Wednesday, November 28, 2012

හැට්ටේ අස්සේ

මාතෘකාව දැක්ක ගමන් හිතුන දේ වැරදියි ,මේක මේ පොඩි රස කතාවක් ,හැබැයි ඇත්ත කතාවක හරිය.

මේ සිද්දිය උනේ අපේ ඔෆිස් එකේ ක්ලීනින්ග් වැඩ කරන සුනිල් අය්යට ,මිනිහගේ ටිකක් කන ඇහෙනවා අඩුයි ,ඉතින් කන ඇහෙනවා අඩු අය ටිකක් හය්යෙන් කතා කරන බවත් කියන්න ඕන නෑනේ ,

ඔන්න දවසක් අපේ සුනිල් අය්යට ගෙදර ඉන්න එයාගේ නෝනාගෙන් කෝල් එකක් ආවා ,එදා හැබැයි අපේ ඔෆිස් එකේ දුරකථන ජාලය (ඒ කියන්නේ intercom එක) බිඳවැටිලා තිබුනේ ,ඉතින් කෝල් ආන්සර් කරන්න නම් ඉස්සරහ ප්‍රධාන දුරකථනය ලගටම එන්න වෙනවා ,ඔන්න ඒ විදියට සුනිල් ඇවිත් කෝල් එක ගත්තා ,

දැන් ටිකක් සද්දෙට මෙන්න මෙහෙම කතාව යනවා ,බැංකුවේ ඉස්සරහ කවුන්ටරේ ගාව නිසා සෙනග එහෙමත් ඉන්නවා ,කතාවේ අපිට ඇහෙන්නේ එක පැත්තක කතාකරන ඒවා විතරනේ ,ඔන්න මෙහෙමයි කතාව .

සුනිල් - හලෝ 

නෝනා -~!@#$$$#^&*%$@#$%$@%

සුනිල් -මොකටද සල්ලි 

නෝනා - !~!@!#@%$$^$%@#!#

සුනිල් -කීයක්ද ?

නෝනා -~!!#$@$%$^&&*^*&#!#@$

සුනිල් - මොනවා... සල්ලි නැහැ 

නෝනා - #@@$%$%&*^*@!#$#

සුනිල් -ඇයි ඕයි මං අද උදේ බලනකොටත් හැට්ටේ අස්සේ තිබුනේ ...


16 comments:

  1. එයා හැට්ටේ අයන් කලාද දන්නෑ.

    ReplyDelete
  2. හැට්ටේ අස්සේ තමා සල්ලි දාන්න ආරක්ෂිතම ස්ථානය :)

    ReplyDelete
    Replies
    1. බැංකුවේ දැම්ම වගේ තමයි

      Delete
  3. හි හි හී...හොරාට හැට්ටෙ අස්සෙත් බලලා...

    ReplyDelete
    Replies
    1. කවුද හිතුවේ සල්ලි තියේද බල්ලන්න බැලුව කියල

      Delete
  4. කවුරුහරි හැට්ටේ අස්සට අතදාලා වත්ද ..

    ReplyDelete
    Replies
    1. කවුද සල්ලි ගත්තේ ???????

      Delete
  5. මදෑ.. නෝනට හිතෙන්න ඇති අය්යෝ මේ යකා හැට්ටේ අස්සේ රිංගන්නේ මට තියෙන ආදරේකට නෙවෙයි කියලා.... හි හි...

    ReplyDelete
    Replies
    1. මාගේ අවවාදය , මෙය ආදර්ශයට ගෙන නෝනලා තමන්ගේ මුදල් ප්‍රවේසම් කරගත් යුතුය

      Delete
  6. අධි ආරක්ශිත කලාපය

    ReplyDelete
    Replies
    1. ඒකෙත් එක එකා රිංගන ඒකනේ ඕයි ඉවසන්න බැරි

      Delete
  7. ආ තංගල්ල බ්‍රාන්ච් එක!

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...