද්‍රසිරි.මං නැති තැන අර නම කිව්වට කමක් නෑ.අරිද?කෝ යන්කො බාන්ඩ.බැංකුවේ වැඩක් කිව්වම බෑ කියන්න බෑනේ ඉතින්.
ඔන්න එතකොට තමයි මගේ අගට ලේ ටිකක් ඉනුවේ.කෝම හරි යකාබාස් මාත් එක්කම බැංකුවට ආවා.ඇවිත් ඉතින් ජෙනිය ලග මජං ගොඩේ දන ගහගෙන ජෙනිය පරීක්සා කොරා.
"මේකේ ඇති අවුලක් නෑ.ඉන්න මං ඉස්ටාට් කොරලා දෙන්නන් "
කියල මෑන්ස් එක පාරින්ම ජෙනිය ඉස්ටාට් කොලා.
"මට ඉතින් හැම තිස්සෙම මෙතෙන්ට දුවගෙන් එන්න බෑනේ.මාත්තයත් මේක පූදුවෙන්න"කියලා මිනිහා මගේ අතට හැන්ඩ්ල් එක දුන්නා.මාත් කීප වතාවක්ම ට්‍රයි කොරත් ජෙනිය සුපුරුදු විදිහටම නෝ හෙල්ලුම්
"ඕම කරලා හරියන්නේ නෑ මාත්තය.හැන්ඩ්ල් එක කරකෝණ ගමන් මේ පොඩි චෝක් කෑල්ල උඩට කරල අල්ලගන්න ඕන.හැන්ඩ්ල් එක ගන්නවත් එක්කම මේක ආතාරින්න.එතකොට අරි....කඩේ මලයා මෙතක් මට කියලනොදීපු "ගුරු මුෂ්ටිය" යකාබාස් උන්නැහේ එක දවසින්ම මට කියලා දුන්න.ඊලග පාරේදී එක සැරේම ජෙනිය ඉස්ටාට් කොරන්න මට පුළුවන් වුනා.
"මරුනේ මාත්තය..."
කියල එක පාරටම යකා බාස් උන්නගේ මගේ පිටට ගැහුවා.මිනිහගේ අතේ ඇඟිලි පහේම මජං පාර මගේ සුදු පාට ෂර්ට් එකේ.ඒක දැකලා මිනිහට තවත් හිනා....මටනම් යස්ස කේන්තියක් ආවා.කොමහරි එදා වැඩකරෙත් බැංකුව ගාව රෙදිකඩේන් ෂර්ට් එකක් ගෙනත් ඇදගෙන.
කෝම හරි එයින් පස්සේ "යකා බාස්" මගේ හොදම යාලුවෙක් වුනා.හැමදාම හවසට ගැරේජ් එකේ වැඩ ඉවරකරලා බාර් එක පැත්තට යන ගමන් බැංකුවටත් ගොඩවෙලායන්න යකාබාස් උන්නැහේ අමතක කලේ නෑ.ඔහොම ටික දවසක් යනකොට මගේ කීමට බැංකු පොතකුත් ඇරලා හැමදාම කීයක් හරි දාන්නත් මෑන්ස් පුරුදු වුනා.හැබයි ඉතින් වැඩ නැතිවුණා දවසට හවසට ඇවිත් පොතෙන් සල්ලි අරන් යන්නත් ඒ වගේම පුරුදුවුනා.කෝම වුනත් එදා වගේම හැමදාමත් අපේ ජෙනිය කැඩුණු වෙලාවට අපිට පිහිට වුනේ "යකාබාස්" උන්නැහේ තමයි.
මං එහෙං මාරුවෙලා එන දවසෙත් බැංකුවට ඇවිත් බෝම හොදින් ගොඩක් වෙලා කතාකරලා තමයි මෑන්ස් ගියේ.මනුස්සයෙක්ගේ පිටින් ස්වභාවය හෝ හැසීරීම ගැන දැකලා මනුස්සයෙක් ගැන තීරණේ කරන එක කොච්චර වැරදිද කියන අපූරු පාඩම මං මගේ ජීවිතේට එකතුකරගත්තේ "යකාබාස්" උන්නැහේ ආස්සරේ කිරීමෙන්.
එහෙදී මට මුණගැහුණු තවත් අය සහ සිද්දි සමගින් ඊලඟ කොටසින් හම්බෙමු.
ටටා.
ඇති යංතං යකා බාස් හසරැල්ගෙ මූන ටිංකරින් කරල දුන්නෙ නැතුව.
ReplyDeleteලෑන්ඩ් මාස්ටර් කාරයෙක් අල්ලගත්තනං ලේසියෙංම ඔය ක්‍රමේ ගැන අහගන්න තිබ්බ.
කවුද දන්නේ ඉතින් ඔය වගක්.වැඩේ කියන්නේ ත්‍රී වීල් පාක් එකේ එවුන්ටත් බැරිවුනානේ
Deleteබැංකුව රාජ්‍ය බැංකුවක් නේද?ඔය ගනුදෙනුකාරයව මෙහෙයවපු විදිහෙන් කියන්නේ.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteඅමුතු සිතිවිල්ලක්ම තමා....සාමාන්‍ය අයට හිතෙන්නේ නැති දේවල්නේ අමුතු සිතිවිලි කියන්නේ
DeleteAho Butala....The Greatest atown to Work....
Deleteආන්න බලන්න හිටපු අය දන්නවා වටිනාකම
Deleteඅපේ ගමේ හිටියා යකා මුඳලාලි කෙනෙක්....එයාට බේකරියක් තිබුණා..එයා සම්බන්ධ කතන්දර ගොඩාක් මතක් උනා...ලියන්න නං කම්මැලී...එයත් උස මහත කලු මනුස්සයෙක්...දැක්කම යකා වගේ තමයි..ඒකයි යකා මුඳලාලි කිව්වේ..
ReplyDeleteයකා බාස් දෙමළ ද?
දෙමළ නෙවි අනේ.හැබැයි කතාව ටිකක් විතර ඒ වගේ...
Deleteඅපේ පැත්තේ උන්නා රැවුල් බාස්. මම හිතේ මිනිහා ගැන මම ලිව්වා. ඩෝන්ට් ජජ් ද බුක් බයි ඉට්ස් කවර් ද මක්කද මළදානෙකුත් තියෙනවා නේද..?
ReplyDeleteකතාව නං ඇත්ත...මාතලන්
Deleteවිනීතව අහපු එක හොදා....
ReplyDeleteඅහන්න තිබුනේ 'අයියේ අර යකා බාස් කාරයගේ ගැරේජ් එක කොහේද කියල.......
ඒ නං ඉතින් සොරිම තමා...
Deleteමතු සම්බන්ධ යි නැතුව 'ටටා!' ඒකත් අගෙයි :)
ReplyDeleteටටා...
Deleteමැදැ ඔහොම බෙරුනා.
ReplyDeleteඒක නේන්නං ..
Deleteමේ කෙළියම මටත් වෙලා තියනවා ලැන්ඩ් මාස්ටරය් පණ ගන්වන්න ගිහින් හසරැල්
ReplyDeleteකවදා කාපු ටකරන්ද????
Deleteඉස්සර මම චූටි කාලෙ අපේ ගෙදර හදන්න ආපු මාමා කෙනෙකුටත් මම නමක් දාල තිබ්බ යකා බාස් කියල. :P
ReplyDeleteඔයා බයියියි......යායායි ද එයාට...
Deleteඅපේ පැත්තෙත් ඉන්නවා යකා බාස් කෙනෙක් හැබැයි මේසන් බාස් කෙනෙක්.
ReplyDeleteහසරැල්ට සෙට් වෙච්ච යකා බාස් ගිය ආත්මෙ ඇත්තම යකෙක් වෙන්න ඇති. ඒ පුරුද්දට තමා පිටට ඇඟිලි මාක් එක හිටින්න දුන්නෙ.
යකෝ...යකා බාස්ලා රට පුරාම...
Deleteදැන් අපි කාටද මේ බ්ලොග් ලියන එවුන්ගෙන් යකා බාස් කියලා නම දාන්නේ ????
ReplyDelete"යකා බාස්" තතතුරට S.L.මැලේ රාළ කියන එකා සුදුසු යයි මම යෝජනා කර සිටිනවා
Deleteඒ යෝජනාව මා ස්ථීර කර සිටිනවා. :-D
Deleteවෙනත් යෝජනා කිසිවක් ඉදිද්රිපත් නොවූ හෙයින් මේ අවස්තාවේදී ඒකඡන්දයෙන් S.L.මැලේ රාළ මහතා "යකා බාස්" තනතුරට තෝරා පත්කැර ගැනෙනවා..
Deleteගහපල්ලා යකුනේ අප්පුඩියක්....
යකා බාස් කියන යෙදුම බොහෝ ප්‍රදේශවල බාස්ලාට කියනවා. වැඩේ හරියට නොකරන/කලබලෙන් වැඩකරන/ගෝලයන්ට යකා වගේ කෑ ගහන/වැඩ කරගන්ඩ එන මිනිස්සුන්ගෙත් ඇඟට පනින/එක වැඩේ දෙක කරන අයට ඔහොම කියනවා.
ReplyDeleteහැබැයි අපේ යකා බාස් නම් එහෙම වෙලා තිබ්බේ බාහිර ස්වරූපය හින්දද කොහෙද?
Deleteයකා ගෙන්ම ඌ ගැන අහපු එක තමයි ලස්සනම කතාව,එවෙලෙම බොගේ මූණ සමතලා කරන්නෙ නැතුව වැඩේ කරලා දුන්න මදැයි.
ReplyDeleteඒ වුනාට හෙන අහිංසක මෑන්ස්...
Deleteයකා බස් එළ කොල්ලෙක්නෙ...වතාවක් ඔය දුර ඈත ගමනක් ගිහිල්ලා අපි හොයපු මිත්තරයගෙ නිවසට යන පාර අහන්න කියලා ගමේ කෙනෙක් අපිට ගෙයක් පෙන්නුවා...එතන ඉන්න සුදු මහත්තයා කියන කෙනාගෙන් අහන්නය කියලා...
ReplyDeleteඅපි ගියා දොරට තට්ටුවක් දැම්මා...කලු මහත ඩයල් එකක් ආවා...
අයියෙ සුදු මහත්තයා ඉන්නවද ?
ඔව් ඔව් ඒ මම මල්ලි කියලා මිනිහා කිව්වා...
ඇයි බෝල ඔය සමහර තැන් වල ඉන්නේ හොද හයේ හතරේ බුවාලා...හැබැයි නම ඇහුවම...පොඩ්ඩා එහෙමත් නැත්නම් බන්ටි
Deleteයකෝ අර අලි ඇගට ජෙනිය ගිලින්න පුළුවන් නේ.. මට තාම බෑ නේ හරියට ටැක්ටර්යක් strat කොරගන්න handal එක ඇද ගන්න බෑ ස්ටාර්ට් වෙනකොටම ඊට පස්සේ ඉතින් උඩින් යනවා හැඩල් එක.. එක පාරක් මහපට ඇගිල්ලේ නියපොත්තකුත් නැති කරගතතා...
ReplyDeleteඅහා තව සින් එකක් මතක් උනා ටැක්ටර් නම් සාත්තරේ නොදැන ස්ටාර්ට් කරන්න යන්න එපා.. අපේ එකෙක් ඔහොම එකක් ස්ටාර්ට් කරන්න ගිහින් දතකුත් හලාගත්තා.. අර ටැක්ටරේ ස්ටාර්ට් කරනකොට ගැස්සිච්ච පාරට මුගේ මුනේ වැදිලා අර තෙල් ටැංකිය හරිය වැදිච්ච පාරේ සැරට දත උඩ ගිහින් ටාන් ගාලා තෙල් ටැංකිය උඩටම වැටිලා
ඇත්ත කතාව...අර හැන්ඩ්ල් එක වෙලාවට හරියට එලියට ගන්න බැරිවුනොත් ඒක විසිවෙලා ඇවිත් මූනේ වැදෙනවා...
Deleteමාත් දවසක් ආසාවට ලැන්ඩ් මාර්ස්ටරෙ ඉස්ටාට් කොරලා . හැඩල් එක ගන්ඩ බැරුව පැනලා දිහුවා. වට හත අටක් කැරකිලා තයි ඒක වැටුනේ. ඉස්සර කාර් ඉස්ටාට් කරන්නෙත් ඔහොම තමා
Deleteආසයි...බයයි නේ ..
Deleteඉස්සර පිට පලාත්වල ලොරි හිටන් ඔහොම කරකවල ස්ටාර්ට් කරනව දැකල තියෙනවා.
ReplyDeleteලොරි???? ඉස්සරම ආපු කාර් වලනම් ඔහොම හැන්ඩ්ල් එකක් තිබ්බ නේද ඉස්සරහ පැත්තේ
Deleteකාර් වගේම ලොරිත් තිබන වගේ මතකයි.
Deleteකාගෙන් හරි අහල බලන්න මල්ලි.
හොයලා බලන්ට ඕන...
Deleteයකා බාස්ලා කොහෙත් ඉන්නවනේ බලාගෙන යද්දී..
ReplyDeleteඒකනේ යකෝ....
Deleteමම දැක්කා හසරැල් නම් යකා බාස්ටම හරි යන සයිස්. මේ වෙන එකෙක්ද මන්දා ?
ReplyDeleteඒ දැන්නේ ....ඉස්සර චූටි පැටියා මං
Deleteචන්ද්‍රසිරිට බැංකු ගනුදෙණු පුරුදු කරපු එකනම් ලොකු දෙයක්. හිත හොඳ මිනිහෙක් වගෙයි.
ReplyDeleteහිත හොඳ මිනිහෙක් කියන්නේ....මට හම්බුවෙච්ච හිත හොද මිනිස්සු අතරේ ඉහලින්ම ඉන්නවා....බොක්කේ එකක් තියාගෙන මූණෙන් තවත් එකක් පෙන්නන ජාතියේ එකෙක් නෙවෙයි මෑන්ස්
Deleteයකා බාස් වගේ චරිත ඉස්සර නවකතා කිපයකමත් තිබුණා. හැබැයි ඉස්සර වගේම තාමත් ඉඳහිටිලා මේසමාජයේ යකාබාස් වගේ චරිත හමුවෙනවා
ReplyDeleteහෙන ප්‍රසිද්ද චරිතයක්නේ....
Deleteයකා බාස් මටත් හම් බ උනා, පොර හොද මිනිහා නෙද?????මිනිහට වාහන අහෙම හදන්න බැ නෙද????????????
ReplyDeleteඒනම් බොට හම්බුවෙලා තියෙන්නේ වෙන යකාබාස් කෙනෙක්..මූ වැඩට දස්සයා
Deleteඒක තමයි පිටත පෙනුමෙන් මිනිස්සු මනින්න හොද නැහැ කියන්නේ ,, ෂෝයි වැඩක් වෙලා තියෙන්නේ ,, ඉස්සර මුස්ලිම් මිනිස්සු අපේ ගෙවල් පැත්තේ එනවා පරණ බඩු එකතු කරන්න අපේ අම්මලා එයාලට තම්බි කිවුවේ .. ඉතින් දවසක් මනුස්සයෙක් ඇවිත් කතා කලාම මන් ටිකක් ඉන්න කියලා අම්මට කෑ ගහලා කිවුවා ,,"අම්මේ තම්බියෙක් ඇවිල්ලා කියලා " :D
ReplyDeleteසොල්ල වේල ඉල්ලෙයි තන්ගච්චි...
Delete//මයේ නම චන්ද්‍රසිරි.මං නැති තැන අර නම කිව්වට කමක් නෑ.අරිද?//
ReplyDeleteහික් හික්
ආන්න අරි නංගි...ඒම තමා
Delete