Thursday, April 18, 2013

සිහින හඹායන්න - Greatest Game Ever Played


ඔන්න අද මං කියන්න යන්නේ තමන්ගේ සිහින හඹාගිහින් සැබෑ කරගත්ත කොළු ගැටයෙක් ගැන ඇත්තම ඇත්ත කතාවක්.මෙයාගේ නම Francis Ouimet.මෙයා ඇමෙරිකන් ජාතිකයෙක්.ඉතින් මෙයා මෙයාගේ පොඩි කාලෙම ඉදල තිබ්බ සිහිනේ ජයගත්ත හැටි තමයි මං අද ඔයාලට කියල දෙන්නේ.

Francis Ouimet 1893 මැයි 8 වෙනිදා ඇමෙරිකාවේදී උපත ලබනවා.ඒ බ්රූක්ලින් වලදී.Francis Ouimet ගෙ අම්මයි තාත්තයි දෙන්නම සංක්‍රමණික ජාතිකයින්.පුංචි Francis ට වයස අවුරුදු 4 ක් වෙද්දී මේ පවුල බ්රූක්ලින්වල ගොල්ෆ් පිටියක් අසල පදිංචියට එනවා.එදා ඉදන් Francis ගෙ ජීවිතය වෙන්නේ ගොල්ෆ් ක්‍රීඩාවයි.

දැන් කාලේ වගේම ඒ කාලෙත් ගොල්ෆ් කියන්නේ ධනවතුන්ගේ ක්‍රීඩාවක්.ඉතින් කම්කරු පවුලක ඉපදුනු Francisට ගොල්ෆ් ක්‍රීඩකයෙක් වෙනවා කියන්නේ හීනයක්ම විතරයි.ඒත් පුංචි Francis පොඩි කාලෙම අධිෂ්ඨාන කරගන්නවා කොහොමහරි ගොල්ෆ් ක්‍රීඩකයෙක් වෙනවා කියලා.Francis Ouimet මුලින්ම තමන්ගේ ගෙදර අසල ගොල්ෆ් පිටියේ caddy ඒ කියන්නේ ගොල්ෆ් මළුඋස්සාගෙන යන උදව්කරුවෙකු හැටියට සේවයට බැදෙනවා.මේ  කාලේදී අවස්ථාවක් ලද විගස ගොල්ෆ් පන්දුවට තමන් අත ඇති ගොල්ෆ් පිත්තකින් පහරක් ගසා පුරුදු පුහුණු වෙන්නත් Francis අමතක කරන්නේ නෑ.

කොහොමහරි ටික කාලයක් යද්දී තමන්ගේ හාම්පුතුන්ටත් වඩා හොදින් ගොල්ෆ් පිත්ත හසුරුවන්න Francis සමත්වෙනවා.ඒත් Francis ගේ මේ උත්සාහය එයාගේ තාත්තා දකින්නේ නිරපරාද කටයුත්තක් හැටියට.ඒ නිසා ඔහු Francis ට තර්ජනය කරනවා රැකියාවක් සොයාගන්න ලෙසට නැතිනම් ගෙදරින් පිටමන් කරන බවට.ඉතින් මේ නිසා Francis ක්‍රීඩා භාණ්ඩ අලෙවිසලක වැඩට බැදෙනවා.ඒත් හදිසියේම ලැබෙන අවස්ථාවකින් නොසිතු පරිදි Francisට නැවතත් ගොල්ෆ් ක්‍රීඩාවට එන්න අවස්ථාවක් උදා වෙනවා.මෙහෙම ආපු ගමන Francis Ouimet නතරවෙන්නේ එවකට සිටි හොදම ගොල්ෆ් ශුරයා වුනු Harry Vardon වත් පරාජය කරමින් 1913 ඇමෙරිකානු විවෘත ගොල්ෆ් ශූරතාවය දිනා ගනිමින්.ඒ වගේම අදටත් නූතන ගොල්ෆ් ක්‍රීඩාවේ පතාක යෝධයෙක් විදිහට Francis Ouimet පිළිගැනෙනවා.

Francis Ouimet 1913 ඇමෙරිකානු විවෘත ගොල්ෆ් ශූරතාවයෙදී ...

ඉතින් මේ Francis Ouimet ගේ කතාව ගැන ලස්සන චිත්‍රපටියක් නිපදවලා තියෙනවා The Greatest Game Ever Played නමින්.රසවින්දනයට බාධාවෙන නිසා Francis Ouimet ගැන වැඩි විස්තර කියන්නේ නෑ.


මෙතනින් ගිහින් චිත්‍රපටිය බාගන්නත් පුළුවන්......

ඉතින් කොහොමවුනත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තමන්ගේ සිහින හඹායන්න......ජයගන්නයි කියලයි ....

16 comments:

  1. නියමයි.

    හිත ඇත්නම් පත කුඩාද කියනවනෙ.
    හිතුවොත් මොනවද කරන්න බැරි

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටිය බලල නැත්නම් කොහොමහරි බලන්න

      Delete
  2. චමත් මම සත්‍ය කතා මත පදනම් වෙච්ච් චිත්‍රපට වල එකතුවක් තියෙනවා. මේකත් එකතු කර ගන්නම්.

    ReplyDelete
    Replies
    1. මගේ ගාවත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා

      Delete
    2. මං මේක බලලා තියෙනවා සුදීක අයියේ.. හොඳම ෆිල්ම් එකක් ...

      Delete
    3. මම මේ දැන් බලනවා ZStudion HD එකේ. මම මාර වාසනාවන්තනේ බලනකොට. HD වලින්ම බලන්න ලැබුනේ.

      Delete
    4. මේකේ අන්තිම හරිය HD වලින් බැලුවම මාර ගති...

      Delete
  3. කොහොමත් සිහින තමයි අවසානයේදී යථාර්ථය වෙන්නේ,එය මා අත්දුටු දෙයක්.

    ReplyDelete
  4. The Greatest Game Ever Played මං බලල තියන සිරාම ෆිල්ම් වලින් එකක්.....

    ReplyDelete
  5. ඔව් සිහින වලට මියෑදෙන්න දෙන්න හොඳ නෑ. ගෝල්ෆ් මම් මටත් බලාගෙන ඉන්නත් කම්මැලි ගේම් එකක් තමයි. නමුත් ගොල්ෆ් කෝස් එක නම් පට්ට ගති.

    මට හස‍රැල්ල මගේ බ්ලොග් එඕලට දාන්න අතපසු වෙලා තිබිලා ඔන්න දැන් දෙකටම දැම්මා.

    ReplyDelete
    Replies
    1. ගොල්ෆ් දන්වතුන්ගේ ක්‍රීඩාවක් වෙලා තියෙන්නේ කම්මැලි ක්‍රීඩාවක් නිසා තමයි.බ්ලොග් රෝලට දාගත්තට ස්තුතියි....

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...