Wednesday, January 16, 2013

වෙබ් අවකාශෙන් සිංහල භාෂාවට එකතුවුණු දේවල්

ලෝකේ ඕනෑම භාෂාවක් වගේ අපේ සිංහල භාෂාවත් එක එක කාලෙට උචිතපරිදි හැඩ ගැහෙමින් ආපු භාෂාවක්නෙ,ඒ කියන්නේ පුරාන රජකාලේ වගේම පහුකාලීනව අපේ රට ආක්‍රමණය කරපු විදේශීය ජාතින්ගේනුත් අපේ සිංහල භාෂාවට වචන එක්කහුවෙලා තියෙනවා.

එහෙම එකතුවුණු වචනත් ටික කලක් යනකොට පරිනාමනයවෙලා අපේම වචනත් බිහිවෙලා තියෙනවා.බඩු භාණ්ඩ ආදිය සම්බන්දයෙන් පමණක් නෙවෙයි පුද්ගල නාමයන් සම්බන්දයෙන් පවා.

දැන් ඉතින් මේ නූතන 21 වෙනි සියවසේ අන්තර්ජාල පරම්පරාවත් එක්කත් අපේ භාෂාවට විවිධ වචන එක්කහුවෙලා තියෙනවා.හැබැයි අපේ සමහර පණ්ඩිතයෝ අලුත් පරම්පරාවට දොස් නගනවනේ බස නසනවා කියලා,හැබැයි ඉතින් මේ පණ්ඩිතයෝ රජකාලේ හිටියනම් අද වෙනකොටත් අපිට ලියන්න කියන්න වෙන්නේ බ්‍රාහ්මීය අක්ෂර වලින් තමයි.

සිංහල කතාකරනකොට වචන දෙක තුනකට සැරයක් ඉංග්‍රීසි වචන දමදමා කතාකරන එකටනං මාත් කැමති නැහැ,යම දෙයකට අපේ භාශාවේ සුදුසු වචනයක් නැත්නම් ඒකට ඉංග්‍රීසි වචනයක් භාවිතාකලාට කමක් නැහැ.නිකම් බොරුවට පොෂ් බව පෙන්නන්න ඉංග්‍රීසි භාවිතයටනම් මාත් විරුද්දයි.

හෝව් ..හෝව්.. කතාවෙන් පිට ගියානේ,මං අද පොඩි සමීක්ෂණයක් කරන්න බලාපොරොත්තුවෙනවා වෙබ් අවකාශෙන් නූතන සිංහලයට එකතුවුණු වචන ගැන.අපේ මේ සිංහල බ්ලොග් නිසා තමයි මං හිතන්නේ මේ ගොඩක් වචන එකතුවුනේ.මං දන්න වචන කිහිපයක් මං පහල සටහන් කරනවා.මට මගහැරිච්ච යමක් තිබුනොත් ඔයාල පුළුවන් කොමෙන්ට් කරන්න.

මූණු පොත - facebook එකට භාවිත නමකි.

බුකිය - facebook එකට භාවිත නමකි.(short)

පොස්ටුව - web post එකට භාවිත නමකි.

බ්ලොගේ - blog එකට භාවිත නමකි.

ජාලේ - internet එකට භාවිත නමකි.

ගූගල් දෙය්යා - google search engine එකට භාවිත නමකි.

කොමෙන්ටු - comments වලට භාවිත නමකි

සින්ඩිය -syndicater වලට භාවිත නමකි.

මගහැරිච්චා සෑහෙන ගණනක් ඇතිනේ.ඔන්න මං භාෂාව විනාස කොරනවා කියලා රෙදි උස්සන් වලියට එහෙම එනවා නෙමෙයි ඕන්.

පින්තුරේ ගත්තේ -http://lankafunpicture.blogspot.com

12 comments:

  1. කුමාරතුංග මුනිදාසතමන්ගේ ගමේ එකෙක්නෙ.. උබත් බලපන් ඒ වගේ පඬිරුවනක් වෙන්න :D

    ReplyDelete
    Replies
    1. එතුමා නම් අපේ ගමේ නොවේය.දික්වැල්ලේය

      Delete
  2. තව...

    ගුගලේ - ගුගල්
    මේල්ලුව, ඊමේලය, ඊය - මේල්
    ටුවිටරේ - ට්විටර්

    තව අම්බාණක් ඇති. මෙහෙම ඒ ගැන හොයන්න හිතුණ එකත් අම්බාණක් වටිනවා...

    ReplyDelete
  3. උඩම පිංතුරේ තියන තර්කය නම් මරේ මරු....
    මම සමකය වටේ ලියන නලින්


    ReplyDelete
  4. බානවා - download කරනවාට නමකි

    ReplyDelete
  5. Motor bike - බයිසිමොටෝ

    හි හි..

    ReplyDelete
    Replies
    1. ඕක නං මාරයගේ කොපිරයිට් එකක්.

      Delete
  6. ඇයි බොල ගෙට්ටුව Gettogether යන්නට සමාන පදයකි.

    ගම්පහ ගෙට්ටුව 27... කාමරේ වැඩි විස්තර තියේ..

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...