01.නුපේ ලන්දේසි වෙළදපොළ [nupe dutch market]
මාතර නගරයට පිවිසෙන විටම නුපේ හන්දියේදී දකුණු අත පැත්තෙන් දකින්න පුළුවන් ,ලන්දේසි කාලයේ ගොඩනගපු වෙළදපොලක් දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරලා තියෙනවා.
02.මාතර තාරකා කොටුව [ star fort ]
ලන්දේසීන්ගේ කාලෙම ගොඩනංවන ලද්දකි ,මෙහි විශේෂත්වය තමයි තරුවක ආකාරයට ගොඩනංවා තිබීම ,දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර ඇත,මාතර ඉතිහාසය පිළිබද කෞතුකාගාරයක්ද පිහිටුවා ඇත .මාතර බෝධිය පහුකරපු ගමන් උයන්වත්ත පිට්ටනිය ලගම ඔබේ වම් අත පැත්තෙන් දකින්න පුළුවන් .
03.මාතර කොටුව [matara dutch fort ]
මාතර වෙරල තීරයටත් නිල්වලා ගඟටත් අතර පිහිටා ඇත,බීච් ඒකට යනවනම් ඒ ගමන්ම යන්න පුළුවන් ,ඒ ගමන්ම කොටුව ඇතුලේ පැරණි ගොඩනැගිලි බලන්න යන්නත් පුළුවන් ,රසට කෑම වේලක් ගන්නත් විවේකෙට ඉන්නත් පුළුවන් විදිහට දැන් මාතර තානායමත් නවීකරණය කරලා තියෙනවා ,
04.මාතර බෝධිය
මාතර යනවනම් අනිවාර්යෙන්ම යන්න .
05.මාතර කතෝලික පල්ලිය [ st. mary's church ]
මාතර වෙරල මාවතේ පිහිටා ඇත ,ශ්‍රී ලාංකික කතෝලික ජනතාවගේ නොමද ගෞරවයට පත් ස්ථානයකි ,
06.පරෙවි දූපත සහ පාලම
මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට වෙරළේ පිහිටා ඇත ,දැන් මෙහි රෝහණ පාර්ශ්ශවයේ පොහොය ගෙය පිහිටුවා ඇති බැවින් බලන්න යනවනම් විනීත ඇදුමකින් සැරසී යන්න ,නැත්නම් ආපසු හරවා එවාවි .
07.මාතර වෙරළ [ matara beach ]
හැන්දෑවකට යන්න කියාපු තැනක් ,නානවානම් පොල්හේන වෙරළට යන්න ඕන ,මාතර බස් ස්ටෑන්ඩ් ඒක ළග වෙරළ නෑමට සුදුසු නැ ,එතන දියවැලක් තියනවා ඒකට අහුවුනොත් රුහුණු කැම්පස් එක ලගින් ගොඩට එන්න පුළුවන් ,හැබැයි පණපිටින් නම් නෙමෙයි .
08.රුහුණු විශ්වවිද්‍යාලය [ ruhunu university]
මේක බලන්න යන්නනම් එක්කෝ විබාගේ හොදට පාස් වෙන්න වෙයි නැත්නම් විශේෂ අවසරයක් ගන්න වෙයි ,මාතර පහුකරලා කතරගම යනකොට ඔබේ වම් අත පැත්තෙන් දකින්න පුළුවන් ,
09.දෙවිනුවර ප්‍රදීපාගාරය [dondra light house ]
අපේ රටේ දකුණු කොන ,ලස්සන තැනක් ,දැන්නම් උඩට නගින්න දෙන්නේ නැහැ ,මේකේ විශේෂත්වය තමයි මේ ප්‍රදීපාගාරයට පස්සේ ලෝකේ දක්ෂිණ ද්‍රවයට යනකම් කිසිම ප්‍රදීපාගාරයක් දකින්න නැහැ ,බස් එකේ යනවනම් දෙවිනුවර දේවාලේ ගාව බැහැලා ත්‍රී වීල් එකකින් යන්න ,මං හිතන්නේ රුපියල් 100 ක විතර දුර
10.දෙවිනුවර ශ්‍රී උපුල්වන් දේවාලය
බොහොම අනුහස් ඇති තැනක් ,අනිව්වර්යේන්ම යන්න .මෙතෙන්ට යනවනම් තව පොඩි තැනක් තියෙනවා එතනටත් යන්න ,ඕන කෙනෙක්ගෙන් පාර ඇහුවම කියාවි ,
මෙතෙන්ට කියන්නේ "ගල් ගේ" කියලා ,පුරාන විෂ්ණු දේවාලය හැටියත් සලකනවා ,
11.වෙහෙරහේන විහාරය
මාතර බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා කැකනදුර බස් එකක යන්න ,එතකොට පන්සල ලගින්ම බහින්න පුළුවන් ,බුදු පිළිමය වන්දනා කරනවා වාගේම සිත්තම් ලෙන් විහාරය බලන්නත් යන්න ,ආ .. සල්ලි කන මල්ලි ඉන්නෙත් මේ පන්සලේ [ පින් කැටයක් එහෙම යට ගහලා තිබුනා ,දැන්නම් ඒක මකලද දන්නේ නැහැ ]
ඔන්න අද මං ගෙනාවේ මාතර නගරය අවට ඔහෙලට බස් එකේ උනත් ගිහින් බලන්න පුළුවන් තැන් ටිකක් ,ඉදිරියේදී මෙම තැන් ගැන සවිස්තරව විස්තර ගේන්නත් මං බලාපොරොත්තු වෙනවා ,
ගිහින් එන්නම් .
ප . ලි .කවුරුහරි පන පිටින් අපාය දැකලා තියෙනවාද ?මාතර එහෙම බලන්න පුළුවන් තැනක් තියෙනවා ,කියමුද බලන්න ,ඒ තැන ඇතුළුව තවත් වැදගත් තැන් ගැන විස්තර ඉදිරියේදී .....
අදයි මේ පැත්තෙ ආවෙ, හිරුගෙ බ්ලොගේ කමෙන්ට් එක දැකල.
ReplyDeleteමේ ෆොටෝ නම් ළඟදි ගතිපු ඒව නෙවි වගේ, ජංජාලෙන් ගතිපුව වෙන්න ඇති. ලන්දේසි වෙළඳපොල ළඟ නූපෙ හන්දිය එහෙම දැන් ඔය තියෙන විදියට වඩා වෙනස්. එතන කලර් ලයිට් සිස්ටම් එක නිසා පාර බෙදල තියෙන්නෙ.
ඔය ස්ටෑන්ඩ් එක ඉස්සරහ මූදු වෙරළට සමාන්තරව සකස්කරල තියෙන වෙරළ උද්‍යානය ලංකාවෙ පළමු වෙරළ උද්‍යානයය කියල ඉස්සර බෝර්ඩ් එකකුත් ගහල තිබුණ මතක හැටියට, දැන් තියෙද මන්ද.
අනෙක පොල්හේනෙ මූදෙත් වතුර වැඩි වෙලාවට එහෙම අර රීෆ් ගාර්ඩ්න් හොටෙල් එක පැත්තෙ නාන එක එච්චර හොඳ නෑ, අනිත් පැත්තෙන් නෑවනම් හරි. එතනත් අවුරුද්දකට එක්කෙනෙක් දෙන්නෙක් මැරෙනව නාන්න ගිහින්. පොල්හේනෙ මූද කොරල් පරයකින් වටවෙල තියෙන නිසා ලොකු රැළි එන්නෙ නම් නෑ, ආරක්‍ෂාකාරීබවින් වැඩියි අනිත් තැන්වලට වඩා.
දිගටම කරගෙන යමු මචං, අපිත් එනව බලන්න.
ෆොටෝ නම් ජංජාලෙන් ගතිපුවා තමයි ,මොකද දැන් මං ටිකක් ගමෙන් පිට ඉන්නේ ,නව වසරේ නැවත ගමට යන්න බලාපොරොත්තුවක් තියෙනවා ,එතකොටනම් ෆොටෝ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ,
ReplyDeleteමාතර වෙරල් උද්‍යානය දැන් නැවත සකස් කරනවා ,වඩාත් ලස්සන විදිහට ,පොල්හේනෙත් මැරෙන්නේ පිටින් එන අය ,මොකද ගමේ කට්ටිය දන්නවනේ නාන්න සුදුසු තැන් ගැන
තව ඔය මාතර අවට තැන්කිපයක් තියේ ඒවත් යන ගමන් බලාන ගියෑකි
ReplyDelete1 මිරිස්ස සමුද්‍රගිරි විහාරේ
2. ඇත්කඳ විහාරේ
3.වේරගම්පිට පන්සල -ගජමන් උන්දෑ අකුරු කරන්න ගිය තැන
4. කුෂ්ටරාජගල -වැලිගම
ඔව් ,ඔව් .මං මේකේ දැම්මේ මාතර ලගම ඒවා විතරයි
ReplyDeleteඅපේ ලොකු අම්ම කෙනෙක් ඉන්නවා මාටහ්ර මම වරක් දෙවරක් ගිහින් තියෙනවා වෙහෙරහේන විහාරයට. ඊළඟ වතාවේ යන් ඕනේ දෙවුන්දර.
ReplyDeleteඑතකොට ලයිට් හවුස් එක ලගටත් යන්න ,හවසට මාර ලස්සන තැනක්
Deleteගඟ අයිනේ තියන මුස්ලිම් පල්ලියත් හොඳයි. ඒක ඇතුලෙ නම් බලන්න දෙයක් නැතුව ඇති.
ReplyDeleteමාත් ලගට විතරයි දැකලා තියෙන්නේ
Delete