Monday, November 19, 2012

තමුසේ දන්නවද කවුද කතාකරන්නේ කියලා



ඔන්න අදත් තවත් බැංකු රස කතාවක් ,මේකනම් මං අහපු එකක් හරිය ,

ඔන්න එක බැංකුවක් උදේ අරින්න කලින්  උන වැඩක්,බැංකුව කස්ටමර්ලට එන්න දොර අරින්න කලින් බැංකුවේ කට්ටිය උදේ එනවනේ අන්න ඒ වගේ වෙලාවක් ,සාමාන්යෙන් උදේම එන්නේ සුද්ද පවිත්‍ර කරන කෙනා ,කා .කා .ස  මහත්තයා ,සහ ආරක්ෂක නිලදාරියා තමයි ,ඔන්න මෙහෙම දවසක උදේ අපේ පවිත්‍ර කරන කෙනා [අපි ලේසියට මිනිහට  සුනිල් කියමුකෝ ]මේසයක් යට රිංගලා මකුළු දැල් එහෙම කඩනවලු ,එතකොටම ටෙලිෆෝන් එක 

ට්‍රීන් ....ට්‍රීන් .....ට්‍රීන් 

කා .කා .ස සහ ආරක්ෂකයා ආගිය අතක් නැතිලු ,ෆෝන් එක තාම 

ට්‍රීන් ....ට්‍රීන් ....ට්‍රීන් ...

ඉතින් බැරිම තැන සුනිල් බොහොම අමාරුවෙන් මේසේ යටින් රිංගලා ඇවිත් ෆෝන් එක ආන්සර් කලාලු

සුනිල් - හලෝ ..

අනිත් පස - හෙලෝ ,මැනේජර් මහත්තයා ඉන්නවද ?

සුනිල් - මැනේජර් මහත්තයා තාම ඇවිත් නෑ ,පස්සේ ගන්න.

ෆෝන් එක තියලා සුනිල් ආයිත් මේසේ යටට රින්ගුවලු ,ඔන්න තව ටිකකින් ආයිත් 

ට්‍රීන් ........ට්‍රීන් ........ට්‍රීන් .....

ටික වෙලාවක් බලාගෙන හිටියත් කලින් සේතෙමලු ,සුනිල් ආයිත් බොහොම අමාරුවෙන් එලියට ඇවිත් ෆෝන් එක ආන්සර් කලාලු ,බැලින්නම් කලින් පොරමලු 

සුනිල් - හලෝ

අනිත් පස - හෙලෝ ,මැනේජර් මහත්තයා ඉන්නවද ?

සුනිල් - මහත්තයා මං දැන් එක පාරක් කිව්වනේ ,මැනේජර් මහත්තයා තාම ඇවිත් නෑ ,පස්සේ ගන්න.,හරිද 

දඩාස් ගාල රිසීවර් එක ෆෝන් එකෙන් තියපු සුනිල් ආයිත් මේසේ යටට රින්ගුවලු ,දෙය්යනේ ඔන්න ආයිත් ටිකකින් ...


ට්‍රීන් ........ට්‍රීන් ........ට්‍රීන් .....

සුනිල් මේසේ පෙරලගෙනම නැගිටලා ඇවිත් ෆෝන් එක ආන්සර් කලාලු,යකෝ ඒත් අර වොයිස් එකමලු.

සුනිල් - හලෝ

අනිත් පස - හෙලෝ ,මැනේජර් මහත්තයා ඉන්නවද ?

සුනිල් - මං දැන් තමුසෙට දෙපාරක්ම කීවානේ ,මැනේජර් මහත්තයා තාම නැහැ , ........ගන්නැතුව පස්සේ ගන්නවා 

අනිත් පස - තමුසේ දන්නවද මං කවුද කතාකරන්නේ කියලා ,

සුනිල් - නෑ 

අනිත් පස - දැනගන්නවා ,මං R.M.කතාකරන්නේ [ඒ කියන්නේ REIGIONAL MANAGER ,නොහොත් ප්‍රාදේශීය කළමනාකරු ]

සුනිල්ට හීං දාඩිය දැම්මලු ,හැබැයි මිනිහා ටාර් ගාල මොලේ පාවිච්චි කලාලු ,

සුනිල් -එතකොට තමුසේ දන්නවද මං කවුද කියලා ..

R.M.- නෑ දන්නෑ 


සුනිල් - එහෙනම් කමක් නෑ ....

කියලා දඩාස් ගාල ෆෝන් එක තිව්වලු ...

11 comments:

  1. දැනනොගත්ත එකම හොදයි....මගේ ඔපිස් එකෙත් එහාපැත්තෙ එකා කියන්නෙ නැත්තං තමුං මොකාද කියලා...මං හිතුන හිතුන ආතල් දෙනවා...එයාල බොස් කියලා අපිට ටෙලිපෝන් එකෙන් පේන්නෙ නෑනෙව....

    ReplyDelete
    Replies
    1. කොහොමද ටිකිරි මොළේ

      Delete
    2. මමත් දවසක් දුනුනා අපේ බොසාටම ඔය බේත..

      එයා හිතනවා ඇති අපිට නිකම්ම එයාගේ කටහඬ අඳුරගන්න පුළුවන් කියලා... මං කතා කරලා පණිවිඩේ අරං ඒ වැඩේ කරලා මගේ වැඩ කරගෙන හිටියා...

      හවස කට්ටියට වැඩේ පත්තු වෙලා මගෙන් නිදහසට කරුණු ඇහුවා.. මං කිව්වා මගේ කාවා පැය දෙකක් රස්තියාදු වෙච්ච කස්ටමර් කෙනෙක් හිටියා.. එයාව තවත් රස්තියාදු කරලා මං පණිවිඩ කියන්න ගියේ නෑ කියලා... මං නොට් එකක් තිබ්බා අවශ්‍ය කෙනාට ලැබෙන විදියට..

      ඒ පාර ඇහුවා ඔයා දන්නවද කතා කළේ කවුද කියලා.. මං කිව්වා දන් නෑ කියලා.. හෙන බැරෑරුම් විදියට ඒ බොස් කතා කලේ කිව්ව ගමන් මං කිව්වා බොස් කියලා කිව්වේ නැතුව මං කොහොමද අඳුරගන්නේ කියලා.. ඒ පාර කට්ටියම කටවල් වහගෙන මට යන්න කිව්වා...

      Delete
  2. මල්ලි මමත් ප්‍රයිවෙට් විධායකයෙක් එක්ක ඔය වගේ ආගියුමන්ට් එකක් ගියා. පස්සේ වෙලාවක දාන්නම්.

    ReplyDelete
    Replies
    1. මටනම් ඔය වැඩේ කරන්න අමාරුයි ,මොකද මං තමයි මං වැඩකරන තැන ඉන්න එකම පිරිමි පරානේ [සිකිරුටි සහ ක්ලීනින්ග් අය්යා ඇරුනම ]සුදීක බලාගෙන ඔය යක්කු බ්ලොග් කියවනවද දන්නේ නැහැ

      Delete
  3. එලමැ එල කතාව හසරැල් නියමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු ,තව හොද හොද කතා ඉස්සරහට

      Delete
  4. වෙන මොනව කියන්නද එහෙම කියලා යාන්තමට හරි රස්සාව බේරගත්තානම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. රස්සාවත් ගොඩ ,හැබැයි ඉතින් R.M.බයවෙන්නති මිනිහට වඩා ලොක්කෙක් එහාපැත්තෙ ඉන්නත්තේ කියලා

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...