පලවෙනි කොටසට සහ දෙවැනි කොටසට මෙතනින් යන්න ,
එදා හවස 3 පමණ වනවිට කවදාවත් නැති තරමට නගරය ජනී ජනයාගෙන් තොර පාලු ස්ථානයක් බවට පත්වුණා ,ඉඩ හිට හෝ දකින්න ලැබුනේ වේගයෙන් එහා මෙහා යන මාධ්‍ය ආයතනයක වාහනයක් පමණයි ,අපට රෑ කෑම ගෙනෙන ගෙදරිනුත් එදා නොපැමිණෙන බව ඉර හඳ වගේ විස්වාස නිසා අපි රෑ කෑමට හදාගැනීමට මැගී නූඩ්ල්ස් පැකට් ටිකකුත් අරගෙන වේලාසනින් චමරියට ගියා .
අපේ බැංකුවේ චමරිය තිබුනේ බුත්තල - මාලිගාවිල පාරේ නගරයේ සිට ටික දුරකින් ,මේ පාරේම තව ටික දුරකින් තමයි බස් රථයට බෝම්බ ගසා තිබුනේ .ඒ වගේම අපේ චමරිය තිබුණු ඉඩම අක්කර 5 ක පමණ ඉතා විශාල ඉඩමක් ,ඒ නිසා සෑහෙන දුරක් යනතුරු දෙපසින්ම ගෙවල් තිබුනේ නැහැ .
මේ වෙනකොට අපේ චමරියේ සිටියේ මා සමග මගේ තවත් බැචාලා දෙන්නෙක් ,ඔවුන් අමල් සහ බිමල් යයි සිතමු (නියම නම් නොවේ ) ,අපි තුන්දෙනා රෑ බෝ වී ගෙන එන විට ගෙන ආ මැගී නූඩ්ල්ස් ටිකත් හදාගෙන කාලා රූපවාහිනිය නරඹන්න පටන් ගත්තා .එදා ඉතින් වෙනත් දෙයක් බලන්න තිබුනේ නැහැ ,ත්‍රස්ත ප්‍රහාරය ගැනම තමයි ,
මේ වනවිටත් විශේෂ බලකාය මගින් පැනගිය ත්‍රස්තයන් සොයා සිදුකල සෝදිසි මෙහෙයුම් දියත්ව තිබුනා ,විටින් විට යාල දෙසින් වෙඩි ශබ්ද පවා ඇසුනා .ටික වෙලාවක් රූපවාහිනිය නැරඹු අපි එකිනෙකාට සුබ රාත්‍රියක් පතා තම තමන්ගේ කාමරවලට ගියා .
මගේ කාමරය තිබුනේ චමරියේ පිටතින් ඇතුල් විය හැකි ආකාරයට ,මම කාමරයට ගොස් ටික වෙලාවකින්ම මට හොද නින්දක් ලැබුනා ,එක් වරම මං ඇහැරුනේ මගේ ඇදුම් අල්මාරිය අසලින් ආපු ශබ්දයකින් .වෙලාව රෑ එකට විතර ඇති
ක්රීස් .......ක්රීස් .......ක්රීස් .....
අපිට දී තිබුනේ වානේ වලින් තැනු ඇදුම් කබඩ් ,මං ඇදෙන් නැගිට ගොස් අතෙන් හය්යෙන් කබඩ් ඒකට තට්ටු කළා ,
දඩාස් ............දඩාස් ..............
ආයිත් ඇදට ඇවිත් නිදාගන්න හැදුවත් ආයෙත් අර ශබ්දය.ඒ පාර මම පහතට නැවී අල්මාරිය යට පරීක්ෂා කරලා බැලුවා ,ආ .....මේ පොල් කුරුමිනියෙක්නේ ,මං කොස්ස ගෙන පොල් කුරුමිණියා එලියට ගත්තා ,කොස්සෙන්ම කුරුමිණියා තල්ලු කරගෙන එලියට බහින දොර ගාවට ගියා ,දොර ඇරියා ... කරාස් ....මේ දොර කොහොමත් ටිකක් හිරයි,කුරුමිණියා එලියට දැම්මා දොර වැහුවා ,ආයෙත් ඇවිත් නින්ද නොයන නිසා සද්දේ අඩුවෙන් රේඩියෝව දාගෙන ඇදට වෙලා හිටියා ,ඔහොම මට නින්ද යන්න ඇති ,
මං ආයෙත් ඇහැරුනේ මගේ හෑන්ඩ් ෆෝන් එක නාදවීම නිසයි ,වෙලාව පාන්දර 3 ට විතර ඇති ,කතාකලේ මගේ හොද මිත්‍රයෙක් වන අපේ බැංකුවේ වැල්ලවාය ශාකාවේ මැනේජර් මහතාගේ ලොකු පුතා ,ඔහු චරිත්
චරිත් - මචන් දැන් කවුද උබලගේ චමරියට ආවේ ,
මං - මොකක්
චරිත් - දැන් අමල් අපේ ගෙදරට කෝල් එකක් අරන් තිබුනා කොටි ඇවිල්ල කියලා ,මේ අපි එන්න හදන්නේ ,
මං -උබට පිස්සුද බන්,ඉදපන් බලන්න මේ අමලයා කොහෙද කියලා .
මං අනිත් දොර අරගෙන අමල්ගේ කාමරේට ගියා ,එහි අමල් හිටියේ නැහැ .ඔන්න දැන්නම් මාත් ටිකක් ඩිම් උනා ,
මං -යකෝ ,මුන් නැහැනේ ,මාවත් දාල මේ මහා රෑ මුන් කොහෙද ගියේ ,
මට බයකට වඩා දැනුනේ තරහක් ,මම කෝල් එක කට් කරලා මහා හය්යෙන් කෑගැහුවා ,අමාල් ................අමාල්................
මෙන්න මූ එනවා ඇද යටින් එලියට ,ගැහි ගැහි ,
අමල් - මචන් උන් උබට මුකුත් කලේ නැද්ද ?
මං - කවුද යකෝ
අමල් - කොටි
මට දැන් යක්ස කේන්තියක් ආවත් බයේ වෙව්ලන අමල් දැක්කම ඒක නිකම්ම නිවිලා ගියා ,මං වතුර බෝතලයක් අරගෙන ඌට බොන්න දුන්නා ,
මං -දැන් කියපන් මොකද උනේ කියලා ,
අමල් -මචන් හරියටම එකට විතර උබේ කාමරේ දොරට ගහන සද්දයක් ඇහුනා ,(මං කබඩ් එකට ගහපු සද්දේ )ඊලගට කාමරේ දොර ඇරලා වහනවත් ඇහුනා,ඊලගට කාමරේ කීප දෙනෙක් කතාකරනවත් ඇහුනා ,(මගේ රේඩියෝ එකේ සද්දේ )
මං -ඉතින්
අමල් - මං හිතුව බන් කොටි ඇවිත් උබව මරලා කියලා
මං -ඉතින් එච්චරද උබට හිතුනේ
අමල් - නෑ බන් මට හිතුනා ඊලගට උන් මගේ කාමරේට ඒවි කියලා,ඉතින් මං මැනේජර්ට කෝල් එකක් ගත්තා ,ෆෝන් එක වැඩකලේ නැහැ ,මං R.M.(ප්‍රාදේශීය කළමනාකරු )ට ගත්තා ,සර් 119 ට කියන්නම් කිව්වා ,ඊලගට මං චරිත්ලයි ගෙදරට ගත්තා ,
මං - ඌ තමයි මට කතාකලේ ,
අමල් -මචන් මං ආර්.එම් සර්ට කිවා උබ මරලා කියලා ,එහෙම නැති නිසා අවුලක් වෙයිද
මං - අවුලක් වෙයිද ? අනේ උබ මගෙන් අහගන්නෙපා ,දැන් ඉතින් පොලිසියෙන් ඒවිනෙ ,ඉදපං මේ බිමල්ට ඇහැරවන්න
මං ,බිමල්ගේ කාමරේට ගියා ,මූ හොදටම ගොරව ගොරවා බුදි ,බොහොම අමාරුවෙන් ඌව අහරවගත්තා ,ඌටත් වෙච්ච දේවල් ටික පැහැදිලි කළා ,
මං -දැන් ඉතින් පොලිසියෙන් ආවම කියන්න කතාවක් හදාගමු,අපි කියමු කවුරුහරි දොරට ගහලා දුවලා ගියා කියලා ,අපි බයවෙලා වගේ ඉමු ,
බිමල් - කොහොමද බන් එහෙම ඉන්නේ
අමල් - මේ මං වගේ ඉදපන් ,හරිද
මං -එක නෙමයි අමල් මං කලින් කාමරේට ආවම ඇයි උබ කතා කලේ නැත්තේ ,
අමල්- මට නින්ද ගිහින් හිටියේ බන් ඇද යටම ,උබ නම කියලා කෑ ගහන කොටයි මට ඇහැරුනේ
මං - ඇත්තද ? දැන්වත් ආර් .එම් ටයි චරිත්ටයි කෝල් කරලා වුනු දේ කියමු ,
කොහොම උනත් එලි වෙනකල් හරි එලිවුනාට පස්සේ හරි කවුරුවත් අපිට කොටි ගැහුවද බලන්න ආවේ නැහැ ,ඔන්න ඔහොමයි අපිට කොටි ගැහුවේ ,
මේ සිද්දිය අපේ ප්‍රාදේශීය කළමනාකාර මහතා වෙනත් ශාඛා වලදී පැවසීම නිසා අපිට කොටි ගහපු හැටි ඔක්කොම දැන ගත්තා .දැන් මේ සිද්දිය මතක් වෙනවිට සිනාගියත් වසර ගණනාවක් තිස්සේ මායිම් ගම්මානවල විසු ජනතාවගේ හැගීම් ඔබට තේරුම් ගන්න පුළුවන් වේයැයි
සිතමි.
අර කතාවටත් කියනවනේ කොටින්ට බයේ කැලේ හැංගිලා ඉන්නකොට වාතයක් (ඒ කියන්නේ පඩයක්) යන්න ආවත් ඒක යවන්නේ තුනට කඩලා කියලා .
ගෙහුං එන්නං
ප.ලි - මේ කතා තව පොස්ට් දෙකතුනක් අතැත් ඕනෑම දෙයක් ඕනවට වඩා ඕන නැති නිසා මේ ලිපි පෙළ මෙතනින් දැනට නවතමි -බලමු ඉස්සරහට හිතුනොත් ඉතිරි ටිකත් දාන්න බැරිය
කොහොමත් ඔය කොටි ගහපු ගම් වල පොලීසිය ආවේ නම් අන්තිමට තමයි. එක දවසක් කොටි ගහලා මැරුන පොලීසියේ සේවකයෙකුගේ මලගමට මහ රෑක අපිත් ගියා. ඒත් මායිම් ගම්මානෙක. රෑ දොලහට විතර. ආරක්ශාවට කියලා ගමේ කොල්ලෝ කිහිප දෙනෙක් විතරයි හිටියේ. අපි විමසලා බලන කොට අදාල ගමේ පොලීසියේ දහයක් විතර මලගමට සේවා සපයන්න දාලා හැබැයි.
ReplyDeleteමං පස්සේ දවසේ දන්නා රාලහාමි කෙනෙක් ගෙන් ඇහුවා 119 න් මැසේජ් එක ලැබුනේ නැද්ද කියලා ?මිනිහා කිව්වා මැසේජ් එක ලැබුනා ,ඒත් ඉතින් කවුද ඔය වෙලාවට යන්න කැමති කියලා
Deleteහි හි.. මදෑ.... අර අමල් නම් නියම එක්කෙනෙක් තමයි.... ඒ අස්සෙත් ඒකට ඇඳයටම නින්ද ගිහින් නේ....
ReplyDeleteඅපේ උන් එහෙම තමා ,මං මේක දාපු විත්තිය දැනගෙන වගේ අද ඌ එක පාරටම මට කාලෙකින් කෝල් කරානේ ,හැබැයි උන් වෙලාවට මගේ බ්ලොග් එක ගැන දන්නේ නැහැ
Deleteගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එලියටත් බයයි කියල කතාවක් තියෙනවානේ.ඒක ඇත්ත එහෙම යුගයක් තිබුනා.
ReplyDeleteඒ කාලේ ඉන්න තිබුනේ ඒ පැත්තේ, හපොයි එහෙමත් කාලයක්
Deleteඅයියාගේ කතා කියන හැකියාව , ලියන්නත් පාවිච්චි කරන එක නම් එලම තමයි..
ReplyDeleteමේ කතාව නම් කලින් කියල තිබ්බේ නෑ නෙ අපට..
:D
මං මේක සුරන් මල්ලිටනම් කිව්වා ,තැන්කු වේවා
Deleteඑහෙමත් කාලයක් ලංකාවේ තිබුනනේ. අවුරුදු 20 30ස් ගානක් බයෙන් ගැහෙමින් ජීවත උන අයත් හිටිය මෙවැනි දේවල් ලියන එක ගැන මම අගය කරනවා
ReplyDeleteඇත්තටම දැන් ගොඩක් අයට එහෙම කාලයක් තිබුනද කියලවත් මතක නැහැ
Delete...//මචන් මං ආර්.එම් සර්ට කිවා උබ මරලා කියලා ,එහෙම නැති නිසා අවුලක් වෙයිද?"//....
ReplyDeleteආශ්‍රය කරනවානම් අන්න යාලුවෝ. :D
ela machan... umbe Amal kauda kiyala mata hitha ganna puluwan
ReplyDelete