Tuesday, January 29, 2013

ඉතින් මැතිතුමනි - ඔබට නිවන්සුව....


මා පළමුවෙන්ම ඔබට කියාසිටින්නේ අද මාමෙහි සදහන් කරන්නේ ඩබ්.කරුණාජීව නම් දේශපාලන චරිතය ගැනනම් නොවන බවයි.එබැවින් මා මෙහි සදහන් කරනදෙයක සමග ඔබ එකග නොවන්නේ නම් මේ මිනිසාට අගෞරවයක් නොවන පරිදි ඔබගේ අදහස් දක්වන පරිදි ඉල්ලා සිටිමි.

ඔබ මේ වනවිටත් දන්නා පරිදි මහජන බැංකුවේ සභාපති ධූරය ඉසුලු ඩබ්.කරුණාජීව මහතා අදදින ජීවතුන් අතරින් සමුගෙන ඇත.2007 දී මහජන බැංකු සභාපති ධූරයට පත්වූ කරුණාජීව මහතා 2010 නැවත වරක් එම තනතුරටම පත්වෙමින් දිවි අවසානය තෙක්ම එම තනතුර හෙබවූයේය.

මහනුවර ධර්මරාජ විදුහලින් අධ්‍යාපනය හැදෑරු එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාණිජ උපාධිධරයෙකි.නීති විද්‍යාලය මගින් නීති උපාධිය ලැබූ එතුමා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකි.මහජන බැංකු  සභාපති ධූරයට පත්වීමට පෙර එතුමා සේවක භාරකාර අරමුදලේ අධිපතීත්වය දැරීය.

වඩාත් වැදගත්ම දෙයනම් එතුමා තමන්ගේ ආයතනයේ පහලම සේවකයා සමග පවා හොදින් සිනාසී කතාබහ කිරීමයි.හිනාවෙන්නට නොදත් සමහර ඉහල නිලධාරීන් සිටින තැනක එතුමාගේ වෙනස හොදින් කැපීපෙනෙන්නට විය.වරක් මා සේවයකළ ශාඛාවක සංවිධානය කල උත්සව අවස්ථාවකට සහභාගී වූ මෙතුමා එය සංවිධානය කල අප සැමටම එකිනෙකා ලගට ගොස් ස්තුති කිරීමට කටයුතු කළේය.එමෙන්ම එතුමාගේ කාලයතුල සන්විධානයකළ සේවක උපහාර උත්සව මගින් සේවක අභිප්‍රේරණය ඇතිකිරීමට එතුමා කටයුතු කළේය.

ඉතින් ඩබ්.කරුණාජීව මැතිතුමනි....

ඔබට නිවන් සුව.....

පසුව ලියමි....

අද දින මා එතුමාට අවසන් ගෞරව දැක්වීමට කොලඹ ගියෙමි.එතුමාගේ දේහය තබා තිබුනේ නාරාහේන්පිට ඇන්ඩර්සන් මහල්නිවාසවල කුඩා නිවසකය.මා සිතන්නේ තට්ටු තුනේ හතරේ ගෙයක් අහිමි එකම සංස්ථා සභාපති ඔහුවිය යුතුය.මා දන්නා පරිදි ඔහු බැංකුවෙන් පඩියට අමතරව ලබාගත් එකම දෙය වුයේ නිල රථය පමණි.එයද අලුත්ම අලුත් රථයක් නොවේ.කලින් කවුරු හෝ පාවිච්චි කල එකකි...

3 comments:

  1. ඔයා මේ ගැන ලියපු එක හොඳයි. එතුමාට නිවන් සුව අත් වේවා !!!

    ReplyDelete
  2. එතුමාට නිවන් සුව අත් වේවා !!!

    ReplyDelete
  3. එතුමන්ට නිවන් සුව පතමු

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...