Tuesday, January 15, 2013

කාලෙකට කලින් බලපු ලස්සන චිත්‍රපටියක් - Roja


අද උදේම ටී වී එකේ යනකොට ලස්සන සින්දුවක් ඇහුනා,ඒක කාලෙකට කලින් තිරගත වුනු ලස්සන චිත්‍රපටියක් වුනු "රෝජා "චිත්‍රපටියේ ගීතයක්,ඒ වෙලාවේ හිතාගත්තා වැඩ ඇරිලා ඇවිල්ලා ඒ ගැන පොස්ටුවක් දාන්න ඕන කියලා.

ඉතින් මං හිතන්නේ ඔයාල ගොඩදෙනෙක් මේ ෆිල්ම් ඒක බලලා ඇති නේද,බලලා නැති කට්ටියත් ඇති.මේක සුප්‍රකට මනි රත්නම්ගේ චිත්‍රපටියක්,මුලින්ම දෙමළ චිත්‍රපටියක් විදිහට ආවත් පස්සේ හින්දි වර්ෂන් එකකුත් ආවා.

අරවින්ද් ස්වාමි සහ මධුබාලා තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ,සාමාන්යෙන් ඉන්දීය චිත්‍රපටිවල දකින්න තියෙන්න සරුව පිත්තල ලෝකය නැතිව සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත කතාවක් තමයි මේකෙ තියෙන්නේ,ඒ වගේම ලස්සන ආදර කතාවක් වගේම ගැහැණියකගේ නොසන්සිදෙන දිරියත් මේ ෆිල්ම් එකේ දකින්න පුළුවන්.

කොහොමවුනත් මං චිත්‍රපටියේ කතාව කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ,මෙතනින් ගිහින් චිත්‍රපටිය ගැන විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්,වැඩිපුර බයිට් තියෙන කස්ටිය මෙතනින් ගිහින් බාගන්න.මෙගා බයිට් 700 ක විතර වෙනවා.

චිත්‍රපටියටත් වඩා මගේ හිත ගත්තේ ඒකෙ තියෙන සින්දු තමයි.ඒ ආර් රහුමාන් ගේ මනබදින සංගීතයට මුසුවුණු ගීත අදටත් ඇහෙන කොට අමුතුම ගතියක් තියෙනවා කියලා මට හිතෙනවා.හරිහරන්ගේ ගැඹුරු කටහඩත් නියමෙටම ඒ සින්දුවලට ගැලපෙනවා.


ආ.. කියන්න අමතක වුනා රෝජා කියන්නේ "රෝස මල " කියන එකයි හොදේ.

16 comments:

  1. ඒ.ආර්. රහමාන්ගේ සංගීතය ගැණ ආයේ කතා දෙකක් නම් විශිෂ්ඨයි :)

    ReplyDelete
  2. රෝජා කියන්නේ රැජිනද රෝස මල කියන එකද... මට මතක තියෙන්නේ රෝස මල කියන එක කියලා.. හරියට දන්නේ නෑ හැබැයි.. තාම කටපාඩම් සින්දුව..

    රෝජා ජානෙමන්.. තූ භි මෙරා දිල්.. කුච් බින් කර්තේ නේනා..
    ආකෝ මේ තූ හේ.. සාසෝමේ තූහේ.. ඉතුරු ටික මතක නෑ...හි හි...

    මම අද උදේ ඉඳලා දිල්වාලේ දුල්නියා ලේ ජායින්‌ෙග් කට පාඩම් කර කර හිටියේ... මේත් ඒකේම අනිත් කෑල්ල වගේ හැමදාම මම ආස ෆිල්ම් එකක් තමයි.. හි හි...

    ReplyDelete
    Replies
    1. ඔ‍යා හැර ,මන් තමයි පටලවාගෙන තියෙන්නේ ,ඔන්න එහෙනම් පොස්ට් එක හදනවා ,තැන්කු

      Delete
  3. ඇත්තටම හරිම ආසාවෙන් බලපු එකක්. ඔක්කොටම වඩා ඒකෙ තිබ්බ සින්දු ලස්සනයි. විශේෂයෙන්ම " රෝජා ජානෙ මන් " ..මම හිතන්නෙ හින්දි එකෙත් මේ දෙන්නම තමා රඟපෑවේ..

    ReplyDelete
    Replies
    1. හින්දි ෆිල්ම් එක විදිහට ආවේ දෙමල එක හින්දියෙන් හඬ කවලා විතරයි

      Delete
  4. රොජා කියන්නේ රෝස මල...මේ පට්ට පරණ එකක් ගැනනේ කියන්නේ...ඒත් මලේ උඹේ වින්දනය හොඳයි.

    ReplyDelete
    Replies
    1. මාත් ටිකක් ඇන්ටික් පොරක්

      Delete
  5. ලස්සන ෆිල්ම් එකක්... පරන උනත් අදත් බලල රස විදින්න පුලුවන්...

    ReplyDelete
  6. ඒ.ආර්. රහුමන්ගෙ මියුසික්නං කියල වැඩක් නෑ.

    ReplyDelete
  7. හසරැල් මන් ආදරේ කරපු කෙනත් රූපෙන් ඔය වගේ.
    නම සෂු , එයත් හින්දි කෙනෙක්.අපේ ආදරේ පටන් ගත්තෙත්
    ඔහොමමයි.අපේ ආදරේ විනාස කරෙත් ඔහොමමයි.ඉස්සර මන්
    ලොකු දුකක් වින්දා ඔය දේ නිසා..බලපු දෙයක් ඒ විදිහටම
    සිද්ද උනා.

    ඉස්සර මාත් සශුගේ මූනේ පෑනකින් රැවුල් ගස් අඳිනවා හුරතලේට.
    ඔතොකොට එයා හරියට පූස් පැටියෙක් වගේමයි.එයා මට ජීවිතේ
    බැරිම තැනකදී උදව් කරා නොසෑහෙන්න.එයා නොහිටින්න අද මන්
    මේ කමෙන්ට් එක දාන්නත් නැහැ..පස්සේ පස්සේ ගොඩක් දේවල් උනා,
    අද මන් හිටියටත් වඩා වැටිලා..ඒත් එයාට දොස් කියන්නේ නැහැ.

    රෝජා කියන්නේ රෝස මල තමයි.කටු ඇනුනත් මලට දොස් කියන්නේ
    නැහැ.මලේ කටු හැදුනේ මලේ වරදිනුත් නෙවේ...
    ඒ නිසා මගේ රෝස මලටත් දොස් කියන්නේ නැහැ..
    මේ දේවල් එයා දකින්නෙත් නැහැ, දැක්කත් එයාට කියවන්නත් බැහැ.

    මන් හැමදාම ඒ රෝස මලට ආදරෙයි....

    ReplyDelete
    Replies
    1. සහන් මං මෙහෙම කියන්නම් හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ,ශක්තිමත්ව ජීවිතේට මුහුණදෙන එකයි කලයුත්තේ,මාත් ජීවිතේ පසුගිය කාලේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා.බලමු හිතුනොත් බ්ලොග් එකෙන් ඒ කතාත් කියන්න බැරිය.හැබැයි මං ඒ අතීතේ ගැන හිතලා කලකිරෙන්නේවත් පහලට වටෙන්නේවත් නැහැ,මොකද කවුරු නැති වුනත් ඔයා ඇතුළු හොද යහළු යෙහෙලියන් පිරිසක් මට ඉන්නවා.මං ඒ ගැන හිතලා ශක්තිමත්ව ඉන්නවා.

      Delete
    2. හසරැල්....ලියමුකො බලන්න අර..english winglish..ෆිල්ම් ඒක ගැනත්....

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...