තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා
ඕනෑම ශිෂ්ටාචාරයක මුලික පදනම වෙන්නේ ජල මුලාශ්‍රයක්නේ ,ඉතින් මාතර ශිෂ්ටාචාරයේ පදනම වෙන්නේ නිල්වලා ගඟයි ,රක්වාන කදුවැටියෙන් පටන් ගෙන දිගු දුර ගෙවා මාතර නගරය ආසන්නයෙන් මුහුදට එකතුවෙන නිල්වලා ගැන කොමලිය මාතර ජීවන නාලිකාව ලෙස හැදින්වුවොත් වරදක් නැහැ ,
ඇත්තටම නිල්වලා ගඟේ දකින්න තියෙන විශේෂත්වයක් තමයි ගඟ අවසාන හරියේදී ගඟ දෙපසට වඩා බොහෝ තැන් වලදී උසින් පිහිටීම මේ නිසා ගංවතුර අවස්ථාවකදී ගංවතුර ලෙහෙසියෙන් බැසනොයාමත් වඩදිය අවස්ථාවලදී කරදිය ගඟේ බොහෝ ඉහලට පැමිණීමත් දකින්න පුළුවන් ,
නිල්වලා ගඟ සමග සබැදුනු ගංගා රෝහණ පුජාවත් මාතරටම ආවේනික වූ දෙයක් ලෙසටත් හදුන්වන්න පුළුවන් ,ඒ ගැන ඉදිරියේදී තොරතුරු වෙනම පොස්ට් එකකින් ගෙනෙන්නත් බලාපොරොත්තු වෙනවා ,
හරි ඔන්න දැන් එන්න හදන්නේ වර්තමාන මාර්තෘකාවට
නිල්වළා ගඟේ කිඹුල්ලු
නිල්වළා ගඟ ගැන දැන් අන්තර්ජාලයේ සර්ච් එකක් දැම්මත් දැන් එන්නේ මෙයාලගේ වැඩ ගැන විතරයි ,
ඇයි මෙහෙම තත්වයක් උදාවුනේ ?
කිඹුල්ලු ඉන්නේ නිල්වළා ගඟේ විතරද? නෑ
එහෙනං
ඇත්තටම මෙහෙම තත්වයක් උදාවීමට හේතුව ගොඩක් දෙනෙක් නොදන්නා දෙයක් ,ඔයාලා අහල ඇතිනේ කිරලකලේ ගැන ,දන්නැති අය දැනගන්න එක නිල්වළා ගඟ නිම්නයේ තියෙන ස්වබාවික වගුරු බිමක් ,දේශීය ඉංජිනේරුවන්ගේ අදහස් ඉවතලා ක්‍රියාවට නැංවූ අසාර්ථක නිල්වළා ව්‍යාපාරය යටතේ මුලික අරමුණ වුනේ ගංවතුර වැලැක්වීමයි ,ඒ යටතේ අලුතින් තනන ලද ඇළ මාර්ග මගින් කිරලකලේ වගුරු බිමේත් ජලය පොම්පාගාර මගින් ඇද ගගට දමනු ලැබුවා ,
ඉතින් මේ මගින් තමන්ගේ ස්වබාවික වාසභූමි අහිමි වුනු කිඹුලන් ගඟට එකතු උනා ,ඔන්න ඔහොමයි කතාව පටන් ගත්තේ ,මේ මගින් ගඟේ කිඹුල් ගහනය අසාමාන්‍ය ලෙස ඉහල ගියා ,
අපි දන්නවනේ ඕනෑම සතෙකුට තමන්ට අයිති වාසබූමියක් තියෙනවා කියලා ,හොදම උදාහරණයක් තමයි ලංකාවේ අලි මිනිස් ගැටුම ,මෙතනත් වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් ,මිනිසුන් කිඹුලන්ගේ වාස භූමිය ආක්‍රමණය කිරීමක් ,නැතුව කිඹුලන් සාහසික වීමක් නොවෙයි ,
නිල්වළා ගඟ මිටියාවතේ ජීවත් වෙන කෙනෙක් හැටියට මන් මේ කියන්නේ අත්දැකීමෙන් ,ඉස්සර අපි පොඩි කාලේ අපි ගඟේ නෑවා,හැබැයි ඔය කිඹුල් කොටු ඇතුලට වෙලානම් නෙමෙයි,මොකද අපි ඒ කාලේ දැනගෙන හිටියා කිඹුලාගේ අඩවියේ සීමා මායිම්,අපි කිඹුලාගේ අඩවියට නොගියා වාගේම කිඹුලා අපේ අඩවියට ආවෙත් නැහැ ,
අදටත් ඔයාලට පුලුවන්නම් නිල්වලා ගඟ දෙපස පිහිටි ගමක වැඩිහිටියෙක්ගෙන් අහලා බලන්න ,ඔහු හෝ ඇය කියාවි දවසේ වෙලාව අනුව කිඹුලා රැදෙන තැන් ,කිඹුල් උවදුර ඉහල යාමට තවත් හේතුවක් තමයි උන්ගේ ගහනය ඉහල යාම නිසා කෑම පිලිබඳ ඇතිවී තිබෙන ගැටලුව ,ගඟ දෙපස ජනාවාස වීම නිසා ගගට පැමිණෙන සතුන් ප්‍රමාණය අඩුවීම මත අලුත් සහ පහසු ගොදුරු සොයායාමට කිඹුලන් පෙළඹී තියෙනවා ,කිඹුලන්ගේ වාසස්ථාන අහිමි වීම නිසා දැන් දැන් අමුතු සිද්දි පවා දකින්න ලැබෙනවා ,
ඇත්තටම මේ කිඹුලා මුහුදට යන්න හේතුවෙන්න ඇත්තෙත් ඒ වගේ දෙයක් ,මීට අවරුදු ගානකට කලින් තිබුණු නිල්වළා ගඟ නෙමෙයි දැන් දකින්න තියෙන්නේ ,ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ ගැටලුවට වරදකාරයින් අපිම බවත් ඒකට විසදුම තියෙන්නේ අපි සතුව බවත්ය .
ස්තුතියි ,
ප . ලි .රසවත් කිඹුල් කතා මතකයේ ඇත,ටික ටික ගෙනහැර පාමි ,මේ දවස්වල ටිකක් ගමෙන් පිට නිසා චායාරූප ලබාගත්තේ ජාලයෙනි ,ගමට නැවත ගිය පසු හොද හොද වැඩ ටිකක් දෙන්නම්
ඒ කියන්නේ ඉස්සර කිඹුල්ලුත් මානුෂික ගති වලින් හෙබි පිරිසක්. මිනිස්සු වෙනස් වෙන කොට කිඹුල්ලුත් වෙනස් වෙන්න ඇති.
ReplyDeleteඔහේ මේක මාතර භාෂාවෙන්ම ලීවොත් මක්ක වෙනවැයි. යෝජනාවක් ඉතරයි හොඳෙයි...
අදහස හොදයි වගේ ,සලකා බලමු ,මාතලන් අහලා තියෙනවද කිඹුල්ලු අල්ලන්න දාන බලු කොක්ක ගැන?
Deleteපොඩි කාලේ ඔය පොම්පාගාරේ ලඟින් යන හැම වෙලාවකම මම කල්පනා කරා මොකටද ඕක තියෙන්නේ කියලා. ඒ පැත්ත ගංවතුරට යට වෙනවා තමයි. ඔය නාදුගල වේල්ල හරිය මම දැකපු ලස්සනම පැත්තක්...හසරැල් ඉන්නේ ඒ කිට්ටුව වගේ..
ReplyDeleteමේක ලගනම් නෙමේ ,මේ වගේ තව දෙකක් තියෙනවා ,එයින් එකක් ලග
Deleteමම අහලා තියෙන විදිහට නම් මුලින්ම කිව්ව මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා කියන කවිය කිඹුලෙක් ගැන කියන එකක් නෙමේ. ව්‍යංගයෙන් මාතර පැත්තේ හිටිය මිනිස්සුන්ට අඩම්තේට්ටම් කරන චණ්ඩියෙක් ගැන කියපු කවියක්
ReplyDeleteඔහේ හරි ,මං ඒක දැම්මේ ලිපියට ආරම්බයක් හැටියට විතරයි ,ඇත්තටම චන්ඩියා උනේ පුතා නෙමෙයි අම්මයි ,අම්මා කලේ ගගෙන් එතෙර වෙන්න ආපු මිනිස්සුන්ගෙන් අස්ස ගණන් අයකරපු එක,හැබැයි පුතා එහෙම කලේ නැහැ ,ඒකයි කියන්නේ "මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා " කියල
Deleteහප්පේ එකාගේ සයිස් එක. මටනම් බයෙත් බැහැ දැක්කම.
ReplyDeleteකොහොමට හිදීවිද ලගට දැක්කොත් ,මං නම් අනන්තවත් දැකලා තියෙනවා
Delete