Monday, April 15, 2013

එකම කතාවක දෙපැත්තක් .....


අළුත් අවුරුද්දේ ඉස්සෙල්ලම ලියන්න හිතුනේ මේ වගේ දෙයක් නම් නෙමෙයි.ඒත් අද [අප්‍රියෙල් 15] පටන් ගනී කියලා අනාවැකි පලකරලා තිබ්බ කොරියන් යුද්ධය නිසා මට මේ කතාව මතක වුනා .ඉතින් මං අද මේ කියන්න යන කතාව අදාළ වෙන්නේ දෙවැනි ලෝක යුද්ධ කාලෙට.iwo - jima කියන දූපත වෙනුවෙන් ජපානය සහ ඇමෙරිකාව අතර ඇතිවුණු බිහිසුණු සටනක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ.ඒ වගේම මේ ඇත්ත කතාවක්.සිද්දිය ගැන විස්තරයක් නොකර මං කියන්න ආව දේ ගැන කියන්න අපහසු 
නිසා ඒ සිද්දිය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්.

iwo-jima කියන්නේ පැසිෆික් සාගරයේ ජපානයට ගිනිකොන දෙසින් පිහිටි ඉතා කුඩා දූපතක්.ඒත් එහි තිබු ගිවන් පථයන් නිසා සංග්‍රාමික වශයෙන් ඉතා වැදගත් භූමියක්.ඒ නිසා ඇමෙරිකාව මේ බිම්කඩ තමන් යටතට ගන්නත් මෙන්ම ජපානය එය රැකගන්නත් ගොඩක් ලොකු උත්සාහයක් ගන්නවා.



iwo-jima හි සිතියමක් 


ඉතින් මේ වෙනුවෙන් 1945 පෙබරවාරි 19 සිට මාර්තු 26 වෙනිදා දක්වා ඉතා දරුණු සටනක් මේ දෙපාර්ශය අතර ඇතිවෙනවා.කොහොමවුනත් අන්තිමේදී මේ සටනින් ඇමෙරිකාව ජයගන්නවා.ඉතින් ඔන්න ඔහොමයි කෙටියෙන් කිව්වොත් මේ සිද්දිය.මෙතනින් ගිහින් ඔයාලට වැඩිදුර විස්තර ඒ ගැන කියවන්න පුළුවන්.

ඉතින් ඔන්න මං අද කියන්න යන කතාව අදාළ වෙන්නෙත් මේ සිද්දියත් එක්කයි.මේ යුද්දය අලලා එය පසුබිමේ සිදුවීම් එක්ක clint eastwood විසින් ච්ත්‍රපටි දෙකක් නිපදවලා තියෙනවා flags of our fathers සහ letters from iwo-jima කියන නම් වලින්.ඉතින් මේකෙන් flags of our fathers කියන කතාවෙන් මේ සිදුවීමේ ඇමෙරිකන් පැත්තේ කතාවත් letters from iwo-jima ලියන කතාවෙන් ජපානය පස සිදුවීමත් විස්තර වෙනවා.චිත්‍රපටි නිසා ඔයාලගේ රසවිදීමට බාධා වෙන නිසා මං වැඩිය දෙයක් කියන්න යන්නේ නැහැ.

ඒත් පොඩි කාරණයක් සදහන් කරන්න ඕන.ඒ තමයි ඔයාලා කවුරුත් වගේ දැකලා තියෙන පල්ලෙහා තියෙන පින්තුරෙ මේ කතාවේ එකක්.



raising flag on iwo-jima චායාරූපය 

flags of our fathers කියන කතාව දිවෙන්නේ මෙන්න මේ චායාරූපයත් එක්කයි.අපේ රටේ රුපියල් දාහේ කොළෙත් මේ චායාරූපය අනුසාරයෙන් කල සිතුවමක් තියෙනවා.මේ පින්තුරය අරගෙන තියෙන්නේ iwo-jima හි suribachi කඳු මුදුනේදියි.පින්තුරය අරගෙන තියෙන්නේ Joe Rosenthal කියන චායාරූප ශිල්පියා විසින්.පින්තුරය ගැන වැඩි විස්තර මෙතනින් ගිහින් දැනගන්න පුළුවන්.මේ සිදුවීම ගැන අපි නොදන්නා කතාවක් තමයි චිත්‍රපටියට පසුබිම වෙන්නේ.


Iwo-jima ජයග්‍රහණය වෙනුවෙන් නිකුත්කළ සමරු මුද්දරය 


flags of our fathers චිත්‍රපටියේ trailer එක 

මෙතනින් ගිහින් flags of our fathers චිත්‍රපටිය බාගන්නත් පුළුවන්.

English උපසිරසි මෙතනින් ගිහින් ගන්න.

ඉතින් මේ සිදුවීමේම අනිත් පැත්තේ ඒ කියන්නේ ජපානය පැත්තේ කතාවත් පසුබිම් වෙලා තැනුණු චිත්‍රපටිය තමයි letters from iwo-jima කියන්නේ.General Tadamichi Kuribayashi කියන ජපන් ජෙනරාල්වරයාත් යුද්ධයට බලෙන් බදවාගත් Saigo කියන සොල්දාදුවාගේ මතකයන් එක්ක තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නේ.oskar සම්මාන පවා ලබපු මේ චිත්‍රපටිය flags of our fathers චිත්‍රපටියට වඩා සාර්ථකව නිමවෙලා තියෙනවා.මුළුමනින්ම ජපන් බසින් තිබුනත් ඉංග්‍රීසි උපසිරසි සහිතව බැලුවොත් රසයට බාධාවක් නෙමෙයි.


letters from iwo-jima චිත්‍රපටියේ trailer එක 


මෙතනින් ගිහින් letters from iwo-jima චිත්‍රපටිය බාගන්නත් පුළුවන්.

English උපසිරසි මෙතනින් ගිහින් ගන්න.
මේ චිත්‍රපටි දෙකම එකම පසුතලයක තමයි නිපදවිලා තියෙන්නේ.කොහොමවුනත් මේ චිත්‍රපටි දෙකෙන්ම කියවෙන්නේ යුද්ධයේ ඇති කුරිරු බව සහ මනුෂ්‍ය සන්තානයේ ඇතිවෙන බැදීම් ගැන.බලපු නැති අය කොහොමහරි බලන්න.බාගෙන බලන්න බයිට් නැති කස්ටිය පිටකොටුවෙන් රුපියල් 50 කට මේ චිත්‍රපටි දෙකම තියෙන DVD එකක් හරි අරගෙන බලන්න.ඔන්න එහෙනම් අදට ඇති නේද???


අවි ගත්තෝ අවියෙන්ම නසිති. 

10 comments:

  1. අලුත් අවුරුද්දට බලලනැති
    හොද ෆිල්ම් දෙකක් ගෙනත් තියෙන්නේ, මම ගොඩක් කැමතියි ලෝක යුද්දය සම්බන්ධව ගොඩනැගුන ෆිල්ම් බලන්න, මේකේ පළමු ෆිල්ම් එක බලල තිබුනත් දෙවැනි එක ගැන දනන් හිටියේ නෑ, අරන් බලමු. ස්තුතියි

    ReplyDelete
  2. සත්‍ය කතා මත පදනම් වෙච්ච් චිත්‍රපට එකතු කරන මට මේක ඉතා හොඳ ඔත්තුවක්.

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන්ම flags of our fathers කතාවේ තියෙන්නේ මේ සිදුවීමේ ඇත්තම කතාව,හැබැයි ප්‍රසිද්ද වුනේ වෙන කතාවක්

      Delete
  3. දැන් ඉතින් බල්ලනම ඕන හොයාගෙන මේ දෙක!

    ReplyDelete
  4. මම නම් ඔය ඩිෂුම් ඩිෂුම් ඒවාට වැඩි මනාපයක් නෑ...

    ReplyDelete
    Replies
    1. අය්යෝ මේවයේ එච්චර ඩිෂුම් ඩිෂුම් නෑ.ලස්සන කතා දෙකක් තියෙන්නේ.බලන්නකෝ මං කීවට,letters from iwo-jima හොද කතාවක් තියෙනවා

      Delete
  5. මේ ගැන විස්තරයක් කල එක වටිනව.

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි මව් ගැන කීවට, මම ලෝක යුද්දයේ සත්‍ය කතා පසුබිම් වුන ෆිල්ම්ස් වලට හරිම ආසයි.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ක්ෂේත්‍රය වන චායාරූපකරණයේ ඉහලින්ම පිළිගැනෙන පින්තුරයක් තමා raising flag in iwo-jima කියන්නේ

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...