Tuesday, November 13, 2012

මචෝ


ඔන්න ඉතින් මන් දැන් ඔහෙලට කියන්න යන්නේ අපේ ගමේ ඉන්න පොරකට  නමක් හැදුනු විදිහක් ගැන ,හරිය,පොරට දැන් කවුරුත් කියන්නේ "මචෝ" කියලා 

මේ  ගොය්යා උන්නේ ගඟ අද්දරම හදාගත්ත ගේක ,ආ... කියන්න අමතක උනා ,මේ කාලේ වෙනකොට මෙයයි පොඩි එකා හරිය ,උන්නේ අම්මයි තාත්තයි එක්ක තමයි

කොහොමත් ඉතින් උඩහට වහපු ගමන් ගඟ දෙගොඩ තලාගෙන යන්න පටන් ගන්නවා,එතකොට මෙයයි ගෙදර අනිත් ඔක්කොමයි ඉතින් ගන්න පුළුවන් දෙයක් අරගෙන ඉතින් ඉක්ඉක්මනටම උස් තැනකට යනවා ගෙදර තිබ්බ ඔරුවෙන් ,තේරුනයි,මක්ක ගන්න බැරිඋනත් ගෙදර තියෙන වී ටිකනම් කොහොමහරි ගොඩට ඇදගන්නවා ,නැත්තන් ඉතින් කාලා හමාරයි නේ ,



ඔන්න ඔයි වගේ දවසක  ඉතින් මෙහෙම තාත්තයි පුතයි එකතු වෙලා ඔරුවෙන් වී ටික ගොඩට අදිනවා,එතකොට

පුතා - තාත්තේ දැන් අපි හිතමු අපි මේ ඔරුව පැදගෙන යනකොට කිඹුලෙක් ලගට ආවයි කියලා

තාත්තා - ඉතින්

පුතා - එතකොටම මේ ඔරුව පෙරලිලා අපි වතුරට වටුනයි කියලා

තාත්තා - ඔව් ඔව් ඉතින්

පුතා - එතකොට ඔහේ ඉස්සෙල්ලම බේරාගන්නේ මන්ද නැත්තන් වී ගෝනියද

තාත්තා - උඹ මේ මක්ක අහනවද ,මන් පැනපු ගමන් බේරාගන්නේ උඹනේ පුතේ

මෙන්න මු ගත් කටටම කියපිනම් 

අන්න හරි මචෝ එහෙම තමයි ඉන්න ඕන 

1 comment:

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...