Saturday, January 5, 2013

කුරුම්බැට්ටි මැෂිමක් හදමු - Weekend Project



ඕන්න අද මං අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පටන්ගන්නයි යන්නේ මගේ බ්ලොගේ .මේක ඉතින් ඔයාලට සති අන්තයේ නිකම් ගෙදරට වෙලා ඉන්න වෙලාවට හදාගන්න පුළුවන් පොඩි පොඩි නිර්මාන ගේන වැඩසටහනක් ,එහෙනම් ඉස්ලෙල්ලාම පලවෙනි වැඩසටහනට ආපු ඕගොල්ලන්ව "ආයුබෝවන්" කියලා පිලිගන්නවා.

මම  අද ඕගොල්ලන්ට කියලා දෙන්නේ කුරුම්බැට්ටි මැෂිමක් හදාගන්න විදිය ,ඕන්න එහෙනම් ඉස්සෙල්ලාම අවශ්‍ය දේවල් .

1.කුරුම්බැට්ටියක් - කුරුම්බැට්ටියක් තොරාගන්නකොට අලුත් එකක් ගන්න ඕන ,නැත්නම් ගහයට වැටිලා තිබුනොත් වේලෙන්න පුළුවන් ,එතකොට අපේ වැඩේට හරියන්නේ නැහැ .

2.ඉරටු -අපේ වැඩේට ඉරටු කිහිපයකුත් ඕන වෙනවා ,ඒකට පොල් කොළ තොරාගන්නකොට හොදට නමන්න පුළුවන් ඉරටු ගන්න ඕන ,ලා පොල් කොළ වගේම වෙලිච්චත් මේකට හරියන්නේ නැහැ .

3.පිහියක් - පරිස්සමෙන් හොදේ .



මුලින්ම පිහියෙන් හොදට පොල් කොළ සුද්දකරලා ඉරටු වෙන්කරගන්න ඕන .පහත පරිදි 


ඊලගට අපි හොයාගත්ත කුරුම්බට්ටියේ තොප්පිය වගේ තියෙන කොටස ගලවලා ඉවත්කරගන්න ඕන ,ඒ වගේම කුරුම්බට්ටියේ උඩ හරිය නරක්වෙලානම් පිහියෙන් පොඩ්ඩක් කපලා දාන්න .



ඊලගට ඔයගොල්ල කලින් සුද්දකරපු හොදින් නැමෙන ඉරටුවක් අරගෙන පහත පරිදි කුරුම්බැට්ටියට සවිකරගන්න.මේක ටිකක් යටට සවිකරගන්න ඕන ,නැත්නම් අපි මේ මැෂිම කරකවනකොට ඉරටු ගැලවිලා ඇවිත් ඇහේ වදින්න පුළුවන් .


ඊලගට පහත පරිදි ඉරටු කුරුම්බැට්ටියට සවිකරගන්න ,ඒකත් හොදින් සවිවෙන්න ඕන හොදේ .


ඊලගට තවත් ඉරටු දෙකක් අරගෙන අර ඉරටු අතරින් රිංගවලා ගන්න ,ඕන්න දැන් අපේ කුරුම්බැට්ටි මැෂිම හදලා ඉවරයි ,දැන් ඕගොල්ලන්ට මේකෙන් සෙල්ලම් කරන්න පුළුවන් ,හැබැයි පරිස්සමෙන් හොදේ .පොඩි අය තනියම මේක හදන්න යන්න එපා ,අම්මා හරි තාත්තා හරි උදව්වට ගන්න ,ඉරටු හොදින් සවිකරගන්න ඕන  හොදේ ,නැත්නම් මේකෙන් සෙල්ලම් කිරීම අනතුරුදායක වෙන්න පුළුවන් .


කුරුම්බැට්ටි මැෂිම kurumbatti machine එක ගැන ලස්සන සිංදුවකුත් තියෙනවනේ ,මෙතනින් ගිහින් ඒක අහන්නකො .

එහෙනම් ලබන සතියේ තවත් Weekend Project එකකින් හමුවෙමු . 

ටටා .

28 comments:

  1. අනේ හලි සොයි..... මට චූටි කාලෙ මතක් උනා...

    ReplyDelete
  2. බොහොම හොඳයි. ඉතා ඉහලින් අගය කරනවා. දැන් ඉන්න ළමයි තියා ළමයින්ගේ තාත්තලාටවත් බැහැ මෙය හදන්න. ඒක ඒ අයගේ වරදක් නෙවේ. අධ්‍යාපන ක්‍රමයේ පරිහානිය හා ගැමි සංස්කෘතියේ වෙනස්වීම. අපි කුඩා කාලයේදී නිතර හදා විනෝද වුනා. 'මගෙ කුරුම්බැට්ටි මැසිමේ' කියන ගීතයත් මෙතනට දැම්මානම් හොඳයි.

    ඊළඟට මේවා ගැනත් කියාදෙන්න.

    පොල්පිති ගොනා
    පොල්කොළ බමරය (රූණා)
    කොස්කොල ඔටුන්න
    පොල්කොළ නළාව
    ගොයම් බට නළාව
    පැපොල් බට නලාව
    පොල්කොළ පත්තෑයා
    දිය හොල්මන

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඔය ටික තමයි ඉස්සරහට හදන්න කියලා දෙන්නේ

      Delete
    2. මේ ටික නම් හරි අගෙයි ..ඉස්සර තාත්ත මට ගස් ලැබූ බට
      නලාවක් හදල දීල තිබ්බ ..දැන් නම් මටත් මතක නැහැ
      ඒක මොකක්ද කියල වත් ..

      Delete
    3. ඕන්න මං සින්දුවටත් ලින්ක් එකක් දැම්මා

      Delete
    4. ඉස්සර මගෙ වැඩේම පොල් කොළ පත්තෑයෝ හදන එක...අනේ ඒ කාලේ ඒවා අපිට හරිම වටින දේවල්...

      Delete
    5. දැන් ළමයි සෙල්ලම් බඩු ගන්න කොච්චර සල්ලි වියදම් කරනවද

      Delete
  3. දැන් ‍ළමයිට මේ විදියට හරි පැහැදිලි කරලා මේ දේවල් කියලා දිම පි‍ලිබඳව අගය කරමි.

    ReplyDelete
  4. මමත් ගිය සිංහල අව්රුද්දට ගිය වෙලාවේ කුරුම්බැට්ටි මැෂිමක් හදලා පින්තූර ටිකක් ගත්තා පොස්ට් එකක් දාන්න කියලා. මල්ලි කලින් දාල. මම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අය්යේ දැන් ඉන්න ළමයින් මේවා දන්නේ නැහැනේ

      Delete
  5. ඇත්තෙන්ම දැන් පොඩි ඈයො මේව දන්නෙ නැතිව ඇති.
    පොඩි කාලෙ මතක් කලාට ස්තුතියි..!

    ReplyDelete
    Replies
    1. අපි ඒ කාලේ සෙල්ලම් කරන්න මේවා හැදුවට ,දැන් පොඩි උන්ට මේවා හදාගෙන ඉස්කෝලේ එන්න කියනවා අත්වැඩ වලට

      Delete
  6. අපේ පුංචි කාලෙ මතක් වෙනවා මේක දකින කොට. ඒත් තාමත් හොඩියේ පංතියේ ළමයින්ට මේව හදන්න කියල දෙනවා.ඒක ඒ පාඩමෙන්ම ඉවරයි.ගෙදර ඇවිත් මේව හදාගන සෙල්ලම් කරන්න දැන් ළමයින්ට වෙලාවක් නැ. වැඩ වැඩ වැඩ

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තිබුනත් දැන් මේවයේ තැන වීඩියෝ ගේම් අරගෙන

      Delete
  7. පුංචි කාලෙට ආයෙත් ගියා...

    ReplyDelete
  8. මාත් පොඩි කාලේ කුරුම්බැට්ටා මැෂින් හදාගෙන ..ඒ අස්සට ගස්වල කොළ දාලා කරකවනවා... අපේ අයියට මා එක්ක මළ පැන්නම කරන්නෙ මගෙ මැෂින් ටික කඩලා දාන එක. අනේ මම පොළොවේ හැපිලා අඬන්නේ...හි හි හී එහා වත්තෙන් කුරුම්බැට්ටයක් අහුලගෙන ඇවිත් හදන්න ඕනෙ එකක්..ජොලියටත් එක්ක..

    ReplyDelete
  9. ඇත්තටම අපි පොඩි කාලේ කොයි තරම් නම් සරල සුන්දර නිර්මාණ කලාද ....ඒ මතකය පවා හරිම සුන්දරයි...

    ReplyDelete
  10. හැබැයි....ඉතින්..මේ නිර්මානයට අදාළ සියලුම අමුද්‍රව්‍ය සපයා ගත්තේ.....කොහෙන්ද කියලා..මම දන්නවා...ඒ නිසා මම හිතන්නේ මේ නිර්මාණය මටත් අයිතියි....

    ReplyDelete
  11. කුරුම්බැට්ටි මැෂීමෙන් මහන හැටි පෙන්වන ෆොටෝ එකකුත් දැම්මා නම් මරේ මරු :)

    ReplyDelete
  12. යකෝ මමත් මෙහෙම එකක් පටං ගන්න හිටියේ.. මූ පටං අරංනේ..

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...