Saturday, February 2, 2013

සීයාගේ දිනපොතින්..........



ඔන්න ඉතින් මං අද දාන්න හිතුවේ මගේ සීයාගේ දිනපොත්වලින් ගත්ත පොඩි විස්තර ටිකක්.මට මේක දාන්න හිතුනේ අපේ සිරා කොලුවාගේ සීයාගේ පත්තර කොලෙක්ෂන් එකේ පින්තුර ටික දැක්කමයි.

කාගේ වුනත් දිනපොත් ,ලියුම් කියවන එක හොද වැඩක් නෙමෙයි,ඒ මොකද ඒවයේ ජීවිතේ කාටවත් නොකියපු අතිශය රහසිගත දේවල් පවා තියෙන නිසා.ඒත් ඉතින් ලෝකේ ගොඩක් ප්‍රසිද්ද වුනු අයගේ දිනපොත් පොත් විදිහට පවා මුද්‍රණය වෙලා තියෙනවා.ඒවායෙන් අපේ ජීවිතවලටත්  ගන්න පුළුවන් ආදර්ශ තියෙනවා.

මං සීයා කියලා කීවාට අපේ පැත්තේ සීයලා නෑනේ.අපේ මාතර පැත්තේ ඉන්නේ මුත්තලා.ඉතින් මගේ තාත්තගේ අම්ම ඒ කියන්නේ මගේ ආච්චිගේ අය්යා වන මුත්තාගේ තමයි මේ දිනපොත්.අපි කිව්වේ සුදු මුත්තා කියලා.ඔහු නමින් එච්.එස්.පී.ජයවර්ධන.රාජකාරි කලේ මාතර කච්චේරියේ,රැකියාව ආරච්චිල,මේ කියන්නේ අර ඉස්සර ගම්වල හිටපු ආරච්චිලා ගැන නෙමෙයි,ඉස්සර රජයේ කන්තෝරුවල හිටපු ප්‍රධාන කාර්යාල කාර්ය සහායකට කිව්වේ ආරච්චිල කියලයි,ඉතින් ඒ කාලේ හිටපු දිසාපතිවරුන්ගේ කා.කා.ස. හැටියට තමයි මගේ සීයා වැඩකලේ.ඔහු 1971 දී රැකියාවෙන් විශ්‍රාම ලබනවා.

මං ඉතින් අද දිනපොත්වලින් ගත්තා කියලා දාන්නේ දිනපොත්වල මුද්‍රණය කරලා තියෙන පොඩි දැන්වීම් කීපයක් විතරයි,ඒ ඒ කාලවල රටේ සිදුවුණු සිදුවීම් දින වකවානුත් එක්ක දිනපොත්වලින් උපුටලා පස්සේ පොස්ටුවකින් දාන්නම්.මේ දිනපොත් ඔක්කොම වගේ කුඩාප්‍රමානයේ සාක්කු දිනපොත්.1950 සිට 1970 දක්වා සමහර අවුරුදුවල දිනපොත් එතන තියෙනවා.මං අද තෝරා ගත්තේ 1953 දිනමිණ සාක්කු දිනපොතේ දැන්වීම් ටිකක්..
















12 comments:

  1. වැඩේ නියමයි.....අර සේරම දිනමිණ දිනපොතෙන් ගත්ත ඒව නේද ආඩම්බරයි හලෝ.....

    ReplyDelete
    Replies
    1. ඔව්,නලින් අය්යලාගේ වැඩක්

      Delete
  2. අද දෙවල් ගැන අනාගතේ මොනවා කියයිද ?




    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  3. ඒ කාලේ දුරකථන අංකයක් ඉලක්කම් හතරයි.

    ReplyDelete
    Replies
    1. තව දිනපොතක තියෙනවා වැදගත් ටෙලිෆෝන් අංක පිටු කීපයක්,ඉදිරියේදී දාන්නම්,මං හිතන්නේ ඒ කාලේ ටෙලිෆෝන් exchange එකෙන් අතින් තමයි කෝල් එක කොනෙක්ට් කරලා තියෙන්නේ

      Delete
  4. නියම දැන්වීම් නේ..ඇත්තටම අර දුරකථන අංකයට තියෙන්නෙ අංක හතරයිනේ..

    මේ පොත් ඇතුලේ ලියවිලා තිබුන ඒවාත් හුඟාක් වැදගත් ඇති..:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් වැදගත් දේවල් තියෙනවා

      Delete
  5. අන්තිම ඇඩ් එකේ උඩ තියෙන අකුරු හොඳට හුරුයි ,කොහෙන්ද කියල මතක්
    කරල බැලුව සිංහල පැරණි චිත්‍රපටි වලත් ඔය වගේමයි .

    ReplyDelete
    Replies
    1. ඔව් නේ .මටත් දැන් තමයි මීටර් වුනේ

      Delete
  6. මුත්තාගේ මුද්දර එකතුව ගැන..එතකොට කාසි එකතුව ගැන..අර පොඩි තරාදිය ගැන..එහෙමත් ලියන්න...ඒ මුද්දර එකතුවෙන් අපි පරම්පරා කීයක් ප්‍රයෝජන ගනීවිද..නේද..
    මටත් ඔය ජාතියේ බඩුවක් මේ දැන් ලැබුණා...ඔයාගේ පොස්ටුව කියවද්දීය් ඒක දැක්කේ...
    පරණ ජුවෙලර්ය් පෙට්ටියක්..මටර ස්වර්ණාභරණ සාප්පුවක..ලිහිණි කිව්වමය් මතක් වුනේ..එකේ තියෙන ෆොනේ නුම්බෙර් එකටත් ඉලක්කම් 4ය්...

    ReplyDelete
  7. මං නම් මාර ආසයි බං මේ වගේ විස්තර වලට. ඔය උඩ කමෙන්ට් කරලා තියන කළු සහ සුදු මගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකක කියල තිබුනා මේ පෝස්ට් එක ගැන.. ඒ ඔස්සේ හොයාගෙන ආවේ. තව තියනවා නම් දාමු මේ වගේ ඒවා....

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...