Monday, January 14, 2013

කොස් මහත්තයාගේ කතා 2

ඔන්න මන් අදත් කියන්න යන්නේ අපේ කොස් මහත්තයා සම්බන්ද රසවත් සිද්දි ටිකක්.මුල් කතා ටිකබැලුවේ නැති අය මෙතනින් ඒක බලලා එන්නකෝ.

ඔන්න මේ කියන්න යන සිද්දිය වුනේ 2006 අවුරුද්දේ විතර.එතකොට අපේ බ්‍රාන්ච් එකේ නියෝජ්‍ය කලමනාකරු විදිහට වැඩකලේ ගුණවතී (නියම නම නොවේ)කියලා මිස් කෙනෙක්.ගුණවතී මිස් මැදි වයස පහුකරලා හිටපු දරුවන් තුන් දෙනෙකුගේ මවක්.මේ මිස්ට දියවැඩියාව එහෙම තිබුනා.ඒ කියන්නේ හිටිගමන් ඇඟේ සීනි අඩුවෙන තත්වයක් වගේ.ඒක අපි කවුරුත්වගේ  දැනගෙන හිටියා.ඔන්න දවසක් හිටිහැටියේම ගුණවතී මිස් කලන්තේ දාලා වැටුනා.

අපි ඉක්මනටම මැනේජර් මහත්තයාගේ කාර් එකෙන් මිස්ව ඉස්පිරිතාලෙට ගෙනිච්චා.අපිත් එක්ක වැඩකරන නංගිලා දෙන්නෙකුයි ,කොස් මහත්තයයි,මැනේජර් මහත්තයයි තමයි ඉස්පිරිතාලෙට ගියේ,ඔන්න ටිකකින් කොස් මහත්තයා ආපහු ආවා.කොස් මහත්තයා ආපු ගමන් අපේ අනිත් මිස්ලා ටික මිනිහව වටකරගත්තා.

"මොකද,මොකද ගුණවතී මිස්ට වෙලාතියෙන්නේ ?"

කොස් - අනේ ,ඔයාලා දන්නෙම  නැතුව ඇති නේද එකපාරටම කලන්තේ දාල වැටෙන කොට මොකද කියලා.

"අනේ අප්පේ ,වයසවත් බලලද මේ ගෑනි වැඩකරන්නේ " කියලා අනිත් මිස්ලා ටික කම්බුලේ අත තියාගත්තා.

---------------------------------------------------------------------

ඔන්න මේ කියන සිද්දිය වුනේ කොස් මහත්තයා ට්‍රාන්සර් වෙලා ගමට යන දවසේ,මේ වෙනකොට කොස් මහත්තයා අවුරුදු දෙකක් විතර අපේ චමරියේ ඉදලා තිබුනා.ඉතින් ඒ හිටපු දවස් ගානට බොහොම ලගින් යන ප්‍රමාණයක බෝතලුත් අපේ චමරියේ කාමරේක ගොඩ ගැහිලා තිබුනා.ඉතින් කොස් මහත්තයා යන එකේ මේ ටිකත් අස්කරගන්නත් ඕන නිසා ,ඒ වගේම කීයක්හරි හොයාගන්නත් පුළුවන් නිසා මං අපේ පියන් ගුණතිලකට කිව්වා බෝතල් පත්තර කාරයෙක් හොයලා දෙන්න කියලා.

ඔන්න දවල් වෙනකොට බෝතල් පත්තරකාරයෙක් එක්ක අපේ ගුණතිලක ආවා.මං චමරියේ යතුර ගුණතිලකට දීලා බෝතල් ටික විකුනලා සල්ලි මන් එනකම් තියාගන්න කියලා ණය වගයක් අයකිරීමේ වැඩකට එලියට ගියා.

ආපහු ඇවිත් කොස් මහත්තයාට එහෙම සමුදීල කියල ඔන්න ඉතින් අපි හවස වැඩ ඉවර වෙලා චමරියට ආවා.ටික වෙලාවකින් කවුද ඇවිත් දොරට තට්ටු කරනවා.අපි ගිහින් දොර ඇරලා බැලුවා.මෙන්න යකෝ බැලින්නම් කොස් මහත්තයයි ගුණතිලකයි ඉන්නවා දො‍ර ගාව.

අපි - ඇයි ,කොස් මහත්තයා මොකුත් ගෙනියන්න අමතක වුනාද?

කොස් -නෑ බං,මේ ගොඩගැහිලා තිබුණු බෝතල් ටික ගුණතිලක බෝතල්පත්තර කාරයෙක්ට විකුනලා මෑන් ඒකට සල්ලි ටිකක් දීල තිබුනා.ඒකෙන් අපි තව බෝතල් දෙකක් ගෙනාවා,මොකෝ කියන්නේ සෙට් වෙමුද ?

15 comments:

  1. සෙට් වෙමු බං සෙට් වෙමු..

    ReplyDelete
    Replies
    1. කොස් මහත්තයා සෙට් වුනු වෙලාවට බයිට් ඒකට වගකිව්වේ අපි

      Delete
    2. බයිට් එකට විතරමද?

      Delete
    3. නෑ මං කිව්වේ බයිට් ඒකට සම්පූර්නයෙන්ම වගකිව්වේ අපි,කොස් මහත්තයා බයිට් කන්නේ නෑ

      Delete

  2. බෝතල් විකුණපු සල්ලිත් බෝතල් වලටම වෙන් කරන එක නම් මරු.

    ReplyDelete
  3. කවුද මල්ලියේ ඔය කොස් මහත්තයා. මට හීයක් එවපන්.

    ReplyDelete
  4. බෝතල් විකුණපු සල්ලිවලිං බෝතල්ම තමා ගන්න ඕන.

    ReplyDelete
  5. බොනපාට්ලා ඔහොම තමා :D

    ReplyDelete
    Replies
    1. හැබැයි බිව්වට අහිංසක මනුස්සයා එයා

      Delete
  6. අන්න බලන්න. වැදගත් ආදර්ශයක්. හැමෝම බනිනවා සල්ලි නාස්ති කරනවා කියලා.

    ReplyDelete
    Replies
    1. කිසිදෙයක් අපතේ දාන්න හොද නෑ

      Delete
  7. අන්න නියම මිනිස්සු....හික්ස්... ඒ බෝතල් දෙකට මොකද කලේ...

    ReplyDelete
    Replies
    1. ඒවා අපි පොල්තෙලුයි බූමිතෙලුයි දාන්න ගත්තා...හිකිස්‌ ...

      ඇත්තටම ඊට පස්සේ විකුන්නන්න බෝතල් එකතුවුනේ නෑ

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...