කොහොමින් කොහොමහරි මං කියාගෙන ආපු සිද්දි කරුණු කාරනා අතරේ මාස 5 ක් 6 ක් විතර ගෙවුනා.ඔන්න ඊට පස්සේ දවසක උදේ මාව තමන්ගේ ගාවට කැඳවපු මැනේජර් මහත්තයා මට රැකියා ස්ථානයේ උසස්වීමක් සහිත ලිපියක් බාරදුන්නා.ඊළඟ සතියේ ඉදන් එතන වැඩකරන්න කියලා.සාමාන්යෙන් උසස්වීමක් ලැබෙනවා කියන්නේ පාටි දාලා සමරන්න ඕන වැඩක්නේ.ඒත් ඉතින් මේ උසස්වීමනම් මගේ හිතේ පොඩ්ඩක්වත් සතුටක් ඇති කලේ නෑ.
මොකද මේ උසස්වීම මට ලැබුනේ තනතුරෙන් නෙවෙයි.ඔයාල දන්නවනේ බුත්තල කියන්නේ තැනිතලා ප්‍රදේශයක් විත්තිය.ඉතින් මට මේ උසස්වීම ලැබුනේ අපේ බ්‍රාන්ච් එකේම සබ් බ්‍රාන්ච් එකක් වුනු බඩල්කුඹුරට.ඉතින් බඩල්කුඹුරට යන්නනම් තැනිතලාවේ ඉදලා කන්දක් දෙකක් නැගලා ටිකක් උඩින් තියෙන පැත්තකට යන්න වෙනවා.ඔන්න ඕකයි මං කිව්ව උසස්වීම.ඒ කියන්නේ වැඩකරන තැන මුහුදුමට්ටමේ ඉදලා උසින් පිහිටා තිබීමයි මට ලැබුණු උසස්වීම.බඩල්කුඹුර තියෙන්නේ මොනරාගල පස්සර-බදුල්ල පාරේ තැනක.හැබැයි බුත්තල ඉඳලා බඩල්කුඹුරට වෙනම පාරක් තියෙනවා.කිලෝමීටර් 16ක් විතර.ගොඩ කෙනෙක් නොදන්නවා වුනාට බුත්තල කතරගම රජමාවත නියම විදිහටනම් පටන්ගන්නේ බඩල්කුඹුරෙන්.දැන් කීප තැනකම මේ රජමාවත ගැන කියලා තියෙන නිසා මේ ගැන නොදන්නා කෙනෙක්ට කුකුසක් ඇතිවෙන්න පුළුවන් මොකක්ද මේ රජමාවත කියන්නේ කියලා.
දුටුගැමුණු රජතුමා එළාරත් එක්ක ෆයිට් කරන්න කලින් කතරගමට ඇවිත් ආශිර්වාද එහෙම අරගෙනලුනේ ගමන පිටත්වුනයි කියන්නේ.අන්න එහෙම කතරගම -බුත්තල - බඩල්කුඹුර -බිබිල - මහියංගනය හරහා තමයි ඔන්න ඔය කියන රූට් එක වැටිලා තිබුනයි කියන්නේ.ඉස්සර නිකන් පස් විතරක් දමාපු පාරක් වුනාට ප්‍රේමදාස මහත්තැන් ගම්උදාව වෙලේ තමයි ඔය රජමාවත එළිපෙහෙළි කොරලා තාර පේන්ට් කරලා අරන් තියෙන්නේ.අපේ හැලපය්යා එහෙම ඕවයේ වග කියනවනේ.අනිත් අතට බඩල්කුඹුර ප්‍රසිද්ද වෙන්න තවත් හේතුවක් තමයි ඔය 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල වෙලාවේ ඒ මිෂන් එක ඇබෝර්ට් කොරන්න එවාපු කැප්පෙටිපොල නිලමේ සුද්දගේ පුකට පයින් ගහලා අපේ පැත්තේ කැප්ටන්සිය භාර අරගෙන තියෙන්නේත් ඔය බඩල්කුඹුර හරියේ තියෙන අළුපොත ගමේදිලු.ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ..තව ඉස්සරහට කරුණු කාරනා කියන්නම්කො...
ගෙදර ඉදලා හැතැම්ම 100 කටත් වැඩිය දුර ඇවිත් වැඩකොරපු මට තව හැතැම්ම 10 ක් විතර දුරට යන්න වුනා.ඒත් ඉතින් බඩල්කුඹුරේ නවතින්න තැනක් හොයාගන්නවට වඩා බුත්තල චමරියේම ඉන්න එක හොඳයි කියලා මං තීරනේ කොලා.මොකද බෝඩිමක නැවතුනොත් වියදම් වැඩියි.මේ වෙනකොට චමරියේ බජට් එක පාලනේ කලෙත් මම.ඒ කිව්වේ කෑම උයන්න ගේන බඩුවල වියදම එකතු කොරලා මාසේ පඩි දවසට එක එකාගෙන් ඉල්ලලා කඩේ බිල පියවන එක තමයි.හැබැයි මාසේ අන්තිමට එකතු කොලාට සතිපතා අයවැය විස්තරේ සාමාජිකයින් දැනුවත් කොරන්න ඕන.එතකොට වැය පාර්ශවය අසාමාන්‍ය ලෙස ඉහල ගිහිල්ලා තිබුනොත් සාමාජිකයින්ට පුළුවන් ප්‍රශ්න කරන්න.ඕවා ඉතින් ඔය චමරිවල හිටපු කස්ටිය දන්නවා ඇතිනේ මටත් වඩා හොඳට.හැබැයි ඉතින් මේ බජට් එක රන් කරන එකෙන් වාසිවලට වඩා වුනේ පාඩු.වාසිය තමයි තමන් කැමති කෑම ජාති ගේන්න පුළුවන් වෙන එක.පාඩුව තමයි 'දෙන්නන් කාසි" ප්‍රමාණය ඉහල යාම නිසා තමන්ගේ පොකට් එකට වැඩි බරක් දරන්නට සිදුවීම.
හරි වත්ත වටේ ගියා ඇති..ආයෙත් ට්‍රැක් එකට වැටෙමු.බඩල්කුඹුර කියන්නේ අපේ සබ් බ්‍රාන්ච් එකක් කියලා මං කිව්වනේ.ඉතින් ඒකෙ වැඩකලේ සේවකයෝ දෙන්නයි සිකුරිටි මහත්තයයි විතරයි.ඇත්තම කියනවනම් ඒ කාලේ අපේ බඩල්කුඹුර බ්‍රාන්ච් එක දිව්වේ ටිකක් අමාරුවෙන්.ඒකට හේතුවුනේ අපේ සබ් බ්‍රාන්ච් එකක් තිබුනත් වෙනත් වාණිජ බැංකුවක දෙකක ප්‍රධාන ශාඛා බඩල්කුඹුරේ පිහිටා තිබීම.ඉතින් ඒවත් එක්ක හැප්පිලා වැඩකරන්න හෙනම ගේමක් දෙන්න ඕන.ඒ දවස්වල අපේ උන්දලා ඔය බඩල්කුඹුරේ රිලීෆ් එකක්වත් යන්න එච්චර කැමති නැහැ.මොකද අඩු පහසුකම්,ප්‍රවාහන අපහසුකම් සහ ඒ දවස්වල සමහර ගිණුම් පරිගනකගත නොකර තිබීම නිසා.කොටින්ම කිව්වොත් ස්ථිර තැන්පත් ගිණුමක් වහන්න ආවොත් වැඩ ඔක්කොම පැත්තකින් තියෙලා තැන්පතුව තිබිච්ච දිනගණන් අනුව පොලිය හදලා බලන්න ඕන.අවුරුදු කිහිපයක් පරණ එකක්නම් වැඩ ටිකක් වැඩියි.
ඒත් ඉතින් ලැබුණු වෙනස හුරුවෙන්නත් එක්කලා මං ඔන්න වැඩභාරගන්න තියෙන දවසෙම බඩල්කුඹුරට ගියා.ඒ දවස්වල අපි බඩල්කුඹුර බ්‍රාන්ච් එකේ වැඩකලේ අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා.ඉරිදයි සඳුදයි තමයි නිවාඩු දවස්.සෙනසුරාද පොළ නිසා තමයි සෙනසුරාදට බ්‍රාන්ච් එක ඇරියේ.ඒ දවස්වල චෙක් ගනුදෙනු එහෙම නොකළ නිසා සඳුදා වැහුව කියලා අවුලක් වුනේ නෑ.බඩල්කුඹුර ගැන කියනකොට ඉතින් ප්‍රවාහනේ ගැනත් නොකියා බැහැනේ.මං ඉතින් උදේ වැඩට ගියේ බුත්තලින් උදේ 6.15 ට පටන්ගන්න සීටීබී බස් එකේ.ඒක මගහැරුනොත් යන්න ඕන බඩල්කුඹුර - මාලිගාවිල බස් එකේ.ඔය බස් එකටනේ පස්සේ කාලෙක කොටි ගහලා මහා මිනිස් සංහාරයක් කලේ.මං ඒ ගැනත් කියලා තියෙනවනේ.හැබැයි ඒ බස් එකේ ගියොත් ටිකක් පරක්කු වෙලා තමයි වැඩට යන්න වුනේ.ඒක නිසා කොහොම කොහොමහරි උදේ බස් ඒකට දුවාගන්න මං පුරුදු වුනා.බයිසිකලෙත් ඒ වෙනකොට අරගෙන තිබුණු නිසා බයිසිකලෙන් චමරියේ ඉඳං ඇවිත් ටවුමේ අඳුනන කඩයක් පිටිපස්සේ බයිසිකලේ දාලා බස් එකේ එල්ලෙන්න තමයි මං ඒ දවස්වල පුරුදුවෙලා හිටියේ.
උදේ බස් එක එලෙව්වේ "සිරි" කියලා අය්යා කෙනෙක්.අය්යා කිව්වට අපේ තාත්තට වඩා වයස ටිකයි අඩු මං හිතන්නේ.දකුණු පලාතෙන් ඒ පැත්තට ගිහින් පදිංචි වුනු කෙනක් නිසා සිරි අය්යා මට බොහොම හිතවත් වුනා.ඔය ගම්පලාත් වලින් ආපු කස්ටිය දැන අඳුනගත්තම අපිට වුනත් ගොඩක් සතුටක් ඇතිවෙනවනේ.ඒක නිසා මං පොඩ්ඩක් පරක්කු වෙන දවසට විනාඩියක් දෙකක් බස් එක අද්දන්නේ නැතුව බලං ඉන්නත් සිරි අය්යා අමතක කලේ නෑ.ඒකට ප්‍රති උපකාරයක් විදිහට සිරි අය්යා බලාපොරොත්තු වුනේ බස් එක බඩල්කුඹුරේ බෝ ගහ යට නවත්තලා තියෙන වෙලාවට බැංකුවේ පත්තරේ අරන්ගිහින් බස් ඒකට වෙලා බලන්න ලැබෙන වාසිය විතරයි.
බුත්තලයි බඩල්කුඹුරයි අතර පාරේ ඒ දවස්වල ටිකක් සීග්‍ර බෑවුමක් තියෙන කඳු ගැටයක් තිබුනා.බස් එක ටිකක් පරණ නිසා සෙනග වැඩිවුනාම බස් එකට මේ කන්ද ඇදගන්න අමාරුයි.ඉතින් අපි කොරන්නේ කන්ද පාමුල බැහැලා පයින්ම කන්ද ඇදලා ආයෙත් කන්ද මුදුනේදී බස් එකට ගොඩවෙනෙක.හැබැයි එහෙම වුනා කියලා කවුරුවත් බස් එකටවත් ඩයිවර් මහත්තයාටවත් දොස් කිව්වා කියලා මට මතකයක් නැහැ.අනිත් එක තමයි කන්ද පාමුල හිටපු විදිහටම කන්ද මුදුනේදීත් කවුරුත් කලබලයක් නැතිව බස් එකට ගොඩවුණු හැටි.කවුරුවත් රන්ඩුවුනේවත් තල්ලු කරගත්තෙවත් නෑ.ඔන්න ඔහොමයි ඒ පැත්තේ මිනිස්සු.
මිනිස්සු ගැන කිව්වම මතක් වුනේ.බුත්තල ඉඳලා ඒ හැටි දුරක් නොවුනට බඩල්කුඹුරේ තිබුනේ ටිකක් සවුම්ය දේශගුණයක්.ඒක හින්දමද මන්දා බුත්තල ගෑනු ළමයි වගේ නෙවෙයි බඩල්කුඹුරේ ගෑනු ළමයි ගොඩක් සුදුයි.ඕන්න බලන්න දෙශ්ගුනෙත් හැටි.මිනිස්සුන්ගේ බාසාවත් බුත්තලට වඩා ටිකක් විතර වෙනස්.ඒ දවස් වෙනකොට බඩල්කුඹුරේ පැත්තේ ප්‍රදාන ආදායම් මාර්ග වෙලා තිබුනේ උක්වගාව සහ රබර් ඇතුළු ගම්මිරිස් වැනි අපනයන බෝග වගාව.බස් එක ගැනනේ කතාකරකර හිටියේ.මං බඩල්කුඹුරේ වැඩට ගිහින් අවුරුද්දකට විතර පස්සේ ප්‍රයිවට් බස් එකකුත් පාරට දැම්මා.ඕන්න ඉතින් ඊට පස්සේ සුපුරුදු පරිදි ඔක්කොම කණපිට හැරෙන්න ගත්තා.
ඉස්කෝලේ ළමයි,මිනිස්සු ඔක්කොමවගේ ප්‍රයිවෙට් බස් එකේ යන්න පුරුදු වුනා.සීටීබී එකට වඩා විනාඩි 20 ක් විතර පස්සේ ගමන පටන් ගත්තත් අතරමගදී සීටීබී බස් එක පහුකරලා යන්න ප්‍රයිවෙට් බස් එක හයියෙන් යන්න ගත්තා.අනිත් එක කන්ද නගිද්දී බස් එකෙන් බහින්නත් ඕන නැති නිසා මිනිස්සු වැඩිය කැමැත්තෙන් ඒ බස් එකේ යන්න පුරුදු වුනා.වැඩේ කියන්නේ මේ ප්‍රයිවෙට් බස් එක සමහර දවසට එලෙව්වේ සිරි අය්යගේම පුතා.පුතත් ඉතින් හැමදාම තාත්තා කියලා බලන්නේ නැතුව සීටීබී එකත් එක්ක රේස් යනවා.මෙහෙම ප්‍රයිවෙට් එකට වැඩියෙන් සෙනග යන්න ගත්ත නිසා සිරි අය්යලගේ ටාගට් එකට තමයි බඩේ පාර වැදුනේ.ඉතින් සිරි අය්යා මේ ගැන ගොඩක් හිතේ තරහින් තමයි හිටියේ.
දවසක් ඕන්න ඔහොම ප්‍රයිවෙට් එක සීටීබී එකට ඉස්සරකරන්න හදනකොට සිරි අය්යා ඒකට ඉස්සරකරන්න නොදී බස් එක නවත්තලා ඔලුව එලියට දාලා මහහයියෙන් "උඹේ අම්මට හු...... දැනගනින්" කියලා කිව්වා.අනේ මන්දා ගෙදර දේවල් ඔහොම එළිපිට කියන එක හරිද මන්දා.හැබැයි සිරි අයියගේ පුතානම් කවදාවත් තමන්ගේ ආච්චිගැන ඒ වගේ දෙයක්නම් කිව්වේ නෑ.
බඩල්කුඹුරේ මතක ගොඩක් තියෙනවා.ඉස්සරහට ලියන්නම්..
ටටා...
ලංගම බස් එකෙයි ප්‍රයිවට් බස් එකෙයි තාත්තයි පුතයි රේස් යනවා ...... ෂා .... ලෙසටම තියෙන්න ඇති.... ඇති යන්තම් අම්මාගෙන් විතරක් නැවැත්තුවා
ReplyDeleteඅනේ බන ඒ කිව්වට ඒකෙ ආතල් එක තිබුනේ උන් දෙන්නා අප්පයි පුතයි කියලා දැනගෙන හිටපු අපිට විතරයි
Deleteඒක කුණු හරුපයක් නෙවෙයිනෙ. මිනිහ කොහොමත් කරන වැඩෙනෙ. අරූ කියන්න තිබ්ඛෙ තාත්තෙ මේපාර මල්ලියෙක් කියල විතරයි.
ReplyDeleteමේකට නම්.....:v
Deleteදැන් මෙතන කවුද කිව්වේ කුණුහරුප කියලා තියෙනවා කියලා
Delete:D :D :D
Deleteබඩල් කුඹුර කියන පැත්ත අහල තිබුනට දන්නේ නැහැ. කොහොම හරි අලි නැති පොලොඟු නැති පැත්තක් වෙන්න ඇති කියල හිතනවා
ReplyDeleteඑහෙම පැත්තකටද ආස...
Deleteහප්පේ... මම මේ ආවේ සුබ පතන්න බලාගෙන. කමක් නෑ කමක් නෑ. එහෙම හරි ගියෙ 'උස' තැනකට නේ :D
ReplyDelete"ඉහල" රැකියාවක් කරන්න සෑහෙන්න මහන්සිවෙන්න ඕන
Deleteඔය මංගල්ලයක් බලන්ට ගොහිං මව්පිය දෙපළ මනමාලිගේ පාර්ශවය එක්ක කියනවලු..,
Deleteඅපේ පුතා බොහොම ඉහළ් රැකියාවක් තමයි කරන්නේ " කියලා
හැබෑටම..........! ඉතින් මොකද්ද දැන් ඔය රස්සාව? මනමාලිගේ අම්මා ආඩම්බරෙන් ඇහුවලු.
අපේ පුතා කරන්නේ "පොල් කඩන එක තැඹිලි බාන එක..!ඔහුගේ මවත් ආඩම්බරයෙන් කීවාලු
:D :D
ඊටත් "ඉහල" රස්සාවල් තියෙනවනේ
DeleteKathawa eka husmata kiyawagena giyaa..anthimata husma hirawela marune nathuwa witharay...ara anthima hariya kiyawaddi....
ReplyDeleteඑහෙනම් දැන් කතාව කියෝන එක නවත්තලා හොදට හුස්ම ගන්න
Deleteමදැයි උඹගෙ උසස්වීම බලන්න ආව හසරැල්.කොහොම උනත් බඩල්කුඹුර බුත්තලට වඩා සෞම්‍ය දේශගුණයක් තියෙන පළාතක්,මිනිස්සුත් ඒ වගේමයි.
ReplyDeleteඒකනම් ඇත්ත ..මාත් අත්දැකීමෙන් කියන්නේ
Deleteඔක්කොමත් හරි අන්තිම පේලි දෙක නම් පට්ට...:v
ReplyDeleteම්ම්ම්ම්..ඒ කියන්නේ ඔබතුමා දැන් ඉන්නේ බඩල්කුඹුරේද....
යකෝ මාත් මොණරාගල නේ.....
මොණරාගල කොයි හරියේද කිව්වනම්ම්........ ;)
Deleteදැන්නම් ඉන්නේ ඒ පැත්තේ නොවේය...
Deleteසියඹලාණ්ඩුවේ.....
Deleteඒ කියන්නේ Tamarind Goverment එකේ
Deleteඋඹට දැන් නියමෙට ලිව්වැකිනේ බං... කතාව උස් පාත් කරන තැන් නියම විදියට කරන ගමන්..නවත්තන තැන නියම තැනින් නාඩිය අල්ලලාම කරනවා...
ReplyDeleteකාලෙකින් කම්මැලිකමක් නැතිව එක හුස්මට කියවං ගිය පෝස්ට් එකක්...
මෙන්න මෙයයිටත් හුස්ම ගන්න අමතකවෙලා...මට මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න බෑ ඔන්න =D
Deleteඑතකොට සිරි අයියා එච්චර කල් මොනවද කරලා තියෙන්නේ???
ReplyDeleteබඩල්කුඹුර ටවුම දැන් බලන්න ලස්සනයි.
කොළඹ පරාදයි...හික් හික්
ඒකනම් ඉතින් සිරි අය්යාගෙන්ම අහන්න ඕන...
Deleteමටත් කියන්න තියෙන්නේ මාරයා ඉයපු ටික තමයි.. අනේ මචෝ අර කැප්පෙටිපොල සීන් එක රජ මාවත ගැනත් පොඩ්ඩක් වටේ ගිහින් ආවට අවුලක් නෑ.. ඒවත් මල් මසුරන් පෝස්ට්.. අනික අපිත් ඉතිහාසේ ගැන නොදන්න දෙයක් ඉගෙන ගන්නවා නේ..
ReplyDeleteඑකෙන්ම ..ඉස්සරහටත වත්ත වටේ කතා තව තියේ ...
Deleteමට මතක විදියට එක වතාවක් පමණයි මම ඔය පැත්තෙන් ගිහිල්ලා තියෙන්නෙ...කොටි ත්‍රස්තයො ක්ලේමෝ බෝම්බයක් අටවපු කේස් එක නම් මතකයි. බුත්තල ගල්ගේ කියන හරියෙ නේද ඒ සිදුවීම උනේ...
ReplyDeleteඔය බස් එකේ නිතරම ගිය සුරූපිනියො එහෙම හිටියෙ නැද්ද ?
බස් එකේ ගියපු කස්ටිය ගැන ඉස්සරහට ලියන්නම්..
Deleteසිරා ඒ බස් එකට බෝම්බ ගැහුවේ බුත්තල හෙළගම පාරේදී...ගල්ගේ ගාවදි වුනේ හමුදා බෆල් රථයකට ක්ලේමෝ ගහපු එක.ඔය දෙකම ගැන මං ලියලා තියෙනවා.පල්ලෙහා තියෙන කතා දෙක බලන්න ...
අපිට කොටි ගහපු හැටි
බෆල් රථයේ සිටි සෙබළුන්ගේ ගැලවුම්කාරයා - අපිට කොටි ගහපු හැටි 2
මදැයි මල් පොකුරක් අරන් විෂ් කරන්න ආවා.
ReplyDeleteඅපරාදෙ සිරිගෙ පුත්‍ර රත්නයට කියන්න තිබුනේ "ඔයා ඒක කලින්ම කරපු හින්දනෙ ඔයත් එක්ක රේස් යන්න මේ මං ඉපදුනේ" කියලානෙ.
ඉතිහාස කතා ටිකත් එක්ක වත්ත වටේ යන ගමන් ලිය වෙන එක හොදා. අපිත් සාමාන්‍ය දැනීම වැඩි කර ගන්නවා ඒවායෙන්.
ඉස්සරනම් ලිව්වෙම සාමන්‍ය දැනීම ගැනම තමා.දැන් ලියන්නේ සමාජ අධ්‍යනය ගැන
Deleteඅපේ පැත්තෙත් තාත්තෙකුයි පුතෙකුයි බස් 2 ක වැඩ.. හැබැයි රේස් න්ං යන්නෑ..
ReplyDelete:D
මෙතනත් ඉතින් රේස් ගියේ නෑ...පුතා තාත්තා පහුකරගෙන ගියා විතරයි
Deleteසිරි අයියගේ පුතා කිව්වලු ඉතිං මට මොකේ කියලා. :)
ReplyDeleteඇත්තටම ඌ හිතින් ඒම කියන්නැති ...
Deleteමට කියලද මීට ඉස්සරත් ඕක කලේ කියලා පුතා ඇහුවා කියන්නේ.
Deleteඅනේද කියන්නේ ...
Deleteඑකම පවුලේ අය එකිනෙකාට කුණුහරප වලින් ආමන්ත්‍රණය කරනු මම දැක තිබෙන්නේ ලංකාවේ බටහිර වෙරළේ සමහර ධීවර ජනාවාස ආශ්‍රිතවයි. එය දැන් ඒ ප්‍රදේශවල සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. තාත්තා විසින් පුතාට මම අම්මට ....................අවශ්‍යයි කියපු යුද හමුදා කතාවක් තියනවා. මෙතන ලියන එක සුදුසුද මන්දා.
ReplyDeleteවැල්ලේ කතා ගැනනම් කියලා වැඩක නැහැනේ ඉතින් ...
Deleteහසරැල්.......උඹ මේ කතාව රිද්මයානුකූලව ලියනවා. කිසි හිරිකිතයක් නැතුව කියෙව්ව හැකි. සුභ පතනවා.
ReplyDeleteමම චමරි කරනකොට සල්ලි ටික මාසෙට කලින් බෝතල් වලට වියදම් වෙනවා. ඒ ඕමාන් ඉන්න කාලේ. හැබැයි ණය වෙලා හරි ගේම දෙනවා. බොන්න එවුන් හිටියට අන්තිමට වියදම මගෙන්. පස්සේ උන් මගෙන් චමරිය පවරගත්තා.
////.කවුරුවත් රන්ඩුවුනේවත් තල්ලු කරගත්තෙවත් නෑ.ඔන්න ඔහොමයි ඒ පැත්තේ මිනිස්සු.//////
ඒ පැත්තේ මිනිස්සු විතරක් නෙමෙයි හසරැල්...අපේ කාලේ බොහොමයක් මිනිස්සු ඔය වගේ. පස්සේ පස්සේ තමයි ඕවා වෙනස් වුනේ.
මං චමරියේ බ්ජට්ටුවට ඕවා දාගත්තේ නැහැ නොවැ.ඒක නිසා අවුලක් වුනේ නෑ.අපේ උන්දලා මට එහෙං එනකම්ම චමරිය භාරදීලා තිබුනේ
Deletemonaragalata ude 7ta yanna matarin kiyatada yanna ona ???????????
ReplyDeleteඉස්සරනං ඒ වෙලාවට යන්න බස් තිබ්බේ නෑ.අපි ගියේ කලින් දවසේ හවස.දැන්නම් උදේ 3 ට විතර බස් එකක් තිබුනොත් යන්න පුළුවන් වෙයි.පාරවල් හදලා නිසා
Delete
ReplyDeleteඕක ඉතින් පුතාට කිය කිය ඉන්න ඕනියැ ඬර කිව්වත් වගේ :D
නෑ ඉතින් කියන්නම හිතෙන්නැති ...
Deleteඅනේ මන්ද...අද කතාව දෙසැරයක් කියෙව්වා.එචරටම රසවත් ලෙසට උඹ ලියල.
ReplyDeleteලියන රටාව වෙනස් කලාද මල්ලියා.
අන්තිම ටිකට පට්ට හිනා බොල.
කදුළු පිහාගෙන කොමන්ට් එක කෙටුවෙ.
එච්චරටම හොදද අනේ ..
Deleteනියමයි.ලෙසටම ලියල.අනිතිම කතාව මරු.එක නොකල නම් ඔය ප්‍රශ්න නැ නෙ.
ReplyDeleteදුර දිග නොබලා වැඩකිරීමේ ප්‍රතිවිපාක ...
Deleteනියමෙට ලියල තියෙනව හසරැල්.
ReplyDeleteඇත්තටම ඔය වගේ දුෂ්කර පැතිවල මිනිස්සුන්ගෙ මනුස්සකම, හැදියාවනං ඉහළ මට්ටමක තියෙනව.
මොකක්ද අනේ අද ඔක්කොටම වෙලා තියෙන්නේ...
Deleteමදැ ලැබුන උසස් විම .....මතන් මගෙත් යාලුවෙක් ඉන්නවා බඩල්කුඹුරේ කොන්වන්ට් එකක සිස්ටර් කෙනෙක් වෙලා,එයාල කොල් කරාම ඒ පත්තේ විස්තර දැන ගන්න ලැබෙනවා.. මිනිස්සුන්ගේ මනුස්ස කම නම් හරිම ඉහලයිලු නේද?ලබන පාර ඔය පැත්තේ කරක් ගහන්න හිතන් ඉන්නේ....බලමු
ReplyDeleteඇත්තටම යන්න වටිනා පලාතක්...තාමත් ගැමිකම රැකිලා තියෙන ගම් දකින්න තියෙනවා
Deleteසෑහෙන ලොකු උසස් වීමක් නේ..
ReplyDeleteඑහෙනං...එහෙනං...අඩි 1000 ක විතර
Deleteඔහොම තාත්තල පුතාල ආමන්ත්රනය කරන තැන් දෙකතුනක්ම මෙහේ තියනවා, ඔව්වා ලියන්ඩ බෑ බං , මුන් අන්තිමටම මටමයි බනින්නේ
ReplyDeleteඒ කියන්නේ උඹලයි පැත්තේ උඹ වගේ එවුන් තව ඉන්නවා කියන එකනේ...????
Deleteතාත්තයි පුතයි රේස් යන එකනම් මරු වැඩේ :)
ReplyDeleteරේස් ගියේ නෑනේ අනේ..පුතා තාත්තව පහුකරන් ගියා විතරනේ
Delete