Thursday, May 2, 2013

ආයෙත් "ඔහේ"ලා හමුවීය ...



අද මට නැවතත් "ඔහේ"ලා හමුවිය.ඒ අවුරුදු 8 කට පමණ පසුය.ඒ මම ආයෙත් ගමරට බලා පැමිණි නිසාය."ඔහේ"ලා හමුවන්නටනම් අපේ පැත්තේම එන්නට ඕනෑය.දැන්නම් ගොඩක් අය මේ කියන්නේ කොහේදැයි දන්නවා ඇත.දන්නැති අයට දැනගන්නට කෙටියෙන්ම කිව්වොත් අපේ ගම මාතරය.

අද බැංකුවට පැමිණි "ඔහේ"ලා මට කටපුරා "ඔහේ" කීවෝය.මමද කටපුරා "ඔහේ"ලාට "ඔහේ" කිව්වෙමි.කොහේ ගියත් මටනම් ගම වගේ හරියන්නේ නැත.පහුගිය දොහේ බ්ලොගේ පාලුවට ගියේද ගමරට බලා එන්නට කදමලු බැන්ද නිසාවෙනි.

රටේ වෙනකොහේදී හරිනම් "ඔහේ"ලාට "ඔහේ" කිව්වොත් අම්බානකට කෑමක් සෙට්වෙන වැඩකි.ඒකනිසා මගේ කට අවුරුදු 8 ක්ම පරිස්සම් කරගැනීමට සිදුවිය.හප්පේ...දැන්නම් ඒ කරදරේ ඉවරය.ඕන කෙනෙක්ට කටපුරා "ඔහේ" කිවහැක.අපිට තාත්තාද "ඔහේ"ය.පන්සලේ හාමුදුරුවෝද "ඔහේ"ය.වෙනකක් තබා පොලිසියේ ලොකු මහත්තයාද "ඔහේ"ය.

"ඔහේ" ගැන කියද්දී කට වැරදී අමාරුවේ වැටුණු අවස්ථා කිහිපයක්ම ඔලුවට නැගේ.ඒත් ඉතින් එකම සිද්දිය බැවින් මෙතන කොටා වැඩක් නැත.රටේ අනිත් පැතිවල මිනිස්සු හිතන්නේ අපි  "ඔහේ" කියා අමතන්නේ ඊලගට පිහියෙන් අනින්න ලේස්තිවෙලා කියලාය.මක්කා වුනත් දැන්නම් ආයෙත් ඒ අමාරුවේ වැටෙන්නේ නැත.

දැන් ඉතින් මක්ක කියන්නේ මක්කටදැයි අහන්නට එපාය.ඔහෙලාට මොකදනම් අපිට මක්කටෙයිය.කවුරු මක්කා කිව්වත් අපේ පැත්තේ  මිනිස්සුන්ගේ පපුව හොදය.හොදට හෝ නරකට කියන්නාක් මූණටම කියති.මටත් මේ පුරුද්ද නිසාම පහුගිය කාලයේ සෑහෙන මට්ටුවෙන්නට විය.ඒත් කොහෙගියත් මාතර ගමේකම රැකිය යුතුය.

ඉතින් මේක කියවන "ඔහේ"ලාට කියන්නට තියෙන්නේ ගමරට බලා පැමිණි බැවින් මගේ අපේ ගම මාතර බ්ලොගේද අළු ගසාබසා දමා තීන්ත ටිකක් ගා කල එලි කරලා නැවත පටන් ගන්නට මං හිතන් ඉන්න බවය."ඔහේ"ලා ඒ පැත්තේ එනවානම් වැඩේ පටන් ගන්නට හැකිය.අතරමග නැවතුනු අනිත් වැඩේ වන weekend project ද ලබන සතියේ සිට පටන් ගැනීමටද සිතා සිටිමි.

එහෙනම් එතකන් "ඔහේ"ලාට ටටාය......

34 comments:

  1. ඔහේ එහෙනම් මක්කා හරි කරන් ජයටම ඉන්නවා එහෙනම්...ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. ම්ම්...මක්කා කොරමුද????

      Delete
  2. ඔහේ ආපු එක හොඳයිය. ඔහේ කොහෙයි ගොහින් උන්නේ..? මම හිතාන උන්නේ ඔහේ මෙහේ ඉන්න එකෙක්ය කියලා.

    ReplyDelete
    Replies
    1. මන්නම් උපන්තේකට මේ කරදිය වළල්ලෙන් එහාට ගොස් නැත.පහුගිය කාලයේ තැන් කීපයකම රාජකාරි කලෙමිය...

      Delete
  3. ඔහේට මොංගල්ය?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොලත් එක්ක හිටියම එහෙම තමාය..

      Delete
  4. ඔහේලා මක්කා දොඩනවාදැයි මට නිච්චියක් නැහැ නෙව.

    ReplyDelete
    Replies
    1. මං මේ දෙඩුවේ මට ඇහැක් විදිහට මං ගමට ආපු කාරනාවය

      Delete
  5. ඔහේ මාතර බ්ලොග් එක කරනවානම් අපි අනිවාරෙන් එන්නෙමු. "අපේ ගම මාතර" පොත මතක් වෙන දේවල් මේකේ ඔහේ ලියා තිබේ :) නැවත පැමිණීම ගැන සතුටුය

    ReplyDelete
    Replies
    1. පිහියෙන් අනින කතාවනම් ඒ පොතෙන්ය..

      Delete
  6. මාත් දැක්කා ඔහේ ආවයි කියල මුණු පොතේද කොහේද මන්ද මක්ක හරි එකක දොඩල තිබුනේ.. එහෙනං ඔහේ හදි ගැහෙන්න හිතං ඉන්නවා... හරිය...

    ReplyDelete
    Replies
    1. ඔහෙත් මාතරය???? මානවකයානම් අපේ ගෙදර දන්නවාය..

      Delete
  7. ඔහේගෙ මාතර බ්ලොග් එක මම කියෙව්වයි කියල මතකයක් ඇත.

    ReplyDelete
    Replies
    1. ආ ඔහේටත් බ්ලොග් එකක් තියෙනවා නෙව.(ප්‍රසන්නට)

      Delete
    2. මට මතක නෑනෙ. :D

      Delete
  8. ඒ කියන්නේ ඔහේට ගමට මාරුවක් හදාගන්න ඇහැක් වුනා. හිතේ හැටියට 'ඔහේ' කියන්න ඇහැක් නිසා, ඔහේටත් නිවන් ගියා වගේ ඇති, නේද?

    ReplyDelete
    Replies
    1. හප්පේ ආයෙත් අහලා ,පහුගිය දොහේ වින්ද දුක දන්නේ මමනේ

      Delete
  9. ඔහේ රුන්නේ කොහෙද?

    ReplyDelete
    Replies
    1. අදටත් රුන්නේ නම් වැසිකිලියේය,පහුගිය කාලයේ උන්නේ නම් යාල වන අසබඩ ගමක සහ ගෙන්දගම් පොලවේ කොඩිගහ අසල සහ ....... ස්පෙෂල් හදන පළාත්වලය.[හිස් තැනට ගමේ නම]

      Delete
    2. මම ඔබට අපහාසයකට දැම්මා නොව,නොදන්නා අයට අදහස දැනගන් වීමට ලියුවෙමි.
      මගේ පියාගෙ පියා වෙහෙරහේන උපත ලද්දෙකි.
      මා සිතුවෙ හැමෝම නොදන්න ඒ වචනයෙ තේරුම කෂ්ටියට බෙදල දෙයි කියල හරිය.

      Delete
    3. ගොඩක් අයගේ මුල් මාතර තමාය.මට හොදට විහිලු තේරේ.අවුලක් නැතිය....

      Delete
  10. ඔහේ එහේට ගිය එක හොඳා :D

    ReplyDelete
  11. ඔහේ මාතරද? එතකොට ගම මාතර බ්ලොගය ඔහෙගේද? ආයේ මෙහෙ එහෙම එනවා නෙවේ ඔහේ! hah

    ReplyDelete
    Replies
    1. මාතර අපිට කොයි දේස දීපන්කරෙත් එකයිය..

      Delete
  12. මම මාතර අයෙකුගේ (කොළඹ වෙසෙන) අවුරුදු පහක් නේවාසිකව හිටියා. ඒ අය උපන් ගමන් පොඩි එවුන්ටත් ඔහේ කියන එක බලා ඉන්න බෑ. ඒ වගේද මාතර පැත්තේ කෙල්ලෙක්ව පිට පළාතක කෙනෙක් බැන්දොත් හනිමූන් එක දාට නියමෙට තියෙන්න පුළුවන්. වචන ඔබම හිත ගන්න. විස්තර නොකරමි.

    ReplyDelete
    Replies
    1. මක්කැයි ඔය කොරන්නේ????

      හප්පේ අය්යත් දොඩවන දේවල්...

      ඔහේට පිස්සුය...

      ඔන්න ඔය වගේ දේවල් නම් කියවෙන්න ඇහැකිය.

      Delete
  13. අපේ පැත්තෙ එකෙක් නිකං කොළඹ ටෝක් දෙන්න යනකොට මම ඇදල ගන්නවා මක්කයි, ඔහේ..ගියයි නෑවයි කියන අපේ පපැත්තෙ වචන සෙට් එක....

    පැත්තෙ බාසාව මතක නැති වෙන එකාට තව ටික දවසක් ගිහින් අම්ම තාත්තත් මතක නැති වෙයි කියන බයටයි මම එහෙම කරන්නෙ..

    ReplyDelete
    Replies
    1. මුල දැනගනිමු...මුල රැකගනිමු...

      Delete
  14. හස‍රැල්. මම දාපු කමෙන්ට් එකතාම ස්පෑම් එකේ වගේ. ගොඩින් තියනවද?

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ දෙය්යෝ.මගේ බ්ලොගේ ඔය කොමෙන්ට් එකක් ස්පෑම් වුනාම නෙව ....

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...