Thursday, January 31, 2013

ගොන්ටා සහ නොපෝ මතකද - Do you remember them?


ආ... කස්ටියම අදුනගන්නැති නේද?අපේ පොඩි කාලේ යාළුවො දෙන්නෙක්නෙ.මට හිටිහැටියේම මෙයාලව මතක වුනේ පහුගිය දවසක හිරු TV එකේ MAD කියන වැඩසටහන බලනකොට.ඒකත් පොඩි පොඩි දේවල් වලින් නිර්මාණ හදන්න කියලා දෙන වැඩසටහනක්.

ඉතින් අපි පොඩි කාලේ අද වගේ හැටහුටාමාරක් TV චැනල් තිබ්බේ නෑනේ,කෝකටත් තිබුනේ සැළලිහිනියයි සුවාධීනෙයි තමයි,ඉතින් මතක ඇතිනේ සැළලිහිනියගේ ඒ කියන්නේ ජාතික රූපවාහිනියේ හවසට විකාශය වුනු අධ්‍යාපන සේවය,ඉතින් ඒ වැඩසටහන් අතරේදී තමයි අපිට ගොන්ටයි නොපොයි මුණගැහුනේ,[ඇත්තම කියනවනම් මං හිතන හිටියේ ගොන්ටයි නොකොයි කියලා]ඔන්න දන්නේ නැති කස්ටියට කියන්නේ ඔතනින් අත වනන්නේ නොපෝ,එතකොට කිරිගොට්ටක් මුනින් නවලා වගේ ඔලුවක් තියෙන්නේ ගොන්ටා.

මං ඉතින් පොඩි කාලේ ඉදලම ඔය වගේ පොඩි පොඩි දේවල් හදන්න ආසයි,ඉතින් ඒක නිසා මං හැමදාම වගේ ගොන්ටයි නොපොයි බලනවා.මෙතන ඉතින් වැඩ්ඩා තමයි නොපෝ,අත් උදව් කාරයා තමයි ගොන්ටා.හැබැයි ඉතින් ගොන්ටත් නිර්මාණ කරනවා,හැබැයි ඒවා ගොඩක් වෙලාවට අසාර්ථකයි.

ගොන්ටා සහ නොපෝ කිව්වට මේ වැඩසටහනේ ඇත්තනම Dekirukana කියන නමයි.ජපානයේ NHK රූපවාහිනියේ නිරමාණයක්.1967 සිට 1990 දක්වා මෙහි වැඩසටහන් නිෂ්පාදනය වී තිබෙනවා.ඔෂින් වගේ වැඩසටහන් සමග අපිට ලැබුණු තෑග්ගක් තමයි මේ ගොන්ටා සහ නොපෝ.අපිට විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් රටවල මේ දෙන්නා ජනප්‍රිය වෙලා තියෙනවා.විශේෂයෙන්ම ලතින් ඇමෙරිකානු රටවල.ඒ වගේම ඒ රටවල භාශා මේ වැඩසටහනට හඬ කවලා තියෙනවා.

රූපවාහිනියේ ටයි මාමා ඇතුළු පිරිස විසින් ලස්සනට සිංහල හඬ කවලා තමයි අපිට ඉදිරිපත් කලේ.ඇත්තටම දැන් දරුවොන්ට ඒ වගේ වැඩසටහන් දකින්න අඩු එකත්,තිබුනත් බලන්න වෙලාවක් නැතිවීමයි ගොඩක් කනගාටුදායක කාරණයක්.ඒ වගේම ඔයාලට මතකනේ ඒක පටන්ගන්නකොට යන සින්දුව.ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන වීඩියෝ ඒක බලලා පුංචි කාලේ මතකයන් අවධි කරගන්නකො.....


17 comments:

  1. මතකයි නේන්නං! සමහර නිර්මාණ තවමත් මතකයි වගේ...

    ReplyDelete
  2. මේ වැඩසටහන කොහොම අමතක වෙන්නද.. ඉස්සර උදේට හැමදාම නැගිටින්නෙ මේ වැඩසටහන බලන්න.. මීට අමතරව තව ART කියලා ප්‍රෝගෑම් එකක් ගියා. ලොකූ පැන්සල් , මකන, පාට තියෙන.. (මුළු නම හරියටම මතක නැහැ.)ඒ දේවලින් අපි ඉගෙන ගත්ත නිර්මාණාත්මක දේවල් බොහෝයි.
    ස්තූතියි වර්තමාණයෙන් ඈත්වුණ මේ වටින දේවල් අපහමුවෙ නැවත මතක්කරනවට.. :)

    හසරැල් ගොඩක් වෙලාවට ලියන්නෙ මමත් කෙනෙක් එක්ක කතාකරන දේවල්.. මේ ළඟදි ගොන්ටා නොකෝ ගැන කතාවුණා.. :D :D

    ReplyDelete
  3. මතකයි නේන්නම්.. ගොන්ටව කොහොම අමතක වෙන්නද.. ඇයි ආර්ට් ඇටෑක් .. හි හි ( නන්දු කියලා තියෙන්නේ ආර්ට් ඇටෑක් ගැන)

    දැන් තියෙන වැඩසටහන් එකක් මේවා කොච්චර නිර්මාණශිලීද.... මටත් තාමත් සමහර නිර්මාණ මතකයි.... අනිත් එක අර ගොන්ටා උඩ පැන පැන වගේ ඇවිදින හැටි... හි හි.. කියලා වැඩක් නෑ... ( මමත් හිටින් හිටියේ නෝකෝ කියලා තමයි මේ වෙනකම්ම.. හි හි)

    ReplyDelete
  4. සැලලිහිණියගේ හඬ කවපු කාටුන් සෙට් එකත් මරු . හා හා හරි හාවා , පිස්සු පුසා , දොස්තර හොඳ හිත .... දැන් වුනත් බලන්න ආසයි

    ReplyDelete
  5. ඔව්..නේන්නම්...මටත් දැන් නම් මතකයි...
    දැන් ඉතින් කොහෙද ඒ වගේ වැඩසටහන්...

    ReplyDelete
  6. ඒකෙ මියුසික් ඒක යන කොටම දුවලා යනව ඉස්සර බලන්න අතිත මතකයන් ස්තුති මතක් කරාට

    ReplyDelete
  7. ඒකෙ මියුසික් ඒක යන කොටම දුවලා යනව ඉස්සර බලන්න අතිත මතකයන් ස්තුති මතක් කරාට

    ReplyDelete
  8. man i still remember the music...those were the years..me n my bro loved it, n now we dont even talk....:(

    ReplyDelete
  9. මගේ අතිත පෙම්වතියක් තරහා ගියාම මට කිව්වෙත් ගොන්ටා කියලා බන්..

    ReplyDelete
  10. එකල තිබු හොද වැඩසටහනක්නේ..

    ReplyDelete
  11. තව රොබින් හුඩ්, ටින් ටින්, දොස්තර හොඳ හිත, Art Attack.. හරිම ආසාවෙන් බලපු දේවල්. ටයි මාමාලට පින් සිද්ධ වෙන්න තවමත් ඒ කාලෙ මතක් කර කර සතුටු වෙනවා.

    "හැබැයි ඉතින් ගොන්ටත් නිර්මාණ කරනවා,හැබැයි ඒවා ගොඩක් වෙලාවට අසාර්ථකයි."

    දැන් සැළලිහිණි පුවත් එහෙම බැලුවම ගොන්ටලා ඉස්මුරුත්තෙට ඉන්න වග පේනවා. :D

    ReplyDelete
  12. ela machan maara asawen owa baluwa issara..
    thawa ara eka eka wasi wananthara , saththu ,
    mad asse payana kaaleta nidaganna maalu
    gana ehema giya wadasatahan mathakada?

    sthoothiyi me wage atheethayata geniyana ekata machan..

    ReplyDelete
  13. පරණ මතක අලුත් වුනා.. හරි ආසාවෙන් බලපු වැඩසටහන් නේද? ART ATTACK එහෙම ගොඩක් මතකයි ලොකු පැන්සල් පෑන් නිසා...

    ReplyDelete
  14. මගෙත් ඒ කාලෙ ආසම වැඩසටහන් දෙකක තමය ඕක සහ ආර්ට ඇටෑක් කියන්නෙ.
    මේ වැඩසටහන හරිම ප්‍රා‍යෝගික විදියට ලොකු කෙනෙකුට උනත බලන්න ආස හිතෙන ආකාරයෙන් නිර්මාණය කරල තියෙනව. ලංකාවෙ ළමා වැඩසටහන් කියල නිෂ්පාදනය වෙන එවනං කිසිම කමකට නෑ.

    ReplyDelete
  15. විනාඩියකට හරි පොඩි කාලෙට යවපු එකට පිං. ඇයි තව බක්රෝජර්ස්, ඒ ටීම්, කුන්ග්ෆු, මන්කි, ටයිම් ටනල් වගේ කතා. ශේහ් ආපහු එක දවසකට රිවස් එකට යන්න ඇත්තන්.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...