Wednesday, January 2, 2013

මුල් කාලයේ ටෙලි නාට්‍ය සහ මෙගා ටෙලි නාට්‍ය -Old Tele drama vs Mega Tele drama


ඔන්න දැන් ඉතින් බනින්නෙපා අලුත් අවුරුද්දේ පරණ දේවල් ගැනම පොස්ට් දානවා කියලා .මන් අද කියන්න යන්නේ අපේ රටට රුපවාහිනිය හදුන්වලා දුන් මුල් කාලයේ ටෙලි නාට්‍ය සහ දැන් සතියේ දවස් අටේම (සොරි සොරි දවස් හතේම ..අටක් තිබුනනං අටේම පෙන්නනවා )පෙන්නන මෙගා ටෙලි නාට්‍ය ගැන .සංසන්දනය කරලා කතාකරන්න කලින් මන් කැමතියි පැරණි ටෙලි නාට්‍ය ගැන ටිකක් මතක අවදි කරන්න .මොකටද නිකම් පොස්ට් ඒක මුලදීම ලේ රත් කොරගන්නෙ නේද ?

මුල් කාලයේ ඉතින් අද වගේ ටී වී චැනල් හැට හුටාමාරක්‌ තිබ්බේ නෑනේ ,තිබුනේ ස්වාධීන රූපවාහිනියයි සැළලිහිනියයි තමයි ,මන් මේ කියන්නේ වත්තේ තිබුණු උසම ගහේ ඇන්ටෙනාව බැදලා ගහ උඩ හරි ගහ ලග හරි ඇන්ටෙනාව කරකවන්න එකෙක් තියලා ටී වී බලපු කාලේ ගැන ,ඒක නිසා මන් මේ කියන ටෙලි නාට්‍ය ගැන අලුත් කස්ටිය නොදන්නවා වෙන්න පුළුවන් හොදේ .

කවුරුත් දන්නවා ඇතිනේ ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය තමයි දිමුතු මුතු නාට්‍ය ,අපි කවුරුත් දන්නා කියන දේවිකා මිහිරානි කල එලි බැස්සේ ඒකෙන්නේ,මේක ආචාර්ය ඩී බී නිහාල්සිංහගේ අධ්‍යක්‍ෂණයක්.


මට පිලිවෙලින් මතක නැතත් මන් හිතන්නේ ඊලගට ආවා පලිගු මැණිකේ ටෙලි නාට්‍ය ,මේකෙන් මන් හිතන්නේ අපේ ජැක්සොන් ඇන්තනී ගොය්යා කල එලි බැස්සේ .

ඊට පස්සේ කන්දේ ගෙදර ,දු දරුවෝ ,වෙද හාමිනේ,රතු රෝස ,ලා හිරු දහසක් ,ගංගා සහ නිස්සංක,යශෝරාවය,අඹ යාළුවො  වගේ ටෙලි නාට්‍ය ගොඩක් ආවනේ ,මට මතක හැටියට ලංකාවේ පලවෙනි ෆන් ටෙලිය තමයි බෝඩිම .කුණුහරුප නැති වුනාට අපි කවුරු කවුරුත් බඩවල් අල්ලාගෙන හිනාවුණා හැටි මතක ඇතිනේ .


ඉතින් මේ කාලේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හිටියේ නිහාල්සිංහ ,හර්බට් රන්ජිත් පීරිස් ,ධම්ම ජාගොඩ වගේ අත්දැකීම් බහුල පිරිසක්නේ ,පසුකාලීනව ජයන්ත චන්ද්‍රසිරි වගේ අය ක්ෂේත්‍රයට පිවිසුනා ,හප්පොච්චියෙ තව ටිකෙන් සුසීමා අමතක වෙනවනේ ,මන් හිතන්නේ අදවෙනතුරුත් ලංකාවේ බිහිවුණු එකම සංගීත ටෙලි නාට්‍ය තමයි සුසීමා .


ඔන්න දැන් තමයි සුපර් හිට් එක ගැන ලියන්න යන්නේ ,ඒ ඉතින් වෙන මොකුත් නෙමෙයි හර්බට් රන්ජිත් පීරිස්ගේ "හිරුට මුවාවෙන් ",මොකක් කිව්වා ?හෝව් හෝව් කලබල වෙන්නේපා ඒ තමයි ඉදිආප්ප කතාව ,ආ දැන්නම් හරි නේද ?මන් හිතන්නේ පවුලේ සැම සමහර තැන්වල ගමේ සැම (ඒ දවස්වල ඉතින් හැම ගෙදරම ටී වී තිබ්බේ නෑනේ ,ඉතින් ටී වී තිබ්බ ගෙවල්වලට ගමේ උන් එක්කහුවෙනවා නාට්‍ය බලන්න ,බන අහනවා වගේ පැදුරු දාගෙන ටී වී බලන්නේ )එක්ව නැරබු ටෙලියක්.කරුමෙට ඒකෙ ක්ලිප් එකක් ජාලේ හොයාගන්න බැරිඋනා.සින්දුවනම් කාටත් මතක ඇතිනේ "ඔබට හොරා ඔබ වෙත සෙනෙහස පා ,අවිහිංසක ඔබ රිදවුයේ "

ඒ දවස්වල ඉතින් ගෙදර කට්ටිය ගමනක් ගියත් නාට්‍යයේ වෙලාවට ගෙදර නොගියොත් ඉතින් කට්ටියටම රෑට කෑවේ නෑ වගේ තමයි.මේ ටෙලිනාට්‍ය ජනතාවට සමීපවීමට ප්‍රධාන හේතුව විදිහට මන් දකින්නේ ඒ ටෙලි නාට්‍ය වල තිබුණු සරල බව සහ යතාර්ථ වාදී බවයි .

කොහොමුනත් මෙහෙම ඉස්සරහට ආපු ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට කණකොකා හැඩුවේ ඉන්දියන් ටෙලි නාට්‍ය නිසයි ,ඉන් පස්සේ ප්‍රේක්ෂකයා ගැන නොහිතා වාණිජ පරමාර්ථ විතරක් මුදුන්පත්වීම නිසා හැමදාම ටෙලිනාට්‍ය පෙන්නන්න ගත්තනේ ,මේකට වඩා වුනු හානිය තමයි අපේ ළමා පරපුරට වැරදි පණිවිඩ රාශියක් මේ නාට්‍ය නිසා ලැබීම ,
අපොයි ඉතින් මේ මෙගා ගැන කතාකරනවට වඩා හොදයි කට පියන් ඉන්න එක.මොකටද නිකම් පරණ රසවත් මතකයන් මතක්වුණු වෙලාවේ ලේ කෝප කරගන්නේ නේද ?


32 comments:

  1. අඹ යහළුවෝ ඇරෙන්න අනිත් එකක්වත් සම්පූර්ණයෙන් බලලා නෑ.. ( මම ටී වී එකට මනාප නෑනේ.)

    ඔය සුසීමා එකේ " දෑස පියා ගත් කල " සින්දුව අදටත් ඇහෙනවා. කොහොමත් ක්ලැරන්ස් මහත්මයාගේ හඬ තියෙන සින්දු තාමත් ජනප්‍රියයි.

    මම නම් ටී වී බලන්නෙ නෑ. අපේ අම්මා නම් ඇස් වල කඳුළු පුරෝගෙන ඉන්දියන් මෙගා බලන්නේ...දැන් නම් ඉන්දියන් ඒවා අඩුයිනේ...

    ReplyDelete
    Replies
    1. මාත් දැන්නම් ටී වී බලන්නේ නැහැ ,අඹ යාළුවො ලගදි ආයෙත් ගියපු වෙලේනම් බැලුවා ,දැන් ඔන්න හිරුට මුවාවෙන් ආයෙත් රූගත කරන්න යනවලු ,ඉස්සර වගේ ජනප්‍රිය වෙයිදනම් කියන්න බෑ

      Delete
    2. ළිහිණියෝ දෑසපියාගත්කල සින්දුවේ තියෙන්නේ ජෝජ් සේනානායකගේ හඩ සහ ජැක්සන් ඇන්තනිගේ හඩ ක්ලැරන්ස් මහත්තයද කොහෙද තමා මියුසික් කලේ , ඔය ටෙලිය කලේ රොහාන් වැලිවිටද කොහෙද , ( නැත්තං යසන්ත වැලිවිට)

      (පද්මකාන්ත වැලිවිට නෙමෙයි කියලානං ෂුවර්)

      Delete
    3. @ලක්මාල් කන්දෙවිදානෙ

      නෑනේ අකමෝ... ඒක කියන්නෙ ක්ළැරන්ස් + ජැක්සන් + පාලිත සිල්වා...
      මියුසික් නම් ක්ලැරන්ස්ගෙ තමා මම හිතන්නේ..

      Delete
    4. සුසීමා හැදුවේ ජනක රත්නායකගේ චිත්‍ර කත්හ්වක් ඇසුරෙන් රොහාන් වැලිවිට විසින් ,මේකේ සින්දු ගොඩක් තිබුනනේ ඒකෙන් "දෙවත්හ්වන් සිතන දේවල් " කියන්නේ ක්ලැරන්ස් "සිතේ සුසුම් " කියන්නේ ජැක්සන් ඇන්තනී ,"දෑස පියාගත්කල "කියන්නේ ජැක්සන් + ජෝර්ජ් සේනානායක තවත් තැනක පාලිත +ජැක්සන්

      Delete
  2. මට මතක තියන පරණම ටෙලි නාට්‍ය තමයි පලිඟු මැණිකේ (වෙස් මූනු කතාව). මම දන්න හැටියට ජැක්සන් විතරක් නෙමෙයි ශ්‍රියන්ත මෙන්ඩිස් එහෙමත් එලියට ආවේ ඒකෙන්. දෙන්නගෙම පලවෙනි ටෙලි නාට්‍ය ඒකද කොහෙද. ඒ දවස්වල ඒකෙ කතාව හරියට තේරුනෙත් නෑ. ඒත් ආසාවෙන් බැලුවා.

    ඉඳි ආප්ප කතාව මම මේ ලඟදි ජාලයෙන් බැලුවා කොහෙන්ද කියලා මතක නෑ. හොයල බලන්නම්. කන්දේ ගෙදරටත් මම පුදුම ආසයි. හරිම අව්‍යාජ ගතියක් තියනවා ඒවායේ.

    ඇයි තව අර ලාදුරු කතාවකුත් තිබුණා නේද? ඉර පායා සින්දුව එහෙම තිබුණේ.

    මේ රසවත් මතක මතක් කරලා දීලා අන්තිමට මෙගා ගැන නොලිව්ව එකනම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ආ..ඉඳිආප්ප කතාවට තව නමක් තියනවා. චකබ්ලාස් කතාව :)

      Delete
    2. ඕක බලල තමයි මන් හිතන්නේ අපේ උන චකබ්ලාස් ඉගෙනගත්තේ ,ඇත්තටම ඒ ක්‍රීඩාවේ නියමනම මොකක්ද කියල කවුරුත් දන්නේ නැතුව ඇති

      ලාදුරු ගැන තිබුනේ ලා හිරු දහසක් එකේ නේද ,සමිත පගරනැට්ටිවගේ හිටියේ ඒ කාලේ

      Delete
    3. ලාදුරු කතාව “ඇල්ල ලග වළව්ව“

      Delete
    4. මං මේ දුවගෙන අ‌ෙව් හිරුට මුවාවෙන් එකේ නේද චකබ්ලාස් එක තිබ්බේ කියලා.. අම්මපා ඒ වචනේ තාමත් ඒ වගේම පාවිච්චි වෙනවනේ.. චකබ්ලාස් ගේම් එක මං ගාවත් තිබ්බා.. වෙන නමක් නම් දන්නේ නෑ.. ඕක තමයි මං දන්න නම... හි හි

      ( ඒ දවස්වලත් හිරු හරියට මාකට් නේද.. හි හි)

      Delete
    5. ඕක බලලා මන් ඇතුළු අපේ ගෙදර උන්ටත් චකබ්ලාස් පිස්සුව හැදුනානේ,

      @මාරයා - මාරයා ඉතින් සීනියර් බුවානේ -අපි ඉතින් ඒ කාලේ කොල්ලෝ කුරුට්ටෝ නිසා හරියට මතක නැහැ ,

      Delete
    6. @ හිරු - එහෙනම් එහෙනම් පුදුම විදිහට මාකට් ,මාකට් කියන්නේ ඒ කාලේ සුපර් හිට් දෙකකටම හිරු සම්බදයිනේ,ඒ හිරුට මුවාවෙන් සහ ලාහිරු දහසක් නිසා

      Delete
  3. අනේ බං ටෙලියක් බලපු කාලයක් මතක නැ දැං. ඒත් දිමුතු මුතු ළාහිරු දහසක් තාම හොදට මතකයි.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් කාලයක් තිබුනත් බලන්න හොද ටෙලියක් තියෙනවයි ,නැහැනේ ,

      Delete
  4. ටෙලිනාට්‍ය නම් බැලෙනවා ගොඩක් අඩුයි ....

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් බොහොම කලාතුරකින් තමයි හොද ටෙලියක් යන්නේ ,එකත ඉතින් ටික දවසකින් ඇඩ් වලින් වැහෙනවනේ,එතකොට අපිට වෙන්නේ ඇඩ් අතරට ටෙලි නාට්‍ය බලන්න

      Delete
  5. එදා බලපු ටෙලි නාට්‍ය තරම් මතකයේ රැදිමක් නැ අද විකාශණය වෙන ඒවා.

    නිරෝගිමත් සුභ නව වසරක් වේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ,මටනම් දැන් තියෙන එකකවත් නම් මතක නැහැ

      Delete
  6. බෝඩිම ,දඩුබස්නාමානය,ඉංගම්මාරුව සුපිරි කියන්නේ අද ඒවා එක්ක බලද්දි එකෙන්ම සුපිරි

    ReplyDelete
    Replies
    1. ඇත්ත අවතාර් ,ඒවායේ යම් හරයක් වගේම ඇත්ත ජීවිතෙත් හොදට නිරූපණය වුනා

      Delete
  7. ඇයි දෙයියනේ “සුදු පරවියෝ“ (ජීවන්/මොරින් චාරුනී)
    “රතු රෝස“ (කමල්/කෙල්ලගේ ඇත්ත නම මතක නැහැ කතාවේ නම චාපා...උම්මා..මතක් වෙද්දිත් ඇඟ සලිත වෙලා යනවා)
    “ගමන“ (ප්‍රියංකර..ඒකෙන් තමා අර කොස් ඇටස් කතාව ආවේ)
    “මැණික් නදිය ගලා බසී“
    “ගිරය“
    හප්පප්පා...මතක් වෙන්නේ පෝලිමට...

    ReplyDelete
    Replies
    1. මැණික් නදිය ගලා බසී මට ලිස්ට් එකට දාන්න අමතක උනා ,රතු රෝස හොදට මතකයි ,ඒක කුමාර කරුණාරත්නගේ පොතේ කතාවනේද?

      ඔක්කටම වඩා හොදට මතකයි අර හර්බට් රන්ජිත් පීරිස්ගේ ටෙලි නාට්‍යවල යන අර "ටා ටාට් ටා ට ට ට ,ටා ටාට් ටා ට ට ට ,ටට ටට ටට ටට ටටා ,ටටා " මියුසික් එක.

      අර "ආදර සීනුව පෙම්ලොව දොර ලග රව්දෙනවා" සින්දුව තිබුනේ "ගමන" ටෙලියේද ?

      ඒ කාලේ "ගිරය" ටෙලියේ හිටපු ආච්චිටනම් අපි බයයි

      Delete
  8. මේ ළඟදි මම හිරුට මුවාවෙන් බැලුවා DVD එක හොයාගෙන....තාමත් රසවිඳින්න පුළුවන් .දැන් කාලෙ නාට්‍ය බලද්දි අපේ හිතට ත් දැනෙන්නෙ බරක් ඉස්සර වගේ සැහැල්ලුවක් නෙවේ....

    මාරයියගෙ ලිස්ට් එකම බලලා තියනවා
    රන් කහවණු
    තාරා දේවී... කතා නම් මතක නෑ
    ඉරට හඬන මල්..

    ReplyDelete
    Replies
    1. ///දැන් කාලෙ නාට්‍ය බලද්දි අපේ හිතට ත් දැනෙන්නෙ බරක් ඉස්සර වගේ සැහැල්ලුවක් නෙවේ....//

      ඇත්තම ඇත්ත....

      ඇයි අප්පා බෝඩිම... මතක් කර කර හිනා වෙන්න පුළුවන්.. දෙකයි පනහේ විහිළු නෙවෙයි නේ.. හරි අව්‍යාජ විහිළු ඒවා... හි හි

      Delete
    2. ඔලුව සහල්ලුවෙන්න ඉස්සර තිබුණු ටෙලියක් බලන්න ,ඔලුවේ කැක්කුමක් හදාගන්න දැන් තියෙන මෙගා ටෙලියක් බලන්න

      Delete
  9. අයියන්ඩිට මතක් වෙන දේවල්.. හික්ස්.
    ඕවට පස්සේ ආව මැණිකක් ගිලින කතාවක්..හික්ස්.. ඒක නම් මතකයි.
    මට මේවා මතක වුනාට වෙන්නේ මොනවද කියල නම් මතක නෑ මේ කතාවල. අඹ යාළුවො, දඬුබස්නාමානය, බෝඩිම වගේ ඒවා නම් හොඳට මතකයි..

    ReplyDelete
    Replies
    1. මැණිකක් ගිලින කතාව "කඩවර" නේද? ඒ කාලේ මට හෙන ප්‍රස්නයක් තිබුණා ගිලපු මණික ආපහු ගත්තේ කොහොමද කියලා...

      Delete
    2. ඔව් ඔව්.. කඩවර තමයි.. මට මතක හැටියට පොර ඒක ගන්න හැටි ඒ කතාවේ පෙන්නනවා සයුරි..:p

      Delete
    3. යෑස් යෑස් මටත් මතකයි

      Delete
  10. ඔය ටෙලි නාට්‍ය වලින් නැගලම ගිය කතාව තමයි දූ දරුවෝ. අනික යසෝ රාවය. අයිරාංගනී සේරසිංහ හෙම තමයි ඒවයෙ හිටපු ඇත්තම තරු.
    අනික සමහර විට අනවර්ත නාමය තමයි නියම නම වසාගෙන හිටියෙ. හරියට ඉඳිආප්ප කතාව වගෙ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ එක අතකට ලංකාවේ පලවෙනි මෙගා ටෙලිය තමයි දූ දරුවෝ ,හැබැයි ඒවායින් සමාජයට යම් ගතයුත්තක් තිබුනා ,

      ඒ වගේම ඒ කාලේ හැම ටෙලියකම වගේ ලස්සන තේමා ගීතයක් නැත්නම් සින්දුවක් තිබුනනේ

      Delete
  11. මුල්කාලේ ටෙලිවල කලාත්මක බව තිබුනා.දැන් ඒවා සබන් බෝලවගේ..මම ලංකාවෙ ටෙලිනාට්‍ය නැරඹීම අත්හැරියේ 2005 දි විතර මොකටද කාලය නාස්ති කරන්නේ. පවුඩර් බබාලාගේ අතපය විසිකරන ඒවට අපි මොකටද කාලය වැයකරන්නේ..

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...