Wednesday, January 9, 2013

ඉස්කෝලේ කාලේ රසකතා


අපි කවුරු කවුරුත් තමන්ගේ ජීවිතේ ගතකරපු සුන්දරම කාලය මොකක්ද කියලා ඇහුවොත් හැමකෙනෙක්ම වගේ දෙන උත්තරය තමයි ඒ තමන්ගේ පාසල් කාලය කියලා.ඉතින් ඒ වගේම මගෙත් පාසල් කාලය සුන්දර මතකයන්ගෙන් පිරුණු එකක්.ඉතින් ඒ පාසල් කාලේ සිදුවුණු රසවත් අත්දැකීම් කිහිපයක් තමයි මං අද ලියන්න හිතුවේ.

ඔයාල දන්නවා ඇතිනේ මං මාතර කියලා.ඉතින් මං පාසල් ගියෙත් ඒ මාතර තියෙන මුල් පෙලේ බාලක විදුහලකට.අපේ පාසල අසලින් මාතර ඉතා සුන්දර ඇළ මාර්ගයක් ගලා යනවා.හරි දැන් මාතර ගැන දන්නා කට්ටියට හිතාගන්න පුළුවන් ඉස්කෝලේ මොකක්ද කියලා.ඔන්න මං ඉස්සෙල්ලාම කියන්න යන මේ සිද්දිය වුනේ අපි 10 වසරේ ඉදිද්දී.

එතකොට අපේ පන්ති භාරව හිටියේ සෝමවන්ත කියලා සර් කෙනෙක්.අපිටම හරියන බුවා.කොල්ලොත් එක්ක බොහොම හොදින් පැහීගෙන මෑන් හිටියා.කොහොමහරි එක වාරාවසාන විභාගයකදී නිවාඩුදෙන දවස වෙනකොට අපිට හැම විශයකමවගේ ලකුණු දීල තිබුනා.ඒ උනාට කෘෂිකර්මේ විතරක් ලකුණු දීල තිබුනේ නැහැ.ඉතින් මේ ගැන අහල සර් ඒ ටීචට පණිවිඩයක් යැව්වා අපේ කොල්ලෙක්ගේ අතේ.

මෙන්න හැරෙන පරක්කුවට අර කොල්ලත් එක්කම කෘෂිකර්මේ ටීචත් එනවා.එයා පන්තියට ඇවිත් මෙහෙම් කිව්වා (නම කෙටියෙන් අපි කෘ:ටී : කියලා දාමු ඈ..)

කෘ:ටී : සර් මේ පන්තියේ ලකුණු දෙන්න විදිහක් නැහැ 

අපේ සර් :ඇයි මිස් මොකක්ද ප්‍රශ්නේ ,පේපර් ටික බලන්න වෙලා මදි උනාද ?

කෘ:ටී :නැහැ ,නැහැ ,පේපර් බලලා ඉවරයි,ඒ උනාට මුන් ඔක්කොම කොපි ගහලා (ඇත්තම කියනවනම් අපි එහෙම කරා හොදේ )

අපේ සර් :ඇත්තද ?ඉතින් මිස් කොහොමද ඒක දැනගත්තේ ?

කෘ:ටී :මුන් ඔක්කොගෙම උත්තර එකවගේ 

අපේ සර් :ඉතින් හරිනේ මිස් ,කාටත් එකම ප්‍රශ්න පත්තරේ  දුන්නම ,උත්තරත් එකවගේ තමයි,මිස් තරහ ගන්නැතුව ලකුණු ටික මට එවන්න.

කෘ:ටී :අපොයි ඉතින් ළමයින්ටම හරියන සර් ...

කියලා ගස්සගෙන ගියාට,විනාඩි දහයක යන්න කලින් අපිට ලකුණු ලැබුනා.

--------------------------------------------------------------------------------------------
මේ කියන සිද්දිය වුනේ අපි උසස්පෙළ කරන කාලේ.ඒ කාලේ ඉතින් අපි ඉස්කෝලේ තාප්පෙන් එහෙම පැනලා එක එක ආතල් ගන්න යනවනේ.ඒක නිසා අපේ ඉස්කෝලේ තාප්ප ගොඩක් උසට හදලා තියෙනවා.වැලිකඩ හිරගෙදර තාප්පවලටත් වඩා උසද මන්දා.ඒ උනාට අපේ උන් පනින එක වලක්වන්නනම් ඒවා උස මදි උනා.අපේ යාලුවෙක් හිටියා ,මිනිහගේ එක නහරයක් අඩුයි.මිනිහට අපි කියන්නේ "මාමා" කියලා 

අපි මිනිහට දෙයක් බැහැ කියලා කිව්වොත් කොහොමහරි මිනිහා ඒක කරනවාමයි.අපි මෙහෙම ඉස්කෝලෙන් පනින තැන (තාප්පෙන් එහා පැත්තේ )දවසක් ලොකු මඩවලක් හැදිලා තිබුනා.අපේ සමහර උන් මේක දැකලා තිබුනට "මාමා" ඒක දැකලා තිබුනේ නැහැ.මඩවලට නොවැටි කොහොමටවත් එහා පැත්තට පනින්න බැහැ.කොහොමවුනත් අපේ උන් බොරුවට ඉස්කෝලෙන් පනින්න වගේ බෑග් ටිකත් අරගෙන තාප්පේ ගාවට ගියා.

අපේ එකෙක් "මාමා"ට අභියෝග කලා "ඔට්ටුයි මචන් අද උබට ඉස්සෙල්ලම පනින්න බැරුවට" කියල.මිනිහා ඒක ඇහුනු ගමන් "ඔන්න බලාපන් මං පනින හැටි"කියාලා දුවගෙන ඇවිත් තාප්පෙට අත් දෙක ගහලා එහා පැත්තට පැන්නා.

ඉතින් ඊට පස්සේ මිනිහා ඌරා වගේ ගෙදර ගියා.අපි බඩ පැලෙනකල් හිනාවෙලා පන්තියට ගියා.ඒ උනාට මිනිහා අපිත් එක්ක තරහ උනේ නැහැ.

තවත් රසවත් සිද්දි ගොඩක් තියෙනවා,ඉස්සරහට දාන්නම්කො.

17 comments:

  1. අර අඩු වෙච්ච නහරේ ලැජ්ජා නහරෙද.. හි හි

    කොල්ලන්ට මරු වැඩ නේද තිබිලා තියන්නේ....

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ සුසුම්නාව වෙන්ට ඕන

      Delete
  2. පව් බං ඌට මඩ ගහන්නෙ..!

    ReplyDelete
    Replies
    1. දැන් ඌ මඩ සෝදාගෙන ලොකු කොම්පැනියක රජ කරයි

      Delete
  3. සර්රුත් මරු ඈ....
    අර කොල්ලා පව් අප්පා......

    ReplyDelete
    Replies
    1. අපිටම හරියන පොර තමයි සෑර්

      Delete
  4. උනැල්ලේ මාමා නේ??? :D

    ReplyDelete
    Replies
    1. මිනිහා නේන්නං ,සම්පුර්න නම - පාන් මාමා ,නම හැදුවේ ඔයාලගේ අය්යා

      Delete
  5. අයියෝ බං මේව කියොනකොට ඊරිසියා හිතෙනවා. දැන් අපට කොයින්ද ඒ වගේ කාලයක් ආයිමත් එන්නේ.දරුවන් දිහා බලා ඒ අතිතෙට හිතිං යනවා මිසක්.

    ReplyDelete
    Replies
    1. අප්පේ එහෙමත් කාලයක්

      Delete
  6. අදමයි ආවෙ මේ පැත්තට...කොහොම නමුත් පාසල් කාලෙ තරම් සුන්දර මතක නෑ කාටවත්..ඒත් සමහර උදවියට නම් එහෙම සුන්දර මතක නෑ...
    කෙල්ලක් වුණත් සිත්තමීටනම් කොල්ලෙකුට වැඩිය සුන්දර මතක තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ සුන්දර මතක කොල්ලන් ගැනද ?

      Delete
  7. මටත් තියනවා ඉස්කෝලේ යන කාලේ ලස්සන මතක...ඔය හසරැල් ගේ ඉස්කෝලේ තාප්පෙන් මාත් දවසක් පැන්නා...එතකොට හසරැල් ඉස්කෝලේ යන්න අරනුත් නෑ...89 කලබල කාලේ තමයි ඒ...මගේ බ්ලොග් ඒක පැත්තේ අවොත්...ඉස්සරහට ඒ කතා එහෙමත් කියවන්න ලැබෙයි..

    ReplyDelete
  8. apith kara oya wage wade dan nam paw kiyala hithnewa ape buwek hitya dura peneema adui. meka yanne kottawata kottawa bus eke board eka kiywanna baha . api karanne awen bus walta naganwa nagapana nagapan ikmanta kiyala. meka eha halt ekan bahala enwa ape ammala achchilata pin didi , eth kawadawth tharaha une na. hitha honda eka. ape budu fit ekak thamath.

    ReplyDelete
  9. ඇතැම් ගුරුවරු සමහර වෙලාවට ගුරු බැතිය රකින යාලුවෝ වගේ තමයි ඉන්නේ..

    ReplyDelete
  10. මාමා හොඳ හින්දා හොඳා... නැත්නම් ඉතින් ලුණු ඇඔුල් ඇතිව අහගන්න තිබ්බා :D :D
    තව රස කතා ටිකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා හොඳේ. ඉක්මණට දානන්.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...