Tuesday, November 27, 2012

අන්න මැනේජර් ඔයාලට යන්න කිව්වා


මේකත් මං ජොබ් එකට ගියපු මුල් දවස්වල උනු දෙයක් ,මං කලිනුත් කිව්වා වගේ මට මුලින්ම ජොබ් එක ලැබුනේ බුත්තලටනේ ,

මාත් එක්ක එතකොට තවත් එක යාළුවයි සම වයසේ හිටියේ ,ඉතින් අපි දෙන්නම බොහෝ වෙලාවට එක ලග තමයි වැඩ කලෙත් ,දවසක් බැංකුව  3 ට වැහුවට පස්සේ අපි ඉතින් පොඩි චැට් එකක් දාගෙන හිටියා ,

වැඩට ගියපු අලුත නිසා කෙනෙක් වැඩක් පැවරුවොත් විතරයි අපිට වැඩ තිබුනේ ,වැඩක් හොයල බලල කරන්න තරම් දැනුමක් එතකොට නොතිබූ නිසා ,ඔන්න ඔහොම ඉන්නකොට එක පාරටම අපේ පියන් (ඒ කියන්නේ  කා.කා.ස )ගුණතිලක ඇවිත් කිව්වා 

"අන්න මහත්තයලට ලොකු මහත්තයා යන්න කිව්වා "

එහෙම කියලා මිනිහා යන්න ගියා ,ඉතින් මං අනිත් එකාට කිව්වා "මචන් අද ඒ හැටි වැඩත් නෑනේ ,ඒක හින්ද වෙන්නැති " කියලා ,එහෙම කියලා අපි දෙන්නා පොතත් අත්සන් කරලා එලියට බැස්සා ,

චමරියට යන ගමන් කඩේකට ගිහින් තේ එකක් කාරිය බීල හිමින් සැරේ චමරියට ගියා ,ඔහොම ගිහින් විනාඩි 15 ක් විතර යන්නැති ,මෙන්න එකපාරටම අපේ පියන් ගුණතිලක එනවා බයිසිකලෙත් පැදගෙන යකා වගේ ,

ගුණතිලක - කොහෙද ගියේ ,මං ටවුන් ඒක පුරාම හෙව්වා ,වැඩ ඉවර වෙන්න කලින් ගියා කියල අන්න ලොකු මහත්තයට හොදටම තදවෙලා ,ඒ මදිවට පොතත් අත්සන් කරලා ,

අපි -ඉතින් ඔයාමනේ කිව්වේ අපිට යන්න කිව්වා කියලා ,

ඔන්න ඒ පාර ඉතින් මිනිහා උඩ බිම බලන්න ගත්තා ,

ගුණතිලක -ඔව් ,ඉතින් යන්න කිව්වා තමයි ,යන්න කිව්වම ඒක අහන්නේ නැතුව චමරියට ආවේ ඇයි .

අපි -යන්න කිව්වම යනවා ඇර ඉන්නේ මොන ලෝකෙද ඕයි ,

ඔහොම කතාකරගෙන යනකොට  තමයි අපිට තේරුම ගියේ වචනවල පටලැවිල්ල,මොකද දන්නවද වෙලා තිබුනේ ,ඒ පැත්තේ කෙනෙක් තවත් කෙනෙකුට එන්න කියලා වෙනත් කෙනෙක් අතේ පණිවිඩයක් යැව්වොත් ඒ එක්කෙනා ගිහිල්ලා පණිවිඩේ දෙන්නේ "ආන්න අහවලා ඔයාලට යන්න (ඒ කියන්නේ එන්න )කිව්වා කියලා ,

ඇත්තටම වෙලා තිබුනේ ඒ වෙලාවේ මැනේජර් අපිට එයා ලගට එන්න කියපු එක,ඉතින් පියන් පණිවිඩේ ඇවිත් අපිට දුන්නේ අර විදිහට ,එතකොට බලාගෙන ගියාම මිනිහත් හරි ,අපිත් හරි.

කොහොම උනත් මේ වචන පටලැවිල්ල මැනේජර්ට තේරුම් කරලා දුන්නම අවුලක් උනේ නැහැ ,අපිටත් වෙන වැඩ .

පින්තුරේ ගත්තේ http://cobaltpm.com

10 comments:

  1. හි හි.... අපොයි ඔය වැඩේ මටත් වෙලා තියෙනවා.. හොඳ වෙලාවට මං දැනගෙන හිටියා කොයි වෙලාවේ හරි මට කතා කරනවා කියලා මැනේජර්... ඒක නිසා මට තේරුනා වැඩේ... ඔය වචන පටලැවිලි නම් හරි ලෙඩක් තමයි.... හි හි...

    ReplyDelete
    Replies
    1. හපොයි වචන පැටලවිලි කතා තව ගොඩක් තියේ

      Delete
  2. මේක හරිම පටලවිල්ලක්නේ :)

    ReplyDelete
  3. ඇති ඔයින් ගියා නේද. මූලග්ගින්න තියෙන පොරක් එහෙම නම් මොනවා වෙයිද නේද..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. මිනිහට පොඩ්ඩක් මුලග්ගින්නත් තිබ්බ

      Delete
  4. හික්ස්.. අපේ පැත්තේ වෙනම වචන තිබ්බට ඔය වගේ පැටලිලි නම් නෑ නෙ??

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලි කියන්නේ ,මුන් එනවට යන්නලු ,එතකොට යනවට කියන්නේ එන්න කියලද ?දෙය්යෝ දනී

      Delete
  5. බුත්තල පැත්තෙත් එහෙමද ?

    ReplyDelete
  6. අර කවුද ඇහුවලු නේ මොකෝ දොඩන්නැත්තේ කියලා...එතකොට කවුද කිව්වලු මේ අවාරෙනේ කියලා..එකත් මෙහෙම වචන පැටලිල්ලක් තමයි..

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...