Tuesday, November 20, 2012

අපිට කොටි ගහපු හැටි


පින්තුරේ දැක්ක ගමන් සමහර අයටනම් මතක වෙන්නැති ,මේ තමයි බුත්තල බස් බෝම්බයේ සලරුවක් ,

කාටවත් කරදරයක් නැති අසරණ මිනිසුන් මරාදමා උන් සෙවූ විමුක්තිය කුමක්ද ?මම මේ කාලයේ සේවය කලේ අපේ බැංකුවේ බඩල්කුඹුර ශාඛාවේ ,හැබැයි නැවතිලා හිටියේ බුත්තල ශාඛාවේ චමරියේ ,මාත් සමග මගේ බැචාලා දෙන්නෙකුත් චමරියේ හිටියා ,

මම බොහෝ දිනවල වැඩට යන්නේ මේ බස් එකේ තමයි ,මේ බස් එක දිව්වේ මාලිගාවිල සිට බඩල්කුඹුර දක්වායි,කොහොම උනත් එදා මට ටිකක් කලින් වැඩට යන්න හිතිලා මං බයිසිකලේ ටවුමේ දමලා වෙන බස් එකක වැඩට ගියා ,එහෙම ගිහින් ටික වෙලාවකින් තමයි මේ සෝචනීය පුවත කන වැකුණේ ,සිද්දිය වෙලා තිබුනේ අපේ චමරියේ ඉදලා බොහොම කෙටි දුරකින් ,

කොහොම උනත් එදා ආරක්ෂක තත්වය සලකලා අපි ශාඛාව ටිකක් කලින් වැහුවා ,මං කෙලින්ම ගියේ බුත්තල රෝහලට ,මා සමග වෙනදා බසයේ එකට ගමන්ගත් මිනිසුන්ගේ නිසල සිරුරු දකිනවිට මට දැනුනේ මා සිටගෙන සිටින තැන පොලව ගිලාබසිනවා වැනි හැගීමක් ,

එමෙන්ම ඔවුන් මරාදමා තිබූ කුරිරු ආකාරය මටනම් දිවි ඇතිතෙක් අමතක නොවේවි ,ගොඩ දෙනෙක් නොදන්නවා උනාට මිනිස්සු මැරිලා තිබුනේ බෝම්බෙන් නොවේ ,බෝම්බය අටවා තිබුණු තැන අනුව බෝම්බයේ බොහෝ කොටස් බසයට ඉහලින් විසිවී තිබුනා ,හැබැයි ඒ කම්පනයට බසය නැවතී තිබුනා ,බසයේ ටයරයක හුලන්ගොස් තිබුනා ,

නැවතත් බසය පනනන්වා ගත් රියදුරු රීම් එකෙන්ම බසය ටික දුරක් ගෙනගොස් තිබුනා ,ඒ වෙලාවේ බසයට ගොඩ උණු ත්‍රස්තයන් රියදුරුගේ දෑතටම වෙඩි තබා තිබුනා ,බසය නැවතුනු පසු බසයේ දොරවල් අසල රැක සිට බිමට බහින මගීන්ට වෙඩිතබා තිබුනා ,මගේ හොද මිත්‍රයෙකු වන මේ රියදුරා පසුව මට ඔහුගේ නිවසේදී හමු උනා ,ඔහුගේ දෑතම වෙඩි තැබීමෙන් අප්‍රාණික වී තිබුනා ,තමන්ගේ බසයට ගොඩ උණු මගීන් තමාගේ දෑස ඉදිරිපිටම මරා දැමීමේ කම්පනයෙන් ඔහු ගොළුවී සිටියා ,

ඔන්න ඔහොමයි ඒ ලේ වැගිරීම උනේ ,මේ ලියන මොහොතේත් මට එදා දැනුනු කම්පනය දැනෙනවා .එදා ඒ සිද්දියෙන් පස්සේ තවත් ගොඩක් දේවල් උනා ,ඒවා ඉදිරි කාලයේ ඔබ වෙත ගෙන එන්නම්.

මීලග කොටසින් - යාල මැදදී බෆල් රථයේ සෙබළුන් බේරාගත් අභීත රියදුරා කවුද ?

8 comments:

  1. ඇඟේ හිරිගඩු පිපෙන...හදවතනතරවන කතාවක් හස‍රැල්..ඒත්මේ කතා දැන් ආයිත් මතක් වෙනවටත් අකමැති බව කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන් ,ඒ උනාට මේ සිද්දිය මට කවදාවත් අමතක නොවෙන්නක්,මින් පසුව ඇතිවුණු සිද්දි කීපයක ආරම්බයක් ලෙස පමණයි මෙය සටහන් කලේ

      Delete
  2. ඕවා මතක් කරන එක හොඳයි. සමහර අයට මතක නෑ...

    ReplyDelete
    Replies
    1. මාතලන් හරි... මේවා දැං ගොඩක් අයට මතක නෑ..... කියවන්න අමාරු උනත් මතක් කරන එක හොඳයි...

      Delete
    2. ප්‍රබාකරනුත් උගේ ගෝලයින්ට මෙහෙම කිව්වලු ,උබලා ඕන තරම් සිංහල උන් මරපල්ලා ,මොකද උන්ට ඒවා මතක තියෙන්නේ සති දෙකයි ,හැබැයි උබලා සිංහලයින්ගේ වී ඇටයක දෙයක්වත් ගන්න එපා ,මොකද උන්ට ඒක හැමදාම මතකයි ,මැරෙන වෙලාවෙත් ඒක මතක්කරලා හූල්ලාවී

      Delete
  3. සිරාවටම මේ සයිබරේ ඉන්න කීයෙන් කී දෙනාටද ඔය කාලේ මතක? නියමයි හසරැල් අයියා......
    කෝරලේ වලව්ව

    ReplyDelete
  4. හ්ම්ම්...ඇත්තටම අපිට මේ දේවල් ඉක්මනටම අමතක වෙන එක තමානරක...

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...