Sunday, January 13, 2013

කොස් මහත්තයාගේ කතා

කොස් මාමා කිව්වමනම් කාටත් මතක වෙන්නේ  ආතර් වී දියෙස් මැතිතුමානේ.හැබැයි ඔන්න අද මං ලියන්න යන්නේ එයා ගැනනම් නෙමෙයි.මේ අපිත් එක්ක රාජකාරි කරපු බොහොම සුන්දර නිර්ව්‍යාජ මිනිසෙක් ගැන රසවත් කතා කීපයක්.

එයාගේ නම කොස්ගහකුඹුර.මුල් නම මට මතක නැහැ.මුල් නම අපිට ඕන වුනෙත් නැහැ.අපි එදා ඉදලම එයාට කිව්වේ කොස් මහත්තයා කියලා.නම වගේම එයාගේ ගමත් වුනේ කැප්පෙටිපොල කොස්ගහකුඹුර ගම්මානය තමයි.බොහොම උස්සාහවන්ත මනුස්සයෙක්.දරුවන්ට බොහොම ආදරේ කරන තාත්තා කෙනෙක්.බැංකුවක නිලධාරියෙක් වුනත් හොද ගැමියෙක්.ඔහුගේ උත්සාහවන්ත බව මං  දැක්කේ ඔහුගේ ගෙදර හිටපු දවසක උදේ 4 ට විතර ඇග ගැහෙන සීතලේ ඔහු ඔහුගේ ගෙදර පහල අර්තාපල් කොටුවලට වතුර දාන හැටි දැක්කමයි.ඒ වගේම ඔහුගේ වඩාත්ම විශේෂ ලක්ෂණය වුනේ මධු පානයට ඇති තදබල කැමැත්ත.

මට ඔහුව හමුවුනේ මං බුත්තල රාජකාරි කරන කාලයේ.ඔහු අපිත් එක්ක චමරියේ කල්ගෙව්වා.මං අද ලියන්න යන්නේ ඒ කාලයේ සිදුවුණු රසවත් සිද්දි කිහිපයක්.

අපේ මේ කොස් මහත්තයා සමහර දවස්වල රාජකාරි වෙලාවෙත් මදපමණට අනුමත වෙලා තමයි වැඩකරන්නේ.එහෙම වුනා කියලා ගනුදෙනුකරුවන්ටවත් අපිටවත් කිසිම කරදරයක් වුනේ නැහැ.හැබැයි අපේ කළමනාකාරතුමා මේ ගැන ටිකක් හිත්නොහොදින් තමයි හිටියේ.ඔන්න දවසක් කොස් මහත්තයාව මැනේජර් මහත්තයා තමන්ගේ කාමරේට ගෙන්නුවා.

මැනේජර් - බලන්න "කොස්",ඔයා මේ පොතේ මේ මේ තැන්වල අත්සන් කරලා නැහැ,මීට වඩා ටිකක් අවධානෙන් වැඩකලොත් හොදයි.

කොස් - සොරි ලොකු මහත්තයා,මන් ඒක හදලා දාන්නම්,ඒක නෙමෙයි මේ බලන්න මේ පොතේ මීට අවුරුදු 4 කට විතර කලිනුත් කවුරුහරි අත්සන් කරලා නැහැ.

මැනේජර් - හැබෑ නේන්නම් ,ඒ කාලෙත් හරියට වැඩකෙරිලා නැහැ.බලන්න කවුද ඒ කාලේ ඔය සෙක්ෂන් එකේ වැඩකලේ කියලා.

කොස් මහත්තයා ටික වෙලාවක් ඇවිත් බොරුවට පොත් පෙරලා පෙරලා ඉදලා කටකොනකින් හිනාවෙමින් ආයෙත් ඇතුලට ගියා.

කොස්- සර්.ඒ කාලේ වැඩකරලා තියෙන්නේ .........කියලා කෙනෙක් (හිස්තැනට මැනේජර් මහත්තයාගේ නම )

මැනේජර් - ආ ...ඇත්තද ,එහෙනම් ඔයා අත්සන් කරලා ඔය පොත මෙතනින් තියලා යන්න.

---------------------------------------------------------------------------------------

මේ කියන්න යන සිද්දිය වුනේ අපේ වර්ෂාවසාන දවසක.ඒ කියන්නේ දෙසැම්බර් 31 දාක.සාමාන්යෙන් බැංකුවල එදාට ව්‍යාපාරික කටයුතු අවසන්කරලා හවසට පාටියක් එහෙම දානවනේ.ඕන්න ඒ වගේ වෙලාවක කොස් මහත්තයා ටිකක් අනුමතවෙලා හිටියේ.මිනිහා එකපාරට අඩන්න පටන් ගත්තා.

අපි - කොස් මහත්තයා මොකක්ද ප්‍රශ්නේ ?

කොස්- අනේ බන් අවුරුද්දක් ලබන වෙලාවේ දරුවන්ගේ මූණු බලන්න නැතුව මට ඉදලා වැඩක්‌ නැහැ.

අපි - ඉතින් දැන් ගෙදර යන්න බස් නැහැනේ ,අනික හෙට වැඩට එන්නත් එපාය.

කොස් -අනේ කොහොමහරි මාව ගෙදර ගෙනියපල්ලා.

කියල මිනිහා හොදටම අඩන්න ගත්තා.වැඩේ දරුනුවේගෙන එන නිසා අපි වෑන් එකක් කුලියට කතාකරගෙන "කොස්"වත් නග්ගාගෙන අපිත් නැගලා දැන් ඔන්න කොස්ගේ ගමට යනවා.ඔන්න ඉතින් කොහොමහරි රෑ 10 විතර වෙනකොට අපි වැලිමඩ හරියට ආවා.

කොස් - මේ ලග අපේ මස්සිනා කෙනෙක් ඉන්නවා,මිනිහත් පොඩ්ඩක් බලලම යමු.

ඔන්න ඉතින් අපි ඒ මස්සිනාලගේ ගෙදරත් ගියා,එයත් කොස් වගේම තමයි,අපි ගියපු ගමන් බෝතල් දෙකක් අරගෙන මේසේ උඩින් තිබ්බා.
කොහොමහරි කට්ටිය ආයෙත් සෙට් වුනා.රෑ 12 පහුවෙන්නැති.දැන් කොස්ට හොදටම වැඩියි.

අපි -කොස් මහත්තයා දැන් අපි ඔයාලගේ ගෙදර යමු නේද?

කොස් - උබලට පිස්සුද ,අවුරුද්දක් ලබන වෙලේ කට ගොන්නක් බීගෙන කනමදයා වගේ ගෙදර යන්න,උබලා මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ.අනික උබලා මගෙන්වත් අහන්නෙනැතුව ඇයි අපේ ගෙදර යන්නේ.

12 comments:

  1. අයියෝ සල්ලි...කොසා එක්කං යන්න ලොකු ගානක් වියදං වෙන් ඇති...

    ReplyDelete
    Replies
    1. වෙලාවට අපි දන්න කියන කොල්ලෙක් එක්ක ගියේ ,ඒක නිසා තෙල් ගානවිතරක් දීල ශේප් වුනා

      Delete
  2. කාලා වරෙන්කො.........

    ReplyDelete
    Replies
    1. එදා රෑට අපි කෑවේ නැහැ

      Delete
  3. Replies
    1. ආතල් කිතල් පොල්තෙල්

      Delete
  4. අපෙත් ක්ලාස් එකක් කෙල්ලෙක් හිටියා අපි කාඩ් එක දාලා තිබුණේ කොස් නැන්දා කියලා. සීන් එක තමා පොඩි කාලේ පොඩි කොස් ගෙඩියක් ඔළුවට වැටිලා තියෙනවා. ඒක දැනගත්තු දවසේම ඒකමතිකව කෙල්ලට කොස් නැන්දා කියන කාඩ් එක රෙජිස්ටර් කළා :D

    ReplyDelete
    Replies
    1. අපේ පොරගේ නෑදෑයොද දන්නේ නැහැ

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...