Wednesday, January 23, 2013

ලින්කන් සහ කෙනඩි අතර පුදුම හිතෙන සමානකම්

             

ඔන්න ඉතින් කීප දවසකින් පොස්ට් එකකුත් දාන්න බැරිඋනානේ.මේ දවස්වල පොඩ්ඩක්විතර බිසී.ඔන්න මං අද ඔයාලට කියන්න යන්නේ ඇමරිකාවේ හිටපු ජනාධ්පතිවරු දෙදෙනෙක් අතර පුදුම හිතෙන සමානකම් ටිකක් ගැන.කට්ටියම දන්නවනේ මේ තමයි ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සහ 35 වෙනි ජනාධිපති ජෝන් එෆ් කෙනඩි.මේ දෙන්නගේ ජීවිත කතාවල ටිකක් පුදුම හිතෙන සමානකම් ටිකක් මට අහුවුණා.ඒ ටික ඔයාලගේ දැනගැනීමටත් එක්ක ඔන්න දානවා.

*ලින්කන් 1846 ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට තේරී පත්වූ අතර එයින් හරියටම අවුරුදු 100 කට පස්සේ ඒ කියන්නේ 1946 කෙනඩි කොන්ග්‍රස් මණ්ඩලයට තේරී පත්වෙනවා.

*ලින්කන් 1860 ඇමෙරිකානු ජනාධිපති ලෙස  තේරී පත්වූ අතර එයින් හරියටම අවුරුදු 100 කට පස්සේ ඒ කියන්නේ 1960 කෙනඩි ජනාධිපති විදියට තේරී පත්වෙනවා.

*දෙදෙනාම මිය යන්නේ හිසේ පිටුපසට තැබූ වෙඩි පහරකින්.මේ අවස්ථා දෙකේම ඔවුන්ගේ බිරියන් ඔවුන් සමග සිටියා.

*දෙදෙනාටම වෙඩි තබාතිබුනේ සිකුරාදා දිනයකදී.

*දෙදෙනාගේම දරුවන් ඔවුන් ජනාධිපතිදූර දරණ කාලයේදී මියගියා.

*දෙදෙනාම මියගියපසු ඊලගට ජනාධිපතිවුනේ ජොන්සන් නම් අය.

*ඔවුන්ගෙන් ලින්කන්ගේ අනුප්‍රාප්තිකයා වූ ඇන්දෘ ජොන්සන් 1808 උපතලබා ඇති අතර කෙනඩිගේ අනුප්‍රාප්තිකයා වුනු ලින්ඩන් ජොන්සන් උපත ලබා ඇත්තේ 1908 දී.

*ලින්කන් මියයන්නේ ෆෝර්ඩ් නම් නාට්‍ය ශාලාවේදී.කෙනඩි මිය යන්නේ ඔහුගේ ලින්කන් වර්ගයේ කාර් රථයේදී ,එය නිෂ්පාදනය කර තිබුනේ ෆෝර්ඩ් සමාගම විසින්.

*ලින්කන්ට වෙඩි තබා තිබුනේ නාට්‍ය ශාලාවකදී.ඔහුගේ ඝාතකයා බඩු ගබඩාවක සැගවී සිටියදී හමුවුනා.කෙනඩිගේ ඝාතකයා ඔහුට වෙඩි තබා තිබුනේ බඩු ගබඩාවක සැගවී සිටයි.ඔහු අල්ලාගත්තේ නාට්‍ය ශාලාවකදී.

*දෙදෙනාගේම ඝාතකයින් නඩු විභාගවලට පෙර මියයනවා.

*ලින්කන්ගේ ලේකම්වරයාගේ නම කෙනඩි.කෙනඩිගේ ලේකම්වරයාගේ නම ලින්කන්.

*දෙදෙනාගේම අවසාන නම්වලට අකුරු 7.ඝාතකයින්ගේ නම්වලට අකුරු 15.

කොහොමද වැඩේ ?

12 comments:

  1. දෙන්නට දෙන්න මරා ගත්තද දන්නෑ, ඔතාගෙන ආපු හැටි කියන්නේ ඕවට තමයි

    ReplyDelete
  2. දෛවෝපගත සිද්දියක්.

    ReplyDelete
  3. මම එකද??
    ස්තූතියි වටිනා විස්තර වලට...

    ReplyDelete
  4. මාර ම ගැලපීමක්නේ.... හිතාගන්නවත් බැරි අහම්බයක්.

    ReplyDelete
  5. ඔය ගැන කාලෙකට ඉස්සෙල්ලා මම පුවත්පතක කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. මත මේක මුලින්ම කියෙව්වේ මුතුහර සගරාවේ

      Delete
  6. හරිම වැදගත් දේවල් ටිකක් ඉගෙන ගත්ත
    මචන්.මේ දේවල් තව කට්ටිය දකින්න ඕනේ.
    කමෙන්ට් ගාන ගැන හිතන්න එපා මචන් දිගටම
    ලියපන් .ඔය තියෙන හැම සින්ඩියකටම දාපන් ...

    ReplyDelete
  7. අපූරු ගැලපීමක් නේ...

    ReplyDelete
  8. කවුද දන්නේ නෑ ඕව ගැන කල්පනා කරේ..:D

    ReplyDelete
  9. අගනා විස්තරයක්. බලන් ගියාම පුදුමත් හිතෙනවා.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...