Saturday, January 19, 2013

පුවක් ලෙල්ලෙන් නයිහාමි කෙනෙක් හදමු - weekend project


 

ඔන්න යාලුවනේ අපේ weekend project එකේ තුන්වෙනි වැඩසටහන අද.වැඩේ පටන් ගන්න කලින් මට ඔයාලට කියන්න පොඩි කාරණයක් තියෙනවා.මගේ අරමුණ වෙන්නේ අපි පොඩි කාලේ ස්වභාවික ද්‍රව්‍ය වලින් නිර්මාණය කරපු සෙල්ලම් බඩු අපේ ඉදිරි පරම්පරාවන්ටත් දැකගන්න පුළුවන් විදිහට වෙබ් අවකාශයේ සටහන් කර තැබීමයි.මාත් මේවා හදලා දැන් සෑහෙන කාලයක් වෙනවා,ඒක නිසා මගේ මතකයට අනුව තමයි මන් මේවා හදන්නේ.ඒ නිසා වැරැද්දක් තිබුනොත් ඔයාලට පුළුවන් මාව නිවැරදි කරන්න.

අනිත් කාරණේ තමයි ඔයාල ගොඩ දෙනෙක් වගේ මාත් දැන් නාගරික පරිසරයකට කොටුවෙලා ඉන්නේ.ඒ නිසා මේ නිර්මාන කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය හරියටම හොයාගන්නත් ටිකක් අමාරුයි.බලමුකෝ ගමට යන්න පුළුවන් වුනොත් ඒ ප්‍රශ්නේනම් එන එකක් නැහැ.ඒ වගේම තමයි සමහරවෙලාවට මන් හිතාමතාම පොඩි පොඩි මොඩිෆයි දාල තියෙනවා හොදේ.ඒ වගේම යාලුවනේ ඔයාලට මේ විස්තර දැන් ෆේස් බුක් එකෙත් දැනගන්න පුළුවන්.හසරැල්ලක් ෆේස්බුක් පිටුවට එකතුවෙන්නකෝ.

හරි.එහෙනම් අද අපි හදන්න යන්නේ පුවක් ලෙල්ලකින් නයිහාමි කෙනෙක්.ඔන්න එහෙනම් මුලින්ම අවශ්‍ය දේවල්.

1.පුවක් ගෙඩියක් - අපි පොඩි කාලෙනම් අපේ ගෙවල්වල බුලත් තට්ටුවල ඕනතරම් පුවක් ලෙලි තිබුනා,දැන් එහෙම නැතිනිසා ඔයාලට කඩෙන් හරි පුවක් ගෙඩියක් ගන්න වෙනවා.මතක ඇතුව හොද අමු පුවක් ගෙඩියක් තෝරා ගන්න.

2.පොල් කොලයක් -මහත පොල් කොලයක් තෝරාගන්න.මටනම් හදිසියට මහත එකක් හොයාගන්න බැරිවුනා.

3.නූලක් - කළු නූලක්නම් හොදයි.ඕකට හරියටම හරියන්නේ කොන්ඩ ගහක්.ඔන්න ඉතින් මන් කිවා කියලා දැන් අම්මගෙවත් නෝනාගේවත් කොන්ඩේ ගස් ගලවන්න යන්න එපා.අනිත් එක දැන් අම්මලාට දිග කොන්ඩ තියෙනවායි කියලයි නේද?හි...හි...

4.පිහියක් - පරිස්සමට හොදේ



දැන් මුලින්ම කරන්න තියෙන්නේ පුවක් ගෙඩිය දෙකට පලාගන්න එක.ඔන්න තියෙනවා මන පුවක් ගෙඩිය පලාගත්ත විදිහ.



දැන් තියෙන්නේ පුවක් කුරුට්ට හාරලා අයින්කරගන්න එක.මේක පරිස්සමට කරන්න ලෙල්ලට හානිනොවෙන්න.



හරිනේ,දැන් තියෙන්නේ අපි හොයාගත්ත පොල් කොලේ ඉරටුවෙන් එක පැත්තක පොල් කොලය ගානට ඉරාගන්න එක.පරිස්සමෙන් පොල් කොලේ අගටම යනකල් ඉරාගන්න.ඒ වගේම ඉරටුවත් හොදට සුද්දකරලා තියාගන්න.අපිට පස්සේ ඕනවෙනවා.



දැන් ඔයාල කලින් කුරුට්ට අයින් කරපු පුවක් ලෙල්ල පැත්තකින් පොඩි කැපුමක් කරලා මේ පොල්කොලේ හයිකරගන්න.



හරි දැන් නයිහාමිනම් හදලා ඉවරයි.දැන් තියෙන්නේ නයි හාමිව නටවන්න අවශ්‍ය කටයුතු සලසන එක.දැන් නූල අරගෙන අර කලින් ඉතුරු කරගත්තු ඉරටුවේ අග්ගිස්සෙයි පුවක් ලෙල්ලේයි (ඒ කියන්නේ නයිහාමිගේ පෙනේ) සවිකරගන්න.



හරි දැන් වැඩේ ඉවරයි.දැන් ඔයාලට ඉරටුවෙන් ඔයාගේ නයිහාමිව නටවන්න පුළුවන්.ඔන්න බලන්නකෝ.ඒ වගේම කාබන් පෑනකින් හරි ප්ලැටිග්නම් එකකින් හරි නයිහාමිව හැඩකරගන්නත් පුළුවන්.ඒ වගේම ඔලිඳ ඇට දෙකක් හොයාගන්න පුලුවන්නම් ඒකෙන් නයිහාමිට ලස්සන ඇස් දෙකක් දෙන්නත් පුළුවන්.මටනම් හොයාගන්න බැරිඋනා.



හරි එහෙනම් දැක්කනේ.අදට වැඩසටහන ඉවරයි.ලබන සතියෙත් අලුත් weekend project එකකින් හමුවෙමු.

ටටා.....

විශේෂ ස්තුතිය - හොඳ පුවක් ගෙඩියක් කැඩීමට ගස්බඩ ගෑ මාලන් මල්ලීට 

21 comments:

  1. යකෝ අදකාලේ පොඩි උන් තියා මමවත් මේක දැනන් හිටියේ නෑ. හොදවෙලවට කියල දුන්නේ තවටික දොහකින් දරුවා ඇහුවනම් මන් විනාසයි

    ReplyDelete
  2. නියමයි හසරැල් මං මේක මා හිතවත් පෙරපාසල් ගුරුවරියකට පෙන්නන්න තීරණය කළා මේක එයාට හරියට වටිනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි නලින් අය්යේ ,අපේ දරුවෝ මේවා ඉගෙනගන්න එක

      Delete
  3. මාත් මේ වගේ එකක්නං දැක්කෙ අදමයි.

    ReplyDelete
    Replies
    1. දැන් බලන ගියාම ළමයින්ට වඩා දන්නත්තේ මහවුන්නේ

      Delete
  4. ඇත්තම කිව්වොත් මමත් ඔහොම එකක් ගැන දැනගෙන උන්නේ නැහැනේ. එලකිරි :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් එකක් හදලම බලන්නකෝ

      Delete
  5. අලේ...මේ නයි හාමිව නම් කලින් හදලා නෑ..හි හි හී.. පුවක් ගෙඩියක් ඇහෙන් දැක්කෙ නෑ කාලෙකින්..ඉතින් හොයාපල්ලකෝ පුවක්.....:D

    ReplyDelete
  6. හසරුල් මට මේක මතක තිබ්බේම නෑ.. අද නං දන්නේ නැති එකක් කියලා හිතං ආවේ.. ඒත් පස්සේ මතක් උනා...

    ඕකට කොණ්ඩ ගහක් ඕනේ කොණ්ඩ ගහ හැම තිස්සෙම දිග ඇරෙන නිසා නේද.. නුල පැටලෙනවා.. මට මතකයි එහෙම නැටවෙන්න නූලටත් එක එක විකාර කරනවා... ම්ම්ම්.. නූල අඹරලා එහෙම ...

    ඒයි අර පුවක් ගෙඩියෙන් හදන බෝනික්කාත් දාන්න.. එතකොට ලන්ච් ෂීට් පැරෂුට්..

    මට හෙන සෙට් එකක් මතක් උනා අප්පා අද.. හි හි..

    ReplyDelete
  7. කොන්ඩගහක් ගන්න තව හේතුවක් තමා ඒක පේන්නේ නැතිවීම,එතකොට නයිහාමි නිකම් නටනවා වගේ පේන්නේ.

    බලමු බලමු තව තව නිර්මාණ ඉස්සරහට දාන්න බැරිය....

    ReplyDelete
  8. හෑ.... මෙහෙම දෙයක් මාත් දැන ගෙන හිටියේ නැනේ.....
    අර පොල් කොලෙන් පත්තෑයෝ නම් හදල තියෙනවා....

    ReplyDelete
    Replies
    1. පත්තෑයට වඩා ගතිනේ නයා

      Delete
  9. එතකොට ඔය නයාගේ පෙනේ ට කොහොමද නූල සෙට් කාලේ..?
    මාරයි නේ ...මේක නම් මම හදල නෑ....

    ReplyDelete
    Replies
    1. ඕනනං ඉදිකට්ටිකින් විදලා හ්ගටයක් දාන්න පුළුවන්,නැත්නම් ස්ටෙප්ලර් කට්ටක් ගහන්නකෝ

      Delete
  10. ඉස්සර අපි ඔය නයා එල්ලන්න කෙස් ගස් ගන්න ගිහින් මාර කරදර විඳලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කාගෙන්ද කෙස්ගස් ගන්නගියේ ?

      Delete
  11. සිරා කොලුවත් පොඩි කාලෙ හදපු කොස් කොළ ඔටුනු, කුරුම්බැට්ටි මැෂින්,පොල්පිති හරක්...මඤ්ඤොක්කා මාල වගේ දේවල් සිහිවුනා... හොද වෑයමක්..

    ReplyDelete
    Replies
    1. කාටත් පොඩිකාලේ සිහිවෙලාවගේ

      Delete
  12. ලොක්ක මේ හදල තියෙන්නේ නයි හාමි කෙනෙක් ද? සුක්රානු හාමි කෙනෙක් ද? ;)

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...