Monday, April 8, 2013

ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වච්චා ...


http://www.bettyblanche.com/

ඔන්න යාළුවනේ බ්ලොගේ ටිකකාලයක් පාලුවට යන්න ගියා.වෙන මොකුත් හේතුවක් නිසා නෙවෙයි මේ දවස්වල මගේ අතේ ඇතිවෙලා තියෙන පොඩි ආබාධ තත්වයක් නිසා.ඒක නිසා වැඩිපුර අකුරු කොටන්න අමාරුයි.දැනුත් ඉතින් ටිකක් අමාරුයි,ඒත් එහෙමෙයි කියලා මේක පාලුවට ඇරලා පුළුවනෑ.ඔන්න ඒක නිසා අද පොඩි දෙයක් ලියන්න හිතුවා.

අද ලියන්නේ අපි ඔක්කොම හොදට දන්න ඒත් ඒකෙ තේරුම ගැන කිසිත් නොදන්නා දෙයක් ගැන.කවුරුත් වගේ අහලා තියෙනවනේ ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වච්චා ...කියන සින්දුව.ඒත් කවදාවත් හිතලා තියෙනවද ඒකෙන් කියවෙන්නේ මොකක්ද කියලා.නැහැනේද ?ඔන්න එහෙනම් අහගන්නකෝ.....

ඇත්තටම කියනවනම් මේ සින්දුව බාලදක්ෂ ගීතයක්.සෑම බාලදක්ෂ කඳවුරකම ගිණි මැල සංදර්ශනයකම වගේ කියවෙන සින්දුවක්.මාත් බාලදක්ෂයෙක් වශයෙන් ගිනිමැල සංදර්ශනයවලදී මේ ගීතය ගායනා කරලා තියෙනවා.මේ සින්දුව ලියලා තියෙන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බෙඩ්න් පවල් සාමිවරයා විසින්.ඔහු විසින් දෙවැනි බෝවර් යුධ සමයේදී අප්‍රිකානු භූමියේදී සවන් දුන් දේශීය ගීත ඇසුරින් 1920 පළමුවැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියෙදී බාලදක්ෂයන්ට ගායනා කිරීමට තමයි මේ ගීතය ලියලා තියෙන්නේ.මේ සින්දුව තියෙන විශේෂත්වය තමයි කුමන මව්බසක් පාවිච්චි කරන කෙනෙකුට වුනත් මේ සින්දුව ඉතා පහසුවෙන් ගායනා කල හැකිවීම.ඒ වගේම මේ ගීතය නාදමාලාව පදනම වෙලා තියෙන්නේ මොසාර්ට්ගේ පළමුවැනි සන්ද්වනිය ඇසුරින්.ඒ සන්ද්වනිය මොසාර්ට් තමන්ට වයස 8 ක් වෙද්දී තමයි නිර්මාණය කරලා තියෙන්නේ.


බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිතුමා 

ගොඩක් කාලයක් ගොඩ දෙනෙක් මේ සින්දුව කිව්වට ඒකෙ තේරුම එලිවුනේ 1991 දී Dorothy Unterschutz නම් කැනේඩියානු බාලදක්ෂිකාව විසින් "The Leader" නම් සගරාවට ලියූ ලිපියක් මගින්.මේ සින්දුව මගින් කියවෙන්නේ විශාල අළු පැහැති අලි අවතාරයක් ගැන.අප්‍රිකානු ගම්වල ජනතාව අතර විශ්වාසයක් තියෙනවා වර්ෂාවකට පස්සේ මේ කියන අලි අවතාරය තමන්ගේ ගම වටා සක්මන් කලොත් එළබෙන කාලය සමුර්ධිමත් බවත්,අලි අවතාරය ගම හරහා ගියොත් දුර්භික්ෂ කාලයක්‌ උදාවෙන බවටත්.


ඔන්න ඉතින් මේ අලි අවතාරය "වච්චා" කියන ගම හරහා අවුරුදු 3 ක්ම ගමන් කරලා තියෙනවා.ඉතින් මේ දිගින් දිගටම එළබෙන දුර්භික්ෂ කාලය නිසා ගමේ කස්ටිය එක්කහු වෙලා ගමේ නායකයා වුනු "ගින් - ගැන්" සමග අලි අවතාරය ගමට ඇතුලුවෙන තැන හරස්කරලා ඉදගෙන අලි අවතාරය බයකරලා එලවන්න ප්ලෑන් කරලා තියෙනවා.ඒ අතරේම මේ කස්ටියගේ සපෝට් එකට ගමේ යකදුරා වුනු "ශේය්ලා" විසින් ඔහුගේ ගෝල බාලයන් එක්ක ඔවුන්ගේ මැජික් ආම්පන්න වලින් "ශල - වල"කියන ශබ්දේ නංවලා මේ අලි අවතාරේ බයකරලා තියෙනවා.ඉතින් කොහොමහරි කස්ටියගේ ප්ලෑන වැඩකරලා අලි අවතාරේ "ඕම්ප්‍රාහ..." කියන ශබ්දේ නංවමින් ගම වැටේ ගමන් කරලා තියෙනවා.ඉතින් ගමේ ජනතාව තමන්ගේ ප්‍රීතිය පල කරලා තියෙන්නේ මේ ගීතය ගායනා කරලා.ඔන්න ඔහොමයි සිද්දිය.ඇතිනේද ....?මේ ටිකත් කෙටුවේ දවස් දෙකකට.ඔන්න පල්ලෙහා තියෙනවා සින්දුව අහලා මතකය අලුත් කරගන්නකො....ඒ වගේම තමයි මේ සින්දුව පහුකාලීනව ගොඩක් නවීකරණ වෙලා තියෙනවා.


Oompah, oompah, oompah, oompah.
Ging gang goolie goolie goolie goolie watcha,
Ging gang goo, ging gang goo.
Ging gang goolie goolie goolie goolie watcha,
Ging gang goo, ging gang goo.
Hayla, oh hayla shayla, oh hayla shayla, shayla, oh-ho,
Hayla, oh hayla shayla, oh hayla shayla, shayla, oh.
Shally wally, shally wally, shally wally, shally wally
Oompah, oompah, oompah, oompah


original වර්සොන් එක...


Inner Circle ලගේ Remix වර්සොන් එක 

අත සුවපත්වූ විගස දිගට හරහට කොටන්නම්කො...

පින්තුර ගත්තේ - http://bks.beyondkenyasafaris.com/ සහ http://inkwebane.cne-escutismo.pt/

32 comments:

  1. ඒ කාලේ ගිනිමැලේ වටේ වටවෙලා ඔය සින්දුව කියපු හැටි මතක් උනා බං... හැබැයි මමත් අදයි තේරුම දැන ගත්තේ!

    ReplyDelete
    Replies
    1. ඔව් බං මාත් මේක හොයලා බලන්න හිතුවේ ලගදි ආයෙත් මේ සින්දුව ඇහුණාම

      Delete
  2. පාවිච්චිය වැඩි උනාම ඔහොම වෙනවා...අතට උනත් දරාගන්න පුළුවන් සීමාවක් තියනවනේ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බං

      Delete

    2. මාත් මේ කියන්න කට හදන් ආවේ ...

      පෝස්ට් එක නම් වටිනවා හසරැල්...ඕව කියල තිබ්බට
      තේරුම දන්නේ අද...ස්තූතියි තොරතුරු බෙදා ගත්තට...

      අත වෙහෙසන්න එපා වැඩිය...

      Delete
  3. ස්තුතියි තේරුම හරියට කියලා දුන්නට.

    ReplyDelete
    Replies
    1. එනි ටයිම් නලින් අය්යා

      Delete
  4. කාලෙකින් ඇහුවේ, ස්තුතියි විස්තර ටිකක් දැනගන්න සැලස්වුවට. මාත් බැලුව කොහේ ගිහින්ද කියල. ඉක්මන් සුවය පතනවා..!!!

    ReplyDelete
  5. තේරුමක් නැති සිංදුවක් කියලයි දැනගෙන හිටියෙ,විස්තරය කියල දුන්නට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මෙහෙට ගොඩවැදුණු හැලපයියා සාදරයෙන් පිලිගන්නවා

      Delete
    2. මාත් හිතාගන හිටියේ මහ විකාරයක් කියලා

      Delete
  6. හසරැල්ගේ අතට ඉක්මන් සුවය පතනවා. මම මෙතන තියන විස්තර වලින් ටිකක් දැනගෙන හිටියා.. අද ඔන්න හරියටම දැනගත්තා.. බොහොම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නදිනි,වම් අතේ ස්නායු ආබාදයක් ඇතිවෙලා තියෙන්නේ

      Delete
    2. හැම වෙලේම ටයිප් කරන නිසාද දන්නෙ නෑ හසරැල්, බලන් ඉන්න හොද දෙයක් නෙමෙයි හොද තැනකින් බෙහෙත් කරන්න..

      Delete
    3. බේත් ගත්තා,මං ටයිප් කරන වැඩක්නම් නෙමෙයි කරන්නේ.ඒත් අනේ මන්දා ?????

      Delete
  7. නියමයි. සිංදුව අහල තිබුණට තේරුම දැනගත්තෙ අදනෙ.

    ReplyDelete
  8. මාත් හිතං හිටියේ මේ සින්දුවේ ‌තේරුමක් නෑ කියලා.. බලද්දි ඒකත් පිස්සු තේරුමක් තමයි... හි හි...

    ලියාගන්න බැරි වෙන්න මොනා හරි උනාම බ්ලොග් එක මතක් වෙනවා වැඩියි නේද... හි හි... මටත් ඔහොම උනානේ අප්පා...

    ReplyDelete
    Replies
    1. වෙලාම බලන්න ඕන හිරු...

      Delete
  9. අවුරුදු හතලිස් පහක් පැරණි අතීතයක් මතක් කළේ .. ස්තුතියි පුතා ...!

    ReplyDelete
    Replies
    1. ආ....ගාමිණී අය්යත් හොද බාලදක්ෂයෙක් එහෙනම්,ඒ කාලේ තොරතුරුත් ලියමුකො

      Delete
  10. අපිත් බාලදක්ෂ කඳවුරැ වලදී ඕක කියලා තියෙනවා ඒත් මට නම් ඔය සින්දුව අහද්දී මතක් වෙන්නේ අග්ගලා ගුලි :)

    ReplyDelete
  11. මමත් මේක අහල තිබුණට තේරුමක් හොයන්න උත්සාහ කළේ නෑ

    ReplyDelete
    Replies
    1. මටත් නිකමට හිතිලා හෙව්වේ

      Delete
  12. නලින් අය්යා ඇතුළු පවුලේ සැමටත් සුබ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  13. මේ සින්දුව අර වේදිකා නාට්‍යයක පස්සේ කාලේ කිව්වා නේද..රොඩ්නියි..ප්‍රියන්තයි...

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..ඒ සිංහල වචනත් දාලනේ ..

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...