ඕන්න එහෙනම් ඊළඟ කොටසටත් ආව.කලින් පොස්ට් එකේ අපේ අලි පැන්නිල්ල ගැන අපේ බ්ලොග් ලියන අවතාර් කොලුවා සුන්දර මඩ ප්‍රහාරයක් එල්ල කරලා තිබුනනේ.ඒවා බලල දැන් හිනා ගියත් ඇත්තටම ඒ සිද්දියට මූනපාපු වෙලේ දැනිච්ච මර බියනම් පොඩ්ඩක්වත් අමතකවෙන එකක් නෑ.
එහෙනම් අද කතාවට.අද ඉතින් කියන්න යන්නේ මගේ පලවෙනි ගමන් සගයා වෙච්චි මගේ දුප්පත් බයිසිකල් කට්ට ගැන.පොළොන් කතාවලදී මං කිව්වනේ පයින් ගමන අවදානම් නිසාම බයිසිකලයක් ගන්න මං තීරණේ කලා කියන එක.මං බයිසිකලේ ගත්තේ වැඩට ගිහිං මාස දෙකකට විතර පස්සේ.ඒ වෙනකොට දැන අඳුනගෙන හිටපු අපේ ගනුදෙනුකාර මහත්තයෙක්ගේ කඩෙන් තමා ගත්තේ.හැබැයි ඉතින් නම තියෙන ලුමාලා අනං මනං ජාතියේ එකක්නං නෙවි.නිකම්ම නිකම් කෑලි ෆිට් කොරපු බයිසිකලයක්.මට මතක හැටියට රුපියල් 4750 කට තමයි ගත්තේ.මුලින් රුපියල් 3000ක් දීලා ඒ මාසේ පඩි හම්බුනාට පස්සේ ඉතුරු ගාන බේරුවේ.
බයිසිකලේ ගත්ත දවසේ ඉදන්ම මගේ ජීවන චක්කරේ සෑහෙන වෙනස්කම් වෙන්න පටන් ගත්තා.වෙනදා උදෙන්ම නැගිටින්නේ චමරියේ ඉඳලා බැංකුවට තියෙන දුර පයින්ම අදින්න විනාඩි 15 ක් විතර යන හින්දා.ඒත් ඉතින් බයිසිකලේ තියෙන නිසා ඒ දුර විනාඩි 2 න් සුටුස් ගාලා ඇදලා දාන්න පුළුවන් නිසා පශ්චාත් භාගයට ඉරගල වැටෙනකන් නිදාගන්නත් පුරුදු වුනා.හැබැයි ඉතින් ඕන්න මේ කාලෙම වගේ අපේ ඉවිල්ලටත් කණකොකා හඬලමින් තිබ්බ කාලේ නිසා උදේට කෑම කන්න ටවුන් එක එහා කෙලවරින් හොඳ කඩයක් හොයාගන්නත් මේ බයිසිකල් පැදිල්ල නිසා පුළුවන් වුනා.
දැන් මේ රබ්බඩඅය්යා වගේ හිටියට මං ඒ කාලේ කෝටුකිතය්යා වගේ.ඉතින් බයිසිකල් පැදිල්ල ඒ හැටි කම්මැලි වැඩක් වුනේ නෑ.හවසට වැඩ ඇරුනම ඇක්සසයිස් එකටත් එක්ක බුත්තල ටවුමේ ඉඳං ගම් උදාව රවුම වටේ ගොහින් එන එක ඒ කාලේ මගේ පුරුද්දක්.කොහොමත් එතකොට කිලෝමීටර් 3 ක් 4 ක් විතර බයිසිකලේ පැදෙනවා.ඉස්කෝලේ යනකාලේ සමහර දවසට ගෙදර ඉඳං මාතරට දෙපාරක් [ඔක්කොම දුර කිලෝමීටර් 32 ක් විතර ] බයිසිකල් පැදපු මට ඒක ඒ හැටි අමාරු වුනේ නෑ.කෝම වුනත් මේ බයිසිකල් පැදිල්ලෙන් වුන එකම හොඳේ තමා ඇඟපත තිබුණු ටිකත් නැතිවෙලා යෑම.
ඊළඟට ජීවන චක්කරේ වුනු වෙනස තමා ටිකක් වැඩ අඩු දවසට හවසට චමරිය පැත්තේ ඇවිත් වතුර ටිකක් නා කියාගෙන ආපහු වැඩට යන්න පුරුදුවුණු එක.ඒක වුනේ මෙහෙමයි හවසට ඉතින් ඔය අපි කඩවල් ගානේ එහෙම පොත්වලට සල්ලි එකතුකරන්න "ඩේලි කොලෙක්ෂන්" යනවා නෙව.ඉතින් අව් කූටකේ බයිසිකොලේ පැදලා දාඩිය මුගුරු හෙලාගෙන බැංකුවට ගිහිං වැඩකරන්න කලින් පොඩි වතුර පාරක් ඇඟට දාගෙන ගියාම ඇඟටත් පහසුයි වැඩත් ලේසියි.කොහොමත් ඒ කාලේ දැනට වැඩිය රෑ වෙනකල් අපිට වැඩකරන්න වුනා.ඒ.සී කාරිය එහෙම හයි කොරලා නොතිබුණු නිසා රස්නේ වැඩිකාලෙට ෆෑන් එකෙන් වදින හුළඟත් කම්මලේ මයිනහමෙන් හුලන්ගහන්නා වගේ තමයි දැනුනේ.ආ...බයිසිකලෙන් ආපු ගමන ඒ පාරේ කැලේ පැන්නා නෙව...ඉදිල්ලකෝ ආයිත් ඕන්න පාරට ගත්තා...
බයිසිකලේ ගැනිල්ලෙන් වුනු අනිත් හොඳේ තමා නිවාඩු දවසට,ගෙදර නොයන සති අන්ත වලට එහෙම පොඩි ට්‍රිප් එකක් කාරිය යන්න පුරුදුවුණු එක.ඕන්න එහෙම දාසක් මං අපිත් එක්ක වැඩකරපු ඒ පැත්තේ මල්ලිලා දෙතුන් දෙනෙක් එක්ක කුඹුක්කන් ඔයේ නාන්න ගියා නෙව.අපි තුන හතරදෙනා පුට් බයිසිකල් පැදගෙන බුත්තල හෙළගම පාරෙන් තමයි ගියේ.ඔය පාරෙනෙව අර පස්සේ කාලෙක බස් එකට බෝම්බ තිව්වෙත්.ඕන්න ඉතින් අපි බෝම ලස්සනට බයිසිකල් පැදගෙන ගොහින් කුඹුක්කන් ඔයේ කැලේ මැදක් හරියට ගොහින් නෑවා.ඔහොම අපි ටිකක්වෙලා නාන කොට ඔයේ වතුරත් එක්ක කොලරොඩු පාවෙලා එන්න ගත්තා."අය්යේ ..අය්යේ..විගහට ගොඩට එන්න"අපිත් එක්ක ගියපු ඒ පැත්තේ මල්ලිලා ගොඩට දුවන ගමන් කෑගැහුවා.මාත් මේ මොකක්ද කියලා දන්නේ නැතත් කෝකටත් විගහට ගොඩට ආවා.එහෙම ඇවිත් විනාඩි දෙක තුනක් යන්න කලින් මහා වතුර පාරක් එන්න ගත්තා.අපි හිටපු හරියට නොවැස්සත් උඩහ පැත්තට වැහැපුගමන් දෙගොඩ තලාගෙන වතුර ගලන එක තමයි වෙන්නේ.ඊට කලින් ඔය දෙපැත්තේ එකකහුවෙලා තියෙන කොලරොඩු තමයි පාවෙලා එන්නේ.ඉතින් අපි ඕවෑ දන්නවයි කියලයි.කෝම හරි එදත් බේරුනා....නාලකියලා උයාගෙන ගියපු බත් ගෙඩි දෙකතුනටත් වගකියලා අපි ආපහු එන්න පිටත් වුනා.දෙය්යන්න්ටම ඔප්පු වෙච්චාවේ පාරට ඇවිත් බලනකොට බයිසිකල් රෝදේ කරකටුවක් [කර ගහේ කටුවක්] ඇනිලා හුළං බහින්න පටන් ගත්තා.ඉතින් මේ කැලෑපාරේ මොන වින්කල්ද?පයින්ම බයිසිකලේ තල්ලු කරගෙනම එන්න පිටත් වුනා.ටිකවෙලාවකින් සමූපකාරෙ ලොරිය ඔක්කම්පිටියට ගිහිං එන ගමන් ඒ පාරෙන් ඇවිත් හම්බුනා.ඒක නිසා ඉක්මන්ට එන්න පුළුවන් වුනා.නැත්නම් තාම එනවා...
මං ඔක්කම්පිටියෙත් ටික දවසක් වැඩ කලා නෙව.ඕන්න ඉතින් එහේ වැඩකරන සමහර දවස්වලට බස් එක නැති දවසට මං වැඩට ගියත් මයේ බයිසිකලෙන් තමා.හැබැයි ඒ පාරේ වැලිආර කියන හරියේ අලි ඉන්නවා කියලා බැංකුවට එන කෙනෙක් කිව්වට පස්සේ මං බයිසිකලෙන් ඒ පාරේ යනඑක නැවැත්තුවා.ඒ වගේම මං කලින් කිව්වා වගේ අපි වැඩ ඇරිලා එනකොට රෑ වෙනවනේ.ඒකනිසා මං ටික දවසකින් බයිසිකලේට ඩයිනමොවකුත් හයිකොරගත්තා.හැබැයි ඒකෙන් පස්සේ වුනේ ලෙහෙසියක් වගේම තව අකරතැබ්බෙකුත්.ඒ තමයි අපේ කොස් මහත්තයාට බඩු මදිවෙනකොට ටවුමේ බාර් එකෙන් බඩු සප්ලයි කරන්න වුනු එක.ඉස්සරනම් 'මේ තිත්ත කරුවලේ යන්න බෑ" කියලා මග ඇරියත්."අනේ බං හොඳ එකාවගේ ගිහිං වරෙන්කො,දැන් බයිසිකලේට ලයිට් එකකුත් තියෙනවනේ" කිව්වම ඉතින් කට උත්තර නැතිවෙනවනේ.
බයිසිකලේ තිබ්බ හින්දම රෑට උයන්න කම්මැලි වුනාම ඕන වෙලාවක එලියට බැහැලා රෑ කඩේකින් කන්න යන්න පුළුවන් වුනු එකත් හොඳට හිටියා.ඕන්න ඔය විදිහට බයිසිකලේ හින්දම මගේ දින චරියාව සෑහෙන්න වෙනස්වුනා.හැබැයි ඉතින් කොච්චර පැද්දත් මං එහේ හිටපු අවුරුදු තුනටම මයේ බයිසිකලේ මගේ පොකට් එකට ලොකු බරක් වුනේ නෑ.උපරිම පැච් එකක් ටියුබ් එකක් බ්රේක් පළුවක් දෙකක් දාන්න ගිය වියදම තමා.ලොකුම වියදමකට කියලා ගියේ ඉතින් ටයර් එකක් දාන්න ගිය වියදම තමා.මං බඩල්කුඹුරේ වැඩට යනකොටත් උදේට බස් එකට යන්නත් බයිසිකලේ තිබ්බ එක ලොකු පහසුවක් වුනා.
වැඩට ගිහිං අවුරුදු තුනකට පස්සේ මට ස්ථාන මාරුවක් ලැබුනා..හැබැයි ගමට නෙවි..ගෙන්දගම් පොලවට.ඒක නිසාම ඇදුම් කැඩුම් ටිකත් අරං බස් එකේ නැග්ගට මට මයේ බයිසිකලේ ගේන්න පුළුවන් වුනේ නෑ.හැබැයි බුත්තලට කෝච්චියක්වත් දිව්වනම් කෝච්චියේ දාල එවන්න තිබුනා.ඒත් ඉතින් මට වුනේ මගේ දුක සතුට බෙදාගන්න හිටපු හොඳම යාලුවවත් දාලා එන්න වුනු එක.ඒක අදටත් මට ලොකුම දුකක්.ඊට සෑහෙන කලකට පස්සේ දවසක් මං බුත්තල ගියා.එතකොටත් බයිසිකලේ චමරියේ ඇතුලේ පැත්තකට කරලා දූවිලි වැදි වැදී තිබුනා.අපි ආවට පස්සේ චමරිය නිකම්ම පාළුවට ගිහිං.දවසක් අපේ ප්‍රයිවට් සිකුරිටි ලාල් අය්යා මට කෝල් කරලා "මල්ලි ..ලොකු කොල්ලා බයිසිකලයක් ඉල්ලනවා..මං චමරියේ තියෙන මල්ලිගේ බයිසිකලේ හදලා ගන්නද ?" කියලා ඇහැව්වා.මං හා කිව්වේ නෑ [මොකද මට හිතට එකඟව එහෙම කියන්න බෑ ] හැබැයි මං එපා කිව්වෙත් නෑ ........
එකටම කෙටුවා ඔන්න කියෝලා එන්නම්
ReplyDeleteමම දෙකට කොටනවා එහෙනම් අපි තාමත් බයිසිකලෙන් තමා
Deleteඋඹලා හිතුවද මේ සමුපකාරේ පෝලිම කියලා
Deleteහි හි
Deleteතොපි හිතුවද බොලව් මේ පොදු වැසිකිලියෙ බොක පෝලිම කියලා....
Deleteඒකනේ බලහන්කො සිරා...ආයෙත් මං එක ලෙඩේ පටන් අරන් වගේ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅක්කට ගත්ත බයිසිකල් 2කම පසු කාලෙදි මගේ උනා ඉතින් මට හැමදාම පාවිච්චියට ලැබුනේ සෙකන් හැන්ඩ් බයිසිකල් තමා එත් ඉතින් මන් ඒ බයිසිකල් දෙකටම පණ ඇරලා ආදරේ කලා.එකටම ලැබුනු බයිසිකලේ මගේ අකමැත්තෙන්ම අම්මා ගෙවල් ලග ළමයෙක්ට දුන්නා.අනික් එකත් මන් 2000 සිට 2007 වෙනකම් පාවිච්චි කරලා ගමේ දුප්පත් ළමයෙක්ට අම්මා දිලා තිබුනා ......ඒ අපිට තාත්තා අරන් දුන්න බයිසිකල් වුනත් අදටත් මන් ඒ බයිසිකල් වලට ගොඩක් ආදරෙයි...... එත් හසරැල් තමන්ගේම මුදලින් ගත්ත බයිසිකලේ ගැන හසරැල්ගේ හිතේ තියන හැගිම මට හිතා ගන්න පුලුවන්(නිදිමතේ ලිව්ව උඩ කොමන්ට් දෙකටම හෙන ගැහැව්ව ඉතින් ආයේ නිවැරදිව ලියන්න උනා)
Deleteමගෙත් පොඩි කාලේ බයිසිකල් දෙකක්ම වෙන ළමයින්ට දුන්නා.එකක් මං ගෙදරට හොරෙන් විකුන්නා....ඒ කතාව පස්සේ කියන්නම්.ඒත් වෙන බයිසිකලෙකට වඩා මේ බයිසිකලේ මට විශේෂ වුනා...තේරෙනේවනේ...
Deleteඅපි පුක ගෙවෙනකම් බයිසිකල් පැද්දනෙ කාලයක්.වෙසක් පොසොන් වලට ට්‍රිප් යන්නෙ බයිසිකලෙ දන්සල් වැදගන
ReplyDeleteනැත්තන්..නැත්තන්..ඒත් ඉතින් දැන් කාලේ දන්සල් වදින්න යන්නේ මොටෝ බයිසිකල් රේස් නොවැ.වෙසක් දවසට පාරට බහින්නත් බයයි
Deleteඅපිට වැඩක් නැතත් සමහරක් දේවල් කාටවත් දෙන්න හිතෙන්නේ නැ , සමහරුන්ට තමන්ට අයිති නැති දෙයක් උනත් අනුන්ට ලැබෙන්ඩ සලස්සන්ඩ ලෝබයි .
ReplyDeleteමේ ඒක නෙමෙයි අර උඹලගේ රෙදි ගලවන එකාට බ්ලොග් එක අකුලගන යන්ඩ මොනවා හරි ලියහංකෝ
ඒමද ආස....
Deleteබොලොග් ගියන්නන්ට මා තර්ජනයක් වී ඇති බව පෙනේ. වැඩි කලක් නැත. ලගදීම නවතිමි.
Deleteමමත් පටන් ගත්තෙ බයිසිකලෙන්. ඉන්පස්සෙ මොටො බයිසිකලේ. ඉන්පස්සෙ කාර්. දැන් ආයිත් බයිසිකලේ.
Deleteනවත්තන්නේ එහෙම නෑ...ලියනවකෝ
Deleteමොකක්ද බොට වෙලා තියෙන්නේ .
Deleteනවත්වල තිබුනොත් හොයාගෙන ඇවිල්ල අඩු කඩනවා.
බයිසිකලේ තමන්ට ඔච්චර සමීප වෙලා තිබුණ එකේ ඉතිං අතාරින්ට ලෝබ නැතුවයෑ...මොකද ඉතිං අපිටත් තියෙන්නෙ පෘතග්ජන හිත් නෙව..
ReplyDeleteඅපි නම් ඔය තරමට බයිසිකල් පැදලා නෑ ඉතිං.....දැනටත් යන්තම් පැදගන්ට විතරයි පුලුවං.. :D
කෙල්ලෝ කවද්ද බයිසිකල් පැද්දේ හරියට ..
Deleteමට මතක් උනේ සියදෝරිස් අංකල්ගෙ බයිසිකලේ.
ReplyDeleteඅපරාදෙ ඒක ගේන්න ක්‍රමයක් තිබ්බෙම නැත්ද?.
අනික හසරැල් චමරියෙ ඉන්නකන් ඉදලා තියෙන්නෙ අර මරණ හතක් ඇති මිනිහා වගේනෙ. පොළොන්ගු, අලි, ජල ප්‍රහාර. පූරුවෙ පිනකටනෙ පණ පිටින් ඉන්නෙ.
ප්‍රියා ගේ සිතුවිලි (Priya ge sithuwili)
වාහනයක්වත් තිබුනනං ගලවලා ගේන්න තිබ්බා..දැන්නම් තියේද දන්නෙත් නෑ
Deleteමොකක්ද අනේ චමරිය කියන්නේ ,, මං මුලින්ම බයිසිකලයක් පැද්දේ අවුරුදු 5 දී ,,අපේ තාත්තා අරන් දුන්නේ ,,
ReplyDeleteඒ කාලේ කෙල්ලන්ට සයිකල් පදින්න ආචිචි අම්මලා ඉඩ දුන්නේ නෑ නේද?
Deleteචමරිය කියන්නේ "තනිකඩ පිරිමි නිලනිවාසයට" කියන නිලනාමය.
Deleteස්තුති මං අලුතෙන් දෙයක් ඉගෙනගත්තා .. @නලින් මන් අසුව දශකයේ අග භාගයේ ඔයාලගේ කාලේ නෙමේ මාමේ :)
Deleteහප්පේ ඔමා ඒක දන්නෙත් නැද්ද? :D
Deleteඅපි ලැජ්ජ බයට කන්‍යාරාමවල හැදිච්ච කෙල්ලෝ දිලිනියෝ
Deleteඈහ්..මොනවා...
Deleteආපහු බයිසිකලයක් අරන් පැද්දොත් නරකද..දැන් අලිපැටියා වගේ මහත් වෙන එකේ....
ReplyDeleteහා...හොඳයි...
Deleteමටත් මුලින්ම අරන් දුන්නේ චොපර් කියන බයිසිකලයක්. ඒ කාලේ ඒක මට දිව්‍ය රථයක් වගේ. මගෙම කියලා මම ම මුලින්ම ගත්තේ TZR බයික් එකක්. ඒකත් රජ බඩුවක් තමා
ReplyDeleteකාටත් වගේ සුන්දර බයිසිකල් මතක තියෙනවා වගේ
Deleteමාත් මුලින්ම ගත්තේ CB4 එකක්
Deleteඔයයි කොල්ලෙක්ද ????
Deleteඅනේ මං ට්රයිසිකල් එකක්වත් පදින්න දන්නේ නැහැ හසරැල් ,, ඔය කටට ආවට ටයිප් කලේ ,, අපේ මල්ලි නිතර කියන වචනයක්
Deleteයේක මිසක්...මමත් මේ බැලුවෙ අපූර්වි අපූරු වැඩ කොරන සර්කස් කණ්ඩායමක එකියක්ද කියලා....හැබෑටම ට්රයිසිකලේට රෝද කීයද ?
Deleteරෝද 4 ක් වත් තියෙන්න ඇති...හෙහ්..හෙහ්
Deleteත්‍රයි මාසික කියන්නේ මාස 3 ට
Deleteට්‍රිබල කියන්නේ 3 දෙනාට
හි හි ට්‍රයි සිකල් කියන්නේ රෝද 3 බයිසිකලේට වෙන්න ඇති
ඒ උනාට බබෝ කට කැඩිච්චි කොල්ලො කියන්නෙ තුන් දෙනා බයිසිකලේ ඩබල් දාලා යනවා කියලනෙ...
Deleteඔක්කොටම ඉස්සෙල්ලා කියපන් චමරියේ ඉවිල්ල නතරවුනේ ඇයි කියලා..කොස් අයියා වගේ පොරක් බෝතලයක් ගෙනෙත් දෙන්න කිව්වාම බැහැ කියන එක පව් හසරැල්. අර බයිසිකලේ ලාල් අයියාගේ ලොකු කොළුවට දීලා දාපන් හොඳ හසරැල් වගේ.
ReplyDeleteඉවිල්ල නතර වුනෙම නෑ.ඉවිල්ල හරියට කෙරුනේ නෑ කම්මැලිකම නිසා.පොකට් එක හිදෙනකොට තමයි උයන්න මතක් වෙන්නේ.මං හිතන්නේ දන බයිසිකලේ චමරියේ නෑ.ලාල් අරන්යන්න ඇති
Deleteඅඩේ ඒ දවස් වල බයික් එකේ නොගිය තැනක් නෑ බං.. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා සෙට් එක එක්ක එනකන් බලාගෙන ඉන්නේ..
ReplyDeleteමගෙත් අදටත් ප්‍රියතම වාහනේ පුට් බයිසිකලේ තමයි
Deleteඑදා බයිසිකලේ දන් දුන්න පිනෙන් අද මොනවද ලැබිලා තියෙන්නේ කියලා කිව්වේ නැහැනේ?
ReplyDeleteදැන්නම් ඉතින් කාර් එකක් හෙම තියෙනවා ...
Delete.ඒත් ඉතින් බයිසිකලේ තියෙන නිසා ඒ දුර විනාඩි 2 න් සුටුස් ගාලා ඇදලා දාන්න පුළුවන් නිසා පශ්චාත් භාගයට ඉරගල වැටෙනකන් නිදාගන්නත් පුරුදු වුනා
ReplyDeleteඊයෙ පෝයට රුපවාහිනියෙ ගිය සුත නිවන කතා මතක් උනා :)
ඒකාලෙ බයිසිකල් එක හින්දා ඔයගෙ දින චර්යාව සෑහෙන්න වෙනස් උනා.. අද අපේ ජීවිත මේ අන්තර්ජංජාලෙ නිසා අහෙන විපරියාසෙකට ලක්වෙලා
හපොයි ඉතින් බොලානම් බැලු වෙලාවක් ඇත්නම් බුකියෙනේ
Deleteඅයි බං අර අහිංසකට බයිසිකලේ දීල දාන්නනේ තිබුනේ.
ReplyDeleteපින්සිද්ද වෙනවනේ.
බයිසිකලේ දැන් නැහැ චමරියේ.ලාල් අරන්යන්න ඇති
Deleteපව් අප්පා බයිසිකලේ ගැන හිතද්දී මටත් ඇඬේනවා.
ReplyDeleteමෙන්න ලේන්සුවක්...හොටු පිහිදගනින්..
Deleteaparade samupakare loriya awe.........
ReplyDeleteහපොයි උඹලා වගේ යාළුවො...
Deleteමමත් බයිසිකලයත් එක්ක මාර එකතුයි. පැත්තක දාලා තිබ්බ මගේ මවුන්ටන් බයික් එක හදලා අරන් දැන් සති අන්තෙට බයිසිකලෙන් වැඩට එනවා. බයිසිකල් පැදිල්ල හරි ජොලි වැඩක්.
ReplyDeleteඇඟටත් හොදයිනේ..අපේ රස්සාවත් එක්ක බැලුවහම
Deleteබයිසිකලේ ඉතිං සිස්සත්තෙන් පාස් වෙන ගොඩාක් කොල්ලන්ට / කෙල්ලන්ට ඒ වෙනුවට ලැබෙන තෑග්ග නොවැ...මමත් බයිසිකල් පැද්දෙ ඒ විදියට මුලින්ම....මතක ඇති කාලෙකින් පුෂ් බයිසිකලයක් පැදලා නෑ...අ.පො.ස සා/පෙ කරන දවස් වල නම් දන්සැල් හොයාගෙන කිලෝමීටර් බර ගානක් පදින්න ඇති...දැන් නම් ඒ අතීතය සුන්දර මතකයක් විතරයි.
ReplyDeleteමමත් ලිව්වනෙ බයිසිකොලේ ගැන...මෙතැනින්
මටනම් ඊට කලින් බයිසිකලයක් ලැබුනා.හැබැයි ඒක ගේන දවසේ මං දුවන්න ගිහින් බල්ටියක් ගහලා අත තුවාල කරගත්තා
Deleteඅපොයි පොඩි කාලෙ මගෙත් ජනප්‍රියම වාහනයක් තමයි බයිසිකලේ. දැංනං ඒක කාමරේ පැත්තක දාල තියෙනව. කීප දෙනෙක් සල්ලි වලට ඉල්ලුවත් දෙන්න හිතුනෙ නෑ.
ReplyDeleteහසරැල් නියම පැති ටිකකනෙ වැඩ කරල තියෙන්නෙ.
ඒකනේ අය්යේ..ලොබකමකට වඩා හිතට ඇති බැඳීම නිසයි එහෙම වෙන්නේ
Deleteමට මුලින්ම ලැබුනේ චොපර් එකක්. 2 වසරේදී. මුලින්ම කකුල් බිම නොගහා පදින්න පුළුවන් උන දවසේ දැනුන සතුට තවමත් මතකයි.
ReplyDeleteමට මුලින්ම ලැබුනේ BMX බයික් එකක්....ඊට කලින්නම් ඉතින් ට්රය්සිකල් එක ඊටත් කලින් ඉතින් ගෝ කාර්ට් එක...හි..හි..
Delete