Saturday, May 18, 2013

පොල්පිති හරකෙක් හදමු - Weekend Project



ඔන්න යාලුවනේ ඔයාලට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ.මං කිව්වනේ ගමේ ආවම ආයෙත් Weekend Project වැඩසටහන ආයෙත් පටන්ගන්නවා කියලා.ඔන්න එක නිසා අද වැඩේට ආයෙත් බහිනවා හොදේ.ඔන්න අද කියලා දෙන්නේ පොල්පිති හරකෙක් නැත්නම් පොල්පිති ගොනෙක් හදාගන්න විදිහ.


මුලින්ම සුපුරුදු විදිහට අවශ්‍ය වෙන දේවල් .....

පොල් පිත්තක් - අමු හෝ ගොඩක්ම වේලිච්ච නැති එකක් [මේකේ මුල හරියයි අග හරියයි කපලා ගන්න පින්තුරේ තියෙන විදිහට]

පොල් කට්ටක්
ලණු කැබැල්ලක් 
මහ පිහියක් 


මුලින්ම කරන්න තියෙන්නේ හරකාගේ දිගට ඇතිවෙන්න පොල් පිත්ත කපාගන්න එකයි.


ඊට පස්සේ හරකාගේ වලිගය හරිය පිහියෙන් හදාගන්න ඕන.පින්තුරේ තියෙන විදිහට....



ඊටත් පස්සේ හරකාගේ කකුල් හදාගන්න ඕන උඩ පින්තුරේ තියෙන විදිහට.....



ඔන්න දැන් තමයි අමාරුම වැඩේ.ඒ කියන්නේ හරකාගේ අන් තට්ටුව හදාගැනීම.ඒක ඔය උඩ පින්තුරේ තියෙන විදිහට හදාගන්නකෝ.අන් තට්ටුව ලොකුවුණු තරටම හරකාගේ සැර පරුෂ භාවයත් වැඩිවෙනවා...හි..හි...



දැන් ඔන්න උඩ පින්තුරේ විදිහට හරකාට අන්තට්ටුව හයිකරගන්න ඕන.

අන් තට්ටුව හයිකරපු ගමන්ම හරකාගේ බෙල්ල වටේ ලනුවක් දාලා ගැට ගහන්න ඕන.නැත්නම් හරකා ගාල කඩාගෙන ගොහින් මිනිස්සුන්ට අනතුරු කරන්න ඉඩ තියෙනවා.



දැන් ඉතින් තියෙන්නේ හරකාට වෙලාවට කන්න බොන දෙන එක විතරයි.නැත්නම් හරකා අහල පහල වතුවලට පැනලා වගා හානි කරන්න ඉඩ තියෙනවා.ඒ වගේම තමයි පොඩි අය මේවා තනියම හදන්න යන්නෙපා..අම්මලා තාත්තලා පොඩි අයට මේවා හදලා දෙන්න හොදේ.

ඒ වගේම තමයි පොල්පිති හරකා මේ විදිහට නැතුව පොල් පිත්තේ මුල් කැබැල්ල අරගෙන ඒකට පොල්කටු අන් වෙනුවට ලී කෝටු කෑලි දෙකක් ගහලා හරකෙක් හදන විදිහකුත් තියෙනවා.ඊට වඩා මේ විදිහ ලස්සනයි කියලා හිතුන නිසා මං මේ විදිහට හැදුවේ.එහෙනම් ලබන සතියේ තවත් Weekend Project එකකින් හමුවෙමු ...ටටා.....

38 comments:

  1. නියමයි. හැබැයි පොඩිඋං ඔය පොල්කටු, පිහි එක්ක වැඩකරනකොට පොඩ්ඩක් පරිස්සං වෙන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත ප්‍රසන්න අය්යේ,පොඩි අයට මේවා අම්මලා තාත්තලා හදලා දෙනවානම් තමයි හොද ...

      Delete
  2. උබ දන්නවද හසරැල් මිට මාසෙකට විතර කලින් මගේ පුතාට මොන්ටිසෝරියෙන් මේක හදන එන්න කියල තිබුනා. නෝනා මට කතාකරලා අහනවා කොහොමද හදන්නේ කියල. skype එකෙන් Share screen දාල ps වලින් හදල පෙන්නලයි වැඩේ ගොඩ දාගත්තේ. මන් එත් හිතුව උබ මේ ලිපි පෙළ ලියාගෙන ගියානම් මෙහෙම මැරෙන්න ඕන නෑනේ කියල ..
    ඇත්ත තත්වේ ඕකයි, අද සමාජයේන් බැහැරව යන මෙවන්දේවල් අනාගත පරපුරේ දැනගැනීමට මෙහෙම ලියාතියනවාට උබට පින්ලැබෙයි..

    ReplyDelete
  3. හැබැයි මල්ලි මේ පොල් පිත්ත ටිකක් වේලිලා වැඩි කැහුටු එකක් වගේ ඇමට පෙන්නේ. තව පොඩ්ඩක් බිඩන්ගේ පැත්තට වෙන්න ගත්ත නම් ඔලුව ඒ වගේම ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදීක අය්යේ හදිසියට හොද පොල්පිත්තක් හොයාගන්න බැරිඋනා.....

      Delete
  4. අනේ මමත් ඕවා හදපු ඒ සුන්දර කාලය ආයෙත් මතක් වුනා..ඊළග ඒවායින් මඥ්ඥාක්කා කොළ වලින් මාල හදන හැටි, කුරුම්බැට්ටි මැෂිම..පොල්කොළ නයා වගේ අයිටම් ජනතාවට මතක් කර දෙන්න....

    මේ හදලා තියෙන ගොනා මී හරකෙක්ද.... එළ වස්සෙක්ද ?

    ReplyDelete
    Replies
    1. මේකා මී හරකෙක් නොවැ,එළ හරකා හදන්නේ තැඹිලි පිත්තෙන් නොවැ...

      Delete
  5. මේ හෙන චූටි පොල් පිත්තක් නෙව..අර අග තියෙන උදැල්ල වගේ කෑල්ල්ත එක්ක තමයි ගන්න ඕනි..එතකෙට තමයි ලලස්සනන..

    ReplyDelete
    Replies
    1. ඔව් මං කිව්වේ ඒකනේ ඒකෙනුත් හදන විදිහක් තියේ කියලා

      Delete
  6. පොල් පිත්ත වේලිලා වැඩියි බං...අපි ගත්තෙ නාඹර පොල් පිති...ඒ කිව්වෙ වැටුනු ගමන් හරි ගහෙන් ගලෝල හරි...එතකොට හරකාත් පුෂ්ටිමත්

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපය්යේ හොද පිත්තක් හදිස්සියට හොයාගන්න බැරිඋනා.

      Delete
  7. මාත් ඉස්සර ඔය වැඩේ කලා. පොල්පිති ගොන්නු හදලා වෙච්ච මාර අප්සෙට් එකක් මෙන්න මෙතන තියෙනවා,

    ReplyDelete
    Replies
    1. හප්පේ....කියෙව්වා..කියෙව්වා ...අම්මෝ ...

      Delete
  8. Mage podi ekata hadala dena hituna post eka nisa.
    ape podi kalaya matak karata istuti.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ජය...සිංහලෙන්ම ටයිප් කරන්න දැන් ලේසියි ..මෙතනින් ගිහින් බලන්නකෝ

      http://www.google.com/intl/si/inputtools/cloud/try/

      Delete
  9. ඔය සම්බන්ධව මගේ අද්දැකීම කිව්වොත් නම් මට දේශද්‍රෝහී ලේබලය වදිනවා හසරැල්.අපේ තාත්ත එක පාරක්
    " ඉන්න පුතාට මන් පොල් පිති ගොනෙක් හදලා දෙන්නම් සෙල්ලම් කරන්න " කියලා කිව්වා

    මමත් හා කියලා කිව්වා.දැන් මට ඔලුවේ මැවෙන්නේ දඩාර් සයිස් ගොන් නාම්බෙක්ගේ පිටේ යන්න පුළුවන් සීන් එකක්.තාත්ත පොල් පිත්තක් කප කප ඉඳලා ටික වෙලාවකින් දුන්නා

    " අහ මෙන්න " කියලා

    මට කියවුනේ මේ මොන මගුලක්ද කියලා ...ඔන්න ඔහොමයි පොල් පිති හරකට මුල පිරුවේ මන්.දළදා මාලිගාව ගැන තියෙන්නෙත් ඔහොමම අද්දැකීමක්...ඒක කියන එක හරි නැහැ මේ වෙසක් සතියේ...එදාත් අහල පහල හිටපු හැමෝම සිල් බිඳ ගත්තා මන් නිසා..

    ( මේ කමෙන්ටුව ගැන සමාව භාජනය කරත්වා )

    ReplyDelete
    Replies
    1. හා..හා...එළකිරි කතාව...මාත් හැබැහින් දකින්න කලින් අලියා කියන්නේ බල්ලෙක් විතර එකෙක් කියල හිතන හිටියේ,මේ කියන්නේ ඉස්කෝලේ යන්නත් කලින් කාලේ ගැන හොදේ

      Delete
  10. ඔච්චර මහන්සි වෙන්නේ මක්කටෙයි. මෙච්චර හරක් ඉන්න රටේ..

    ReplyDelete
  11. වැඩේ නං මරු. කවදාවත් කරල නැතත් දැනං ඉන්න එක වටිනවා...

    ReplyDelete
    Replies
    1. මොනවා ,මේකක් හදලා නෑ කිව්වා....පුදුමයි..

      Delete
  12. අපි පොඩි කාලේ ගත්තේ පොල් පිත්ත ගහට හයිවෙලා තියන කොටසත් එක්කයි ඒ කොටස තමා හරකගේ ඔලුව..

    ReplyDelete
    Replies
    1. ඒ මං කිව්ව අනිත් විදිහ...

      Delete
  13. මට අපේ පොඩි කාලේ මතක් වුනා..

    ReplyDelete
  14. මේ සහෝ කිරි ගන්න පුළුවන් එළදෙනක් හදන්නේ කොහොමද පොල්පිත්තකින්? :D

    ReplyDelete
    Replies
    1. පොල් පිත්තෙන් එලදෙන්නු හදන්න බෑ.ඇදගෙන යද්දී බුරුල්ලේ වැලි ගෑවෙනවනේ...:D

      Delete
  15. මේ වගේ දේවල් වලට හසැරැල්ට මම කලිනුත් ස්තූතියි කිව්වා, මේක නම් මෙහෙ ගෙනත් හදන්න බැරිවෙයි..

    ReplyDelete
    Replies
    1. ඔහේදී රට ඉඳි පිත්තකින්වත් හදන්න වෙයි...හි..හි..

      Delete
  16. නියමයි
    තව ටික කාලයක් යද්දි මේව දන්න අය නැතිම වෙයි.
    ඒ නිසා නියම වැඩක් කරල තියෙන්නෙ

    ReplyDelete
  17. හස‍රැල්
    අතීත මතක ‍රැක ගන්න කරන හොඳ උත්සාහයක්.මම ලමයින්ට කොස්කොල තොප්පියක් හදල දුන්න දවසක්.අපිට තිබුන සෙල්ලම් බඩු වුන පොල්පිති හරක්,රබර් ක‍ටු බමර,රබර් ඇට රූං පෙති,නූල් රෝද ට්‍රැක්ටර්,උන බම්බු වෙඩි,කුරුම්බැට්ටි මැශින් මතක් කරන කොටත් දුකයි,

    ReplyDelete
  18. හසරැල්. මේක මාර හොඳ ප්‍රයත්නයක්. ගොඩක් උංට මේව මතක නෑ. තාත්තලට වෙලාවක් නෑ මේ දේශීය සෙල්ලම් බඩු හදා දෙන්න. අදමයි මෙහෙ ආවෙ. අනිත් ටිකත් බලලා ප්‍රතිචාරයක් දාන්නම්.

    ReplyDelete
  19. පුළුවන්නම් දාමු කෙසෙල්බඩ අශ්වයෙක්.. හැබැයි පිටේ යන්නත් පුළුවන්, තව ජම්බු අහස්කූරු... ඒව හදන්න පුළුවන් අපේ සීයට විතරයිනේ.... හූ හූ...

    ReplyDelete
    Replies
    1. පුතේ බොලයි සීයට විතරක් නෙවේ අපිටත් පුළුවන් හරිය...

      Delete
  20. පොල් කටු අං දෙක දැමූ පොල් පිති හරකා Video eka balanna http://youtu.be/FDUN4hwf0Jg

    ReplyDelete
    Replies
    1. හදන විදිහත් දැම්මනම් වැඩිය හොඳයි...

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...