Sunday, November 18, 2012

උක..ස් පේමන්ට්



මේක මන් ජොබ් එකට ගියපු මුල් දවසේ උනු වැඩක් ,මන් ඉස්සෙලාම පත්වීම ලැබුනේ බුත්තලට ,ආ ... මන් වැඩකරන්නේ රාජ්‍ය බැංකුවක හරිය ,

ඉතින් මුල්ම වැඩේ හැටියට මැනේජර් මහත්තයා මට කිව්වා විමසීම් කවුන්ටරේ ඉන්න කියලා ,සේවක හිගය නිසා අලුත් කියලා නැහැ මන් විතරයි එතන හිටියේ ,

ඔන්න ඉතින් ටික වෙලාවකින් මිනිස්සු ඇවිත් අහන්න ගත්තා "මහත්තයා  
උක..ස් පේමන්ට් කරන්නේ කොතනද කියලා ,මාත් ඉතින් රජා වගේ ඒ අයට රත්තරන් බඩු උකස් තියෙන තැන පෙන්නනවා ,මෙහෙම ටික වෙලාවක් යනකොට කොහොමත් මිනිස්සු 50 ක් විතර උකස් කාමරේ පිරිලා ,

එතකොට එතන වැඩකලේ ටිකක් මහත දෙහෙත අක්කා කෙනෙක් ,මෙන්න ටිකකින් අක්කා එනවා මගේ දිහාට නාලාගිරි හස්ති රාජයා වගේ ,ඇවිත් ඇහුවා "මල්ලි උබට පිස්සුද බැංකුවට එන ඔක්කොම උකස් කාමරේට එවන්නේ "කියලා ,මන් කිව්වා අක්කේ ඒ මිනිස්සු අහන්නේ උකස් පේමන්ට් ගැන නිසා මන් එහෙට එව්වා කියලා ,

එතකොට ඒ අක්කා කියපි "යෝදයෝ උකස් පේමන්ට් නෙමෙයි උක්ගස් 
පේමන්ට් ගැන මිනිස්සු අහන්නේ කියලා "ඒ කියන්නේ පැලවත්ත සීනි කම්හලට මිලදී ගන්න උක්ගස් වලට කරන ගෙවීම් ගැන ,මන් ඉතින් ඔය හාන්කවිසියක් දන්නවා කියලයි ,

ඒ කාලේ  කම්හලෙන් නිකුත් කරපු කුවිතාන්සියට කවුන්ටරෙන් කෙලින්ම ගෙවීම් කළා ,පසුව ඒ පිළිබද ඇති ව්‍යාකූල බව නිසා අපි සමාගමත් එක්ක කතාකරලා ඒවා ගොවීන්ගේ ගිණුම් වලට හැරෙව්වා 

ගොහින් එන්නම් 

4 comments:

  1. හි හි හී..මදෑ කස්ටිය " උකස් පේමන්ට් " කරන්න ගියා..මරු කතාව

    ReplyDelete
    Replies
    1. තව වචන පටලැවිල්ලක් ගැන ඉදිරියේදී පොස්ට් එකක් දාන්නම්

      Delete
  2. හික් හික්. ඒක නම් ඕනැ කෙනෙකුට වෙන්න පුලුවන් වැ‍රැද්ද්ක්! කාටද ඕකෙ වෙනස තේරෙන්නෙ?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...