මේ ලෝකේ උතුම්ම ආදරේ මොකක්ද කියලා ඇහුවොත් කවුරුත් වගේ දෙන උත්තරේ තමයි ඒ අම්මගේ ආදරේ කියන එක.ඒත් තාත්තගේ ආදරේ ගැන කවුරුත් කතාකරනවා අඩුයි.කොටින්ම තාත්තලා පවා ඒ ගැන කතාකරන්නේ නෑ.තාත්තාලාගේ ආදරේ ගොඩක් පේන්නේ කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන්.
කොහොමවුනත් මං අද ඔයාලට ලියන්න බලාපොරොත්තුවුනේ තාත්තා කෙනෙක්ගේ ආදරේ ගැන කියවෙන ලස්සන චිත්‍රපටියක් ගැන කියන්නයි.සාමන්යෙන් බටහිර චිත්‍රපටිවල මානව සම්බන්දතා ගැන කියවෙන චිත්‍රපටි අඩුයි.ඒකට හේතුවෙන්න ඇත්තේ ඒ සමාජයේ අපේ තරම් පුද්ගල සම්බන්දතා වැඩිදියුණු නොවීම වෙන්නැති.ඉතින් ඒ අතරින් pursuit of happyness කියන්නේ ඉහලින්ම තියෙන චිත්‍රපටියක්.
මව හැරයාම නිසා ජීවිතයේ ප්‍රශ්න ගැටළු රැසකට මුහුණපාන්න වෙන පියෙක් සහ කුඩා පුතෙක් වටා තමයි මේ කතාව ගලායන්නේ.ක්‍රියාදාම චිත්‍රපටි නළුවෙක් වෙන Will smith සහ ඔහුගේ පුත් Jaden smith සුපිරි රංගනයක් ඉදිරිපත්කරනවා මේ චිත්‍රපටියේදී.කොටින්ම මෙහි රංගනය වෙනුවෙන් Will smith ඔස්කාර් සම්මානයෙන් පවා පුදලබනවා.
මං ඔයාලට විස්තරකියපු චිත්‍රපටි හැමෙකක්ම වගේ මේකත් ඇත්ත පුද්ගල චරිතයක් වටා ගෙතුණු කතාවක්.සීයට සීයක්ම නොවුනත් මේ කතාවට පදනම්වෙලා තියෙන්නේ Chris Gardner නම් ප්‍රකට ඇමෙරිකානු ව්‍යාපාරිකයාගේ කතාවයි.
ඇමෙරිකානු සිහිනය කියන්නේ හිතන තරම් සුන්දර එකක් නොවන බව මේ සිනමාපටයෙන් කියාදෙනවා.නිවසක් සහ රැකියාවක් නොමැතිකමින් මේ පියාත් පුතාත් විදින දුක්ගැහැට චිත්‍රපටියේ අපූරුවට නිරූපණය වෙලාතියෙනවා.කොහොමවුනත් ඒ හැම බාධකයක්ම ජය අරගෙන මේ තාත්තා ජීවිතය ජයගන්න හැටි අපි ඔක්කොටම ලොකු ආදර්ශයක් ගතහැකි කතාවක්.වැඩිය විස්තර නොකිය චිත්‍රපටිය බලලම හිටියොත් හොදයි කියලා මට හිතෙනවා.ඒකනිසා අදට මෙතනින් නවතින්නම්....
තාත්තලාගේ ආදරේ බොහෝවිට තියෙන්නේ හිතේ. හිත ඇතුලේ. අවශ්‍යම වෙලාවට විතරයි පෙන්වන්නේ. ඒ නිසා තාත්තාට පුළුවන් වෙනවා දරුවන් කෙරෙහි යම් සාධාරණ පාලනයක් පවත්වාගෙන යන්නට. ඔබ දැක ඇති සමහර පවුල්වල තාත්තාට කිසිම පාලනයක් නැතිබවත් ඒ කොටස කරන්නෙත් අම්මා බවත්. මගේ පියා බොහොම තදබල පාලනයක් ගෙනගිය කෙනෙක්. මගේ පියා හඬනවා මා දැක ඇත්තේ ජීවිතයේ එකම එක වතාවකදී පමණයි. ඒ මගේ ලොකු අක්කා විවාහවී ගෙදරින් කැන්දාගෙන ගිය මංගල දිනයේදී. එදා තාත්තා ගේ පිළිකන්නට ගොස් හඬා වැටුණා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මාත් අපේ තාත්තා අඩනවා දැක ඇත්තේ අම්මා නැතිවුණු දවසේ විතරයි...
Deleteඔය චිත්‍රපටියෙ අන්තිම ජවනිකාවෙ තියෙනවා තාත්තයි පුතයි කන්දක් නැගගෙන එන එකක්. ඔය හරියෙන් පාරෙ ඇවිදගෙන යනවා තව කළු ඇමරිකානු මනුස්සයෙක් අපට දැණෙන්නෙවත් නැති ගානට... අන්න එයාලු ඇත්ත බුවා!
ReplyDeleteඔය උඩ ෆොටෝ එකේ ඉන්නේ එයානේ,එයා මේ චිත්‍රපටියේ නිෂ්පාදකයෙකුත් වෙනවා.ගොඩක් දෙනෙක් නොදන්නා කතාවක් තමයි මේ චිත්‍රපටියේ නම හැදුනු හැටි.ඒක happiness නොවී happyness වුනේ පොඩි එකාගේ daycare center එකේ බිත්තියේ ඒ වචනේ ලියලා තිබුණු වැරදි විධිය නිසා.ඒක මතක තියාගෙන හිටපු chris gardner විසින් pursuit of happyness නමින් තමන්ගේ ජීවිතකතාව ලියලා එළිදැක්වූවා.
Deleteතාත්තගෙ ආදරය ගැන කියන්න වදන් නෑ බං...මාව ඉපදුනාට පස්සෙ දෙපාරක්ම ජීවිතය බේරලා දුන්න ඒ උත්තමයා ගැන අකුරු කොටන කොටත් මගේ ඇස් වල කදුලු එකතු වෙනවා...ඒ තරමට මම ආදරෙයි
ReplyDeleteඒකනම් ඇත්ත බං
Deleteතාත්තලාත් ආදරේ කරනවා ඇති නේ...වැදගත් කතාවක්...
ReplyDeleteඔව්... ඇත්ත
Deleteමමත් ඔයිට සමාන ජීවිතයක් ගෙවන කෙනෙක් නිසා මේ චිත්‍රපටිය මට වැදගත් වෙයි.
ReplyDeleteමේක බලලා නැත්ද>අනිවාර්යෙන්ම බලන්න
Deleteගොඩක් ස්තූතියි ලින්කුවට. තාත්තලාගේ ආදරෙත්, දරුවෙකුට අම්මෙකුගේ ආදරේ වගේම වැදගත්. විශේෂයෙන් ගෑනු ලමයෙක් පෙම්වතෙක් තෝරාගන්නේ තමන්ගේ පියා දිහා බලලා කියලා කතාවක් මම අහලා තියෙනවා.
ReplyDeleteම්ම්ම්ම්....එහෙමද....
Deleteමට නම් කියන්න වචන නෑ.....
ReplyDeleteඅම්මට වඩා මම තාත්තට ආදරෙයි.
ඒක හරි පුදුම බැඳීමක්.
මම ගෙදරින් ඈත් වෙලා යන්න හදන දවසෙ තාත්ත මට මැසේජ් එකක් එවල තිබුණ. ඒ වචනම මතක නැතත් තාත්ත කියල තිබුණෙ,
මම හැමදේම කිව්වෙ, කතා කළේ ඔයත් එක්ක. ඒත් දැන් ඔයා යන්න හදන්නෙ.
මට එදා දුක හිතුණ ගොඩක්.
මම තාමත් මගේ හැමදේම මුලින් කියන්නෙ තාත්තට.
ගෙදර අනිත් අය අම්මට එයාලගෙ දේවල් කියද්දි අම්ම මට කියනව,
දුවෙකුයි අම්ම කෙනෙකුයි අතරෙ තියෙන්න ඕන යාලුවො වගේ බැඳීමක් කියල. දුවෙක් එයාගෙ දේවල් කියන්න ඕන අම්මට කියල
මම හිනා වෙලා සද්ද නැතුව ඉන්නව.
කොහොම උනත් මම ගෙදර ඉන්න කොට අම්ම ඉන්න ඕන. අම්මට මම කොහේ වත් යන්න දෙන්නෙ නෑ. ඒත් වැඩියම ආදරේ තාත්තට.
ම්ම්ම්ම්...අම්මගේ ආදරෙයි තාත්තගේ ආදරෙයි වෙනසක් නෑ
Deleteඉස්සර මගේ ලෝකේ දුෂ්ටයා අපේ තාත්තා... මං අපේ තාත්තා එක්ක මාර තරහයි.... මොකද එයාට හරියට කේන්ති යනවා... මට බනිනවා, ගහනවා... කකා ඉන්න බත් පිඟාන පොළවේ ගහන තරම් කේන්ති යනවා... තාත්තා ගෙදර ඉන්න දවසට මං බල බල ඉන්නේ තාත්තා ආයිත් වැඩට යනකම්... ඒ වගේ වැඩ නිසා මං තාත්තට එච්චර ළං උනේ නෑ පොඩි කාලේ.. හැබැයි මං10-11 වසරට ආවට පස්සේ තාත්තා හරි ඉක්මණට වෙනස් උනා.... සමහර විට ඒ මම තාත්තා දිහා බලපු විදිය වෙනස් උන නිසාද දන් නෑ...
ReplyDeleteකොහොම හරි මම ඒ කාලේ තාත්තගේ පිටතින් පේන කෙනාට වඩා ඇතුලතින් ඉන්න කෙනාව අඳුරගන්න උත්සාහ කළා.. ඒ අම්මගේ මඟ පෙන්වීමෙන්.. මොකද අම්මත් අවුරුදු ගානක් ආදරේ කරපු, ඒ ඇතුලතින් හිටපු මනුස්සයා හරිම සංවේදී කෙනෙක් නිසා... පස්සේ මට තේරුනා තාත්තගේ එළියෙන් පේන්න තියෙන ගල් හිත, ඇතුලතින් තියෙන සංවේදී හිත හංගගන්න මවා ගත්ත වෙස්මූණක් විතරයි කියන එක.. ඉතිං මං තාත්තට ආදරේ කරන්න ගත්තා.. ඊට පස්සේ තාත්තට අර වෙස් මූණ ඕනේ උනේ නෑ ආයිත්... අද අපි දෙන්නා දෙශපාලනේ, සමාජේ, ආදරේ, බේබදුකම්, මෝඩකම් හැමදේම විවෘතව කතා කරනවා...
දැන් අම්මටත් වඩා මං තාත්තට කිට්ටුයි... තාත්තා අද මට වීරයෙක් වෙලා...
අපේ තාත්තානම් කවදාවත් අපිට අතක්වත් උස්සලා නෑ.අපි ඉස්සර ගුටිකන්නේ අම්මගෙන්
Deleteමේක මම අවුරුදු කීපයකට කලින් HBO එකෙන් බලපු අපි ඉතාම ප්‍රියකරපු මූවී එකක්. මේකෙ Happyness කියලා මේ වචනය ස්පෙල් කරල තියෙන්නෙත් යම් හේතුවකට.
ReplyDelete>>බටහිර චිත්‍රපටිවල මානව සම්බන්දතා ගැන කියවෙන චිත්‍රපටි අඩුයි<<
මම මේකට නම් එකඟවෙන්නේ නෑ පරිකල්පන. මම කියනවට බලන්න Taking Chance. ඒ මානව සම්බන්ධතා අතිශයින් ප්‍රභලයි.
සමාවෙයං හසරැල්ලක්, පරිකල්පන කියලා කියවුනා මොකද පොඩ්ඩකට කලින් දාපු කමෙන්ට් එකේ පරිකල්පන ගැන සඳහන් වෙච්ච නිසා.
Deletewalk to remember ලස්සන ආදර කතාවක්
DeleteI love it!
Delete++++++++++
ReplyDeleteලොව සියලු තාත්තලාට උපහාරයක්ම වේවා..
ReplyDeleteඑසේම වේවා
Deleteපිය සෙනෙහස එළිපිටට නොපෙනෙන එහෙත් මහමෙරක් තරම් විශාල එකක් හරියට මුහුදු පතුලේ ඇති කන්දක් මෙන්
ReplyDeleteඇත්තම ඇත්ත කතාව අය්යේ
Delete